ව්‍යාජ මුද්‍රා යෙදු වීසා පතක් භාවිතා කරමින් නීති විරෝධී ලෙස තායිලන්තයට අතුළු වීමට ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටවුහල් කර එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු බංඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
තායි ගුවන් සේවයට අයත් ටී.ජී 307 දරණ ගුවන් යානයෙන් සැකකරු මෙරටට එවා තිබුණි.
ඔහු පසුගිය 2011 ජනවාරි 22 උසස් අධ්‍යාපනය කටයුතු සඳහා වසර 4 කට වීසා ලබාගෙන සිංගප්පූරුව හරහා මලයාසිවට ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
පසුව සැකකරු මලයාසියාවේ වසර හතරක් ගත කොට නැවත වීසා දීර්ඝ කර ගැනීමට එරට සිටි ශ්‍රී ලාංකික තැරැව්කරුවෙකුට රුපියල්දෙලක්ෂ විසි දහසක මුදලක් ලබා දී තිබේ.
එම තැරැව්කරු ශ්‍රී ලංකාවට ගොස් වීසා දීර්ඝ කර දෙන බව පවසා සැකකරුගෙන් මුදල් ලබාගෙන ඇතත් ඔහු එසේ නොකොට සැකකරුගේ ගුවන් බලපතෙහි ව්‍යාජ මුද්‍රා දෙකක් තබා තිබූ බව පොලීසිය කියයි.
පසුව සැකකරු නීති විරෝධී ලෙස මලයාසියාවේ සිට තායිලන්තයට ඇතුලුවීමට උත්සහ කරද්දී එරට ආගමන විගමන අංශ විසින් ඔහු අත් අඩංගුවට ගෙන ශ්‍රී ලාංකාවට පිටුවහල් කොට තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු පිළිබඳව කරන මුලික විමර්ශණ වලින් අනතුරුව ඔහු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මලයාසියා හොරේ තායිලන්තයෙදි අසුවේ
උදාර Tuesday, 11 October 2016 10:39 AM
අපේ අයට නම් කොහොමත් මේ රට වටින්නෙ නැහැනේ (නි)