මැලේසියා ගුවන් යානය අතුරුදන්වූවායැයි පවසන වේලාවට විනාඩි අටකට පසු එනම් අලුයම 1.28ට හදුනානොගත් ගුවන් යානයක් තම රේඩාර් තිරයේ දිස්වූ බව තායිලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් මොන්ටොල් සුකුකොර්න් පවසයි.
මලක්කා සමුද්‍ර සන්ධිය අසළ පිහිටා ඇති මැලේසියාවේ නගරයක් වන බටර්වර්ත් දෙසට හරවමින් යානය ගමන් කළ බව එම රේඩාර් තිරයේ සටහන්ව ඇත. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි රේඩාර් සංඥා බහුව ලැබෙන බවයි. එවැනි සංඥාවන්හි යානයේ අංකය වැනි කිසිම දත්තයක් අඩංගු නොවන බව ද හෙතෙම කීවේය.
මැලේසියා බලධාරීන් දැන් පවසන්නේ තම යුද හමුදා රේඩාර් තිරයේ පෙරවරු 2.14ට මලක්කා සමුද්‍ර සන්ධිය දෙසින් අතුරුදන්වූ වා යැයි සැක සිතිය හැකි යානයක් දිස්ව ඇති බවයි. මේ දත්ත මැලේසියා බලධාරින් ප්‍රකාශයට පත්කරන්නේ යානය අතුරුදන්ව සතියකට පසුවය.
තායිලන්තයෙන් යානයට අදාල තොරතුරු ලබාදීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්න විදෙස් මාධ්‍යවේදීන් විමසූ විට මොන්ටොල් පවසා ඇත්තේ '' අප ඒ ගැන ඒ තරම් අවධානයක් යොමු කළේ නැහැ" යනුවෙනි.
'' අප විමසිලිමත් වන්නේ අප රටට යම් තර්ජනයක් ඇත්නම් පමණයි. මේ යානය තායිලන්තයේ ගුවන් සීමාවට ඇතුල් වූයේ නැහැ. ඒ නිසා අපට තර්ජනයක් නැති බව දැනගත්තා. මැලේසියාව කළ මුල් විමසීම්වලදී අප එතරම් උනන්දු නොවූයේ ඒ නිසා. නැවත නැවත විමසීම් කළ විට අප ඒ ගැන සොයා බැලුවා." යැයි එයාර් වයිස් මාෂල් මොන්ටොල් පවසා ඇත.
තායි බලධාරීන් පවසන්නේ දකුණු තායිලන්තයේ පිහිටි රේඩාර් උපකරණයකට යානය හසුවී ඇති බවයි. යානය උතුරු තායිලන්තය දෙසින් ගමන් කරන්නට ඇති බව මැලේසියානු බලධාරීන් පැවසුවත් උතුරු තායිලන්තයේ රේඩාර් උපකරණයට මෙවැනි සැකකටයුතු කිසිවක් හසුවී නැත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මැලේසියා හමුදාවටත් තායිලන්තයටත් අතුරදන් වූ යානයේ රේඩාර් ලැබිලා
සුමුදු හේවගේ Wednesday, 19 March 2014 10:19 PM
මේක ගිහින් තියෙන්නේ සෝමාලියාව පැත්තට. එහෙ පාළු ගුවන්තොටුපොළක් තියෙනවා. ගුගල් මැප් එක අරන් බලන්න.(නදී)
නිෂාන්ත Thursday, 20 March 2014 02:07 PM
මට නම් හරි පුදුමයි. (ත)
පුබුදු Wednesday, 19 March 2014 11:23 PM
මම නම් කියන්නනේ මුහුදේ ගිලිලා (දිල්)
සම්පත් රුවන් බෙන්ජමින් Thursday, 20 March 2014 02:00 AM
හරිම දුකයි ඉක්මනටම හරි තොරතුරක් ලැබේවා.(නදී)
ගීත් Sunday, 23 March 2014 02:47 PM
