ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වී ගොස් ඇති බවට ලෝක සෞඛ්‍යය සංවිධානයත් ශ්‍රීලංකාවත් නිවේදනය කොට ඇතත් රෝගය රටට ඇතුළුවීමේ අවදානම මෙතෙක් පහව ගොස් නැතැයි උතුරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ක්‍රිෂ්ණන් ශිවරාමන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙන් මැලේරියාව තුරන් කිරීමට කැපවීමෙන් යුතුව කටයුතු කළ පිරිසකට සම්මාන පිරිනැමීමට වවුනියාව රෝහලේ පැවති අවස්ථාවකට සහභාගි වීමෙන් ඔහු කීවේය.
වන්දනා කිරීම පිණිසත් වාණිජ කටයුතු පිණිසත් ඉන්දියාවට ගොස් පැමිණෙන පුද්ගලයන් ඉන්දියාවේ ඇති මැලේරියා රෝගය ශ්‍රී ලංකාවට රැගෙන එන බවත් ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ද මෙරටට මැලේරියා රෝගය යළි පැමිණීමට තවත් හේතු බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වූ බවට නිවේදනය කිරීමෙන් පසුවද එවැනි රෝගීන් බවට සැකකෙරෙන රෝගීන් හමුවන්නට පටන් ගෙන ඇතැයි ද ඉන්දියාවට අමතරව බංගලාද්ශය,නේපාලය, පකිස්තානය හා සුඩානය වැනි රටවලින්ද ශ්‍රී ලංකාවට මැලේරියා රෝගය බෝ වීමට ඉඩකඩ ඇතැයි ද කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අගමැතිතුමාගේ ඉන්දියාවට දෙන රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය අනුව මෙහාට එන ඉන්දිකාරයින්ගෙන් මැලේරිය නෙමෙයි, ඊටවැඩිය හොඳ ලෙඩ මෙහාට ගෙන්වන්න පුළුවන්. (නි)
ඉන්දියාවෙන් තමයි අපේ රටට ගොඩක් ලෙඩ එන්නේ (නි)