මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියා එම් එච් 370 ගුවන් යානය දකුණු ඉන්දියා සාගරයට කඩා වැටී ඇතැයි එරට අගමැති නජීබ් රසාක් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍යයේ චන්ද්‍රිකා නිරීක්ෂණ ආයතනයක් මගින් යානයේ කොටස් නිරීක්ෂණය කර ඇති බව ද අගමැතිවරයා කීවේය. පර්ත් නුවරට කිලෝ මීටර් 2,500 ක් බටහිර දෙසින් හමුවුණු එම සුන්බුන් කොටස් යානයේ යැයි තහවුරු වී ඇති බව අගමැති රසාක් පැවසීය.
යානයේ ගමන් ගත් මගීන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වී ඇතැයි අගමැතිවරයා ඔවුන්ගේ පවුල්වල උදවියට දැනුම් දුන්නේය. එය ඇසීමත් සමග ඔවුන්ගේ ඥාතීහු විලාප තබන්නට වූහ.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජීං නුවර බලා ගමන් කළ යානය වියට්නායමට ඉහළින් දකුණු චීන මුහුද හරහා පියාසර කරද්දී එහි ගමන් මඟ වෙනස් විය.
යානය දකුණු චීන මුහුදට, මලක්කා සමුද්‍ර සන්ධියට හෝ ඉන්දියා සාගරයට හෝ කඩා වැටුණාදැයි සෝදිසි සිදු කැරුණු අතර එම යානය පැහැර ගන්නට ඇතැයි ද, යානය කොතැනක හෝ නිරුපද්‍රිතව ඇතැයි ද ආදී විවිධ අදහස් මීට පෙර ප්‍රකාශ විය.
පසුගිය 22 වැනි දා ඕස්ට්‍රේලියා චන්ද්‍රිකාවකට යානයේ යැයි සැක කෙරෙන කොටස් දෙකක් ඉන්දියා සාගරයේ ඇතැයි නිරීක්ෂණය වීමෙන් පසුව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ඇරැඹීය. ඒ සඳහා රටවල් කිහිපයක නැව් හා ගුවන් යානා යොදා ගැණිනි. මේ ප්‍රදේශයේ පවතින කුණාටු තත්ත්වයක් හේතුවෙන් සෝදිසි මෙහෙයුම් නතර කැර දැමිමට ද සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානයේ කලු පෙට්ටිය තුළ අඩංගු හඬ පටය පැය 2 කට සීමා වුනත් දත්ත ගබඩා වෙන පටියේ අනතුර සිදුවුණ මොහොත දක්වාම දත්තයන් පටිගත වෙනවා. මෙම යානයේ ගුවන් ගමන් මලු අතර ලිතියම්-යකඩ බැටරි කිහිපයක්ද තිබුනාලු. මේවා අසු නොවී යානයට පැටවුනේ කෙසේදැයි මටනම් ප්‍රහේලිකාවක්. තවද, ටොන් 3ක් 4ක් පමණ මැන්ගුස් පලතුරු තිබුනාලු. කෙසේනමුත්, මලයාසියානු බලධාරීන් සම්පුර්ණ බඩු ලැයිස්තුව ඉදිරිපත් කිරීමට අකමැතිලු.(නදී)
මේක විශ්වාස කරන්න අමාරුයි. මට නං දකින්නේ මේක උත්සාහය අත් හැරීමක් විදිහට. ඇමෙරිකාවට ගලක් ගැහුවත් හොයා ගන්න ලෝකේ මේ ප්ලේන් එක හොයා ගන්න බැරී උනානේ.(නදී)
