IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මලයාසියාවෙන් ඇල්ලූ කොටින්ගේ කෙරුම් සොයයි

පසුගියදා මලයාසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ කොටි සාමාජිකයින් යැයි සැක කෙරෙන  තිදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා දැන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇතැයි ත්‍රස්ත විමර්ශන ඒකකය  කියයි.

මලයාසියා පොලිසියේ ත්‍රස්ත කටයුතු මර්දන  ඒකකය    පසුගිය 15 වැනිදා මේ වැටලීම කළේය.

මෙම පුද්ගලයින් තිදෙනාම එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන ආයතනය නිකුත් කළ සංක්‍රමණික හැදුනුම්පත්‍ර ළග තබා ගෙන සිටියේයැයි මලයාසියාව කියයි.

2004 වසරේදී මලයාසියාව පැමිණ ඇතැයි කියන  සැකකරුවන් තිදෙනා එරට කේන්ද්‍ර කැර ගනිමින් එල්.ටී.ටී.යේ  කටයුතු   වෙනුවෙන් ආධාර එකතු කිරීමේ යෙදී ඇතැයි කියති.

මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රචාරණ කටයුතු සදහා සකස් කර තිබූ විවිධ දෑ,සන්නිවේදන උපකරණ,හා විදෙස් රටවල් 24 කට අයත් මුදල් තොගයක්ද සොයාගැනීමට හැකිව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන ආයතනය නිකුත් කළ හැදුනුම්පත් භාවිතා කරමින් මොවුන් ආරක්ෂක ඇසට වැලි ගසමින්  එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන මලයාසියාවේ ආයතනයේද සහය ඇතිව එම හැදුනුම්පත් මැලේසියාවේම හෝ වෙනත් රටක හෝ ත්‍රස්ත කටයුතු  කිරීම සදහා හා රාජ්‍ය විරෝධී ක්‍රියා සදහා භාවිතා කර ඇත්දැයි සොයාබැලීමටත් මලයාසියාව සැරැසේ.



අදහස් (0)

මලයාසියාවෙන් ඇල්ලූ කොටින්ගේ කෙරුම් සොයයි

මනෝජ් Friday, 30 May 2014 03:49 PM

ලෝකය දරුණුම ම්ලේච්ච කොටි නැත්තට නැති කළා. ජනාධිපති තුමාට පින්සිද්ද වෙන්න අපේ රට දැන් නිදහස්. (ස)

:       0       0

සුජානි Thursday, 29 May 2014 11:02 PM

අනේ මෙයලටත් ඇමති කමක් දෙන්නකෝ. ලොකු පිනක්. ශ්‍රී දළදා මාලිගාවටත් බෝම්බ ගහපු අය අද කොහෙද ඉන්නේ ? (ස)

:       0       0

ඩොනල්ඩ් Friday, 30 May 2014 12:50 AM

මොකටද මේ ඔක්කොම කුණු අපේ රටට ගේන්නේ (ස)

:       0       0

ලලන්ත Friday, 30 May 2014 08:43 AM

සුජානි කියන එකට මමත් එකඟ වෙනවා. (ස)

:       0       0

මාලා Friday, 30 May 2014 09:51 AM

මේ අය ගෙනාවේ නඩු දාන්න නොවේ. සමහරවිට කේ. පී. වගේ සැපට කාල බීලා ඉන්න පුළුවන් වේවි. (ස)

:       0       0

සමරනායක Friday, 30 May 2014 01:18 PM

අධාර එකතුකලා නම් සල්ලි ගොඩක් ඇති. ඒ කියන්නෙ ඉතින් කේ පී වගේ දේශප්‍රේමි ගොඩට තමා වැටෙන්නෙ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site