(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මල්ලාවි පාලි නගර් වව්නිකුලම් ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු නානඳුන පුද්ගලයින් කණ්ඩායමක් එම නිවසේ නිදාසිටි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි මල්ලාවි පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වවුනිකුලම්, පාලි නගර් ප්‍රදේශයේ පදිංචිව සිටි එම් ඩිලක්ෂන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා කුලී වැඩකර ජීවිකාව ගෙන ගිය අයෙකි.
වෙඩි ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලබා සිටි මෙම තරුණයා නිවසේ අය විසින් රෝහල කරා රැගෙන යමින් සිටි අතරවාරයේ මියගොස් ඇතැයිද පොලීසිය කියයි.
මොහුට වෙඩි තබා ඝාතනය කිරීමට හේතුවක් හෝ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මල්ලාවි පොලිසිය සැකකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd