බණ්ඩාරගම පලාතේ මවක (44) දියණිය(14) සමඟ අඹුසැමි සබඳතා පැවැත්වූ තරුණයෝ තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ
මවගේ අනුදැනුම හා අවශවතාවය මත මේ තත්වය උදා වි ඇතැයිද දැරිය පාසල් ශිෂ්‍යාවක් බව ද මවගේ සැමියා රැකියාවක් සඳහා එතෙර ගොස් ඇතැයි ද පොලිසිය කියයි
බණ්ඩාරගම පලාතේ මවක (44) දියණිය(14) සමඟ අඹුසැමි සබඳතා පැවැත්වූ තරුණයෝ තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ
මවගේ අනුදැනුම හා අවශවතාවය මත මේ තත්වය උදා වි ඇතැයිද දැරිය පාසල් ශිෂ්‍යාවක් බව ද මවගේ සැමියා රැකියාවක් සඳහා එතෙර ගොස් ඇතැයි ද පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ පිරිහිම නේද මේ පේන්නේ (දිල්)
මිට වඩා හොදයි ළමයා ඉපදුන වෙලාවේම මරලා දැම්මා නම්, මිට වඩා නම්බුයි (දී)
මම දන්නා සිද්ධියක් මේ පළාතේම තිබුණා .දක්ෂ ළමයෙක් අවසානේ අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තා. අම්ම බය කරලා දුවවත් විනාශ කළා අවසානේදි මෙතෙන්දි වෙන්නේ තමන්ගේ වැරැද්ද වහගන්න ඕනේ දෙයක් ඉවසන් ඉන්න වෙනවා .(දිල්)
මේ ගැන කියන්න වචන නැහැ.(නදී)
දෙවැනි බුදුන් ලෙස ලොවම පුදන්නේ කොහොමද? තමන්ගේ දරුවට මෙහෙම කරා නම් අනිත් දරුවන්ට මොනවා කරයිද? (නදී)
අවුරුදු 14ක ළමයෙක් මෙවැනි දේවල් වලට සම්බන්ධ උනා නම් සියල්ලම නීතියේ රැහැනට හසු කල යුතුයි.(නදී)
අරුම පුදුම මිනිස්සු ඉන්න රටක්. ඔක්කොම බනින්නේ අම්මට දුවට තාත්තට. එතකොට ඔය ගෙදරට රිංගපු දෙදෙනා සුදනොද? (නදී)
අම්මා නම් ලොවම පුදන දෙවැනි බුදුන්මයි. ඒක වෙනස් වෙන්නේම නැහැ. නමුත් මේ කාන්තාව එවැනි ගෞරවනීය තත්වයකට වැටෙන්නේ නැහැ. මේ තැනැත්තිය මනුස්ස වෙස් ගත් යකින්නක්. (නදී)
මෙහෙමත් මව්වරු, මොන හිතකින් කරන ජරා වැඩද මන්දා.(නදී)
මේ වගේ මව්වරු ලොවටත් නින්දාවක්.(නදී)
කාන්ති, දුවෙකුට වැඩිපුරම ආදරය කරන්නේ තාත්තා. නමුත් දුවක් ඇහැක් වගේ රකින්නේ අම්මා. දුවෙකුට අම්මට මිසක් තාත්තට කිව නොහැකි දේ හුගක් තියනවා. ඒ වගේම තාත්තෙකුට දුවගේ ඇසිය නොහැකි දේත් හුගක් තියනවා. ඔයා අම්ම කෙනෙක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඔයා දුවෙක් විදිහට අම්මව සාදාරනීය කරන්න හදන්නෙපා.(නදී)
අනේ මෙහෙමත් අම්මලා.(නදී)
හරි වැඩක් නේ. කොයිතරම් තාත්තල පිටරට ඉන්නවද ? මෙහෙ අම්මල දරුවෝ බලාගෙන හොඳට වැඩකර ගන්නේ . මේ තාත්තට බනින අයට පිස්සු. (දී)
අම්මා කියන අකුරු තුනටත් මහා නින්දාවක් අපහාසයක් (දිල්)
එතෙර ගිය තාත්තා එහෙ ඉදන් මොනවා කරනවද දන්නෙ නැහැ. යහපත් යුවලක් නම් වෙන්න බැහැ.(නදී)
