කලා ලොවට කට්ටිය එනකොට එන්නෙ මේ ක්ෂේත්‍රය ගැන දේවත්වයෙන් සලකලා, ඒත් ඇවිත් නමක් හදාගත්තට පස්සෙ එයා තමයි දෙයියා. ඔන්න ඒ වගේ ඊයෙ පෙරේදා ක්ෂේත්‍රයට ඇවිත්, මාධ්‍ය නාලිකා නිසා යන්තම් නමක් හදාගෙන, රටම නොදන්නවා වුණාට, අඩුම ගානෙ ටීවී බලන කට්ටිය හඳුනන පොරක් බවට පත්වුණා.
එන්න එන්නම එයාගෙ වැඩපිළිවෙළ වෙනස් වෙන්න පටන් ගත්තලු. යාළුවො එක්ක කතාබහ අඩුවෙලා වෙනම තැනක වැජඹෙන්න ගත්තලු.
එදා මාධ්‍ය නාලිකා පස්සෙ ගිය මේ පොර දැන් හිතන්නෙ මාධ්‍ය නාලිකා වැජඹෙන්නෙ මොහු නිසා කියලයි. ඒ තරමට මොළේ පුස් වෙලාලු. ඔන්න ඊයෙ පෙරේදා දවසක ළමා නිවාසයක් සංවිධානය කරන උත්සවයකට විශේෂ අමුත්තෙක් හැටියට ගෙන්නන්න ආස හිතිලා කට්ටිය මෙයාට කතා කළාලු.
“ඔය කියන දවස නම් මට නිදහස්. කිසිම වැඩක් දාගෙන නැහැ. හැබැයි ඔය වැඩේට එනවනම් මට ලක්ෂ 1 ½ක් ගෙවන්න වෙයි,” කිව්වලු. ඒ කතාව ආරංචි වුණු මාධ්‍ය සගයෙක් ඔහුට දුරකථන ඇමතුමක් දුන්නලු, මේ බව අඟවන්නෙ නැතුව. ඒත් ඒ දිනේම සඳහන් කළාලු.
“මචං ලබන මාසෙ අහවල් දවසෙ අපේ චැනල් එකේ උත්සවයක් තියෙනවා. පැයකට ඇවිත් යන්න පුළුවන් නේද?”
“අනේ බුදු අයියේ. ඕගොල්ලො මට කරලා තියෙන උදව් මතකයි, ඒත් එදාට මම මුළු දවසම කොළඹින් පිට ෂූටිංනෙ... අපරාදෙ...” මාධ්‍ය සගයාට මළ පැන්නලු.
“ඇයි බං... උඹට ලක්ෂ එකහමාරක් දුන්නොත් එදාට කොළඹ ඉන්න පුළුවන් නේද?”
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මේවා පුස් වැඩ හලෝ