මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
වෛද්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර් ගහණය කිරීම ගැන 2014.10.11 දින නිකුත් කළ ගැසට් මගින් ප‍්‍රසිද්ධ කළ සෞඛ්‍ය සේවා සටහන් වෙනස් කිරීමේ හැකියාවක් තිබේද යන්න සොයා බලන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම් සිදු කරනු ලැබුවේ තමන්ද රජයේ වෛද්‍යවරුන් ලෙස බඳවා ගන්නා ලෙස ඉල්ලා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු අනිල් ගුණරත්න මහත්වරුන් හමුවේ කැඳවන ලදී.
මෙම පෙත්සමේ සඳහන් වන්නේ වෛද්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර් ග‍්‍රහණය කිරීම ගැන සෞඛ්‍ය සේවා සටහන් 2014 ඔක්තෝබර් 11 වැනිදා නිතුත් කර ඇති අතර රාජ්‍ය විශ්ව විද්‍යාල සහ විදෙස් විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඇතුළත් කර ගැනීමට අදාළ කරුණු එහි ඇතුළත් වන අතර උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතන ඊට අදාළ නොවන බවය.
උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් වන සයිටම් ආයතනයේ උපාධි ලබන උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට ඇතුළුවීමේ අවස්ථාව එමඟින් අහිමිවන බවද එහි සඳහන් වේ.
එබැවින් එම සෞඛ්‍ය සේවා සටහන් බල රහිත කර තමන්ටද රජයේ සේවයට ඇතුළු වීමේ අවස්ථාව ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන ජූලි 05 වැනි දින කැඳවීමට නියම කළේය.
ජනාධිපති නීතීඥ පාලිත ප‍්‍රනාන්දු මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන්, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ ෆරීඩා බාරි මහත්මිය පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ පුද්ගලික වෙද විදුහල රජයට පවරාගෙන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් කළයුතුය. දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් ඇති සිසුන්ට පමණක් උපාධිය ලබාගැනීමට අවස්ථාව දුන්නට කමක් නැහැ. නැත්නම් ඉන්දියාවේ මෙන් රට පුරා උපාධි කඩ බිහිවී අපේ උපාධියට ඇති ජාත්‍යන්තර පිළිගනිම නැතිවී යාවි. අලුතින් රාජ්‍ය විශ්ව විද්‍යාල බිහිකර උසස්පෙළ සමත් සියලු දෙනාට සරසවි වරම් ලබාදීමට රජයට බලකරමු. එවිට අපේ රටේ දරුවන්ට ලෝකයේ ඕනෑම රටක රැකියාවක් කර රටට විදේශ විනිමය උපයාදීමට හැකිවේවි. (නි)
උසස් පෙලට ලකුණු කිහිපයක් අඩුවීමෙන් වෙද විදුහලට යන්න නොහැකි වුණත්, දක්ෂතාවය තිබෙයි නම්, වෙදකම ඉගෙනගෙන ඉහළට එන්න පුළුවන්. ලකුණු වලින්ම ළමයෙක්ගේ දක්ෂතාවය මනින්න බැහැ. මෙයාලට ප්‍රමිතියක් ඇති විභාගයක් පවත්වා සමත්වෙන අය රජයේ වෙදකමට බඳවාගන්නයි තියෙන්නේ. රටේ දොස්තරලත් මදිනේ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඉතා හොඳ වැඩක්. 180 ට වඩා ලකුණු ගත් ළමුන් විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූවන්. රජය පහසුකම් සලසන්නේ නැත්නම් දරුවන් පුද්ගලික අංශයෙන් හෝ ඉගෙනගත යුතුයි. එක ලකුණකින් හෝ ලකිනු දෙකකින් කැපුණු ළමුන් තව අවුරුද්දක් කාලය කාදමීම හරිද?(හේ)
දැන් ඉතින් අපිටත් සිංගප්පුරුවේ යන්න වෙයි බෙහෙත් ගන්න. රටට වෙන්න යන දෙයක්! (නි)
රුචිර, ඉතින් හොඳ නැද්ද ඔය විද්‍යාලයත් රජයට පවරාගන්න යෝජනා කළා නම්. එතකොට හැබැයි ගෘහවිද්‍යාව කරපු අයටවත්, කලා විෂයන් කරපු අයටවත්, උසස්පෙළ අසමත් අයටවත් යන්න වෙන්න නැහැ. (නි)
මහේෂ්, වෛද්‍ය සභාවේ විභාග අසමත් කිසි කෙනෙකුට මෙහෙ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වෙන්න බැහැ. (නි)