ප්ලේන් එක ආපහු හැරෙව්වේ මොකක් හරි යාන්ත්‍රික දෝෂයක් ඇති බව නියමුවාට තේරුණා නිසා වෙන්න බැරිද? ඔය තව යානයක් ජෙනරේටර් එක අක්‍රිය වෙලා බස්සලා තියෙන්නේ. නියමුවාට වැරදි පටවලා කවුරුත් අත සෝදා ගන්න හදනවා වෙන්න බැරි කමක් නැහැ. ඊට වැඩි යමක් මෙතන තියෙනවා.(නදී)
මේකට උන දෙය තාම හොයාගන්න බැහැ. අසේල ඔයා දොස්තර කෙනෙක් හම්බ වෙන්න ඉක්මනින්ම.(නදී)
චීනෙට යන්න ගිය ප්ලේන් එක මොකටද ඕස්ට්‍රේලියාව පැත්තට ගියේ.. පයිලට් වගකියන්න ඕනි මේකට. (ස)
බොහොම සංවේදී දසුන්. පවුලේ සාමාජිකයින්ට කොහොම මේ දුක දරාගන්ට පුළුවන් වේවිද ? අපි මියගිය සියලු දෙනාටම නිවන් සුව ප්‍රර්ථනා කරමු. (නදී)
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට කොපමණ දුකක් දැනෙනවා ඇද්ද? (නි)
මෙය තවමත් උභතෝ කෝටික ප්‍රශ්නයක් මෙසේ විය නොහැක. නිසැකවම යානය පැහැර ගැනීමක්. නමුත් මලයාසියානු රජයට ඔවුන්ගේම කපිතාන් කෙනෙක් හරහා මෙය සිදුකිරීම ඔවුනට ලජ්ජාවක් නිසා මෙම නිවේදනය බොරුවක් කියල මට හැගෙන්නේ. සත්‍ය ලෙස දියාගෝ ග්රාසියා මිලිටරි බේස් එකේ මෙය සගවා ඇති.(නදී)
මදැයි චන්ද්‍රසිරි බණ්ඩාර ඇනගත්තා. මිනිහ පුරුදු විදියට කනා ෂොට් එකක් දුන්නේ වැඩ කලේ නැහැ.(නදී)
නිෂාර්දී ඔයාගේ අදහස හරියටම හරි.(නදී)
ප්ලේන් එක මුහුදට වැටුනා කියල බේරෙන්න හදන එක වැරදියි. රජය ගුවන් සේවය මෙයට වග කිව යුතු වේ. හේතුව උතුරු දෙසට ගුවන් යානය රටවල්, එයාර් පොර්ට් විශාල ගණනක් පහු කර පාලු දකුණු මුහුදට වැටෙන්නේ කොහොමද.(නදී)
තාම එකත් සැකයක් විතරයි මම හිතන්නේ (දී)
මොන දේ වෙලා හරි අහිංසක මිනිසුන්ගේ ජිවිත නැති උනා. අපිට කිසි කෙනෙකුට ඇගිල්ල දික් කරන්න බැහැ. ඒත් ලෝකෙම තියන පරණ මේ වගේ අහස් යත්‍රා ගැන ලෝකෙම හිතන්න ඕනා. තවත් අහිංසක මිනිස්සු බිල්ලට නොදී.(නදී)
මෙතැන එලි නොකරන රහසක් තියනවා .(අ)
මේක මහ පුදුම දෙයක් ...... යානයේ සිටි 239 දෙනාම මතු උපදින බවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා .... (ස)
