මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජින් දක්වා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ ගුවන් යානය ඉන්දුනීසියාවේ මුහුදට කඩා වැටී ඇති බවට සැකකරයි. බොයින් 777 දරණ මෙම ගුවන් යානයේ මගීන් 227ක් සමග කාර්ය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර චීන, මලයාසියා, ඕස්ට්‍රේලියා, ජාතිකයින් මෙම යානයේ ගමන් කර ඇත. කිසිදු ශ්‍රි ලාංකිකයකු එහි ගමන් කර නැතැයි ද ක්වාලාලාම්පූර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක්මුසු පුවතක්. ගුවන් ගමන් වල ඇති ආරක්ෂාවට තර්ජනයක්. මෙතරම් දියුණු තාක්ෂණයක් තිබිලත් මේ ගුවන් අනතුර සිදුවිමට හේතුව කුමක්ද? (දිල්)
ඇත්ත , ඒත් තාම කඩා වැටුනද කියල සොයාගෙන නැහැනේ.(නදී)
මේක තක්ෂණික දෝෂයක් වෙන්න පුළුවනි.අනේ අසරණ මගීන්.(දිල්)
ඉතාම ශෝකදායක පුවතක්. මෙවන් විපතක් යලි කිසිදා ඇසීමට නොලේබෙවා .....!!! (දී)
සත්‍යයා, මේ මිනිස්සු කියන්නේ බුදුන්ගේ බලයේ සත්‍යයෙන් මතු ආරක්ෂාව ලැබේවා කියලයි. සංසාරේ අපිත් මෙහෙම රංචු පිටින් මැරෙන්න ඇති. ජීවිත බේරනවා, උදවු කරනවා වගේ පින් කරන්න ඕනේ තාව කාලිකව ආරක්ෂා වෙන්න නම්. මේකේ හොර පාස්පෝට් දෙකකින් ගිය මිනිස්සු ගැන හොයලා නැහැ එයිර් ලයින් එක.(නදී)
ඔය සමහර එයාවර් වල යන්නේ ජීවිත කළකිරුණු අය තමයි. (ත)
සැමදෙනාම නිදුකින් සොයා ගැනීමට ලැබේවා '' මෙවැනි විපත් විහිලුවට නොගන්නා මෙන් ඉල්ලා සිටිමි ....!!!(දී)
සැවොම නිරුපද්ද්‍රිතව සොයා ගැනීමට හැකිවේවා!!(දිල්)
දැන් එතකොට මේ කණගාටු දැනෙන්නේ සිංහල උදවියට විතරමද?කෝ මේ අනෙක් ටික. (අ)
සියලු දෙනාම ජීවත් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ඒ අයගේ පවුල් වල අයට කොච්චර දුක ඇතිද (දී)
"ඒ හැමෝම කොහේ හරි ජිවත් වෙනව නම්,. අපිට ලොකු සතුටක් (ත)
යානය කොහේ හෝ ගුවන් තොටුපොලක ඇති (ත)
හරිම දුකි මෙයාලට කිසිම කරදරයක් වෙලා නැතිව ඇති (අ)
හරිම කණගාටු දායී ආරංචියක්... මියගිය සැම, සසර වසන තුරු මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා... නිවන් සුව අත්වේවා...(නධී)
තවම කිසිම වැදගත් සාක්ෂියක් නැති නිසා මෙය පැහර ගැනීමක් වෙන්න පුළුවන්. සියලුම දෙනා නිරුපද්‍රිතව නැවත පැමිණේවා.(නදී)
ලාංකිකයෝ නොසිටියත් මේ අනතුරින් පිඩාවට පත්ව ඇති සියලු දෙන්නට ත්‍රිවිද රත්නයේ බලයෙන් මතු සන්සරේ මෙවන් අනතුරු නොවේවා!! (අ)
ඉතාමත්ම සෝචනීය පුවතක්.කෙලෙසක හෝ සියල්ලන්ම ජීවත්වන බවක් අසන්නට ලැබේවා.(නදී)
යළි මෙවන් අනතුරක් නොමවේවා (අ)
ශ්රී ලාංකිකයෝ නොවුනත් නැති උනේ වටිනා මිනිස් ජීවිතනේ.මෙවන් අකල් වියෝවන් මතු සසරේදී නොවේවා! (අ)
ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ඔබලාගේ පවුවල සියලු දෙනාට අපගේ කනගාටුව (අ)
හරිම දුකයි
මම නම් හිතන්නේ මලයාසියානු යානය ත්‍රස්තවාදින් විසින් පැහැර අරන් ලෝකයේ කොතැනක හෝ නිරුපද්‍රිවතව ඇතියි කියලා. කව්ද දන්නේ පිටසක්වලින්වත් පැහැර ගෙන වත්ද කියලා. (අ)
සැහෙන කාලයකට ගුවන් අනතුරු ගැන වැඩිපුර අසන්නට ලැබුනේ නැත්තේ දියුණු තාක්ශණය නිසා නමුත් මේ වගේ භයානක අනතුරු තව මත් සිදුවෙනවා විශාල කණගාටුවක්.(දිල්)
කර්මිකයින් නිසි ආකාරයකින් සොයා නොබලුවයින් සිදු උනේ වටිනා ජීවිත නැති විමයි.(අ)
ගොඩාක් දුකයි (දිල්)
ඉතාම කණගාටුදායක ආරංචියක්. මියගිය සැමට මතු ආත්මවලදී මෙවන් අකල් මරණ වලට මුහුණ දීමට සිදු නොවෙවයි අපි ප්‍රර්ථනා කරමු. ඔබ සියලු දෙනාම සුගතියකම උපත ලබත්වා ! නිවන් සුව ලබත්වා ! (දිල්)
යලි මෙවන් අනතුරු නොවේවා දෙවියනි (දිල්)
කිසිදු ආත්මයක මෙවන් අනතුරක් නොවේවා.(නදී) .
