IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මලල ක‍්‍රීඩා සංගමය මහපාරට

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පරිපාලන මූලස්ථානය දැනට එය පවත්වා ගෙන යන කොළඹ මරදානේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරවා ගන්නා ලෙස ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. වසර 2000 ඔක්තෝබර් 6 වැනිදා සිට මලල ක‍්‍රීඩා සංගමයේ මුලස්ථානය පවත්වාගෙන ගිය ටොරින්ටන් පෙදෙසේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරගන්නා ලද මලල ක‍්‍රීඩා මූලස්ථානය පසුගිය අගෝස්තු මාසයේ මරදානේ ටිරානියා වීදියේ අංක 281 දරන මූලස්ථානයට රැගෙන ගියේය. දැන් එය මාස හතක් ඉක්ම යාමට පෙර එම ස්ථනයෙන් ද ඉවත් කර ගැනීමට සිදුව තිබේ. වසර 11 ක්ම මලල ක‍්‍රීඩා සංගමයේ මූලස්ථානය ලෙස පැවැති ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට සිදු වූයේ ටොරින්ටන් පෙදෙසේ සංවර්ධන කටයුතු සඳහා එම ගොඩනැගිල්ල ද කඩා ඉවත් කිරීම නිසාය. මලල ක‍්‍රීඩා සංගමයට නව නිලධාරීන් පත් වූයේ පසුගිය මැයි 3 වැනිදා පැවැති නිලවරණයෙනි. දැන් ඔවුන්ට මාස එකහමාරක කාලයක් ඉක්ම යාමට මත්තෙන් පරිපාලන මූලස්ථානය ඉවත් කර ගැනීමට සිදුවීමෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවී තිබේ. මලල ක‍්‍රීඩා සංගමයේ බලධාරීන්ට නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත්තේ මෙම (ජුනි) 30 වැනිදාට පෙර මරදාන මූලස්ථාන ගොඩනැගිල්ලෙන් බඩු බාහිරාදිය ඉවත් කර එය නිදහස් කරදීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනයේ පළවූ මාධ්‍ය කමිටු රැස්වීම එදිනට පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර එය පැවැත්වෙන්නේ නාවික හමුදා මූලස්ථානයේදී බව ද වාර්තා වේ. කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පසුගිය සතියේදී නිමාව දුටු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් හයක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් අවස්ථාව ලෙසද වාර්තා පොතට එක්විය.



අදහස් (0)

මලල ක‍්‍රීඩා සංගමය මහපාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 56 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2184 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site