IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මල්හතේ බිලක්

20160310-ent-133පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් කරපු උත්සවේ චාම්ව සහ අඩු වියදමකින් කරන්න කියල රටේ ලොකු මහත්තය තදින්ම උපදෙස් දුන්නලු. 

මේකෙ වේදිකා හදල සංවිධානෙ කරන්න මුලින් ඉදිරිපත් වුණ ලක්ෂ හැට ගණනක ඇස්තමේන්තුව හුඟක් වැඩිය කියල උන්නැහේ ඒක තවත් සෑහෙන්න අඩුකරන්න තමන්ගෙ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්න කියලයි කියැවෙන්නෙ. ඊට පස්සෙ මේ කටයුත්ත අලංකාර විදියට සිද්ධ වුණා. ඒත් බලාපොරොත්තු වුණ ආරාධිතයන්ගෙ පැමිණීම නම් සාර්ථක වුණේ නැහැ කියල ආරංචියි.

කොහොමහරි මේ අඩු වියදමින් කරන්න තිබුණු උත්සවේට ගිය වියහියදම් ඇතුළත් බිල්පත ඊට දවස් දෙකතුනකට පස්සෙ රටේ ඉහළම කන්තෝරැවක ලොක්කෙක් අතට ලැබුණලු. ලක්ෂ හැටක් වැඩී ඊට අඩුවෙන් කරන්න කියාපු උත්සවේට ලක්ෂ එකසිය පනහකටත් වැඩිය ගියයි කියලලු. බිලේ තියෙන්නෙ.. මේ බිල දැකල අන්දමන්ද වුණ බිල් අනුමත කරන බලධාරියො ඒක ගෙවීම වහාම නැවැත්තුවලු.. ලොකු මහත්තයට කිව්වම එයත් පුදුම වුණාලු..

දැන් මේ හුටපටේ ගැන ඉහළම මට්ටමේ පරීක්ෂණයක් තියන්න කිව්ව කියල දැනගන්න තියනව. මේකට වගකිවයුතු අය කව්ද කියන එක ගැනත් ඉහළින් වාර්තාවක් ගත්තලු. ත්‍රිවිධ හමුදාව කරපුවටත් මේ බිල්කාරය බිල් දාලා කියලයි ආරංචි.

 

DESHAYA



අදහස් (0)

මල්හතේ බිලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site