IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මාලඹේ කට්ටිය සාකච්ඡාවට සුදානම්

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් හෝ අර්ධ රාජ්‍යය ආයතනයක් ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හෝ සාකච්ඡා කිරීමට ආණ්ඩුව ආරාධනයක් කළහොත් ඒ සඳහා සූදානම් යැයි එම උපකුලපති ආනන්ද සමරසේකර මහතා අද (28) පැවැසීය. 

වෛද්‍ය සිසුන්ට ප්‍රසූතිකාගාර වලට යෑමට නොදෙන බංගලාදේශයේ හා චීනයේ වෛද්‍ය විද්‍යාල පිළිගන්නා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙසේ හැසිරෙන්නේ කුමක් නිසා දැයි මහාචාර්ය වීරසේකර මහතා විමසා සිටියේය. 

“අපේ දරුවෝ ඕනෑම විභාගයකට සහභාගී කරවන්න කැමැතියි යැයි ද ඔවුන්ව ඕනෑම විභාගයකට තියා පරීක්ෂා කර බලන්න යැයි ද  වීරසේකර තවදුරටත් කීවේය. 



අදහස් (0)

මාලඹේ කට්ටිය සාකච්ඡාවට සුදානම්

ධම්ම Thursday, 28 July 2016 02:04 PM

සියලුම වෛද්‍ය විද්‍යාල වලට උපෙළ එස් තුනක් ගත් අය ඇතුළත් කරගැනීමට ඉඩදෙන්න. වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විභාග සමත්වීම සිසුන්ගේ දක්ෂතාවය අනුව සිදුවේවි. (නි)

:       0       0

ජයරත්න Friday, 29 July 2016 09:07 AM

රජයට පවරගෙන නඩත්තු කරන්න වෙන්නේ තවත් බදු ගහලා. අවශ්‍ය වෙන්නේ ප්‍රමිතිය ඉහළ දැමීමයි. එක රජරට වෛද්‍ය පීඨයටත් අදාළ විය යුතුයි. (ම)

:       0       0

ජයා Thursday, 28 July 2016 04:00 PM

ජනසතු කළොත් එයත් ඉවරයි(අ)

:       0       0

සමීර Thursday, 28 July 2016 04:21 PM

මේ ආයතනය ප්‍රමිති ගත කරන්න .පිටරට යන සල්ලි නවත්තන්න.පිටරට අයත් මෙහෙට ගෙන්න තව මේවගේ ආයතන ඇතිකරන්න ඕනේ.රටකට විශාල විදේශ විනිමයක් ලබන්න පුළුවන් ක්ෂේත්‍රයක් .බලන්න අනිත් රටවල් අපේ කලාපයේ ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් කොච්චර රටට සල්ලි හොයනවද කියල. (අ)

:       0       0

සුපුන් Thursday, 28 July 2016 07:36 PM

ජනසතු කරන්න. ඊළඟට දේශපාලනය රිංගවන්න. නවක වදය දෙන්න. වෘත්තිය සමිති ශිෂ්‍ය සමිති අටවන්න. ඒවා දේශපාලන බළල් අත් බවට පත්කරන්න, නුසුදුස්සන් වන්දිබට්ටකම් වලට රැකියා වලට එවන්න. වසර පුරාම උද්ඝෝෂණ කරන්න. කැට හොල්ලන්න. ජනසතුකිරීමේ පුරාජේරුව කියවන්න. (නි)

:       0       0

නවරත්න Thursday, 28 July 2016 09:02 PM

දැන්වත් මොළය පෑදෙනවා නම් හොඳයි. මේවා රටකට තිබියයුතු දේවල්. නිකන් බොරුවට පෙළපාලි යනවා. අපරාදේ රටේ ජනතාවගේ මුදල් (නි)

:       0       0

ගමගේ Friday, 29 July 2016 04:12 AM

අපේ රටට තව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. මෙහි ඉගෙනුම ලබන ළමයින්ට ඉක්මනින් සාධාරණයක් ඉටුකර, සායනික පුහුණු ප්‍රමිතිය වැඩිකිරීමට රජයේ රෝහල් ලබාදෙන්න. මෙය රටට ඉතාම අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

ශාන සෞදි Thursday, 28 July 2016 12:24 PM

මේ කටයුත්ත ආරම්භ කල දින සිට මේ විදිහට නොයෙකුත් ප්‍රශ්න ඇති උනා නමුත් පිට රටවල ගොස් ඉගෙනුම ලබා එන අයට මේ කිසිම ප්‍රස්නයක් නෑ මේ ආයතනය ජනසතු කර මෙතෙක් ඉගෙනගත් දරුවන්ට සාදාරනයක් කිරීම ජනපති තුමාගේ වගකීමයි. (ර)

:       0       0

තත්සරණී Sunday, 31 July 2016 06:58 PM

අැති අය සල්ලි දීලා උපාධිය අර් ඒ සල්ලි හම්බ කරගන්නතුරු ආත්මයම පාවාදෙයි. ඒත් නැති අය? (නි)

:       0       0

උපාලි Friday, 29 July 2016 05:20 AM

සුපුන්ගේ කතාව මසුරන් වටිනවා. (ර)

:       0       0

ධනුෂ්ක Friday, 29 July 2016 05:26 AM

මට හිතෙන්නේනම් හොඳම දේ රජයට පවරාගන්න එක. වෛද්‍ය උපාධියක් කියන්නේ ලක්ෂ 120 කට විකුණන්ඩ ඕන දෙයක් නෙමේ. වැදගත්ම දේ ගුණාත්මක භාවය. නැත්නම් අහිංසක රෝගී ජීවිත අවදානමකට ලක්වෙනවා. ශි ලංකා වෛද්‍ය සභාව කියනවනම් ප්‍රමිතිය නෑ කියල, වෛද්‍ය සභාවේ නිලධාරීන්ට බලපෑම් කළා කියල එකේ ප්‍රමිතිය ඇතිවෙන්නේ නෑ. (ර)

:       0       0

චන්ද්‍රා Friday, 29 July 2016 05:42 AM

ජනසතු කලොත් මේ ළමයි ටිකත් දොස්තර මුදලාලිලා වෙයි. සල්ලි නැති ලෙඩ්ඩු මැරෙයි. (ර)

:       0       0

අජිත් Friday, 29 July 2016 06:01 AM

මගේ දරුවා සයිටම් එකට දැම්මේ එකේ ප්‍රමිතිය හොද නිසා. (ර)

:       0       0

දොන් Thursday, 28 July 2016 01:37 PM

තව තවත් මේ වගේ ආයතන නිසි ප්‍රමිතියකින් ආරම්භ කළයුතු වගේම කුහක වෛද්‍ය සංගම් වල ඒකාධිකාරය බිඳ දැමිය යුතුයි. මේ ළමය්න්ටත් හොඳ අනාගතයක් හැදිය යුතුමයි. (නි)

:       0       0

විකුම් රංගන Friday, 29 July 2016 06:43 AM

එක අතකට මොන සාකච්ඡද? උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලෙට යන්න බැරි උන අයට ත්‍රී වීලර් රථයක් ලබාදීමේ ක්‍රමයක් තිබුනා නම් ශෝක්නෙ? අන්න එහෙමනේ අපේ තරුණ පරපුර ගොඩ දාන්න ඕනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site