හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.7ක් සමග පකිස්තාන ජාතිකයකු අද (25) සවස කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
දෝහා කටාර් සිට මෙරටට පැමිණි කටාර් එයාර්වේස් යානයකින් අද සවස මොහු ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු සතුව තිබූ හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 87 ක් පමණ වෙතියි කියති.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් නම් මත්ද්‍රව්‍ය වලට මරණ දඩුවම දෙන්න. ඇයි අපේ රටට මේ නීතිය නමට පමණක්? හරිම විහිළුවක්. එකපාරක් මරණ දඬුවම දුන්නා නම් ලස්සනට නවතියි කුඩු ඒම. රටක තරුණ පරම්පරාව විනාශ කරන එක මානව හිමිකමක්ද? (නි)
මේ දිනවල නිතරම කුඩු හමුවෙනවා. එ්කේ අදහස දැන් වැඩිපුර කුඩු ගේනවා කියන එකද? කලින් ආණ්ඩුව තිබුන වෙලාවේ එහෙම අදහසක් තිබුනා. තව යෝජනාවක්. දඬුවම හැටියට කුඩුවල වටිනාකම හෝ ඊට වැඩියෙන් ගෙවන්න කියමු. සල්ලි නැති කාලේ ආණ්ඩුවට හොඳ අාදායමක් වේවි. (නි)
අපේ අනාගත පරපුරට තෑගි ගෙනාපු මේ ... පකිස්තාන් මාමාව එල්ලලා දැම්මනම් හොඳි නේද ... (අ)
නරක දේවල් වෙන්න බෑ. එයාල පරිහරණය කරන්නේ ශුද්ධ වූ දේවල් විතරමයිනේ. හලාල් කුඩු වෙන්න ඇති (අ)
ශුද්ධ වූ පත පොතේ තියෙන්නේ තමන්ට පාවිච්චිය තහනම් නමුත් අන්‍යාගමිකයන්ට විකුනන්න පුළුවන් කියලනේ! (බ)
මිලියන 87 ක් කියන්නේ රුපියල් කෝටි 8.7ක් නේද? කිලෝ අටකටත් වැඩි පාර්සලයක් ප්ලේන් එකට දා ගත්තේ කොහොමද? (බ)
පකිස්තානුවන් ලොක්කාගේ අණ ඉටුකරන්නේ දේවකාරියක් කරන ලෙසටයි. අපේ රටේ සිට මොහු හසුරුවන ලොක්කා බොහෝවිට උදේ හවා පන්සිල් ගන්නා කෙනෙක් විය හැකියි. ඒ නිසා මේ දෙස ආගමික කෝණයකින් නොබලන්න. (බ)
දෙවියන් වහන්සේගේ කැමැත්ත හලාල් කරලා ගේන්න ඇති (බ)
ලංකාවේ මේ සදහා දැඩි නීති නැති නිසා බය නැතිව අරගෙන එනවා. මෙහෙම ගියොත් ලංකාවක් ඉතුරු වෙන්නේ නැත . මේ සදහා නිසි ක්‍රියා මාර්ග ගන්න.(බ)
කුඩු ගේන්නේත් විකුනන්නෙත් එකම කට්ටිය..හැබැයි බීලා විනාශ වෙන්නේ අපේ තරුණ පරපුර..මේවා කතා කළොත් ජාතිවාදය...(බ)
අපි මෙයාගේ ආගමේ විදිහට දඩුවම් දෙමු එතකොට කාටවත් ජාතිවාදය ආගම්වාදය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ! (බ)
ධම්ම,ලොක්ක කිව්වේ අර උඩම ඉන්න ලෝකේ වටේ ගිනි තියන්න උපදෙස් දෙන කෙනා නේද? (බ)
දෝහා චෙක් පොයින්ට් එකෙන් එව්වා පැන්නුවේ කොහොමද?හිතාගන්නත් අමාරුයි දෝහාවල තියෙන සිකුරිටි සිස්ටම් එකේ ප්‍රබලත්වය දකිද්දී. (ම)
කරු, ඔබේ අදහස හරියටම හරි. (නි)
කරු, මරණ දඩුවම දුන්නට වැඩක් නැහැ. ඔය මහා පෞරුෂයක් තිබුණා කියන ඉස්සර හිටිය සමහර නායකයොත් එහෙන් කිව්ව ගමන් හැරෙන තැපෑලෙන් කට්ටිය ආපසු යැව්වා. ඉතින් මේ ගොල්ලෝ ගැන අහන්න දෙයක්ද? (නි)
අපේ රටේ කන්නවත් දෙයක් නැහැ කියලා හිතලා අලුත් අවුරුද්දට ගෙනෙන්න ඇති. පව් දුප්පතා! කොහොමත් පාකිස්තාන් අය අපිට ආදරෙයි කියලා පෙනෙනවා මේ ගෙනෙන කුඩු ගෙන්නිල්ලෙන්ම. (නි)
දැන් නිතර නිතර අපි දකිනවා පාකිස්තානුවන් අපේ රටට වැඩි වශයෙන් කුඩු ගේනවා. ඒත් අල්ලාගත් ඔවුන්ට දෙන දඬුවමක් අහන්නවත් නැහැ. අපේ කෙනෙක් මොවුන්ගේ රටකදී මෙසේ අසුවුවහොත් ඔවුන්ගේ හිස ගසා මරනවා. මේ කුඩුත් සමඟ අාපසු ඔවුන්ගේ රටට පිටුවහල් කරමු. (නි)
මම හැමදාමත් කියන දෙයක් තමයි සිංහල අපිවත් දෙමළ මිනිසුන්වත් ගහ මරා නොගත යුතුයි කියලා. යුද්ධෙන් බැරිනම් කුඩ්ඩෙන් හරි ශ්‍රී ලංකාව අපි සතු කරගන්නවා කියන කාරණාව වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සි වෙනවා දිවා රෑ නොබලාම (නි)