‘මගේ නම වාසනා මල්කාන්ති. ඉපදුණේ 1990 අප්‍රේල් 20 වැනිදා. අද මගේ උපන් දිනයයි.’24 හැවිරිදි මල්කාන්ති 24 වසරකට පසු ජර්මනීයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ තම මව සොයා ගැනීම සඳහායි.
ඇය ජර්මන් මිතුරියකද සමඟ ලංකාදීප කාර්යාලයයට පැමිණ සිය මවත් පියාත් සොයා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා.
කොළඹ බොරැල්ලේ කාසල් රෝහලේ ඉපැදුණු මල්කාන්ති සති තුනක දැරියකව සිටියදී හදා වඩා ගැනීම සදහා ජර්මන් යුවළකට බාර දී ඇත.
ඇය හදා වඩා ගත් මව ජර්මනීයේ ගුරුවරියකි.පියා පැරැණි භාණ්ඩ ව්‍යාපාරිකයෙකි.ගුරුවරියක වීම සඳහා මල්කාන්ති රසායන විද්‍යාව,ආගම හා ජර්මන් බස හදාරමින් සිටින්නීය.
‘මගේ අම්මා තාත්තාගේ නම් හැර වෙනත් විස්තරයක් දන්නේ නැහැ.පින්තූරයක්වත් ළඟ නෑ .මා හිතනවා මගේ අම්මා මං වගේ ඇති කියලා.අම්මාගේ නම වීරසිංහ මුදියන්සේලාගේ හීන් මැණිකේ. පියාගේ නම උඩුව විදානලාගේ දොන් සෝමදාස. ජර්මනීයේ අධ්‍යාපනයෙන් පසු මම ශ්‍රී ලංකාවේ පදිංචිවීමට කැමැත්තෙන් සිටිනවා.මගේ මව හා පියා දැක ගැනීම මගේ ජීවීතයේ ලොකුම ආශාවයි.ජීවිතයේ එක් වරක් හෝ මගේ මව දැක ගත යුතු යැයි මා සිතනවා සෑම දරුවකුගේම අශාව එයයි.මට මගේ අම්මා මිනිත්තු පහකටවත් දැනගත්තොතත් ලොකු දෙයක්. ආදරණීය අම්මේ ඔබ මගේ කතාව ලංකාදීප පත්තරෙන් දැක්කොත් පහත සඳහනක් දුරකතන අංකයට කතා කරන්න. (ඇන්ඩෘ සිල්වා 0094779941919, ඊ මේල් – [email protected])
ඔබ දකින තුරු මට ඇත්තේ එකම ආශාවයි ලබන 22 වැනි අඟහරුවාදා මා ජර්මනියට යනවා.අධ්‍යාපනය අවසන් කර ලබන වසරේ යළිත් පැමිණෙනවා.දැන් මට ශ්‍රී ලංකාවේ මිතුරනුත් සිටිනවා ’
ඡායාරූප - ඩික්සන් වසන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් උපරිම උදවු දෙනවා ඔබගේ අම්මා සොයාගන්න (නි)
ඔය හොද කෙනෙක් තමන්ගේ කම අමතක නොකළ දළදා හාමුදුරු වන්ගේ පිහිටෙන් අම්මව තාත්තව මුණ ගැහේවි ඔයාට (අ)
දයාබර සොයුරිය, ඔයාගේ දයාබර දෙමාපියන්ව ඉක්මනින් හමුවේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබගේ මවුපිය දෙපළ සහ නෑදෑයින් ඉක්මණින් හමුවේවායි මම ප්‍රාර්ථනා කරමි. (නි)
මේ වා දකිනකොට හිතෙනවා අපි කොයි තරම් වාසනාවන්ත ද කියලා (දිල්)
ලංකාවේ ඉන්න සමහර අය යුරෝපයේ පදිංචි වෙන්න හදද්දි මේ දැරිවි ලංකාවේ පදිංචියට කැමැත්තෙන් ඉන්නවා.(දිල්)
''කිරිමදුවැල්..කිරිමදුවැල්..කිරි අම්මේ..''දියණිය අපේ ප්‍රාර්ථනාව ඔබට ඉක්මනින් මව් සුවඳ ලැබෙන්නට වාසනාව ලැබේවා යන්නයි.(දිල්)
