IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මව සහ පුතු අනතුරින් මරුට

(නිමල් ජයරත්න )

දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී  අද (17) පෞද්ගලික බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් මව හා පුතු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව  දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි.
 
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ පදිංචි  එස්. දිස්නා අයිරාංගනි  33 වියති මව අවුරුදු දෙකක් වයසැති ඒ.එල්.නෙත්මින සම්පත් යන අය බව පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර සහ එහි ගමන් ගත් අවුරුදු හයක දරුවා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි  
 
ත්‍රිරෝද රථය මාර්ගයෙන් ලිස්සා පෞද්ගලික බස් රථයේ ගැටෙන අවස්ථාව පෞද්ගලික බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවකද සටහන් වී ඇති බව පොලිසිය කියයි.



අදහස් (0)

මව සහ පුතු අනතුරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site