පිටරට වලින් ගන්න උපාදි වලින් රජයේ රැකියා වලට බදවා ගන්නවානම් මේ ආයතනයෙන් උපාදි ගත්තු සිසුන්ටත් ඒ අවස්ථාව ඒ අයුරින්ම හිමිවිය යුතුයි එහෙම එපා කියනවනම් අපේ රජයේ කියන වෛද්‍ය සංගමයට ලෝකේ සියලුම වෛද්‍ය ආයතන නියාමනය කරන්න අවස්ථාව දිය යුතුයි. (ර)
හෙදියන්ට උපාධි පාඨමාලාවක් පටන් ගන්නකොට එකට විරුද්ධව වර්ජනය කරපු මිනිස්සු ඉන්න රටේ, රජයෙන් විශ්ව විද්‍යාලවලට ගන්න සංඛ්‍යාව අඩු නිසා ඉගෙනීමේ වරම් අහිමි වූ දරුවන් ඉගෙනගන්නවට විරුද්ධව පෙළපාලි යන රටේ, මොකක්ද ලැබිය හැකි සාධාරණය? මේ ළමයි උසාවි ගිහින් තමන්ගේ සාධාරණ අයිතිය ඉල්ලනකල් රජය බලා හිටිය එකත් වැරදියි. රජය මීට බොහොම කලින් ඒ තීරණය අරන් තියෙන්න ඕන.(හේ)
එතකොට ඔය කියන විදිහට උසස්පෙළට ගෘහ විද්‍යාව කළ නෝනලාත් අපිට බෙහෙත් දෙයිද? (නි)
මෙහෙම වෙනවා කියලා අපි දැනගෙන හිටියා. (නි)
ලංකාවේ පෞද්ගලික පාසල්වල ඉගෙනගත් අහිංසක ළමයින්ට දේශීය විශ්ව විද්‍යාල වලට ඇතුළත්වෙන්න වරම් නැහැ. ඒ වුණාට සල්ලි වලට උපාධි ගත් අයට ආණ්ඩුවේ රැකියා! (නි)
මෙයාලගෙන් බෙහෙත් ගන්න අයට දෙවියන්ගේම පිහිටයි! (නි)
දරුවනි, සැළෙන්න එපා. මම සාමාන්‍ය පෙළ විතරයි සමත්. ඉන්ජිනේරු පාඨමාලාවක් කර දැන් විදෙස් රටක ඉංජිනේරුවරයෙක් වශයෙන් වැඩ කරමි (නි)
හේරත් බණ්ඩාර, අනේ ඔයාට පුලුවන්නම් ඉන් එක්කෙනෙකුට එහෙම රැකියාවක් හොයලා දෙන්නකෝ අපිටත් බලන්න. (නි)
ලෝකේ කිසිම වෛද්‍ය සභාවකින් පිළිගත්තේ නැති උපාධියකට කවුද රැකියා දෙන්නේ? (නි)
උසස් පෙළින් ඒ-3 ලබා විද්‍යා පීඨයට යන්න බැරිවුණු සියලු දරුවන්ම වෛද්‍යවරයෙකු වීමට සදාතනික නොසුදුස්සෙක් හෝ නූගතෙක් නොවේ. ඔවුන් සයිටම් එකෙන් උපාධිය ගන්නෙත් වසර 5 තිස්සේ විභාග ගණනාවක් සමත් වෙලා. මම ඉන්න ඇමරිකාවෙත් ඕනෑතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා. ඒවායින් බිහිවෙන වෛද්‍යවරුන් සාර්ථකව රාජකාරී කරනවා (නි)
මේ දරුවන්ට වගේම ඉදිරියේ එන්නට ඉන්න දරුවන්ටත් සාධාරණයක් වුණොත් යහපත්. (නි)
හෙට දවසේ නිසි කළමනාකරණ තත්වයෙන් පවත්නා සියලු අංගවලින් සමන්විත සමහර පෞද්ගලික රෝහල් වල දොරටු ඔවුනට වැසී ගියොත් රට හැර යාමට හැර වෙනත් විකල්පයක් ඇද්ද...? (නි)
මේක විශාල පිළිලයක් වෙන්න යන්නේ. තවත් කල් නොයවා ඉක්මනින්ම මෙය නවතා දැමිය යුතුයි. නැත්නම් ඉන්දියාවේ වගේ රට පුරාම උපාධි කඩ බිහිවී අපේ රටේ උපාධියට ඇති ජාත්‍යන්තර පිළිගැනිම නැති වී යාවි. ඒ අතරම අධ්‍යාපනයට අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩි කර අලුතින් රාජ්‍ය විශ්ව විද්‍යාල බිහි කිරීමට රජයට බල කළයුතුයි. අධ්‍යාපනය රටකට හොඳම ආයෝජනයයි. (නි)
මාලඹේ උපාධි සිසුනි, ඔබට ලොව කොතනත් රැකියා ඇත. එබැවින් බියවිය යුතු නැහැ. මෙහෙම කියන මම ඇමරිකාවේ මහාචාර්යවරයකු ලෙස වැඩකරන ලාංකිකයෙකි (නි)
උසස්පෙළට එස් 3 ලබා පිටරට ගිහින් උපාධිය ගත් අයට රජයේ සේවයට එන්න පුළුවන් නම් මාලඹේ අයට බැරිද? (නි)
අඩු පඩි ගන්න මොකට ආණ්ඩුවේ රෝහල් වලට එන්න අහනවද මේ ළමයි? වියදම් කරපු සල්ලි හොයාගන්න ප්‍රයිවෙට් චැනලින් වලට යන්න දරුවනේ. (නි)
අපි සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙනවා (නි)
උසස්පෙළට එස් 3 ලබා පිටරට ගිහින් උපාධිය ගත් අයට රජයේ සේවයට එන්න පුළුවන් නම් මාලඹේ අයට බැරිද?(හේ)
මගේ අම්මෝ! මම නම් මේ අයගෙන් බෙහෙත් අරන් මාරයාගේ ගෙදරට යන්නේ නැහැ. (නි)
කරන්න යන දේ නම් හොදයි වගේ.(හේ)
උසස් පෙළින් වෛද්‍ය විද්‍යාලයට යන්නට අසමත්වුණු මාලඹේ දරුවනි, මගේ අද උපන් බිලිඳා ඔබට භාරදී මම කෙසේ සැනසෙන්නද? අප ගැනත් හිතනු මැන දරුවනි. (නි)