මැලේසියාවේ ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් ලබා ගැනීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුවී ඇත.
මේවන විට මැලේසියාවේ ආරක්ෂක කටයුතු සඳහා නේපාලයෙන් පමණක් ආරක්ෂක භටයින් ලබා ගන්නා අතර ,එම ආරක්ෂක භටයින්ගේ සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකාවෙන්ද ආරක්ෂක අංශ සාමාජිකයින් ලබා ගැනීමට තීරණය කළ බව එරට ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඩටූක් නූර් ජස්ලාන් මොහොමඞ් මහතා
ශ්‍රී ලංකාව වැනි ආරක්ෂක පසුබිමක් සහිත රටකින් ආරක්ෂක භටයින් ලබා ගැනීම මැලේසියාවට වඩාත් සුදුසු බව එරට ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මැලේසියා රජයේ මෙම තීරණයට එරට විපක්ෂය නියේජනය කරන මැලේසියානු ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය දැඩි විරුද්ධත්වය පළ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයෙන් සොල්දාදුවන් ගෙන්වන්නේ අඩු වියදමට වඩා ලෝප්‍රකට ගුර්කා කමාන්ඩෝ භටයින් ඉන්නේ නේපාලයේ නිසා. බ්‍රිතාන්‍ය හමුදාවට පවා මෙකී විශිෂ්ට බලකාය හඳුන්වා දුන්නේ නේපාලයෙන් (නි)
ලංකාවේ තිබෙන සම්පත් වලින් අපි ප්‍රයෝජන ගතයුතු බව ඇත්ත. එ්ත් අපේ රට ඇතුළේ දිනපතා සිදුවන මිනීමැරුම් ආදියෙන් අපි රැකිලා තමයි අනුන්ගේ ආරක්ෂාව ගැන බැලිය යුත්තේ. දැන් බලන්න දිනපතා සිදුවන මිනීමැරුම් ප්‍රමාණය විතරක්.... (නි)
ඔය සම්බන්ධතාවය හැදුවේ ගෝඨාභය මහතා. සරත් මහතා දක්ෂ සෙනෙවියෙක්. නමුත් අන්තර් සම්බන්ධතා දුර්වලයි. (නි)
මට හිතාගන්න අමාරු හදිසියේම මොකද මෙතරම් කරුණාවක් දක්වන්නේ කියායි. (නි)
සොල්දාදුවෙක් නිර්මාණය කරන්න විශාල වියදමක් යනවා. නමුත් නේපාලය සහ ලංකාව අඩු පඩියට වැඩ කරනවා (නි)
ඇසළට මොකද තමිල්නාඩු මිනිස්සු මලයාසියා වල රස්සා කළහම? ඒගොල්ලෝ හොඳට ගෙවනවා. (නි)
තව ඉතින් ලැජ්ජා නැතුව යනවානේ ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා ඉන්දියානුවන්ට රැකියා දෙන්න. ඔය පේනවානේ...!!! (නි)
මේ ලාල්ට අනුව සරත් ෆොන්සේකා මහතා හමුදාවට බැඳුනේ 2005 දී විතර වෙන්න ඕනෑ නේද? (නි)
මැලේසියාවට ඇයි දන්නෙ නැහැ මෙහෙම හිතුනේ? මොකද අපේ රටේ වගේ දිගට හරහට මිනිස් ඝාතන සිදුවෙන රටකින් ආරක්ෂාවට උපදෙස් ගන්න එක ගැන දෙවරක් සිතන්න වෙයි. (නි)
ඉන්දියන් අය අකමැති නිසා ගන්නේ නැතුව ඇති. ජනතාව රැවටෙන්නේ නැහැ (නි)
මැලේසියානු ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයට කියමු එයාලගේ හෙන්ච්යියලා LTTE කාරයෝම පත්කරගන්න කියාලා. (රේ)
එහේ විපක්ෂයත් ලංකාවේ විපක්ෂය වගේමයි කියලා මේ පුවත් දකිද්දී මට සිතෙනවා. (නි)
මට පෙනෙන හැටියට මැලේසියාවට දැන් ඕනෑ එහෙ ඉන්න ඉන්දියන්කාරයෝ ටික එළවාගන්න. (නි)
අබය, ඔබ මොනවගේ අදහස් දරන්නෙක්ද කියා මම හොඳින් තේරුම් ගත්තා. (නි)
ඉෆ්තීර්ට තේරෙන දේ හැමෝටම තේරෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතෙනවා (නි)
