මැල්සිරිපුර කිඹුල්වානා මහ වැවේ රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් වැලි ගොඩ දමතියි ගැමියෝ කියති.
විශාල වළවල් හැරීම නිසා ළිං ජලයද හිඳී ඇතැයිද ඔවුහු පවසති.
ගිවිසුමට පටහැනිව වැලි ගොඩ දමන බවට ලැබුණු තොරතුරු නිසා දෙසතියකට පමණ පෙර එය නතර කළ බව හිරියාල වාරිමාර්ග ඉංජිනේරු එස් එම් ජයමාන්න මහත්මිය කියයි.
ඇය එසේ කීවත් දිගමට වැලි ගොඩ දමන බව එහි ගිය එසැණ දුටුවේය.
ට්‍රැක්ටර් දහයක් පහළොවකත් පමණද ටිපර් තිහ හතලියක්ද වැලි ඇදීමට යොදවා තිබිණි.
ගැමියන් පැවසුයේ මේ වැඩේ නිසා කන්න කිහිපයක්ම කුඹුරු වගා කිරීමට නොහැකි වු බවයි.
වැව විනාශ කිරීමට එරෙහි වන අයට මරණිය තර්ජන එල්ල වන බවත් ප්‍රබල දේශපාලනඥයකු මේ පිටුපස සිටින බවත් ගැමියෝ පවසති.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන කෙනාගේ නම මොකක්ද? (ත)
දෙස්පාලුවෙක් හැර සාමාන්‍ය මිනිස්සු මේවා කරන්නේ නැත. (අ)
මට පේනවිදියට මෙයටත් දේශපාලනය සම්බන්ධ වෙලා ඇති .රටට ගිය කලක්. ගම්වැසියන් අන්තිම අසරණවෙලා (දිල්)
අනේ දෙයියනේ අපේ වැව. මේවා හොයලා සාධාරණයක් ඉෂ්ට කරන්න දැන්වත් (දිල්)
ඕකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ(දිල්)
පරිසරය වනසනවා කියන්නේ, ජාතියම වනසනවා වගේ වැඩක්, මේවට කෑ ගහන්න කව්රුත් නැද්ද ? (අ)
මේවා දේශපාලන හෙංචියලගේ වැඩ, රටේ වෙන අපරාධ ගැන ඉහල තැන්වල ඉන්න රටට වගකිවයුතු මේවා දැක දැකත් නොදක්කවගේ ඉන්නේ ඇයි (දිල්)
රටේ අයහපත් දෙයක් සිදුවෙනවානම් එයට දේශපාලකයෙක් සම්බන්ධ වෙලා ඉන්නවාමයි (දිල්)
කුරුණෑගල වාරිමාර්ග බලධාරින් දැනට අවුරුදු 8-9 ක කාලයක සිට වැලි ජාවාරම් කාරයන්ට යට වෙලා වැව සියල්ල විනාශ කලා .මේ පිළිබඳව අල්ලස් දෙපාර්තමේන්තුවෙන් සහ විගණකාධිපති දෙපාර්තමේතුවෙන් පරීක්ෂණ කලොත් සියළු අක්‍රමිකතාවයන් සොයා ගන්න පුලුවන් (දිල්)
කුමාරගේ හෙලිකිරීම හුඟක් වැදගත් බලධාරීන් සියළු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි (දිල්)
මෙම දේශපාලකයෝ පත්කර ගත්තේ අපිමනේ ද දැන් කෑ ගහල වැඩක් නැහැ මින් පස්සෙවත් මේවා නවත්තන්න පුළුවන් අය පත්කරගන්න බලන්න (අ)
නවීන යන්ත්‍ර යොදා ගෙන මේ හාරන්නේ ජාතියේ මිනීවලයි. වැව් වලට අත ගහනවා කියන්නේ ජාතිය තැනූ බත් පතට හා දේශය රැකි සංස්කෘතියට කණ කොකා හඬලන්න සැලැස්වීමයි. (අ)
මේ පිටුපස ඉන්නේ "ප්‍රබල" දේශපාලකයෙකු කියා කිව්වත් ඔහු තරම් නිවටයෙක් නැති තරම්. (අ)
වැවක රොන් මඩ ඉවත්කර පිළිසකර කරනවානම් ගොවියාට යහපතකි. වැවේ වැලි තිබේ නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව හෝ මහා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රයෝජනයට නොගන්නේ නම් ප්‍රයෝජනයට ගන්නා කෙනෙකු ගත්තාට මක්වේද. මේවා ප්‍රයෝජනයට නොගන්නා රජයේ දෙපාර්ත මේන්තු මහියංගනයේ සිට වැලි ගෙන්වා ගැනීම කණාගාටුවට කරුණක්ය.(අ)
ආශ්චර්යමත් දෙශපාලකයනට සහ නිලධාරීන්ට දෙවියන්ගේම පිහිටයි (අ)
මේවා ආණ්ඩුව කල්පනාවෙන් බලන්න ඕනි නැත්නම් වෙන දේවල් පස්සේ තේරේවි (අ)
තමන් විතරක් හැදුනොත් ඇති කියල හිතන මිනිසුන්ට තමන්ගේ දරුවන් අනාගතයේදී ජිවත් වෙන්නේ කොහොමද කියලවත් හිතන්න මොලයක් නැහැ. ලෝකයක් උසට සල්ලි ගොඩගහල ලෝකෙටම එපාකරපු දරුවෝ හදල උන්ට නස්තිකරන්න තමයි මේ උත්සහ ගන්නේ. (අ)
මෙසේ වලවල් හැරීම සම්පුර්ණයෙන් තහනම්. උඩ ඇති මඩ තට්ටුව ඉවත් කර අඩි 2 ක් පමණ ගැඹුරට පමණක් වැලි ඉවත්කිරිමටයි අවසර දෙන්නේ. වැවේ වතුර පිරුන විට කවුරුන් හෝ වලේ ගිලි මැරෙන්න පවා පුළුවන්. (අ)
රට කන දෙශපාලුවන්ට තව තවත් චන්දය දෙන්න.(අ)
ආයුබෝවන්! අපේ මහ ඇමතිතුමනි. මොකක්ද මේ වෙනව කියන්නේ. පොඩ්ඩක් සොයල බැලුවානම් නේද හොඳ. මේක සමහරවිට ඔබතුමාගේ විෂය පථයට අදාළ නොවෙන්න පුළුවනි නමුත් ඔබතුමාට මේ ගැන නියෝජනයක් කරන්න පුළුවන් වෙයි.(ත)
මොළේ පාවිච්චි නොකර ඡන්දෙ දීලනේ ඔය දේ කර ගත්තේ. දැන් ඉතික් කන් කෙඳිරි ගාන්නේ නැතුව ඉඳලා ඊළඟ වතාවෙදිවත් මොළේ පාවිච්චි කර ඡන්දය දෙන්න. (ත)