මැලේසියා ගුවන් යානය අතුරුදන්වූවායැයි පවසන වේලාවට විනාඩි අටකට පසු එනම් අලුයම 1.28ට හදුනානොගත් ගුවන් යානයක් තම රේඩාර් තිරයේ දිස්වූ බව තායිලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් මොන්ටොල් සුකුකොර්න් පවසයි.
මලක්කා සමුද්‍ර සන්ධිය අසළ පිහිටා ඇති මැලේසියාවේ නගරයක් වන බටර්වර්ත් දෙසට හරවමින් යානය ගමන් කළ බව එම රේඩාර් තිරයේ සටහන්ව ඇත. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි රේඩාර් සංඥා බහුව ලැබෙන බවයි. එවැනි සංඥාවන්හි යානයේ අංකය වැනි කිසිම දත්තයක් අඩංගු නොවන බව ද හෙතෙම කීවේය.
මැලේසියා බලධාරීන් දැන් පවසන්නේ තම යුද හමුදා රේඩාර් තිරයේ පෙරවරු 2.14ට මලක්කා සමුද්‍ර සන්ධිය දෙසින් අතුරුදන්වූ වා යැයි සැක සිතිය හැකි යානයක් දිස්ව ඇති බවයි. මේ දත්ත මැලේසියා බලධාරින් ප්‍රකාශයට පත්කරන්නේ යානය අතුරුදන්ව සතියකට පසුවය.
තායිලන්තයෙන් යානයට අදාල තොරතුරු ලබාදීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්න විදෙස් මාධ්‍යවේදීන් විමසූ විට මොන්ටොල් පවසා ඇත්තේ '' අප ඒ ගැන ඒ තරම් අවධානයක් යොමු කළේ නැහැ" යනුවෙනි.
'' අප විමසිලිමත් වන්නේ අප රටට යම් තර්ජනයක් ඇත්නම් පමණයි. මේ යානය තායිලන්තයේ ගුවන් සීමාවට ඇතුල් වූයේ නැහැ. ඒ නිසා අපට තර්ජනයක් නැති බව දැනගත්තා. මැලේසියාව කළ මුල් විමසීම්වලදී අප එතරම් උනන්දු නොවූයේ ඒ නිසා. නැවත නැවත විමසීම් කළ විට අප ඒ ගැන සොයා බැලුවා." යැයි එයාර් වයිස් මාෂල් මොන්ටොල් පවසා ඇත.
තායි බලධාරීන් පවසන්නේ දකුණු තායිලන්තයේ පිහිටි රේඩාර් උපකරණයකට යානය හසුවී ඇති බවයි. යානය උතුරු තායිලන්තය දෙසින් ගමන් කරන්නට ඇති බව මැලේසියානු බලධාරීන් පැවසුවත් උතුරු තායිලන්තයේ රේඩාර් උපකරණයට මෙවැනි සැකකටයුතු කිසිවක් හසුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගිහින් තියෙන්නේ සෝමාලියාව පැත්තට. එහෙ පාළු ගුවන්තොටුපොළක් තියෙනවා. ගුගල් මැප් එක අරන් බලන්න.(නදී)
මට නම් හරි පුදුමයි. (ත)
මම නම් කියන්නනේ මුහුදේ ගිලිලා (දිල්)
හරිම දුකයි ඉක්මනටම හරි තොරතුරක් ලැබේවා.(නදී)
කොටස් හමු නොවෙන්න තරම් මේ යානය පොඩි එකක් නෙවේ නේ. පිටසක්වල වැඩක් ද මන්දා. කොහොම වුනත් නියමුවාගේ අතපෙවීමක් තියෙන බව පේනවා. එනිසා ලැබෙන තොරතුරු පරස්පර විරෝදී නිසා හරි නිගමනයකට එන්න බෑ.(නදී)
සව්රග්‍රහ මණ්ඩලයේ,පෘතුවියෙන් එහා ලොව ජීවින් ගැන/සිදුනු ජල උල්පත් වල සේයාරු සොයන තාක්ෂණයක් සතු මිනිසාට මේ කුඩා පොළොවේ අහස් යානාවක් ගමන් කරපු දිශාව දැනගන්න තිබියදීත් මෙතරම් කාලසීමාවක් ගතවුවත් කිසිම හෝඩුවාවක් දැනගැනීමට නොහැකි කාරණය පුදුම සහගතයි. මෙම යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය නිරුප්‍රදිතව සිටිය හැකි අනුමානයක් හෝ දැනගැනීමට නොලැබීම මනුෂ්‍යත්වය නාමයෙන් අපගේ දියුණුවට වඩා දෛවය සරදමක්ද ? අමෙරිකාවට ඉරාකය ඇතුළු විරෝදී රටවල මර්මස්ථානවල අගුපිල් හොයාගෙන පහරදෙන්න තරම් තාක්ෂණයක් සතු වුනත් තවම ගුවන් යානය පිළිබද අනුමානයක් හරි කර ගන්න ගන්න කාලය හොදටම වැඩියි. මගීන්ටත් කාර්ය මණ්ඩලයටත් කිසිදු ව්‍යසනයක් නොවේවායි පතමි.(නදී)
තාක්ෂණයේ දියුණුවට හැම දෙයක්ම කරන්න බැරි බව හොදින්ම පැහැදිලි වෙනවා මේ සිදුවීමෙන්. අපේ ඔය ක්‍රීඩකයෝ එහෙම කණ්ඩායම් පිටින් ගුවන් යානා වලට නග්ගන්නේ නැතුව කොටස් වශයෙන් යවන්න බලධාරීන් සැලකිලිමත් විය යුතුයි. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දේශපාලකයෝ නම් පුළුවන් තරම් එකම ගුවන්යානයේ නග්ගන්න බලන්න. ජනාධිපති තුමා හැර.(නදී)
බය වෙන්ට එපා. අර ඇඟ නටවලා අතපය විසිකරලා තවමත් ඇත්ත නො වුනු අනාවැකි කියන්නා ප්‍රසිද්ධියේ කිවුව විදිහට ඔක්කොම හරියයි මං හිතන්නේ.. (w)
මං හිතන්නෙ මෙක මෙයාලගෙම වැඩක්.. වෙන දෙයක් වහගන්න මෙක කරන්න ඇති (අ)
ඉක්මනින්ම යානය පිළිබ‍්දව තොරතුරු ලැබේවා.(නදී)
ඉක්මනට යානය ගැන තොරතුරු ලැබේවා කියා ප්‍රර්තනා කරනවා.(නදී)
කොහේ හරි මේකේ ගිය මිනිස්සු ටික ඉන්නවා නම් ලොකු දෙයක් (දී)
මෙච්චර දවසක් ඇයි? (නදී)
මත්තලටත් ලැබුනා කිව්වා නම් ටිකක් ප්‍රසිද්ද කරගන්න තිබුනා.(නදී)
කොහො මද දියුණුවේ තරම (අ)
ලංකාවට ඇතුල් වෙන්න සෙල්ලම් නැහැ.(නදී)