IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මව වෙනුවට පුතා අත්අඩංගුවට ගත්තාට පොලිස් ලොක්කා උසාවි කැඳවයි

(පියදාස සමරවීර)

වරෙන්තු ලබා සිටි ඇපකාරියක අත්අඩංගුවට ගැනීමට ගොස් ඇය නොමැති නිසා ඇගේ වයස අවුරුදු 08 ක බාලවයස්කාර පාසල් දරුවකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රාත්‍රී කාලයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්  වැලිඔය පොලිස්ථානාධිපතිවරයා පෞද්ගලිකව පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා නියෝග කළේය.

මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත්  නියෝග කළේය.

තවද දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ පරීක්‍ෂණයක් සිදුකොට වාර්තාවක් කැඳවීමට ද පරිවාස නිලධාරවරයාට ද මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා වැඩිදුරටත් නියෝග කළේය.

වැලිඔය හැලඹවැව ගමේ සැකකරුවකුට ඇප වී සිටී සැකකරුගේ බිරිද වරෙන්තු නිකුත් කිරීම නිසා අත්අඩංගුවට  ගොස් සැකකාරිය නොසිටි නිසා  මෙසේ 08 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවා පමණක් අත්අඩංගුවට ගැනීම නිසා පොලිසිය  දරුවාගේ අයිතිවාසිකම්  කඩකර ඇති බවත් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවත් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සමස්ත නීතිය මණ්ඩලයම අධිකරණයේ දී වැඩිදුරටත් කියා සිටියහ.

 

 



අදහස් (8)

මව වෙනුවට පුතා අත්අඩංගුවට ගත්තාට පොලිස් ලොක්කා උසාවි කැඳවයි

Nirmal Wednesday, 30 April 2025 06:02 PM

පොලිසියේ තියෙන්නේ අමුතු නීති තමයි දේශබන්දු අත්අඩංගුවට ගන්න බැරිව අන්තිමේ දේශබන්දුගේ විස්කි බෝතල් අත්අඩංගුවට ගත්තා ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න නියෝග තියෙනවා. මේ දක්වා සොයාගන්න බැහැ. සංජීව ඝාතනයේ මහමොලකාරි ඉෂාරා සෙව්වන්දි අදටත් සොයාගන්න නැහැ. දුප්පත් පවුලක කෙනෙක් නම් දුවලා ගිහින් අත්අඩංගුවට ගන්න බැරිවුණා නම් පවුලේ කෙනෙක් කුදලාගෙන යනවා. ඒක තමයි මෙතැන කරලා තියෙන්නේ.. ඒකෙන් නම් පොලිසියේ හොට පැටලුණා ළමයින්ගේ අයිතිවාසිකම් කඩකිරිමක් මෙතැන සිදුකර තිබෙන නිසා පොලිසියේ ඕඅයිසි විතරක් නොව අත්අඩංගුවට ගන්න ගිය සියළු දෙනාට එරෙහිව ගරු අධිකරණයේ නඩු පැවරිය යුතුයි. යම් වන්දියක් ගෙවනවා නම් පෞද්ගලිකව ගෙවිය යුතු බවට නියෝගයක් ඉල්ලා සිටිය යුතුයි. නැත්නම් පොලිසිය ගොඩගන්න බැහැ...

:       0       23

අශෝකThursday, 01 May 2025 01:09 PM

ඒ විතරක් නෙවෙයි අවුරුදු අටක දරුවෙක් පොලිසියට අරගෙන ආපු ඔය ගොබ්බ පොලිස් කාරයෝ සහ අණදීපු අය සේවයෙන් පහකරන්න ඕනෑ. ඔවුන්ගේ මොලේ පරීක්ෂා කරන්න. අර පොඩි දරුවා කොයිතරම් කම්පනයකට පත් වෙන්න ඇතිද? අනාගතයේදී මේ දරුවා කොහොම කෙනෙක් වෙයිද?

:       0       1

බකල ජයා Wednesday, 30 April 2025 06:16 PM

අන්න හොඳ වැඩ. පොලිසියත් නීති පිළිපදින්න ඕනෑ.

:       0       11

ගුණරත්න Wednesday, 30 April 2025 06:24 PM

මාලිමා ආණ්ඩුවක් ආවාම පොලිස්සියේ මහත්තුරුත් හැසිරෙන්නේ ඒකාධිපති ආණ්ඩුවක වගේම තමයි, අපේ වාසනාවට අධිකරණය ස්වාධීනයි, නැත්නම් අපට අහන්න වෙන්නේ ආණ්ඩුවේ පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක කොල්ලා ආයුධ පෙන්වන්න දක්කාගෙන ගිය කතාව...

:       14       8

Asela Thursday, 01 May 2025 10:40 AM

මේ රෙජීමයේ හිටපු පොලිස්/ සේවා නිලධාරීන් හැමෝම ඉහළ තනතුරු දරනවා. ඔවුන් හැකි තරම් පුරසාරම් දොඩනවා. තඹුත්තේගම මිනිහා සහ සාමාන්‍ය පොලිස් සේවය සහ රජයේ ව්‍යාපාර වගේ, උදාසීන, අකාර්යක්ෂම සහ කම්මැලි මිනිස්සු පිරිසක්. මේ මනුස්සයා වේදිකාවට ගොඩ වුණාම, ඔහු බලගතු දෙවියෙක් වන ශක්‍රයාට දෙවැනි නැහැ. පෑනකින් අත්සන් කරන එක විතරයි....

:       0       0

prasanna Thursday, 01 May 2025 11:25 AM

අපි හිතුවේ 8 පාස් ඇති කියලා . බලනකොට ඒකත් පාස් නැහැ .පව්

:       0       0

වැලිඔය OIC Thursday, 01 May 2025 01:28 PM

මේ පුවතේ හැටියට කිසිම දේශපාලනයක් ගෑවිච්චි පාටක්වත් නෑ. හැබැයි රතුපස්වල වෙච්චි ඝාතනය වගේ දේවල් වෙද්දී අගුණරත්නගේ පදිංචිය, හුදකළා වෙච්චි වෙන රටක වෙන්න ඇති...

:       0       1

දසුන් Thursday, 01 May 2025 02:15 PM

ඔය මනුස්සයාගේ පෞද්ගලික මුදලින් ලොකු වන්දියක් දරුවාට අරන් දෙන්න. රජයෙන් එක සතයක් දෙන්න එපා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site