මේක පුදුම වෙන්න දෙයක් නෙමේ. මේක විතරයි පත්තරේ වැටුනේ. ප්‍රසිද්ද නැතුව මෙවැනි දේවල් ලංකාවේ සිදුවෙනවා හැමදාම ඕනෑ තරම්. මේකට මවගේ වැරැද්ද කියල අදහස් දාන්න එපා. මෙතන තියෙන්නේ නුගත් කමයි දුප්පත්කමයි. ලංකාවේ ශාක්ෂර තාවය 99% වුනත් මේවා සිද්ද වෙනවා. (දී)
සියල්ල සිදුවන්නේ දෙවියන් වන්සේගේ කැමැත්තට අනුවලු කියල මම අහලා තියෙනවා.(නදී)
බුදුන් 100 වරක් වැඩියත් මේ සමාජය ගොඩ නගන්න අපහසුයි.(නදී)
නුවන්, ගණිකා වෘතියට නීතිමය තත්වයක් දුන්නොත් මේක සාධාරනයිද? එතකොට නීතිමය තත්වයක් ලැබුනොත් මේවා කරන්න පුලුවන්ද? එතකොට කොහෙද සාරධර්ම? (නදී)
දෙමාපියන්ගේ වැරදි නිසා මේ දරුවා විනාශ වී තිබෙන්නේ. දෙමාපියන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි.(නදී)
රටක පාපය මුහුකුරා යනවිට මෙවැනි දේ බොහෝ සිදුවෙනවා. මෙයට වගකිවයුත්තේ මවගේ පාපී චරිතයයි.(නදී)
ඒ දරුවාගේ තාත්තා විදෙස් ගත වුනේ නිවාඩුවකටද ? මම හිතන්නේ පවුලේ සැම වෙනුවෙන් රැකියාවකට වෙන්න ඕනා. ඉතින් ඒ ගමන යන්න ඇත්තේ තමන්ගේ ගෑනිව එහෙමත් නැතිනම් ළමයාගේ අම්මව ගොඩක් විශ්වාස කරලා. ඒ විශ්වාසය හොඳට රැකලා ළමයට සෙල්ලම් උගන්වලා. අම්මා කියන්නේ මේ වගේ ගෑනුන්ට නම් දරුවන්ට දෙවි පිහිටයි.(නදී)
අනේ මෙහෙම අම්මලා. (නදී)
මේ ලෝකේ හැම දාම සිදුවන්නෙ දෙවියන් වහන්සෙගෙ කැමැත්තට අනුවලුනෙ..නෙද? (අ)
ලැජ්ජාවක් තමයි නමුත් මේ තාත්ත මොනවා කරන්නද දරුවා තියලා ගියේ අම්මා ළඟ නේද? මේක සමාජ ප්‍රශ්ණයක්. සැවොම මේ දෙස අවදානය යොමු කළ යුතුයි.(නදී)
ජීවිතය හරියට තේරුම් ගත්තේ නැති අම්මලා ඉන්න කල් ඔය ප්‍රශ්ණ තියෙනවා. අපි ඔක්කොම ජීවිතය තේරුම් ගන්න උත්සහ කරමු.(නදී)
ගහැනු දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් මොනතරම් සංවර විය යුතුද. තාත්ත මිල මුදල් හම්බ කල යුතුයි පවුලක් නඩත්තු කරන්න. රට ඉන්න තාත්තට දොස් කියන්නේ අම්මගේ තියෙන අසංවර කමට. පව් මේ දරුවා වන්දි ගෙවලා. මේ නම් අම්ම කෙනෙක් වෙන්න බැහැ. (නදී)
මේවගේ දේවල් රටේ නිතර සිද්ද වෙනවා. මේවට නීති දාල හරි යන්නේ නෑ. මේවට එකම විසදුම පුජ්‍ය පක්ෂය තමන්ගේ රාජකාරිය ඉටු කිරීමයි. ඒත් උන්වහන්සේලා දැන් වෙනත් දේවල් වලට කාර්ය බහුල වෙලා.(නදී)
මෙහෙමත් අම්මලා ඉන්නවානේ (දී)
තම සැමියන් පිටරට ඉන්න, බොහොම ශීලාචාර සහ නම්බුකාර විදියට ජීවත්වන කාන්තාවන් ඕනෙත රම් ශ්‍රී ලංකාවේ ඉන්නවා. එක කාමුක සහ පවට බර නැහැදිච්ච ගැහැණියක නිසා කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. තමන් කරන පව් වලට තමන්ටම විඳවන්න වෙවී. පිට රට ගිහින් දරුමල්ලන්ට හොඳට උගන්වලා දියුණු උන අය ලංකාවේ ඕනෙ තරම් ඉන්නා බව කවුරු කවුරුත් සිහි තබා ගත්තොත් හොඳයි. තම ආසාවන් ඉටු කරගැනීමට දුවවත් වක්‍රව හවුල් කර ගැනීම සම්බන්දව එයාට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි.(නදී)
දරුවකු බිහිකලපමනින්ම කාන්තාවක් උතුම් මවක් වෙන්නේ නැහැ. අද සමාජයේ කොතරම් කාන්තාවන් ඉන්නවද උපන්ගමන් තමන්ගේ දරුවාගේ ජීවිතය නැතිකරන. (අ)
මේ තිරිසන් මවක් නොවේ ගැහැණියක්.(නදී)
බස් වල ගහල තියෙනවා ' මේ බුදුන්ගේ දේශයයි" කියලා. එය බෝඩ් ලෑල්ලට සීමා නොවේවා ! (දී)
මමත් පිටරට රැකියාව කරන්නේ. අපි මෙහෙ ඇවිල්ල ඉන්නේ සැප විදින්න නෙමේ. ලංකාවේ තියෙන වියදමේ හැටියට කීයක් හම්බ කරත් මදි. අපි මෙහෙ මහන්සි වෙන්නේ අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න ඕන හින්ද. නැතිව විනෝද ගමනක් නෙමෙයි . අපිත් ආසයි ලංකාවේ ගෑනු දරුවොත් එක්ක ඉන්න . අපි අපේ ගෙදර අයව විශ්වාස කරනවා. මේවගේ සිද්දිය නවත්තන්න පිරිමි ඔක්කොමල ලංකාවේ ඉන්න ඕනෙනම් පිටරට රස්සාව කරන මිලියන ගණන් සේවකයන්ට මොකද වෙන්නේ (දී)
මේ වගේ සිදුවීමක් මාධ්‍ය වාර්තා කරාම ගොඩක් දෙනෙක් ප්‍රශ්නය දිහා බලන්නේ උඩින් පල්ලෙන්. හිතට එන හැගීම අනුව විනිශ්චය කරනවා. ඒත් ඇත්ත අපි හිතනවාට වඩා හුගක් වෙනස්.(නදී)
නුවන් හරි. රන්ජන් වැරදියි. ගණිකා වෘත්තීය නීතියකට අනුව කරනවා නම් හැම කෙනාටම මේ අවශ්‍යතාවය ඉටු කර ගන්න පුළුවන්. එවිට ස්ත්‍රී දූෂණ ළමා අපචාර නැති වෙනවා. දැනට නගරයේ ගණිකා වෘත්තීය හොරෙන් අවිධිමත්ව ක්‍රියාත්මක වෙන නිසා නගරයේ ජනගහනයට සාපේක්ෂව ස්ත්‍රී දූෂණ අඩුයි. පිටිසර ස්ත්‍රී දූෂණ ළමා අපචාර වැඩියි. සමහර ඒවා කව්රුත් දන්නෙත් නැහැ. (දී)
අනේ අනේ කාන්තාවන් රට යැව්වත් බනිනවා. පිරිමි රට ගියත් බනනිවා.(නදී)
ගණිකා වෘත්තීය නීති ගත කලට පස්සේ ඔහේලගෙ අක්කල නංගිලා බය නැතුව ඔය වෘත්තීය තෝරාගත්තොත් ඔයාල සතුටු වෙයි නේද? (දී)
අම්මා කියන වචනේ තේරුම නොදන්නා කට්ටිය තමයි මෙවන් වැඩ කරන්නේ (දී)
ජෝයි කියන කතාවට මමත් එකඟයි , මොකද බුදුන් 1000 වදියත් මිනිස්සුන්ගේ ජිවිත වලට යහපතක් වෙන්නැ නැහැ ඒක තමයි මේ දේවලින් පැහැදිලි වෙන්නේ (දී)
මේ නම් අම්මෙක් නෙවෙයි. සංසාරේ පුරාවටම පස්සෙන් ආපු ගෑනියෙක් අම්ම වෙලා ඉපදිලා. (දී)
