
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොරු සමඟ ,නයි පෙන්වූ අය සමඟ එකතු වුනා යැයි මාලිමාවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි නිසා පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට සහාය නොදී සිටීමට තම පක්ෂය තීරණය කළ බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා (සර්වජන බලය) පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා එක්වන ලෙස වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී තමාට ආරාධනාවක් කර තිබූ බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර දීම සඳහා එම යෝජනාවට එකඟ නොවී සිටීමට තීරණය කළ බවද කීය.
"ආණ්ඩුව සමඟ එක්ව පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම වගේ වැඩ වලට සම්බන්ධ නොවී ඉන්න අපට සිදුවෙනවා.ඒ ඔබතුමාලගේ පක්ෂයේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහායි. නැත්නම් ඒක එන්.පී.පී එකට හොඳ නෑ. හොරු සමග එකතුවෙලා, නයි පෙන්නපු අය සමග එකතුවෙලා කියලා ඔබ පක්ෂයට චෝදනාවක් එන්න පුළුවන්" යනුවෙන්ද දිලිත් ජයවීර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිත් හිතලා තියෙන තරමක්, ඇන්ටිජන් වලින් ගසා කෑ නිරෝධායනයෙන් ගසා කෑ, රාජපක්ෂලා එක්ක එකතුවෙලා ගේම් ගැහුව එකෙක් කොහොමටවත් මාලිමාව පැත්ත පලාතකට ගන්නේ නැහැ !
ව්‍යංගාර්ථයෙන් දුන් නියම කණේ පහරක් !
හොරු පාර්ලිමේන්තුවට යන්න හොඳත් නෑ. ගෙදර නවතින්න. පක්ෂයක් අටවගෙන සල්ලි දීල ජාතික ලැයිස්තුවෙන් ආව වගේ තමයි.
PCR case එක ෂේප් කරගන්න පුළුවන්. නියම මොලකාරයා. හයර් යන එක නවත්ත ගන්න දැන්මම ක්‍රියාත්මක උනා.
ආරංචි විදියට දිලිත් හෙට අනිද්දා හිරේ යනවා ලු හිරු රෙනෝ සිල්වා එක්ක. ඒකයි මේ අලුත් සෙල්ලමක් දාන්න යන්නේ.
වසන්ත සහෝදරයා කලෙත් ව්‍යංගයෙන් කල සමච්චලයක් බව තේරැම් ගන්න ඔබේ මොලේ මදිද මැක්ස්?
අනේ මැක්ස් දැන්වත් ඔය ඇඩියාව නවත්ත ගන්නවද සහාය දුන්නත් මෙයාලගෙ සහාය ආණ්ඩුව ගන්නෙ නෑ.
ඇන්ටිජන් හොරු සමග නයි පෙන්නපු අය සමග විතරක් නෙවෙයි මහ බැංකු හොරෙක් කියලා හංවඩු ගහපු ලොක්කෙක් එක්කත් සාකච්චා කරලා. හොරු සමග එකතු වෙන්න හදන්නේ හොරු නොවේද?
මැක්ස් වගේ හොර බත් බැලයන්ට මෙයාලා ඉතින් වැඩ්ඩෝ. චන්දයක් අරන් පාර්ලිමේන්තු එන්න බැරි පිනට ආපු කට වචාලයෝ!
මැක්ස් තමන්ම තමන්ගේ කමෙන්ට් වලට ලයික් දා ගන්නවා. අනිවා පොහොට්ටුවේ කෙනෙක්.
රෙදි නැතුව කඩේ යන්න හදනවා.