පුතාට කුඩු ගැසීමට මුදල් සෙවීමට පුතා (33) ද සමග ගෙවල්වලට පැන බඩු සොරකම් කළ මවක (57) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
පීරිසි කුට්ටම්, මල් වාස්, පහන්, ජනේල කොකු ආදිය සොරකම් කළ බව කියන මේ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුතාට කුඩු ගැසීමට මුදල් සෙවීමට පුතා (33) ද සමග ගෙවල්වලට පැන බඩු සොරකම් කළ මවක (57) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
පීරිසි කුට්ටම්, මල් වාස්, පහන්, ජනේල කොකු ආදිය සොරකම් කළ බව කියන මේ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුමයට කරුණක් නෙමෙයි. ලංකාවෙ හොරු, මංකොල්ල කාරයො පිරිල ඉන්නෙ දෙමව්පිය වරදින්. (ත)
හැමදෙයක් ගැනම වැරදි විදියටම බලන්න එපා. කවුද දන්නේ පුතාගේ බලකිරීමටයි තර්ජන වලටයි බයේ අම්ම එහෙම කලාද කියල. මොකද පුතා උනත් කුඩුකාරයෙක් නිසා වෙන්න ඇති. අම්ම ජීවිතයට තියෙන ආසාවට එහෙම කලාද දන්නේ නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් ඒගැනත් හිතන්න.
කුඩු ගැසීමෙන් තමාත් අන් සමාජයත් නැති වෙනවා (දී)
දිනකට පස්වතාවක් දෙවියන් අදහෙවුවත් වැඩක් නැහැ කුඩු බිස්නේස් කරනවානම්, අපායටයි යන්න වෙන්නේ. (දී)
හොරකම වැරදියි තමයි නමුත් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලේ මස් උනත් පරිත්‍යාග කරන්ඩ ලැස්තියි. ඒක තමයි දරු කැක්කුම. ඒක තේරුම් ගන්න දෙමව්පියෙක් වෙන්නම ඕනේ. මේ අම්මට අදිකරණයෙන් සමාවක් ලබෙන්න ඕනේ.(නදී)
අපේ අම්ම අපේ පව්ලේ අට දෙනෙක් උස මහත් කරලා පුළුවන් හැටියට අධ්‍යාපනයක් ලබා දෙන්න විඳපු දුක් කන්දරාව ගැන මතක් වෙනකොට. මට මේ අම්මා ගැන ඇතිවෙන්නේ මහා සංවේගයක්. දරුවා නොමග ගියත් ඒ තමන්ගේ දරුවා නේද? සමාවක් ලැබේවා! (අ)
අනේ මන්දා.. දැන් ලංකාවේ ජීවත් වෙන්නත් බය හිතෙනවා මෙම වෙන දේවල් ඇහුවහම.හොරු, මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ,පාතාලයෝ පිරිලා.තමන්ගේ ගෙදරවත් බය නැතුව සැනසිල්ලේ නිදා ගන්න බැරි තත්වයක් නේ උදා වෙලා තියෙන්නේ.ගිය සතියේ අපේ ළඟ ගෙදරකට වහලෙන් බැහැලා නිදන් හිටිය ගැහැණු ළමයෙකුගේ කරේ තිබුන මාලේ කඩාගෙන දුවලා.කුඩු රැලක එකෙක්ලු. (ස)
සුනිල් හරි. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලේ මස් වුණත් පරිත්‍යාග කරන්න ලැහැස්තියි. ඒක තමයි දරු කැක්කුම.නමුත් කළ යුතු නිවැරදිම දේ නෙමෙයි මේ අම්මා කරලා තියෙන්නේ. (නි)
ලංකාවට දැනට ඇති භයානකම උවදුර මේ කුඩු තමා.(නදී)
තාත්තල පුත්තුන්ව මිනි මරන්න යවන රටේ අම්මල පුත්තුන්ට කුඩු ගන්න හොරකමේ යන එක අරුමයක් නෙමෙයි. කුඩු රජවරු ඉන්නකල් ඕව වලක්වන්න බැහැ. (නදී)
අම්මාටත් දඩුවම් ලබාදෙන්න. අම්මාගේ යුතුකම විය යුත්තේ දරුවා පුනරුත්ථාපන කරන ආයතනයකට යොමුකිරීමයි. (නි)
පුතාට උදව් කරලා තියෙන්නේ සුමගට නෙමෙයි, නොමගට... (නි)