මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම් දෙක ලබන මාර්තු 09 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.
එසේම එදිනට පෙත්සම්කාර පාර්ශවයේ හා වගඋත්තරකාර පාර්ශවයේ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ගොනු කර අවසන් කරන ලෙසද අධිකරණය නියෝග කරන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් ඉදිරියෙහි කැඳැවිනි.
පෙත්සම් කැඳවූ අවස්ථාවේ පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණයට සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා දැනටමත් ගොනු කර අවසන් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දුක කාලෝ ෆොන්සේකා මහතාත් මේවාට සම්බන්ධ වුණ එක ගැනයි (නි)
අසු පැන ගොස් ඇත (කෞ)
මොකක්ද දන්නෙ නැහැ මේකට මෙච්චරටම විරුද්ධවෙන්න හේතුව? (නි)
මෙහෙම ගිහින් පොලිස් දෙපාර්තමේන්තුවත් වහන්න කියලා කවුරුහරි ඉල්ලයිද දන්නෙ නැහැ (නි)
හොරකම් කර නැත්නම් මොකටද බයවෙන්නේ? (නි)