මුලින්ම අදහස් දක්වපු සහන් කියල තියෙන්නෙ නියමුවා යානය පහතට ගෙනාව වැඩියි කියලද? මිනිහෙකුට ඔය තරම් පහත් වෙන්න පුලුවන්ද කියල අහන්නෙ අඩි විසි දාහක් යානය පහළට පැදගෙන ආපු එක ගැන වෙන්න ඇති මයෙ හිතේ. (ස)
මන් ඔය ගැන හිතුවා. නියමුවා කොතරම් නීචද, තමන්ගේ වගකීම යටතේ ගමන් ගත්තු අහිංසක මගී ජීවිත විනාශ කර දමන්න. මිනිස්සුන්ට මෙච්චර පහත් වෙන්න පුලුවන්ද? (නදී)
අැයිඅර ගුවන් යනය ඇතුලේ තියෙන පැරිසුට්. ගුවන් යානයට නැග්ගම ඒ ගැන කොච්චර දැනුම්වත් කරනවද? අඩුම තරමේ මේ හිටිය එක්කෙනෙකුටවත් බැරි වුනාද ඒ එකක් අරන් පැනලා බේරෙන්න.(නදී)
විල්සන්, මගී ගුවන් යානා වල තියෙන්නේ පැරෂුට් නෙවෙයි. ජීවිත ආරක්ෂක කබා. පැරෂුට් තියෙන්නේ ප්‍රහාරක ගුවන් යානා වල. (දී)
මේක ඇත්ත වෙන්න බෑ. ඇත්ත ළඟදීම එළිවෙයි. (ස)
අපි මියගිය සියලු දෙනාටම නිවන් සුව ප්‍රර්ථනා කරමු. මෙවන් අකල් මරණ ගුවනින් යන මගීන්ට නැවත සිදු නොවේවා.නෑදෑයින්ට බුදු කරුණාව ලැබේවා. (ස)
ඒ යානයේ හිටපු මිනිස්සුන්ට මොකද උනේ (දී)
නියමුවාගේ වැරද්දක්ද කියන්න බෑ තාම. ඒක අපි බලමු වොයිස් රෙකෝඩර් එක හම්බවුනාම. ඉතියෝපියන් ගුවන් යානයක් අනතුරකට ලක්වුනා ගුවන්කොල්ලයකදි ඉන්ධන අවසන් වීමෙන් (දී)
හරියටම කියන්න බැහැ, වැටුනද වට්ටුවද පැහැර ගත්තාද, මොකද්ද උනේ කොටස් සියල්ල හම්බ උනාද යානයේ (දී)
මෙය තවමත් අබිරහසක් (දී)
මෙය තවමත් අභිරහසක්
ඇත්ත කුමාරි අක්කේ දැන් බලන්න ලංකාවේ එයාර් බස් ගන්නේ තව සමාගමක් පාවිච්චි කල ඒවා. දියුණු රටවල් එයාලගේ ගුවන් යානා කෙටි කාලයක් පාවිච්චි කරලා විකුනනවා. ඒවා මිලදී ගන්නේ අපි වගේ දුප්පත් රටවල් එහෙම බැලුවහම අපිත් ඉන්නේ අවදානමක නේද? දෙවියන්ගේ පිහිටෙන් අපිට කරදරයක් වෙන එකක් නැහැ නමුත් වරදක් උනොත් වගකීම බාරගන්න කෙනෙක් නැහැ. කාලයත් එක්ක හැමෝම අත පිහදා ගනී. වරදකරු ගුවන් නියමුවා. හරි ලෙහෙසියි වැඩේ ටෙන්ඩර් වලින් පරණ යානා මිලදීගත් නිලදාරීන් ගොඩ.(නදී)
මේක අමුලික බොරුවක්. ඇමරිකාව 80% ක් විතර පිම්බිල ඉන්නේ හොලිවුඩ් ෆිල්ම් නිසා. බොහෝවිට අපි වගේ රටවල් බලවත් රටවල් දිහා බලන්නේ ඒ මානසිකත්වයෙන්. අපි හිතන තරම් ලෝකය දියුණු නැහැ කියල මේකෙන් පැහැදිලියි . අන්තිමට විලිලැජ්ජාව වහගන්න කාටවත් යන්න බැරි තැනක ප්ලේන් එක ගිලුන කියල යාමේ බෙරෙගන්නයි හදන්නේ .(දී)
