හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩම සම්බන්ධයෙන් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා මුදල් නඩුවට බැර කරන ලෙස රජයේ සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අද (4) එම නඩුව කැඳවූ අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මල්වාන ගඟබඩ පාරේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට විරුද්ධව පූගොඩ අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ එම ඉල්ලීම සිදුකළ අතර බැසිල් රාජපක්ෂගේ නීතිඥ සංජය රණතුංග මහතා ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ ඉඩම සම්බන්ධ නියෝගයක් නිකුත් කරන්නේ නම් විත්තිකරු අධිකරණයේ සිටිය යුතු බවයි.
ඒ අනුව බැසිල් රාජපක්ෂට ලබන 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහතාණෙනි ! හොදයි උසාවියට ගිහිල්ලා පුලුවනන්ම් කියන්නකෝ මේ ඉඩම මගේ නොවෙයි කියලා (හේ)
ගසා කෑවේ අපේ මුදල්.අසරණ බදු ගෙවන ජනතාවගේ මුදල්.ඒ නිසයි සත්‍ය තේරුම් ගත්තු මිනිස්සු යහපාලනය විශ්වාස කරලා ඡන්දය දුන්නේ. (බ)
මරුනේ. බැසිල් අයිතිය බාරගන්නත් නැහැ. බැසිල්ගේ නීතිඥවරයා කියන්නත් විත්තිකරුගෙන් අහන්නත් ඕනලු. (බ)
බලන හැම තැනම රාජපක්ෂවරු . (ර)
වැඩක් වෙන එකක් නෑ.(හේ)
කොහොමත් රටේ සියලුම වටිනා කියන ඉඩම්,ගොඩනැගිලි,හෝටල්....... සියල්ලම මේ අයගේ තමයි.(හේ)