අබය, ඔබ ඇත්තටම් ඉන්නේ ලංකාවේද? අපරාධ අනුව අපේ රට තිබෙන්නේ කොහෙද කියලා හොයලා බලන්න. මෙම රැකියා ලැබීමෙන් අපිට විදේශ විනිමය ලැබෙනවා. ඒවායින් ඔය ඉල්ලන ඔක්කොම නිකන් දෙන්න පුළුවන් වෙන්නේ (නි)
රටට යමක් ලැබෙනකොට දෙපිල බෙදිලා හෑල්ලුවට ලක්කරන්නේ නැතුව අගය කරන්න ඉගෙනගත්තොත් හොඳයි. ඔය පුරුද්ද ලංකාවේ අයගේ ඔලුවට දාලා තියෙන්නේ මේ රටේ දේශපාලුවෝ. අදහස් කියවනකොට මේ රටේ අයගේ මානසිකත්වය ගැන කණගාටුවක් ඇතිවෙනවා. මැලේසියාවෙන් අපිට දෙන්න යන්නේ රැකියා අවස්ථාවක් (නි)
මැලේසියාවේ මුළු ජනගහණයෙන් 7% ක් ඉන්නේ තමිල්නාඩු ද්‍රවිඩයෝ. පහුගිය කාලේ මැලේසියාව කොටිපුරයක් වෙලා තිබුන බව කවුරුත් දන්නා දෙයක්. ඒ නිසා වෙන්න ඇති ආරක්ෂාවට අපිව තෝරාගන්න කැමති. (නි)
මට නම් හිතෙන්නේ මේක 2009 යුධ ජයග්‍රහණයත් සමඟ ඇතිවූ ප්‍රතිඵලයක් ලෙසයි. (නි)
අපේ රටේ මිනිස්සු හැමවෙලේම අපේ අය පාගන්න බලාගෙන ඉන්නේ. හැබැයි හැමෝම නෙමෙයි. ඒක අදහස් වලින් පෙනෙනවා. සමහරු නම් පොළවේ පයගහලා ඉන්න අය කියලා හිතෙනවා අදහසුත් එක්ක. (නි)
අපේ හමුදාව ශීලාචාර හා දක්ෂ හමුදාවක්. ගෝඨාභය මහතා හැදුවේ. මලයාසියාව දන්නා නිසයි අපේ හමුදාව ගන්න හදන්නේ. (නි)
විදේශ විනිමය උපයා ගැනීම අපේ රටේ සංවර්ධනයට ඉතාම වැදගත්. ගෘහ සේවිකාවන් වෙනුවට ඉහළ වැටුප් ලබාගත හැකි උගතුන් සහ හමුදා අංශ සාමාජිකයන් ඒ සඳහා යොමු කරවීම හොඳ දෙයක්. ජනගහනයට සාපේක්ෂව රාජ්‍ය ව්‍යුහය ඉතා පුළුල්. යුද්දය අවසන් වූ පසුවත් හමුදා ව්‍යුහය තවත් පුළුල් වුණා. රාජ්‍ය යාන්ත්‍රණයේ සම්පුර්න බර අපි හැම දෙනාම දැරිය යුතුයි. නිෂ්පාදන අංශයේ රැකියා බිහි කිරීම, විදේශීය ඉල්ලුමට සරිලන දේශීය පුහුණු පාඨමාලා හඳුන්වාදීම, අතිරික්ත රාජ්‍ය සේවකයන් හඳුනාගෙන ඔවුන් ඵලදායී රැකියා වෙත යොමු කිරීම සහ එවැනි අවස්ථා සඳහා කැමති රාජ්‍ය සේවකයන් සඳහා දිරිගැන්වීමේ ක්‍රම සහ වැටුප් රහිත නිවාඩු ක්‍රම හඳුන්වාදීම රජයේ වගකීමකි. (බ)
දැන් මේකට ඇමරිකාවේ අනුමැතිය ලැබුනද? ලොකු අයියා නම් ඔන්න වේලාසනින්ම එයාගේ විරෝධතාවය ප්‍රකාශ කරලා... (නි)
සරත් ෆොන්සේකා මහත්තයාගේ දක්ෂකම නිසා අපේ ආරක්ෂක අංශය ලෝකයේ බැබලුනා. එහි ප්‍රතිඵල තමයි මේ. (නි)
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශයේ තිබෙන දක්ෂතා හින්දා තමයි 2009 යුද්ධය දිනුවේ. එයට හොඳ දැනුම තිබෙන කළමනාකාරිත්වයක් ලැබුනා. අද මුළු ලෝකෙම ඒ දේ පිළිගෙන තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් තමයි මේ ආරාධනය. (නි)
ලංකාවේ හමුදාවේ උසස් තැන්වල ඉතාමත් දක්ෂකම් පෙන්වූ අය අතරේ මැලේ පසුබිමක් සහිත අය ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ රගර්, බොක්සිං වැනි ක්‍රීඩාවල පවා මැලේ අය ඉදිරියෙන් ඉන්නවා. මැලේසියාවට මේ නෑකම අමතක වෙන්න බැහැ. ලංකාවේ මැලේ ප්‍රජාව පැවතෙන්නේ ලෝක යුද සමයන්හි ලංකාවට ගෙන්වූ මැලේ සොල්දාදුවන්ගෙන් කියලා මම අහලා තියෙනවා. (නි)