වෙන්න තියෙන දේ වලක්වන්න කාටවත් බැහැ. කාර්මික දෝෂ කොයි මොහොතේ වෙයිද කියල කියන්න කාටවත් බැහැ. මියගිය සියල්ලටම නිවන් සුව ප්‍රර්ථනා කරනවා. මතු උපදින භාවයකදිත් මෙවන් අකල් මරණ නොවෙන්නට.(නදී)
අපොයි මාළු ,,,,,,,,,,,සිරාවටම මටත් ඔය බය දැනිල තියෙනවා,මොකද මමත් මැලේෂියන් ගුවන්යානයක ගිහින් තියෙන හින්ද,ඒවා යනකොට දඩ බඩ දඩ බඩ ගග තමයි අපිත් ගියේ,අනේ මොනවා උනත් අසරණ මිනිස්සු ටික නම් පව් .යන්න කලින් මගේන්වත් ඇහුවනම් ,,,,,,,,,,,,,,,,,,,,,, (දී)
මේක කොටින්ගේ වැඩක් ..මොකද චිනේ අපිට මේ පාර ජීනිවා එකේදී සපෝට් කරන හින්ද කරපු දෙයක් (දී)
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීම පිණිස උත්සාහවත් වේවා! (නදී)
තාම ප්ලේන් එක වැටුණු තැනක් හොයාගෙන නැහැ නේද? පහර ගැනීමක් වෙන්න බැරිද? (දී)
මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නදී)
මේ වගේ දෙයක් ආයේ වෙන්න දෙන්න එපා ජේසුනි.(නදී)
මේ අවස්ථාව වෙන විටත් යානය ගැන කිසිම තොරතුරක් ලැබී නැහැ. හොද තොරතුරක් ලැබුනොත් හොදයි. ඒත් තත්වය භයානක බවක් තමා පෙනෙන්නේ.(නදී)
මෙවැනි දුකක් යළි නොවේවා! (නදී)
ලංකාවේ අය නොසිටියත් සියලු දෙනාගේම ජීවිත එකයි. කෙසේ හෝ ඒ හැමෝගෙම ජීවිත තිසරණ සරණින් ආරක්ෂා කෙරේවා..!!! අකල් මරණයකට ගොදුරු නොවෙවයි පතමි. යහතින් එන්නට වරම් ලැබේවා..!! (දී)
ඉතාම කණගාටුදායක ආරංචියක්. මතු ආත්මවලදී මෙවන් අකල් මරණ නොවෙවායි අපි ප්‍රර්ථනා කරමු. ඔබ සියලු දෙනාටම නිවන් සුව ලබත්වා.(නදී)
කණගාටුදායක ආරංචියක්,සසර සරණ තුරු කිසිවෙකුට මෙවන් විපතක් නොවේවා! (නදී)
වෙන්න තියෙන දේවල් වලක්වන්න බෑනේ (අ)
ඇත්ටටම මට මේ ගැන හිතාගන්නත් බෑ (අ)
මහත් කණගාටුනයක විපතක් ,ලෝකයක් වටිනා ජීවිත 239 වෙනුවෙන් , සියලුම ශ්‍රී ලංකික ජනතාව ගුවන්යානයේ ගමන් කර සියලුම ජාතින් ගේ පවුලේ අයට සෝකය ප්‍රකාස කරමි, මෙවන් අනතුරක් යලිත් නොම වෙවාහි අපි ප්‍රර්ථනා කරමු (දී)
යළි මෙවන් අනතුරු නොවේවා කියා මිනිස්සු වසර දහස් ගණනකට උඩ දීත් "දෙවියන්ගෙන්" ඉල්ලා සිටියා. ඒ කවුරුවත් දැන හිටියේ නැහැ දෙවියන් ලෝකය මවන විට ඒ සමගින් අනතුරුද මැව් බව.(නදී)
කණගාටුදායක පුවතක් සැමට නිවන් සුව (දිල්)
කිසි දිනක මේවන් අකල් මරණ වලට නොවේවා (දී)
මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා (දී)
හරිම කණගාටුයි ..ඔබ සියලු දෙනාට නිවන් සුව (දිල්)
කණගාටුව,ශෝකය ප්‍රකාශ කරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ඉතිරිවී නැහැ.ගුවන් යානය අනතුරට පත්වෙන අවස්ථාවේ එහි ගමන් කල මගීන්ගේ පැතුම් කෙසේ වන්නට ඇද්ද.?(දිල්)
මෙය ඉතාම කණගාටුදායක සිදුවීමක්. දැන් බොහෝ අය හිතන්නේ මෙය ත්‍රස්තවාදී පැහැර ගැනීමක් විය හැකි බවයි. බලධාරීන් හොයා ගෙන තියෙනවා මගීන් දෙදෙනෙක් හොර පාස්පෝට් වලින් ගමන් කර තියෙනවා කියා. මේ අතර තවත් මගින් දෙදෙනෙකු හැසිරීම් චාරය සැක සහිතයි කියා. මේ සමගම සෑම දෙනෙකුගේම බලාපොරොත්තු ඉහල ගොස් තිබෙනවා මේ මගින් නිරුප්‍රද්රිතව හොයාගත හැකි වේ යයි කියා. (අ)
පැහැර ගැනීමක් වගේ පෙන්නේ. බොහෝ දුරට ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්. පලපුරුදු අයගේ වැඩක්. මගීන්ට යහපතක්ම වේවා! (අ)
මරණයට පත්වුවන්ගේ පවුල් වල අයට කණගාටුව (දිල්)