මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් හෝ අර්ධ රාජ්‍යය ආයතනයක් ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හෝ සාකච්ඡා කිරීමට ආණ්ඩුව ආරාධනයක් කළහොත් ඒ සඳහා සූදානම් යැයි එම උපකුලපති ආනන්ද සමරසේකර මහතා අද (28) පැවැසීය.
වෛද්‍ය සිසුන්ට ප්‍රසූතිකාගාර වලට යෑමට නොදෙන බංගලාදේශයේ හා චීනයේ වෛද්‍ය විද්‍යාල පිළිගන්නා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙසේ හැසිරෙන්නේ කුමක් නිසා දැයි මහාචාර්ය වීරසේකර මහතා විමසා සිටියේය.
“අපේ දරුවෝ ඕනෑම විභාගයකට සහභාගී කරවන්න කැමැතියි යැයි ද ඔවුන්ව ඕනෑම විභාගයකට තියා පරීක්ෂා කර බලන්න යැයි ද වීරසේකර තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම වෛද්‍ය විද්‍යාල වලට උපෙළ එස් තුනක් ගත් අය ඇතුළත් කරගැනීමට ඉඩදෙන්න. වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විභාග සමත්වීම සිසුන්ගේ දක්ෂතාවය අනුව සිදුවේවි. (නි)
රජයට පවරගෙන නඩත්තු කරන්න වෙන්නේ තවත් බදු ගහලා. අවශ්‍ය වෙන්නේ ප්‍රමිතිය ඉහළ දැමීමයි. එක රජරට වෛද්‍ය පීඨයටත් අදාළ විය යුතුයි. (ම)
ජනසතු කළොත් එයත් ඉවරයි(අ)
මේ ආයතනය ප්‍රමිති ගත කරන්න .පිටරට යන සල්ලි නවත්තන්න.පිටරට අයත් මෙහෙට ගෙන්න තව මේවගේ ආයතන ඇතිකරන්න ඕනේ.රටකට විශාල විදේශ විනිමයක් ලබන්න පුළුවන් ක්ෂේත්‍රයක් .බලන්න අනිත් රටවල් අපේ කලාපයේ ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් කොච්චර රටට සල්ලි හොයනවද කියල. (අ)
ජනසතු කරන්න. ඊළඟට දේශපාලනය රිංගවන්න. නවක වදය දෙන්න. වෘත්තිය සමිති ශිෂ්‍ය සමිති අටවන්න. ඒවා දේශපාලන බළල් අත් බවට පත්කරන්න, නුසුදුස්සන් වන්දිබට්ටකම් වලට රැකියා වලට එවන්න. වසර පුරාම උද්ඝෝෂණ කරන්න. කැට හොල්ලන්න. ජනසතුකිරීමේ පුරාජේරුව කියවන්න. (නි)
දැන්වත් මොළය පෑදෙනවා නම් හොඳයි. මේවා රටකට තිබියයුතු දේවල්. නිකන් බොරුවට පෙළපාලි යනවා. අපරාදේ රටේ ජනතාවගේ මුදල් (නි)
අපේ රටට තව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. මෙහි ඉගෙනුම ලබන ළමයින්ට ඉක්මනින් සාධාරණයක් ඉටුකර, සායනික පුහුණු ප්‍රමිතිය වැඩිකිරීමට රජයේ රෝහල් ලබාදෙන්න. මෙය රටට ඉතාම අවශ්‍ය දෙයක්. (නි)
මේ කටයුත්ත ආරම්භ කල දින සිට මේ විදිහට නොයෙකුත් ප්‍රශ්න ඇති උනා නමුත් පිට රටවල ගොස් ඉගෙනුම ලබා එන අයට මේ කිසිම ප්‍රස්නයක් නෑ මේ ආයතනය ජනසතු කර මෙතෙක් ඉගෙනගත් දරුවන්ට සාදාරනයක් කිරීම ජනපති තුමාගේ වගකීමයි. (ර)
අැති අය සල්ලි දීලා උපාධිය අර් ඒ සල්ලි හම්බ කරගන්නතුරු ආත්මයම පාවාදෙයි. ඒත් නැති අය? (නි)
සුපුන්ගේ කතාව මසුරන් වටිනවා. (ර)
මට හිතෙන්නේනම් හොඳම දේ රජයට පවරාගන්න එක. වෛද්‍ය උපාධියක් කියන්නේ ලක්ෂ 120 කට විකුණන්ඩ ඕන දෙයක් නෙමේ. වැදගත්ම දේ ගුණාත්මක භාවය. නැත්නම් අහිංසක රෝගී ජීවිත අවදානමකට ලක්වෙනවා. ශි ලංකා වෛද්‍ය සභාව කියනවනම් ප්‍රමිතිය නෑ කියල, වෛද්‍ය සභාවේ නිලධාරීන්ට බලපෑම් කළා කියල එකේ ප්‍රමිතිය ඇතිවෙන්නේ නෑ. (ර)
ජනසතු කලොත් මේ ළමයි ටිකත් දොස්තර මුදලාලිලා වෙයි. සල්ලි නැති ලෙඩ්ඩු මැරෙයි. (ර)
මගේ දරුවා සයිටම් එකට දැම්මේ එකේ ප්‍රමිතිය හොද නිසා. (ර)
තව තවත් මේ වගේ ආයතන නිසි ප්‍රමිතියකින් ආරම්භ කළයුතු වගේම කුහක වෛද්‍ය සංගම් වල ඒකාධිකාරය බිඳ දැමිය යුතුයි. මේ ළමය්න්ටත් හොඳ අනාගතයක් හැදිය යුතුමයි. (නි)
එක අතකට මොන සාකච්ඡද? උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලෙට යන්න බැරි උන අයට ත්‍රී වීලර් රථයක් ලබාදීමේ ක්‍රමයක් තිබුනා නම් ශෝක්නෙ? අන්න එහෙමනේ අපේ තරුණ පරපුර ගොඩ දාන්න ඕනා. (ර)