දියණියට මව ඉකමනින් දැකීමට හමුවේවා යන්න මගේ අවංක ප්‍රාර්ථනයයි. කවුරුන් හරි මේ දරුවාට මව සොයා ගැනීමට උදව් කරනවා නම් සංසාරයේ මහත් ඵල දෙන පිනක්. (දිල්)
නම් දන්න නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මේ දෙමාපිය ලිපිනයන් සොයාගන්න පුලුවන් නේද? මෙවැනි දරුවන්ට දෙමාපියන් සොයා ගන්න මානුෂික වැඩ පිලිවෙළක් හදන්න ඕනි.(දිල්)
මොනතරම් සැප සම්පත් තිබුනත් වැඩක්ද ?.අම්මගේ ආදරය ,සෙනෙහස ලැබුනේ නැත්නම් .නංගි ඔයාට වරදින්නේ නැ.ඔයාට පහු වෙලා හරි ඔයාට ඔයාගේ අම්මගේ .තාත්තගේ ආදරය උණුහුම අනිවාර්යයෙන්ම ලැබෙනවා .ලැබෙන්න ඕන .මගේ ප්‍රාර්ථනය ඒකයි. (දිල්)
ලක් දියණිය, ඔබගේ ප්‍රාර්ථනාව ඉටු වේවායි පතමි(දිල්)
ඔබේ ප්‍රර්තනය ඉටු වේවා (දිල්)
උතුම් ප්‍රාර්තනය ඉටු වේවා (දිල්)
අම්මා ඉක්මනට දුවට කතා කරාවිතවාසනාවන්ත දරුවෙක් (දිල්)
දකින කොට දුක හිතෙනවා . දුවේ ඔයාට බුදු සරණයි (දිල්)
රෝහලේ ලිපිනය ඇති (දිල්)
දෙමාපියන් ද ඔබගේ හැඩරුව මවාගෙන ජීවිතය පුරාම ඔබ ගැන සිතමින් සිටිනවා ඇති. ඔබද දෙමාපියන් ගැන සිතන වාර ගණන කොපමණ ඇද්ද? සිති විළි බළ ගතුය. ඉක්මණින්ම ඔබගේ පැතුම ඉටුවෙනවාමයි.(දිල්)
මේ හැම දේකටම මුල මුදල් තමයි (දිල්)
මම දන්නා ස්විස්වල ජිනීවා නගරය ළමයෙකුත් මීට අවරුදු 3 කට කලින් ගිහින් එයාගේ පවුලේ කට්ටිය සොයා ගත්තා. එයා දැන් හරි සතුටින් ඉන්නේ. නිතර ලංකාවට යනවා. මම එයාගේ සතුට දැක්කා. ඉතින් මම ප්‍රර්ථනා කරනවා ඒවගේම මේ නංගිගේත් සතුට ඉක්මනට ලැබෙන්න කියලා.(නදි)
මෙහි මුල ලෝකය පුරා ඇති දිළිඳු බවයි. නමුත් ළමයා හදා ගත් මිනිසුන් ළඟත් සැබෑ මිනිස්කම සහ මාතෘ ප්‍රේමය තියෙනවා. (දිල්)
මම දන්නා කෙනෙක් ඉන්නවා මම හිතන්නේ එයා වෙන්න ඇති. හොයල දුන්නොත් මගේ නමත් පත්තරේ .(නදී)
අක්කේ, ඔයාට ඔයාගේ අම්මාව අනිවාර්යෙන්ම හමුවේවි. බලාපොරොත්තු නැතිකර ගන්න එපා. මොකද මේ ලෝකයේ ඉන්න හොඳම දුවගෙන් එයාගේ අම්මාව හංගන්න තරම් දෛවය නපුරු නැති වේවි. (නි)
ඔබට ඔබේ මව ඉක්මනින්ම හමුවේවා! නංගියේ මට නම් හිතෙන්නේ ඔබව හදාගත් ජර්මන් අම්මා ඔබේ "සැබෑ අම්මා "බවයි.(නදී)
මේ දරුවාගේ පැතුම මල්ඵල ගැන්වේවා! දරුවට මව ලැබෙන පුවතත් දකින්න අපි ආසාවෙන් බලා ඉන්නවා එයත් පලකරන්න ලැබේවා!(නදී)
ඉතාමත් වාසනාවන්ත දරුවෙක්. කසල ගොඩේ තිබුනත් මැණික මැනිකමයි. මොනවා උනත් දෙමව්පියන්ට තිබුන ප්‍රශ්න නිසා මේ ලමයව හදාගන්න දෙන්න ඇති. සමහර වෙලාවට මේ ළමය ලංකාවේ හැදුනානම් මහපාරට උනත් වැටෙන්න තිබුනා. (නදී)
