තම මව (34) ළඟ ජීවත් වන බාල මල්ලිට (11) මව දිනපතාම රාත්‍රියේ නිදි පෙති දි අනියමි සැමියකු නිවසට ගෙන්වා ගනිතියි ද නිදි පෙති දිම නිසා මල්ලි අසීමිත ලෙස මහත් වෙතියි ද පවසමින් රජරට සාමනේර හිමිනමක් තම දෙවැනි මල්ලි ද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි කේ. කේ. කීර්තිරත්න මහතා ද සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.
බාල මල්ලි වෙනුවෙන් පියා මාසිකව රුපියල් පන් දහස බැගින් නඩත්තු ගෙවන නමුත් එම මුදල් මල්ලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ මල්ලිගේ වෙනත් කිසිදු කටයුත්කට නොයොදවන බවද පැමිණිල්ලේ දැක්වේ.
බාල මල්ලි මව නිවසේ තබා ගෙන සිටින්නේ නඩත්තු ලබා ගැනිමේ අරමුණින් මිස ඔහුට ඇති සෙනහසක් නිසා නොවන බවද පැමිණිලි කර ඇති සාමනේර හිමියන් මල්ලිගේ ජීවිතය අනාරක්ෂිත බව පැවසීය. ඔහු සාමනේර හිමියන් වැඩ වසන පන්සලට රැගෙන යාමට පොලිසිය අවසර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව් සෙනෙහස නොමැති වූ සහෝදර සෙනෙහස....(ම)
මාර ප්‍රශ්නයක් තමයි.(හේ)
නිමල් ලාලිත, ඔබ නීතිය අතට ගන්න එපා. ඇත්ත සහ නැත්ත සොයා බලා ඉන්න. පොඩි හාමුදුරුවෝ ඇත්ත කියනවා ඇති එහෙත් නීතියෙන් සොයාලයි දඬුවම් දෙන්න ඕනා. වැරදිලාවත් හාමුදුරුවන්ට කවුරුහරි බොරුවක් කියලා නම් මොකද වෙන්නේ. (බ)
ආශාව හැමදේකටම වඩා ලොකුයි. (නි)
සෙන්සාන්, ඇයි කොසොල් රජුත් නිදි පෙති බීලා තිබෙනවද (නි)
අනේ අම්මපා මෙහෙමත් ගැහැණු. (ර)
අනේ මේ මොකද්ද වෙන්නේ අපේ සමාජයට. සමාජය පිරිහිලා අම්මගේ ගෞරවය අද නැති වෙලා මේ වගේ මිනිස්සු නිසා. (ර)
හැගීම් වලට වහල් වුන පව්කාර අම්ම කෙනෙක්. (බ)
මේ වගේ අම්මලාව පත්තිනි දේව මෑණියන්ට පෙනෙන්නේ නැද්ද ? (හේ)
සාමනේර හිමි නොමඟ යවා සිදු කරන ද්වේෂ සහගත පැමිණිල්ලක් වෙන්න බැරිද?(හේ)
සහන සහ චමල් !! තනි පුද්ගලයෙක්ගේ පැමිණිල්ලක් මත එම ගැහැණිය වැරදි කාරයෙක් විදිහට ගන්න එපා !! කවුද දන්නේ ඇත්ත කතාව මොකද්ද කියල ? මෙම අපරාධය ඔප්පුවෙලා නැහැ තාම !! මෙවැනි හදිසි තීරණ නිසා තමා රටේ ජාතිවාදී කෝලාහල පවා ඇති වෙන්නේ (බ)
අම්මල වුණත් ඔයවගේ අයට නීතියෙන් දඬුවම් කරන්න ඕනේ. (බ)
මාර ප්‍රශ්නයක් තමයි මේක.(හේ)
මේක කෙනෙක් කියපු පමණින් විශ්වාසකරන්න අමාරුයි. සමහර විට ඒ නඩත්තු න්මුදලට ඇහැ ගහගෙන කවුරුන් හරි හාමුදුරුවන්ව මුලා කළා වෙන්නත් බැරි නැහැ. මේක ඇත්තම තත්වය වෙන්නත් බැරි නැහැ. ඒ නිසා අපි කෙනෙක් කිව්වා පමණින් තීරණ ගන්න හොද නැහැ. (හේ)
අනේ පොඩිහාමුදුරුවනේ මහන වුනේ සසරින් එතෙරවන්න...ඔබවහන්සේට දැන් වෙලා තියෙන්නේ මල්ලිට ආරක්ෂකයෙන් වෙන්න.හරිම කනගාටුයි.(හේ)
සමහරවිට අම්මා නිර්දෝෂි වෙන්නත් පුළුවන්..(හේ)
පොඩි හාමුදුරුවනේ, ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරලා. අම්මාව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නවන්න. මොනවා වුණත් අම්මට අනුකම්පා කරලා පෘතග්ජන අම්මාව සසරින් එගොඩ කරන්න (නි)