මටනම් කියන්න තියෙන්නේ මේ වගේ අම්මලට මතක සිටින හොද දඩුවමක් දෙන්න ඕන. තමාගේ දරුවා ගැනවත් නොසිතන අම්මල තාත්තල තවත් කොතෙක් අපේ රටේ ඇත්ද.දවස පුරා ලංකාවේ චැනල් කීයක බන කියනවද. මේවා අහලවත් හැදෙන්න බැරිද. අහිංසක දරුවන්ගේ ආත්මයත් කාල මැරිලා යනවා.මේ අයගේ තියන පව්කාර කම. සහ වනචර කම තමා.අර අහිංසක දරුවට තමා ඔක්කොම වන්දි ගෙවන්න සිදුවෙන්නේ මේ වගේ අය තවත් ආත්මයක් ලබලා උපදින්න නොලැබෙවා (දී)
තාත්තට බනින්න එපා .තාත්තාගේ යුතු කම පවුල නඩත්තු කරන එක එහෙම නොකලත් ....මේ අම්ම දරුවා විකුණලා කියෙයි තාත්ත කන්න දෙන් නැ කියල . මේ අම්මට උපරිම දඩුවම දෙන්න . මමත් අම්ම කෙනෙක් . (දී)
මවු පදවියටත් නිගා දෙන ,මේ කාන්තාව එල්ලා මැරිය යුතුයි! (දී)
කාන්ති මට හරි කණගාටුයි ඔයා ගැන ඔයා කාන්තාවක් ද කියල මම දන්නේ නැහැ. මගේ බිරිඳත් දුවත් ඔය සමාන වයස් වල ඉන්නේ ඒවගේම මමත් රට ඉන්නේ. නමුත් මට තේරෙන්නේ මේ අම්ම තමන්ට තියෙන හැගීම් නැතිකරගන්න අහිංසක ළමය පලිහක් විදියට පාවිච්චි කරලා තියෙනවා කියල. හැම ස්ත්‍රියකටම ඔය තත්වේ ඇතිවෙන්නේ නැහැ එක්කෝ පිරිමිත් රට නොගිහින් ඉන්න ඕන ආණ්ඩුවෙන් මොනවහරි පිනට දෙනකන්. (දී)
මේ මොහොතෙත් මෙවැනි දේවල් කොපමණ වෙනවා ඇත්ද? (දී)
එතෙර රැකියා කරන අයට හිතන්න තවත් පැතිකඩක්. (දී)
එතකොට ඉහත කමෙන්ට්ස් දාල තියෙන අයට අනුව මේ අම්ම අර පිරිමි දෙන්නට තර්ජනය කරලා තමන්ගේ දුවව දුෂණය කරවලද? එනිසාද පිරිමින්ට නොබැන ගැහැණියට විතරක් දොස් කියන්නේ. අනේ තොත්ත බබාලා.(නදී)
මෙතන පියා කිසිම වරදකට වග කිව යුතු නැහැ. මම නම් හිතන්නේ දියණියකට මවකට වඩා රැකවරණයක් තවත් තියෙනවද. මේ තිරිසන් ගැහැණිය මේ වගේ දෙයක් කලාට. (නදී)
ඉතාමත් පිළිකුල් සහගත පුවතක් (දී)
මෙහිදී ඒ දුව ඒ විදිහට හැසිරිලා තියෙන්නේ සිය කමත්තෙන්ද මවගේ බල කිරීමටද (දී)
බුද්ධ ධර්මය අනුව හැදුණු වැඩුණු සිංහලයන් ගැන රොබ්ට් නොක්ස්තුමා ලියා තිබෙන්නේ මෙහෙම යි. “සිංහලයන් ගේ ගමන් ලීලාව ද හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත් මත් පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද එය වහා සංසිඳුවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසුදු ය, ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති, වැඩි වෙලා නො නිඳති. සිංහල ස්ත්‍රීන්ගේ ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ඉතා සංවර ය. සිංහල ස්ත්‍රී හු අරපරෙස්සමෙහි දක්ෂර වෙති. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමි දුව කොතරම් මහෙශාක්යෂ වුවත් දැසි දසුන් සිටියත් ගෙදර කටයුතු සියතින් කරයි.” “සිංහලයෝ උදේ සවස දෙක්හි පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කෙරෙති. නවගුණ වැල් අතින් ගෙන නිතරම භාවනාවෙහි යෙදෙති, සොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවදාක වත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති, පර හට උපකාර කෙරෙති, ආගන්තුකයනට දයා වෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළග මේ ගුණ ධර්ම ඇති බව අත් දැකීමෙන් ම දනිමි.” මෙ සේ බුද්ධ ධර්මය අනුව හැදුණු වැඩුණු සිංහලයා පරදේශීන් ගේ ආක්‍රමණයෙන් පසු නොමඟ යන්නට පටන් ගත්තා. පරදේශීන් වුවමනා වෙන් නොමඟ යැව්වා, ආගමෙන් ඈත් කළා, පන්සලෙන් ඈත් කළා, සිංහලයන් බෞද්ධයන් භේද කළා. ඊට පසු ව පිටරටවලින් හොඳ දේවල් මෙන් ම නරක දේවල් ද එන්නට පටන් ගත්තා. නරක චිත්‍ර පටි ආවා නරක පත් පොත් සඟරා ගඟ ගලන්නාක් මෙන් එන්නට පටන් ගත්තා. ඒවා මඟින් ඇන කොටා ගන්නා සැටි ඉගැන්නුවා. වෙඩි තියන සැටි මිනී මරන සැටි ඉගැන්නුවා. දෙමා පියන් වැඩි හිටියන් සැලැකුවේත් නෑ. දැන් මේ ඒව යි විපාක තමයි විඳින්නේ. දැන් වත් මේවායින් පාඩමක් ඉගෙන හැදෙන පරපුර නොමඟ යන පාරවල් වසා දමමු. (දී)
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනි නීතීය ක්‍රියාත්මක කරන්න (දිල්)
ඇය නම් මවක් විය නොහැක. (නදී)
අම්ම නෙවෙයි තිරිසනෙක් (දී)
හරි ශෝක්. (නදී)
නැහැදිච්ච ගැහැණු, පව් ඒ අසරණ කෙල්ල (දී)
මෙවන් මවිවරු කුමටද මෙලොවට (දී)
කාන්තිට පිස්සු. රොෂාන් ප්‍රනාන්දු, මෙතන තියෙන්නේ දුප්පත්කමවත්, නුගත්කමවත් නෙමෙයි. අම්මගේ තියෙන නැහැදිච්චකම. ඒ අම්මට තමුන්ගේ හැගීම් නැතිකරගන්න ඕනනම්, ඕනෑතරම් ගෙස්ට් හව්ස් තියෙනවා ඒ තරුණයොත් එක්ක යන්න පුළුවන්. (දී)
‘‘‘‘‘දග ගෙයි දඩුවම් සිව් මැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපංන්‘‘‘‘‘‘ (දී)
මේ රටේ ගණිකා වෘතියට නීතිමය තත්වයක් දෙන්න ඕනා කියලා නොතේරෙන්නේ ඇයි? (නදී)
රම්සී, ඒ අම්මා පිරිමින්ට තර්ජනය කරලත් නෑ. ඒ පිරිමි අම්මට තර්ජනය කරලත් නෑ. රටේ නීතියක් තියෙනවා ,ඒ අම්මා දැනගන්න ඕන තමන්ගේ දුව ආරක්ෂා කර ගන්න.(නදී)
ඒ අම්මාට මොන දඩුවම දුන්නත් මදි (දී)
කතාව ඇත්ත පියා වග කියන්න ඕනේ මේ වැඩේට (දී)
මව් පදවියටත් නිගා දෙන කාන්තාවන් (දිල්)
මේ කරන අපරාදවලට හෙනගහනවා ..............පුදුම ලෝකයක් (දී)
අපිටත් අහන්න වෙන දේවල්.(නදී)
අපේ තාත්තත් නිතර එතෙර යනවා අපිව එතෙර කරන්න කියල. ඉතින් එතෙර කිරිල්ල කෙසේ වෙතත් තාත්ත නම් ගොඩ. ගෙදර එකම මළ ගෙයක්.(නදී)