කොච්චර කැමැත්තෙන් හිටියත් ලංකාවෙන් ගිය අයට ආපසු පදිංචියට එන්න දෙන්නේ නැහැ.(නදී)
ඔයාට ඉක්මනට අම්මව ලැබේවි.(නදී)
ලෝකේ කොහේ හිටියත් වැදු අම්මා උතුම්. (නදී)
අම්ම කෙනෙකුගේ වටිනා කමක් දන්නා දරුවෙක්. දුවේ ඔයාට ඔයාගේ අම්මව ඉක්මනින් ලැබේවා.(නදී)
ඔබගේ අම්මා ඉක්මණින් ලැබේවා කියා අල්ලාහ් දෙවියන්ගෙන් ඉල්ලමි. ඔබට ඕනෑම උදව්වක් කරන්න මම සූදානම්. මුදල් ප්‍රශ්නයක් වුණත් කියන්න. ඔබගේ උත්සාහයට සුභ පතමි. (නි)
ඔබගේ බලාපොරොත්තු සඵල වේවා! (නි)
ඔයාගේ ජර්මනියේ ලිපිනය සහ දුරකතන අංකය දෙන්න. මම ඔයාගේ අම්මව කොහොම හරි හොයල දෙන්නම්. මම ඉන්නෙත් ජර්මනියේ. ගේ දුරකතන අංකය 049(0)16172-6671410, මගේ නම සහ ලිපිනය:ජරතුල් අබ්දුල්,ලිලිඑන්වෙග් 6,ද-61381 ෆ්රිඑද්රිච්සදොර්ෆ්, ජර්මනිය.(නදී)
ලලිත් ඔච්චාර නපුරු වෙන්ඩ එපා. අපි පතමු එයාට එයාගේ දෙමව්පියෝ ඉක්මනින්ම මුණ ගැහෙන්ඩ කියලා.(නදී)
මෙම පුවත "ඩේලි මිරර්" පුවත් පතෙහි පල නොකළේ ඇයි? එහෙම වුණා නම් ඒ යුවතියට මෙම පුවත බලා සතුටු වන්නත් තිබුණා.සිය මව සොයා ගතහැකි මගක් දැන ගන්න ක්‍රමයක් දැන ගන්නත් තිබුණා.(නදී)
කණගාටු දායක සිදුවීමක්. අපේ රටේ උපදින දුප්පතුන්ගේ ළමයි පිටරට අයට හදාගන්න දෙනවා හෝ පිටරට අයට විකුනනවා. දුප්පත් කම නිසයි මේ ඔක්කම සිදුවෙන්නේ. නමුත් මෙහෙම වෙන ළමයින්ට හොද අනාගතයක් තියනවා. මේ වගේ දහස් ගානක් සිදුවීම් තියනවා. කීප දෙනෙක් මවුපියන් හොයාගෙන ලංකාවට එනවා. මොනවා වුනත් මෙයා දෙමව්පියෝ හොයාගෙන ලංකාවට අාපු එක ගැන සතුටුයි.(නදී)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට යන්න. ඡන්ද ලේඛනයේත් බලන්න පුලුවන් දුවේ. ඔබට සදා ජය !!! (ස)
උපන් දිකය තියෙන නිසා තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි.(නදී)
ඔබගේ පැතුම ඉටුවේවා කියා මා එක සිතින් පතමි.(නදී)
උතුම් ප්‍රාර්තනය ඉටු වේවා! (නදී)
මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ අම්මව ඔයාට ඉක්මන්ට හම්බ ෙවන්න කියලා. (ස)
ඔබගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉුටුවේවා! (නදී)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ හා ජාතික ඡන්ද කොමසාරිස් කාර්යාලයෙන් හෝ ඔබට එය ඉෂ්ට කරගන්න හැකි බව මට විශ්වාසයි දුවේ. තනිවම කරගන්න බැරි දෙයක් නිසා ජාතික කාන්තා සංවිධානයකට සම්බන්ධ වී එම සංවිදානයේ නම සමග නුබේ උත්සාහය කරගෙන යන්න. ඉතා ඉක්මනටම නුඹට මවත් පියත් දකින්න ලැබෙයි. නුබේ ලෝකය සතුටින් බැබලේවායි පතමි. ඒ වගේම නුඹ වැනි සුන්දර යුවතියක් දන නිදානයක් කරගන්න එන මුදල් වලට ගිජු පෙරේතයන්ගෙන් හා පාපතර සිතුවිලි ඇත්තන්ගෙන් බේරී කටුතු කරන්න වාසනාව ලැබේවායි පතමි.(නදී)