මේ අනතුර ට සමාන නැතත් 1997 සිංගප්පුරු සිල්ක් එයාර් පයිලට් තුස්වයි මින්ග් මගීන් 97 මරාදමමින් සියදිවි නසාගත්තා.ඒ ඔහු ආයෝජනය කල කොටස් මිල පාඩු ලැබීම හා ඔහුගේ පවුලේ ප්‍රශ්න .අප නොසිතන දේම සිදුවේ . (දී)
සහන්, ඔහොම අදහස් දක්වන්නෙපා. කරුණු තවම හරියාක්කාරව නොදැන ඔහොම චෝදනා කරන එක වැරදි. මෙය ගුවන් ඉතිහාසය උඩු-යටිකුරු වූ සිද්ධියක් වන අතර මෙහිදී මියගිය සියලුම මගීන් හට නිවන්සුව හෝ මෝක්‍ෂ සම්පත්තිය අත්වේවායි පතන අතර මෙවන් අකල් මරණ මතු කිසිදින කිසි අයුරකින්වත් නැවත සිදු නොවේවා...!!! නොවේවා...!!! නොවේවා...!!! කියා පතමු. (දී)
සහන් - තාම හරියටම නියමුවාගේ වරද්දද කියලා දන්නේ නෑ. මොනවා උනත් ඕනෙම නියමුවෙක් බලන්නේ තමන්ගේ යානය අන්තිම මොහොත දක්වාම බේර ගන්න. ටික කාලෙකින් හරියටම උන දේ අපිට දැනගන්න පුළුවන් කළු පෙට්ටිය හොයා ගත්තු දවසට. (දී)
කෝ අර චන්ද්‍රසිරි බන්ඩාර.(නදී)
මේ යානයේ කහ,තෙබිලි පාට ලංකාවේ අපිට මේක මැජික් වගේ උනාට එයාල දන්නවා උන දේ.මැලේසියාවේ අපි හිතන තරම් ත්‍රස්තවාදී නැ.මේක තාම මුහුදක කියල කියන්න බැ.(අ)
මම නිසැකවම කියනවා පැහැර ගැනීමකට ලක් උනා කියලා (දී)
විශ්වාස කරන්න අමාරුයි නමුත් මෙය සත්‍ය නොවෙ.විසන්ඳුම කාලයට භාර දෙමු.(අ)
මෙහෙම දෙයක් ඇත්තටම සිද්ද උනාද..? හිතා ගන්නත් අමාරුයි.එත් හිතට හරිම දුකක් දැනෙන්නේ.නියමුවා එහෙම කරයිද තමාගේ ජීවිතෙත් නොතකා.මොනා උනත් අහිංසක මිනිස් ජීවිත කීයක්ද.මෙවන් දෙයක් කිසිකලක කිසිම කෙනෙකුට නොම වේවා. (අ)
ඇයි මේ වැඩි දෙනෙක් ගුවන් නියමුවන්ටම දොස් පවරන්නේ. ගුවන්යානය පැහැර ගත්තානම් නියමුවා මොනවා කරන්නද ? පිටත කාලගුණය ඉතා අයහපත් නම් (අධික ශීතල හෝ වෙනත් කරුණු )ගුවන් යානය ඇතුලත පරිගණක දත්ත පවා වැරදි අගයන් පෙන්වනවා. එවැනි අවස්ථා මෑත ඉතිහාසයේ වෙලා තියනවා.(නදී)
කළු පෙට්ටිය හොයා ගන්නේ නැතුව කොහොමද හරියටම කියන්නේ (දී)
කොහොම වුනත් අවසානයේ දුක ඉතිරි වුනේ පවුල් වල ඥාතීන්ටයි. මෙවැනි විපත් නම් තවත් සිදු නොවේවා.(නදී)
ලෝකයේ දෙවන විශාලම ගුවන් අනතුර සිද්ධ උනේ 1985 ජපානයේ යේ ෆුජියෝක(ගුන්මා දිස්ත්‍රික්කය) කියන නගරයේ පන්සීය ගානක් මැරුනා. ගුවන් යානය හැප්පුණු කන්දේ ඒ පන්සීය ගානෙම(ඩොමෙස්ටික් ගුවන්යානයක් නිසා මගීන් ගාන වැඩියි) සොහොන් කොත් ටික හදල තියනවා. මමත් ඒ කණගාටු දායක ස්ථානය බලන්ඩ ගිහින් තියනවා. තුන් දෙනෙක් අනතුරින් බෙරුනා කියල ජපන්නු කියනවා මම අහල තියනවා. (නදී)
මෙහිදී මියගිය සියලුම මගීන් හට නිවන්සුව පතමු. (අ)
අනේ විල්සන් අයියෙ ඔයාට තේරෙන්නැද්ද ඔය පැරෂුට් දාගෙන පැනල මුදෙ පාවි පාවි ඉන්න පුලුවන්ද? මූදෙ මෝරු ඉන්නවනේ. උන්ගෙන් බේරෙන්නද, මීට වඩා රයිට් සහෝදරයන්ට කතා කර බැලීම හොඳ වේවි. (ස)
තව ඉස්සරහට තව තව අතුරු කතා දන ගන්න පුළුවන් වේවි (අ)
තාම හරියට පිළිගත්තු එක මතයක් නැහැ (දී)
මෙතන අදහස් දාලා තියන අය සොයා ගැනීම් මෙහෙයුම් කමිටුවට පත් කළේ නැත්තේ ඇයි කියලා හිතෙනවා? (ස)
මෙවන් පුවත් අපට අසන්න ලැබීමත් පවක් (දී)
..මේ කිය විදියට ඉන්දියන් සාගරේ කඩාගෙන වැටිලනම්..ඉන්දියන්.. රේඩාර් වලට අහුනොවුනෙ ඇයි! .(අ)
කුමාර, මැලේසියාව කිසිදු රටකට පූර්ණ සහයෝගය දුන්නේ නැහැ යානය සොයා ගන්න. බොහොමයක් රටවල් ස්වෙච්චාවෙන් තමයි ඉදිරිපත් වුනේ, ඇමෙරිකාවත් ඇතුළුව. මැලේසියාවට තාක්ෂණය හා දැනුම තිබුනෙ නැහැ, අනෙත් රටවලට යානය සෙවීමේ පූර්ණ නිදහස තිබුනෙ නැහැ. ඒ නිසයි මෙය මේ තරම් පරක්කු උනේ. මටනම් තවමත් විශ්වාස නැහැ මැලේසියානු අගමැතිගේ කතාව. (අ)
මෙවැනි විපත් නම් තවත් සිදු නොවේවා (අ)
කමල්, මම ලිව්වෙත් ඒ කමිටුව කියපු ඒවා තමයි. මේ ගැන වැඩි දැනුමක් ලබන්න යාහූ, ගුගල් වලිනුත් කියවල බලන්න. (ස)
සුමිත්, නඩත්තු මුදල අධික යැයි කියා අන්දමන් දූපතේ ඉන්දියන් රේඩාර් පද්ධතිය ක්‍රියා විරහිත කරල තිබිල තියෙන්නේ. (අ)
මම හිතන්නේ මේ සැරේ අපු ආරංචිය හරියි ආයෙත් මේවගේ විපත් සිදු නොවේව (දී)
චීනයට ගිය එක කොහොමද දකුණට අවේ? ගමන් මග වෙනස් වීම සැක සහිතයි. (දී)
අඟහරු ලෝකයේ තොරතුරු හෙව්වත් මේ ලෝකයේ වුණ මේ දෙය හරියට හොයා ගන්න තාම බැරිවුණා නේද? (ස)
සුමිත්, ඉන්දියන් රේඩාරුත්, ඉන්දියන් මරුටි කාර් වගේ ඇති. (දී)
මුළු ලොවම කම්පාවේන පුවතක් , හරි හැටි පරීක්ෂණයක් නොකර කාටත් ඇගිල්ල දිගු කිරීමත් අනුවන දෙයක්, කරුත් නොදන්නා යාන්ත්‍රික දෝෂයක් නිසා යානය තුලට දුම ඇවිත් රේඩාර් සම්බන්දතා ක්‍රියා විරහිත කලාට පසුව සියල්ලන්ටම සිහිය නැති උනාද කියල. (දී)
කළු පෙට්ටෙයත් සටහන් වෙන්නේ අවසාන පැය 2 ක සටහන් විතරලු . ප්ලනේ එක හරවලත් පැය 7ක් ගෙහිල්ල තියනවා . එතකොට වැදගත්ම මොහොතේ දත්ත කළු පෙට්ටෙයත් නැහැ. (දී)
ඇයි අප්පා කළු පෙට්ටිය කළු පෙට්ටිය කියල කෑ මොර දෙන්නේ? (නදී)
අයියෝ අර ලංකාවේ සාත්තර කාරයින්ට මොකද වෙන්නේ.(නදී)
කෝ අපේ ජෝතිෂ්‍යතුමා. (ස)
පහන්, වැටිලා තියන ගුවන් කර්මාන්තය නගා සිටූවන්න අදහස් නැද්ද? (ස)
තවම විශ්වාස කරන්න අමාරුයි. (ස)
ප්‍රියා, නැහැ ඊට වඩා කාලයක් පටිගත වෙනවා. රොෂාන්ගේ කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. සුන්බුන් විසිරි ඇති පරාසය ඉතා විශාල නම් අනිවාර්‍යෙයන්ම යානය කුමන හේතුවක් නිසා හෝ ගුවනේදී පුපුරාගෙස් තිබෙනවා. මට තියෙන ප්‍රශ්නය ගුවන් නියමුවා සියදිවි හානි කර ගත්තා නම් ඇයි ඔහු එතරම් දුරක් ගුවන් යානය ගෙන ආවේ. යම්කිසි කාර්මික දෝශයකට එනම් විද්‍යුත් පද්ධතියේ දෝෂයක් (ගින්නක් වැනි දෙයක් නොව) ඇතිවුනා නම් ඇයි නියමුවන්ට විවෘත සාගරයට ආරක්ෂාකාරීව යානය ගොඩබාන්නට බැරිවුනේ. එක්කෝ ප්ලේන් එක ඒ වෙලාවේ පදවපු කෙනා ඉතාමත් අත්දැකිම් අඩු කෙනෙක්.(නදී)
මම හිතුව කඩන් වැටෙන්න ඇති කියලා.... (ස)
ලොව පළමු සිදුවීම මේක නෙමේ. ගුවන් යානයට මොකක්ද වුනේ කියල තමා හිතාගන්න අමාරු. අපි නම් දැක්කෙ නෑ කියමු. ඒත් ඇමරිකව. (ස)
කව්රුන් කෙසේ හිතුවත් මෙය මුහුදේදී අනතුරට පත් වුනා කියන සම්බාවිතාවය ඉහල අගයක තිබෙන්නේ. ලෝකයේ 4/3 ක්ම සාගරය. සමහර ස්ථාන සොයාගන්න බැරි හුදෙකලා වූ කිසිම නැවක් හෝ ගමන් නොගන්නා ප්‍රදේශයන්ය. මිනිසා මොන තරම් ආරක්ෂා වෙන්න සිතුවත් ඔහු සමග දුක හා අනතුර නිරතුරුවම ලුහු බඳිනවා.(නදී)
ලෝකේ තාක්ෂනය කොච්චර දියුණු උනත් ගුවන්යානා කඩන් වැටෙන් නැති ක්‍රමයක් හොයාගෙන නැහැනේ තවමත්.(නදී)
මෙච්චර ගිනි ගෙඩියක් පාත් වෙලා තියෙද්දිත් ලෝකෙන් නයට කන ඇමරිකන් විරෝදී බොරදියේ මාලුකාරයෝ බලන්නේ මෙතනත් පහරන්ට. ඇයි මිට කලින් ප්ලේන් කඩන් වැටිලා නැද්ද. මේක යාන්ත්‍රික දෝෂයක්, ත්‍රස්තවාදී වැඩක් හෝ වෙනත් යමක් වෙන්ට පුළුවන්. (නදී)
