පසුගියදා මලයාසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ කොටි සාමාජිකයින් යැයි සැක කෙරෙන තිදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා දැන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇතැයි ත්‍රස්ත විමර්ශන ඒකකය කියයි.
මලයාසියා පොලිසියේ ත්‍රස්ත කටයුතු මර්දන ඒකකය පසුගිය 15 වැනිදා මේ වැටලීම කළේය.
මෙම පුද්ගලයින් තිදෙනාම එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන ආයතනය නිකුත් කළ සංක්‍රමණික හැදුනුම්පත්‍ර ළග තබා ගෙන සිටියේයැයි මලයාසියාව කියයි.
2004 වසරේදී මලයාසියාව පැමිණ ඇතැයි කියන සැකකරුවන් තිදෙනා එරට කේන්ද්‍ර කැර ගනිමින් එල්.ටී.ටී.යේ කටයුතු වෙනුවෙන් ආධාර එකතු කිරීමේ යෙදී ඇතැයි කියති.
මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රචාරණ කටයුතු සදහා සකස් කර තිබූ විවිධ දෑ,සන්නිවේදන උපකරණ,හා විදෙස් රටවල් 24 කට අයත් මුදල් තොගයක්ද සොයාගැනීමට හැකිව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන ආයතනය නිකුත් කළ හැදුනුම්පත් භාවිතා කරමින් මොවුන් ආරක්ෂක ඇසට වැලි ගසමින් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන මලයාසියාවේ ආයතනයේද සහය ඇතිව එම හැදුනුම්පත් මැලේසියාවේම හෝ වෙනත් රටක හෝ ත්‍රස්ත කටයුතු කිරීම සදහා හා රාජ්‍ය විරෝධී ක්‍රියා සදහා භාවිතා කර ඇත්දැයි සොයාබැලීමටත් මලයාසියාව සැරැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය දරුණුම ම්ලේච්ච කොටි නැත්තට නැති කළා. ජනාධිපති තුමාට පින්සිද්ද වෙන්න අපේ රට දැන් නිදහස්. (ස)
අනේ මෙයලටත් ඇමති කමක් දෙන්නකෝ. ලොකු පිනක්. ශ්‍රී දළදා මාලිගාවටත් බෝම්බ ගහපු අය අද කොහෙද ඉන්නේ ? (ස)
මොකටද මේ ඔක්කොම කුණු අපේ රටට ගේන්නේ (ස)
සුජානි කියන එකට මමත් එකඟ වෙනවා. (ස)
මේ අය ගෙනාවේ නඩු දාන්න නොවේ. සමහරවිට කේ. පී. වගේ සැපට කාල බීලා ඉන්න පුළුවන් වේවි. (ස)
අධාර එකතුකලා නම් සල්ලි ගොඩක් ඇති. ඒ කියන්නෙ ඉතින් කේ පී වගේ දේශප්‍රේමි ගොඩට තමා වැටෙන්නෙ. (අ)