අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවනට විදේශ ගත වීම තහනම් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් රුපියල් 50ක වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා තිදරු මවක වන ප්‍රියදර්ශනී ආරියරත්න අභියාචනාධිකරණයට අද රීට් පෙත්සමක් ගොනු කළාය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, විදේශ සේවා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
මේ පෙත්සමේ සඳහන් වන්නේ පෙත්සම්කාරිය තිදරු මවක් වන අතර වනිතා ක්‍රියාකාරිනියක වන බවයි. වයස අවුරුදු 35ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගත වීම තහනම් කරමින් විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් පසුගිය සැප්තැම්බර් හතර වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළ බවත්, එමගින් කාන්තාවන්ගේ වයස ශ්‍රේණිගත කර අදාල කොන්දේසි පනවා ඇති බවත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නොයවන එක හොඳයි. ඒත් ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්නත් ඕනෑ (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
අනේ මට නම් තේරෙන්නේ නැහැ මොනවා කියන්නද කියලා (නි)
රුපියල් 50 ක් මොනව කරන්නද? (බ)
කාන්තාවන් මෙහෙ එන්නේ වැඩ කරන්නම නෙමෙයි. අනික දැන් ලංකාවේ රස්සාවල් නැහැ කියන්න බැහැ. (නි)
අරාබි කරයට කාන්තාවන් යැවීම සම්පූරණයෙන්ම තහනම් කළ යුතුයි. ගෘහ සේවය වැනි රැකියා සඳහා කාන්තාවන් යැවීමේ විපාක පසුගිය වසර දහයක කාලයක සිට දිනපතාම අසන්නට ලැබෙනවා. (හේ)
වන්දි ගත්තා කියලා මොනවා කරන්නද? (නි)