උපන් රෝහලේ උපත් විස්තර සොයා බැලුවොත් නිවැරදි ලිපිනය සොයාගන්න හැකිවේවි. එහෙම නැත්නම් දුවේ ඔබ ජර්මන් දෙමාපියන්ට පැවරු නඩුවට අදාල ලිපි පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේත් ඇති. එම කාර්යාලයෙන් උදව් ඉල්ලන්න (නි)
නැගණිය,ඔබගේ පැතුම ඉටුවන්න කියා දෙවිඳුන් යදිනවා (නි)
සොයුරිය ඔබගේ පැතුම ඉටුවේවා! නමුත් සුද්දට බනින අය මේ ලිපිය කියවල සුද්ද ද කල්ලද කියලා හොයලා වැඩක් නෑ. මනුස්සකම දන්නා මිනිස්සු ලෝකේ කොහෙත් ඉන්නවා කියල හිතනවා නම් හොදයි.(නදී)
ඔබ නම් නියම සිංහල දියණියකි. ඔබේ උත්සාහයට ජයම වේවා පතමු. (නදී)
කපටින්ට රැවටෙන්න එපා.(නදී)
බොහොම සංවේදී පුවත්. දියණිය ඔබගේ පැතුම එලෙසම ඉටුවේවායි ප්‍රර්ථනා කරමි.(නදී)
ලෝකේ කොහේ හිටියත් ඔබගේ අම්මි ඔයාට ලැබෙයි.(නදී)
විශ්වයේ වටිනාම වචනය"අම්මා " දියණිය ඔබේ පැතුම ඉටුවේවා!!!!! (ස)
මේ ඔක්කොටොම වඩා ජර්මන් අම්මා තාත්ත උතුම්! මෙවන් ලස්සනකට දරුවාව හදල වඩල එව්වට (අ)
දයාබර සොයුරිය, ඔයාගේ දයාබර දෙමාපියන්ව ඉක්මනින් හමුවේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (අ)
අක්කට ඔයාගේ අම්මව ඉක්මනටම දකින්න වාසනාව ලැබෙන්න ඕනි.බුදු සරණයි. (අ)
අම්මා කෙනෙකුට දරුවෙකුට වඩා මේ ලෝකේ කිසිම දෙයක් වටින්නේ නැහැ. ඔබට ඔබගේ ආදරණිය අම්මා හමුවේවා !!!! (ස)
නංගියේ ඔයාගේ ජර්මන් ලිපිනය කපටි මිනිසුන්ට දෙන්න එපා.වෙනත් දෙයක් වෙනුවෙන් මේ අනුකම්පාව ..(අ)
අනිවාර්යෙන්ම ඉටු වෙයි (අ)
නංගි ඔයාට ඉක්මනට අම්ම තාත්ත හමුවේවි. ඒක විශ්වාස කරන්න. (ස)
මගේ සුභ පැතුම් !!! (ස)
ඔයාගේ ජර්මනියේ ලිපිනය සහ දුරකතන අංකය දෙන්න. මම ඔයාගේ අම්මව කොහොම හරි හොයල දෙන්නම්.(නදී)
මේ අගය දැනෙන්නේ දරුවන් ටික දෙනෙකුට පමණි. (ස)
ඇයි මේ සමහර අය මේ දියණියගේ ජර්මනියේ ලිපිනය සහ දුරකථනය ඉල්ලන්නේ, ඇන්ඩෘ සිල්වා 0094779941919, ඊ මේල් – [email protected] අමතන්නේ නැතුව? (නදී)
මෙයා ලස්සන ගැහැනු ළමයෙක් නිසා බොහෝ දෙනෙක් උදව් කිරීමට පැනලා ඉදිරිපත් වනවා . සමහරු තමන්ගේ පුග්ගලික ටෙලෙපොන් නොම්මර පළකරනවා . අනේ අපේ අයගේ අනුකම්පාව (ස)
ඔබගේ උත්සාහය මල්ඵල ගැන්වේවා !!!! (ස)
ඔබගේ පැතුම ඉටුවේවා ! (ස)