මට මතක් උනේ අපේ රූපවාහිනියේ ඒ කාලේ අහස් යන්ත්‍රයක් වැටුනම කියන කතා. මොනවා උනත් මේ කතා ඊට වඩා නම්බුකාරයි.(නදී)
කමල්, නගා දීගෙක ගියා අනේ. ඔයා එනකල් සිටුවා තබාගන්න බැරිඋනා.(නදී)
එහෙම මාධ්‍ය හමුවක් තියපු පලියට චිනේ ඒ කතාව පිළිගන්නේ නැහැ. සාක්කි ඉල්ලලා තියෙනවා. මැලේසියාවට ලේසියෙන් ගැලවෙන්න බැරිවෙයි. ඔය කැලි හැලෙන යානා වලින් එයා ලයින් දාගෙන ඉන්න අපේ අයටත් ඔව්ව හොඳ පාඩම්. අන්තිමට කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වෙන්න බැරි නැහැ.(නදී)
මටනම් තාමත් විස්වාස කරන්න අපහසුයි. තාම හරියටම කියන්න තරම් කරුණු නැහැනේ. කලු පෙට්ටිය හම්බුනාම තමයි අපිට හිතාගන්න පුලුවන් මොකක්ද වුනේ කියලා. මෙය අවුල් ජාලවක්. කාටවත් හරියටම වැරදිකරු කියලා ඇගිල්ල දිගුකරන්න බැහැනේ.(නදී)
ඔය ප්ලේන් එක එක්කෝ වැටිලා නැත්නම් පැහැරගෙන. වැටිලා ඇත්තේ මුහුදට නැත්නම් පොලවට. තෙල් ඉවරවෙලා හරි යාන්ත්‍රික දෝෂයක් හරි මානව ක්‍රියාකාරකමක් හරි තමයි හේතුව.(නදී)
විස්වාස කරන්නත් අමාරුයි. (ස)
ජීවිත කොතරම් අවිනිස්චිතද? (නදී)
ප්‍රියා... කළු පෙට්ටිය ..මත්තල ගුවන් තොටු පොළ ළඟ වැටිලා තිබිල මොනරුන්ට හමු වෙලා විශේෂ කාර්ය බලකායට බාර දීලලු.(නදී)
මැලේෂියාව තාක්ෂනය හා දැනුම අතින් ඉහලින් ඉන්න රටක්. මෙහෙ විරුද්ධ පක්ෂ නායකයගේ හොඳම හිතවතා ඔය පයිලට්. විරැද්ධ පක්ස නායකයට අපචාර චෝදනාවකට අවුරුදු 5 කට සිරදඩුවම් නියම වුනා. එදා ප්ලේන් එක පිටත් වුනේ ඒ තින්දුව දුන්න දිනයේදියි. පයිලට් උසාවියට ඇවිත් ඒ තීන්දුව බලලා හිතේ තරහින් තමයි ඔය ගමන ගියේ. අපිට හිතෙන්නේ මේක පලිගැනිමක් විදියටයි. හරිම කනගාටුදායක සිද්ධියක් අහිංසක මිනිස්සු තාමත් වැලපෙනවා.(නදී)
මෙවැනි දේ ඉදිරියට තව තවත් සිදුවේවි ලොව විනාශය අත ළඟ.(නදී)
වෙනත් ග්‍රහලෝක තරණයට ලෝකේම ලක ලැහැස්ති වෙනවා එකිනෙක පරදවන්නට යුද අවි නිපදවනවා චන්ද්‍රිකා ගුවන් ගත කෙරෙනවා. කිලෝමීටර් ලක්ෂ ගානක් එහා ග්‍රහලෝකවල "කුණු" හොයනවා. නමුත් පවතින "අයහපත් කාලගුණික" තත්ත්ව යටතේ ගොඩ බිමින් කිලෝ මීටර් 2500ක් එහා මුහුදේ තියෙන දෙයක් හොයා ගන්න දවස් ගානක් ගීයා. ඒකත් බාගෙට. "විශ්වාස කරනවා" යන විශේෂණය යටතේ. මේකද මහා ලොකු තාක්ෂණය? විද්‍යාව? (නදී)