මෙහෙම ගැහැණු ඕනෑතරම් ඉන්නවා. සැමියාගෙන් නඩත්තු ගන්න ගමන් වෙන මිනිස්සු ගෙන්වා ගන්න. උසාවි වලින් මේවා සොයා බලන්නේ නැහැ. කොහොමහරි සැමියාගෙන් උපරිම නඩත්තු මුදලක් අරන් දෙනවා පමණයි. ඒ මුදල් දරුවන් වෙනුවෙන් වැයකරනවද නැද්ද යන්න කවුරුත් සොයා බලන්නේ නැහැ. (නි)
මේක ඇත්තක් කියලා හිතන්න පුළුවන්. අනියම් සැප වෙනුවෙන් දරුවන් මරන රටේ මේක සුළු දෙයක් කියලා හිතෙන්න පුවළුන්. මෙහෙම කරන එක එකපාර මරනවට වඩා දරුණුයි. පව් අසරණ දරුවා. (නි)
මේ අම්මණ්ඩිට දරුවට නිති පෙති නොදි ඕකට වෙන ක්‍රමයක් තිබිලම නැද්ද? හොරෙන් කළේ නැත්නම් නඩත්තු ගන්න බැරි නිසා වෙන්න ඇති, සැමියාගෙන් නඩත්තුව ගන්න ගමන් වෙන මිනිහෙකුත් ලැහැත්ති කරගෙන තියෙන්නේ. (නි)
අපේ ගමෙත් කෙනෙක් හිටියා. දරුවන්ට 18 වෙනකම් ළඟ තියාගෙන උසාවි ගෙනිහින් හැකිතරම් සැමියාගෙන් නඩත්තු ගත්තා. 18 පැනපු ගමන් මෙයා ගියා වෙන කසාදයක් කරගෙන. (නි)
උගත් නූගත් හැහමා්ම අද ස්මාට් ෆෝන්, අන්තර්ජාලය පාවිච්චි කරන නිසා විකාර දේවල් බලලා ඔළුව විකල් කරගෙන ඉන්නේ. මේ වගේ ගැහැණුන්ටත් දරුවො මතක නැහැ. වෙන විකාර ලෝක වල ඉන්නේ. කලින් සැමියාගෙන් නඩත්තුව ලැබෙනවා. ඒ මුදලත් වැය කරනවා ඇත්තේ මේ වගේ විකාර වැඩ වලටම තමයි. (නි)
නිදි පෙති දිම නිසා අසීමිත ලෙස මහත් වෙතැයි කියන කතාව ගැන මට නම් හිතාගන්න බැහැ. (නි)
සාමණේර නම මේ පැමිණිල්ල කරලා තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි මහතෙක්ද සමඟ පැමිණයි. එමනිසා මෙහි බොහෝදුරට ඇත්තක් තිබෙනවා කියා මට හිතෙනවා. නිදි බෙහෙත් කොහොම වෙතත් අනියම් සම්බන්ධකමක් ඇති. එ්කනේ සැමියා වෙන්වී තිබෙන්නේ. (නි)
මේ ඔක්කොම සිංහල බෞද්ධයෝ නේද? මෙයින් විතරක් නොවෙයි අපේ රටේ කෙරෙන අනිත් බොහොම අපරාධවල හැටියටත් හිතන්න වෙන්නේ අපේ ඊනියා බෞද්ධ ජීවන ක්රමයේ හැටි තමයි. (නි)
ඔව් ලුම්බිණි, ඔය සාමාන්‍ය ව්‍යවහාරයේ එන නිදිපෙති කියලා නීතිවිරෝධීව පාවිච්චි කරන බෙහෙත් වල මහත්වීම අතුරු ආබාධයක් නෙමෙයි. (නි)
තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් දරුවෙකු බිල්ලට ගත් මේ ගැහැණියට දඬුවම් දියයුත්තේ නීතියෙන් පමණක් නොවේ. අසල්වැසියන්ද මේ ගැහැණියට දඬුවම් කළයුතුය. (නි)
ලුම්බිණි, මම හරියටම නිදි පෙති ගැන දන්නේ නැහැ. නමුත් සමහර මානසික රෝග වලට දෙන පෙති නිසා ලෙඩ්ඩු මහත් වෙනවා. ඒ සමහර බෙහෙත් වර්ගවලට නින්ද යාමේ ප්‍රවණතාවයක් තිබෙනවා. මෙය පොලිසියෙන් සොයා බලා ළමයාව වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරන්න ඕනෑ. (නි)
කොසොල් රජ සිහින සැබෑවෙන බව දැන් දැන් පෙනේ. (නි)
නඩත්තු ගෙවන්නේ දරුවන් රැක බල ගැනීම සඳහා සහ බිරිඳගේ නඩත්තුව සදහායි. දරුවන් රක බලා ගන්න නිසා ඇයට රැකියාවක් නොකළ හැකි නිසා. නමුත් ලංකා නීතියේ හැටියට ඇයට වෙනත් අයෙක් සමග ඇසුරු කීරීමට තහනම්. නමුත් මේ නීතිය වෙන් වී ගිය ස්වාමියට බලපාන්නේ නැහැ.ඔහුට දරුවන් සහ බිරිඳ අතහැර ගියා මදිවට රිසි සේ ජීවත් වියද හැකියි. නඩත්තුව සදහා මුදල් ලැබුනට ඇයගේ අනෙක් අවශ්‍යතාවන් පිරි නොමැසෙන නිසා මෙය පවතින නීතියේ අඩුපාඩුවක් හැටියට මම දකිමි. (අ)
බමුණු ආරචි මහමයනෙනි කොසොල් රජ්ජුරුවන්ගේ සිහින ගැන කියවෙන බෞද්ධ ධර්මය කියවා බැලුවොත් ඔබ සෙන්සන්ට වන්දනා මාන කරනු ඇත.