පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කැර සිටින හිමාලි කරුණාරත්න කෝටිපති ව්‍යාපාරික කාන්තාව ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද (20) නියෝග කළේය.
මෙම කෝටිපති කාන්තාව හැර අනෙක් සැකකරුවන් පස් දෙනා අද හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ද කිසිදු සාක්කි කරුවකු ඔවුන් හඳුනා නොගත්තේය.
කැලුම් කාවින්ද,ඩබ්ලිව් එම් ප්‍රසන්න කුමාර,එල් චතුරංග ප්‍රනාන්දු,එම් ජී අසිත කුමාර සහ අජිත් ප්‍රියංකර සෙසු සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd