අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමුවී ඇත. ගුවන් නියමුවාගේ නිවසේ තිබී සොයාගත් නියමු කුටි ආකෘතියේ දත්ත විශ්ලේෂණය කරමින් යානයේ ඉරණම සම්බන්ධයෙන් සතියක් පුරා තොරතුරු සෙවූ පර්යේෂකයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතක් සම්බන්ධ තොරතුරු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
මේ දත්ත සමාලෝචනය කිරීම දැන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයනයට භාර දී ඇත. එම ආයතනය දැනටමත් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරමින් සිටියි. මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මේ ආකෘතියේ පරිගණක දත්ත ගොනු පසුගිය පෙබරවාරි 03 දා මකා දමා ඇති බවයි.
ඔවුහු එහි දත්ත ගොනු නැවත සකස් කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දත්ත නියමුවා විසින් හිතා මතා මකා දැමුවේ ද නැතිනම් පරිගණකයේ දත්ත වැඩිවීම හේතුවෙන් මකා දැමුවේ ද යන්න පිළිබ
ද සොයා බලමින් සිටියි. ඉන්දියන් සාගරය මැද අප්‍රසිද්ධ දූපතක මේ යානය ගොඩබැස්සවිය හැකි ගුවන් ධාවන පථයක් තිබෙන බවට දත්ත ඔහුගේ නියමු කුටි ආකෘතියේ තිබි හමුවී ඇත.
ඇමෙරිකාවේ නාවික හමුදා ක
දවුරක් පවත්වාගෙන යන දියෝගෝ ගාෂියා දූපතට යානය ගොඩබැස්සවීමේ හැකියාව ගැන ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.
මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නිර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.
යානයේ නියමුවාගේ හොදම මිතුරා පවසා ඇත්තේ ඔහු මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ විනෝදයට බවයි. ''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති."




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා එතකොට මේ මිතුරා කියන විදියට විනෝද ගමනක් ද ගිහින් තියෙන්නේ. මලයාසියාවේ අරුම පුදුම විනෝද කටයුතු නේ තියෙන්නේ. (අ)
යක්ෂ විනෝදයක් නේ (අ)
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මොන කතා තිබුනත් කිසිම උපත්ද්‍රවයක් නොවී මේ අය නැවත තමන්ගේ යහපත් කටයුතු වලට පැමිණේවා කියායි. (නදී)
ඒක යකාගේ විනොදාන්ෂයක්නේ මහත්තයෝ. එයාට තනියම ඕන විනෝදයක් කර ගන්න තිබුණ. මෙහි සිට අනෙක් මිනිසුන් බිල්ලට නොගෙන. (අ)
බලමු කවුද මේ අභිරහස විසඳන්නේ කියලා. (ත)
මුළු ලෝකයම චිත්‍ර පටයක්.(නදී)
මෙම යානය අනිවාර්යෙන්ම කඩාගෙන වැටෙන්න ඇති දකුණු චීන මුහුදට. බෝඉන් කියන්නේ ගොඩක් තාක්ෂණික දොස තියෙන යන වර්ගයක්. ඩොලර් ට්‍රිලියන 16 ක ඇමරිකානු ආර්ථිකයේ ට්‍රිලියන 1 කට දායක වෙන්නේ ගුවන් යන නිෂ්පාදන කර්මාන්තය. යානය පැහර ගත්ත කියන කතාව ඇමරිකානු බෝඉන් යනවල තියෙන දෝෂ වහගන්න ගෙනියන බොරු ප්‍රචාරයක් කියලයි මට හිතෙන්නේ (අ)
මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නිර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.(ත)
පුදුම විනෝදාංශයක්. (ත)
දියෝගෝ ගාෂියා කඳවුර ගැන සොයා බලාන්න. හිතා ගන්නවත් බැ මේ වගේ තැනක මේ විදිහට සැලසුම් කරපු ඉතා දියුණු ගුවන් තොටුපොලක් ඇති බවට.(නදී)