කොටස් හමු නොවෙන්න තරම් මේ යානය පොඩි එකක් නෙවේ නේ. පිටසක්වල වැඩක් ද මන්දා. කොහොම වුනත් නියමුවාගේ අතපෙවීමක් තියෙන බව පේනවා. එනිසා ලැබෙන තොරතුරු පරස්පර විරෝදී නිසා හරි නිගමනයකට එන්න බෑ.(නදී)
අස්මිත් Thursday, 20 March 2014 07:19 AM
සව්රග්‍රහ මණ්ඩලයේ,පෘතුවියෙන් එහා ලොව ජීවින් ගැන/සිදුනු ජල උල්පත් වල සේයාරු සොයන තාක්ෂණයක් සතු මිනිසාට මේ කුඩා පොළොවේ අහස් යානාවක් ගමන් කරපු දිශාව දැනගන්න තිබියදීත් මෙතරම් කාලසීමාවක් ගතවුවත් කිසිම හෝඩුවාවක් දැනගැනීමට නොහැකි කාරණය පුදුම සහගතයි. මෙම යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය නිරුප්‍රදිතව සිටිය හැකි අනුමානයක් හෝ දැනගැනීමට නොලැබීම මනුෂ්‍යත්වය නාමයෙන් අපගේ දියුණුවට වඩා දෛවය සරදමක්ද ? අමෙරිකාවට ඉරාකය ඇතුළු විරෝදී රටවල මර්මස්ථානවල අගුපිල් හොයාගෙන පහරදෙන්න තරම් තාක්ෂණයක් සතු වුනත් තවම ගුවන් යානය පිළිබද අනුමානයක් හරි කර ගන්න ගන්න කාලය හොදටම වැඩියි. මගීන්ටත් කාර්ය මණ්ඩලයටත් කිසිදු ව්‍යසනයක් නොවේවායි පතමි.(නදී)
බන්දුල පෙරේරා Thursday, 20 March 2014 07:38 AM
තාක්ෂණයේ දියුණුවට හැම දෙයක්ම කරන්න බැරි බව හොදින්ම පැහැදිලි වෙනවා මේ සිදුවීමෙන්. අපේ ඔය ක්‍රීඩකයෝ එහෙම කණ්ඩායම් පිටින් ගුවන් යානා වලට නග්ගන්නේ නැතුව කොටස් වශයෙන් යවන්න බලධාරීන් සැලකිලිමත් විය යුතුයි. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දේශපාලකයෝ නම් පුළුවන් තරම් එකම ගුවන්යානයේ නග්ගන්න බලන්න. ජනාධිපති තුමා හැර.(නදී)
අල්විස් Thursday, 20 March 2014 08:15 AM
බය වෙන්ට එපා. අර ඇඟ නටවලා අතපය විසිකරලා තවමත් ඇත්ත නො වුනු අනාවැකි කියන්නා ප්‍රසිද්ධියේ කිවුව විදිහට ඔක්කොම හරියයි මං හිතන්නේ.. (w)
ශෂි Thursday, 20 March 2014 08:48 PM
මං හිතන්නෙ මෙක මෙයාලගෙම වැඩක්.. වෙන දෙයක් වහගන්න මෙක කරන්න ඇති (අ)
සන්ධ්‍යා Wednesday, 19 March 2014 08:43 PM
ඉක්මනින්ම යානය පිළිබ‍්දව තොරතුරු ලැබේවා.(නදී)
සන්ධ්‍යා Wednesday, 19 March 2014 08:45 PM
ඉක්මනට යානය ගැන තොරතුරු ලැබේවා කියා ප්‍රර්තනා කරනවා.(නදී)
බෝපිටිය Thursday, 20 March 2014 10:49 AM
කොහේ හරි මේකේ ගිය මිනිස්සු ටික ඉන්නවා නම් ලොකු දෙයක් (දී)
ෂේන් Wednesday, 19 March 2014 08:55 PM
මෙච්චර දවසක් ඇයි? (නදී)
අමිල කටුනායක Wednesday, 19 March 2014 09:02 PM
මත්තලටත් ලැබුනා කිව්වා නම් ටිකක් ප්‍රසිද්ද කරගන්න තිබුනා.(නදී)
නන්ද Wednesday, 19 March 2014 09:38 PM
කොහො මද දියුණුවේ තරම (අ)
ප්‍රදීප් Wednesday, 19 March 2014 10:11 PM
ලංකාවට ඇතුල් වෙන්න සෙල්ලම් නැහැ.(නදී)