IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතා අල්ලයි

(ලක්මි කුඩලිගම)

විදුලි බිල ඉහළ නිසා තමාගේ ගෙදරින් රෙදි මදින්න එපා යැයි කියු 66 හැවිරිදි තිදරු මවකට පහර දුන් 37 හැවිරිදා පුතකු  අත් අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.

අගලවත්ත , ඕමත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලික බස් රථ රියදුරකු වන සැකකරුගේ නිවසේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විදුලි බල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කර දමා ඇත. ඒ හේතුවෙන් තම රෙදි මැද ගැනිම සඳහා යා බදව පිහිටි තමන්ගේ මවගේ නිවසට ගොස් ඇත.

මේ දිනවල විදුලි බිල විශාල ලෙස ඉහළ යන නිසා තම නිවසෙන් රෙදි මැදිම නොකරන්නැයිද, ජීවන වියදම විශාල ලෙස ඉහළ නිසා ජීවත් වෙන්නටවත් නොහැකි තත්වයක් උදාවී ඇතැයි වයෝවෘද්ධ මව තම පුතුයාට කියා ඇත. එහිදි මව සමග බහින් බස්වි මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් බව මව පොලිසියට පැමිණිලි කර ඇත.

පහරකෑමට ලක්වු කාන්තාව රෝහල් ගතකර ප්‍රතිකාර ලබා ඇති අතර පහරදුන් බව කියන සැකකාර පුත්‍රයා අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

සිද්ධිය පිළිබඳ අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටි ආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් සැරයන් (5000) පෙරේරා ,පොලිස් කොස්තාපල් (69905) කුමාර ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (4)

මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතා අල්ලයි

sugath Wednesday, 01 February 2023 08:48 PM

මෙය මේ තැනැත්තා විසින් කරන ලද නොසන්ඩාල කමක් බව ඇත්ත. නමුත් මෙයින් පෙන්නුම් කරන තවත් දෙයක් නම්, අද මිනිසුන් ජීවත් වීමට දරන අරගලයයි.

:       2       5

මහේෂ් Thursday, 02 February 2023 08:07 AM

අනේ මෙහෙමත් දරුවෝ. මිනිස්සු දැන් ජීවන ප්‍රශ්න නිසා සත්තු වගේ හැසිරෙන්නේ. අම්මා, අප්පා හඳුනන්නේ නැති ගානට ඇවිත්. පව් අසරණ අම්මා. ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා.

:       0       7

Bamunuarachchi Thursday, 02 February 2023 08:18 AM

ඉස්තිරික්කය රත්කර මුගේ මුහුණේ තියන්න.

:       2       5

BamunuarachchiThursday, 02 February 2023 06:58 PM

තවත් නොසණ්ඩාලයින් දෙදෙනෙක් ඩිස්ලයික් දාලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site