මන් නම් හිතන්නේ මේ ඔක්කොටම වැඩිය වෙනස් දෙයක්.(නදී)
අනේ ඒකේ හිටපු මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නෑ. (ත)
''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති." මේ කතාව නම් ගැලපෙන්නේ ලංකාවට. (ත)
මෙයා විනෝදයට ඔච්චර කැමතිනම් මෙයාට යන්න තිබ්බේ ඩිස්නි ලන්තයට (ත)
එයාලගේ ජීවිත ගැන දුකයි. (ත)
යම් රටක ආරක්ෂාව පිළිබද සිද්ධියක් මේක. මේකේ මිනිස්සු කවුරුත් මියගොස් නැහැ. ඔවුන් ජීවතුන් අතර ඇති. (නි)
අතුරුදහන්වූ යානය නිරීක්ෂණය කරන ගුවන් යානා මුහුණ දෙන බරපතලම කාරනා දෙක තමයි එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය. ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපලේ සිට එම ප්‍රදේශයට යාමට ගතවන කාලය පැය 4 1/2 යි.නිරීක්ෂණය කිරීමට හැකි කාලය පැය 2 1/2 යි. නැවතත් එම ගුවන් යානා වලට ඉන්දන පුරවා ගැනීමට පැය 4 1/2 කාලයක් ගෙවා පර්ත් ගුවන් තොටුපලට පැමිණීමට සිදු වීම දෙවන කාරණාවයි. (අ)
මාර විනෝදේ. පවුල් ගණනක් අනාත කරලා. හොඳ දඬුවමක් තියන්න ඕනෑ. (ත)
මෙිවා අහලම දැන් පිස්සු වගේ. මොකක්ද දැන් පිලිගන්න කියන්නේ..? (ත)
මේක විස්වාස කරන්න බැ. යානයේ කැබලි දෙකක් විතරක්. කොච්චර මගීන්ගේ බඩු පෙට්ටි තියනවද උඩ පාවෙන, ඒවාට මොකෝ උනේ. (අ)
මලයාසියා ආරක්ෂක ඇමති ගේ කතාවට මට නම් හිනා. ලංකාවේ වාගේම මලයාසියාවේ ත් මිස්ටර් බීන් කෙනෙක් ඉන්නවා. (නදී)
ඔය ප්ලේන් එක පිටසක්වල ජීවින් තමයි උස්සලා තියෙන්නේ. බර්මියුඩා ත්‍රිකොනයේත් සිද්ධ වෙන්නේ ඔය ටික තමයි. (ත)
මනුස්ස ජිවිත කරුනා කරලා විහිලුවට ගන්න එපා.ගොඩක් වෙබ් අඩවි ප්‍රසිද්දිය සදහා එක එක මත පල කරනවා බොරුවටත් .සංවේදී මනුස්සයන් බලාගෙන ඉන්නේ මේ මනුස්සයන්ට මොකද උනේ කියල ,අනේ පන පිටින් හම්බ වෙන්න කියල .239 ගණනක් කියන්නේ සෙල්ලම් ජිවිත ගණනක්ද ?මනුෂ්‍යත්වයේ නාමයෙන් හෑල්ලුවට ගන්න එපා ! (දී)
සමහර අයගේ මතයක් තියෙනවා නියමුවා නොදන්නා ස්ථානයකට යානය ගොඩ බස්සවන්න ඇති කියලා. කෙසේ හෝ කිලෝමීටර් 1 1/2 ධාවන පථයක් අවශ්‍යයි මේ යානය ගොඩ බැස්සීමට නම්.(නදී)
උපාලි විජේවර්දන මහතාගේ ගුවන් යානයත් අතුරුදහන් වුනේ මේ වගේ නේද ? (නදී)
එතකොට කෝ ගිය මිනිස්සු ටික? එයාලට මොකද වුණේ? (නි)
එම යානයට සිදුවුණේ කුමක්ද එතකොට? (නි)
මේක පිටසක්වල ජීවීන්ගේ සම්බන්දයක් තියෙනවා කියලා මට හිතෙනවා (දී)
අලුතෙන්ම ගත් සැටලයිට් පින්තුර වලින් පෙන්නුම් කරනවා, ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 2500 පමණ දුරින් ඉන්දියන් සාගරයේ මීටර් 24 ක් දිග යම් කිසි වස්තුවක ඡායාරුප දෙකක්. සමහර විට අද වෙනකොට දැනගන්නට හැකිවෙයි හරියටම එය ගුවන් යානයේ කොටස්ද කියා. තතු දත් අය පවසන්නේ එම ප්‍රදේශයේ මුහුදු පත්ලේ ගැඹුර මීටර් 4000-5000 අතර විය හැකි බවයි.(නදී)
දියෝගෝ ගාෂියා දූපත කියන්නෙ ඇමරිකාවේ හමුදා කදවුරක්. ඒකත් ඒ රියා 51 වගේ එකක් තමයි. කාටවත් යන්න බෑ. ගියොත් එන්නත් බෑ. (ත)