පවුල් පන්සල් කඩා ගෙන අපේ ගැහැණු මිනිස්සු පිටරට ගියහම කාමුක සල්ලාලයින්ට මේ ගිනිගෙන දැවෙන ලංකාව සුර පුරක්. අතලොස්සකගේ සුඛ විහරණය වෙනුවෙන් ලේ දහදිය විතරක් නොවෙයි ආත්මයද පිච්චිය ට විකුණා අපේ මිනිස්සු අපායේ ලෝදිය බොනවා. (නදී)
කාටවත්ම හිතෙන්නේ නැද්ද මේ සිද්දියට ඒ පවුලේ පියා වක්‍රව වග කියන්න ඕනේ කියලා, ගැහැණු දරුවෙක් ඉන්න පියෙක් මෙහෙම යනවද ඒ ළමය තරුණ වයසේදී , (දී)
ලෝකේ තව ඉස්සරහට තව විනාශ වෙනවා (දී)
දැන් ඔය අම්ම විතරද වැරදි. එක අතකින් පුලුවන්ද අප්පුඩි ගහන්න. ඔය පිරිමි දෙන්නටත් අම්මල නැති උනත් සහෝදරියෙක් හරි ඇතිනේ. ඔය අම්මා සහ පිරිමි දෙදෙනා වැරදියි. මරණ දඩුවම දෙනවා නම් දෙගොල්ලනටම දෙන්න.(නදී)
බෞද්ධ සංස්කෘතියක් හිමි අපි වගේ සමාජයක මෙවන් දේවල් කැප නැහැ (දී)
මේ වගේ අයට ගල් ගසා මරා දමන්න නීතියක් ගෙනාව නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
ජිවිතේ විදින්න දන්නැති මේ අය අම්මගේ නමටත් අගෞරව කරනවා... මේ ගැනි අම්මා කෙනෙක් නෙමේ...... කාමාශාවෙන් ගිය ආත්මේ මැරුණු ගණිකාවක්........ (දී)
ලාංකිකයෝ විදිහට අපි ලජ්ජා වෙන්න ඕනේ මෙවන් දේවල් වහාම නවත් වන්න ඕනේ (දී)
කොච්චර කන්න බොන්න නැති උනත් තමන්ගේ දුවට මේවගේ අපරාධ කරන අම්මලාට කිසිම සමාවක් නැහැ (දී)
මම මේකේ තව පැත්තක් දකිනවා. එදාවේල කන්න නැති, හරියට අදින්න ඇදුමක් නැති, ඉන්න හිටින්න තැනක් නැති, හරිහමන් අධ්යාපනයක් නොලැබෙන අසරණ ගැහැනු ළමයි ලංකාවේ ඕන තරම් ඉන්නවා. පවුල් කැඩී ගිහින් අසරණ උන ගැහැණු ළමයි සිය දහස් ගානක් ඉන්නවා. එයාල දිහා බලන්න කවුරුවත් නැහැ. කැමවෙලක්, අදින්න ඇදුමක්, දෙන්න කවුරුවක් නැහැ . ආරක්ෂාව දෙන්න කවුරුවත් නැහැ. එත් එයාල දුෂණයකට ලක් උනාට පස්සේ හැමෝටම එයාල මල් කැකුළු වෙනවා. මේකේ හුගදෙනෙක් දල තියෙන වගේ පුස් ප්‍රකාශ කරනවා. (දී)
මේක පුදුම වෙන්න දෙයක් නෙමේ. මේක විතරයි පත්තරේ වැටුනේ. ප්‍රසිද්ද නැතුව මෙවැනි දේවල් ලංකාවේ සිදුවෙනවා හැමදාම ඕනෑ තරම්. මේකට මවගේ වැරැද්ද කියල අදහස් දාන්න එපා. මෙතන තියෙන්නේ නුගත් කමයි දුප්පත්කමයි. ලංකාවේ ශාක්ෂර තාවය 99% වුනත් මේවා සිද්ද වෙනවා.(නදී)
අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති, බුදුන් තෙවරක් වැඩිය දේශයක්වුත්, ඉහල සමාජ සාරධර්ම ඇති සංස්කෘතියක් තිබුන රටක අද මෙවැනි දේවල් බහුලව අහන්න දකින්න ලැබෙන එකෙන් වැටහෙන්නේ ලංකාවේ සමාජය කොතරම් පිරිහිලද කියලයි (දී)
අම්මා කියන වචනය මේ කාන්තාවට දීම සුදුසු නැත (දී)