ඇත්තෙන්ම පිටරටක සේවය කරන අපිට අපේ රටේ අගය ගොඩාක් දැනෙනවා ... කවදද නිවාඩු කාලය ලැබෙන්නේ කියල ඇඟිලි ගණන් කරනවා ලංකාවට යන්න. ඉතින් මේ දැරිවියට එයාගේ මුළු ජීවිත කාලයටම එයාගේ දෙමව්පියන්ව දැකල , මුණගැහිලා නැහැ. ඉතින් එයා කොච්චර ආශාවෙන් බලාපොරොත්තු තියාගෙන ඇත්ද එයාලව ඇස් දෙකට දැකගන්න ....පුළුවන් ඉක්මනින් ඇයගේ ඒ බලාපොරොත්තුව සපල වේවායි පතමි....!!! නංගි ඔබට ජය ...!!! තෙරුවන් සරණයි ....!!! (ස)
දියණියගේ ජර්මනියේ ලිපිනය සහ දුරකථනය දෙන්න එපා. මේ රටේ ඉන්න මිනිස්සු ගැන ඔබ තවම දන්නේ නැ. ලංකාදීපයට පුළුවන් මේ ළමයට උදව් කරන්න. ඒම නිසා යමක් කළ හැකි කෙනෙක් මේ දරුවට ඉක්මනට උදව් කරන්න. (ස)
වාසනා දුවේ, මේ තොරතුරු හොඳටම ප්‍රමාණවත් ඔබේ දෙමව්පියන් සොයා ගැනීමට. ඔබ හෙට ලංකාවෙන් ගියාට පසු ජර්මනියේ බර්ලින් 14163 වල, නික්ලාස්ට්‍රස්සේ අංක 19 පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් හෝ දුරකතන අංක (030) 80909749 හෝ ෆැක්ස් අංක (030) 80909757 මගින් තොරතුරු ඉදිරිපත් කර සහාය ලබා ගැනීමට පිළිවන්. (ස)
අතීතයේ සිට වර්තමානය දක්වාම කුඩා දරුවන් මුදලට හෝ නොමිලේ ලබාගැනීමට ලොව අංක එකේ රට තමයි ශ්‍රී ලංකාව, මට මතකයට නැගුනේ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් ගයනා කරන මගේ අමල්බිසෝ දොර අරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් ගීතයයි.(නධී)
වාසනා දුවේ, කපටි කිහිප දෙනෙක් මෙහි තොරතුරු දාල තියෙනවා. පරිස්සම් වෙන්න. ඔවුන් එක්ක කතා කරන්න තොරතුරු සපයන්න එපා. ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. (ස)
ඔබ ලංකාවේ උපන් සිංහල දුවක් බව සොයාගත්තේ කොහොමද ? අන්න ඒ මගම තවදුරටත් යන්න. නැත්නම් සමහරවිට කපටින්ට අසුවී අමාරුවේ වැටිය හැක. ඔබට මවුපියන් ඉක්මනින් දැක ගැනීමට ලැබේවා! (නදී) .
ඔයාගෙ මව්පියන් ඉක්මනින්ම හමුවෙන්නයි හදවතින්ම ප්‍රාර්ථනා කරනව නංගි.(නදී)
මේ ගැන අහන කොටත් හිතට හරිම දුකයි. (ස)
බොරදියේ මාලු බාන කපටි ටිකක් ඉන්නවා. ඒ නිසා කාටවත් කෝල් කරන්නවත් විස්තර දෙන්නවත් එපා!!!! ලස්සන දැක්කම ඉස්පාසුවක් නැතිව ඇති. අහුවෙන්න නම් එපා දුවේ පරිස්සමින්............. (දී)
දුවේ ඔයාට බුදු සරණයි ! (නදී)
ලංකාවේ දෙමාපියන්ව හොයන්න එපා. (ස)
ඔයාගේ දෙමාපියන්ව ඉක්මනට ඔයාට හම්බ වෙයි. සුබ පතනවා. (ස)
ඔබට ඔබගේ මව ඉක්මණින් හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)