ගැහැනියක යනු උපතින්ම ආරක්ෂාව" උරුම කරගෙන මෙලොවට බිහිවන්නියකි. මැයගේ විවාහය එහි කුඨප්රාප්තියයි. මෙතැනදී ස්වාමිපුරුෂයා ඇයට සැපයිය යුතු ආරක්ෂාවේ ක්‍රමවේදයන්හි හිඩැසක් ඇතිවූ කල්හි එහි අවසාන ප්‍රතිඵලය වනුයේ.පාපතර, කාලකන්ණි සල්ලාලයින්ගේ ගොදුරක් වීමයි. එතනදී අර අහිංසක දරුවත් ඉතාමත් අවාසනාවන්ත විධියට ජීවිතයටම බලපාන අනතුරකට ගොදුරු වී ඇත. ශ්‍රී රාහුල හිමිපාණන් "පිරිමිනිදු පතන ------------------ වරදේ නොබැදෙන" යන කවිය තුළින් කර ඇති මනෝවිද්‍යාත්මක හරය විමසුමට ලක්කළ විට පිළිබිඹු වන යථාර්ථය මෙය නොවේද? (නදී)
කියවන අපේ ඇඟේ හිරිගඩු පිපෙනවා මේවා දකිනකොට (දී)
අම්මල මෙහෙම කරන්නෙ නෑ. ඒ නිසා මේ අම්මෙක් වෙන්න බෑ. (දී)
මවට මෙය කල හැක නමුත් තමුන්ගේ දුවත් සමද මෙවැනි දේ සිදු කිරීම මානසික රෝග ලක්ෂණයකි (දී)
මේ වගේ අම්මලා තමයි ළමයි හදලා කුනු කූඩෙට දමන්නේ.(නදී)
අනේ මෙහෙමත් අම්මල , පවු අහිංසක මල් කැකුල .(දී)
අම්මා කෙනෙක් මෙවන් දෙයක් කරයි කියලා හීනෙකින්වත් හිතන්න පුලුවන්ද (දී)
මෙහෙමත් අම්ම කෙනෙක් ,මව් පදවිය ලැබීමත් පවක්.(දී)
වරදට නිසි දඩුවම් ලංකාව තුල ක්‍රියාත්මක නොවෙන නිසයි සමාජයේ එන්න එන්නම වැරදි වැඩි වෙන්නෙත් සමාජය පිරිහෙන්නෙත්.(නදී)
මවු පදවියටත් නිගා දෙන ,මේ කාන්තාව එල්ලා මැරිය යුතුයි! (දී)
හැම ගැහැනියක්ම නොවුනත් 95% ක් ගැහැණු මොකක් හෝ හේතුවක් නිසා අසරණයි. මෙම කාන්තාව තමුන්ගේ අසාවන් හැගීම් සන්තර්පනය කරගන්න බාදාවක් වෙන්න තිබු තමන්ගේ දියණියත් ඒ දේට යොමු කලේ ඕන කමින්ම විය හැක. එහෙම අම්මල ඕනා තරම් ඉන්නවා අප්‍රසිද්දියේ. මේක ගැහැණිය උපතින්ම රැගෙන එන දුර්වල කමක්.(නදී)
තාත්තට බනින එක නම් හරි නැ. තාත්තල මැරුණු අය එහෙනම්. (නදී)
අම්මාගේ අසාමාන්‍ය තාවය නිසා වන්දි ගෙවන්නේ ඒ අහිංසක ළමයා (දී)
මේකට විසදුම ගනිකා වෘතිය නීති ගත කිරීම නෙමෙයි.ඒක හරියට පනින රිලවුන්ට ඉනිමං බදිනවා වගේ වැඩක්. නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමයි. (දී)
මේවා සියල්ල සිදුවන්නේ මේ රටේ දේශපාලන ක්‍රියාදාමය උඩයි. මොකද ලංකාවේ බහුතර ජනයා ඉතාම දුප්පත්. ඔවුන්ට කරකියාගන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට නැඹුරු වීම අනිවාර්යෙන්ම සීදුවනවා. හැමතැනම අකටුතුකම්. දුගියාට කරකියා ගන්න දෙයක් නැහැ. කුඩු,හොරමැරකම්,ගංජා, එතනෝල්, ස්ත්‍රී දුෂණ, කසිප්පු,පගාව ,රජයේ ඉඩම් හොරෙන් විකිනීම මොන තරම් දේ සිද්ද වෙනවද? (නදී)
මවු පදවියත් නිගා කරන මෙවැනි ගැහැනුන් මුළු සමාජයටම පිළිලයක් (දී)