වී විකුණා ගැනීමට නොහැකිව ගොවීන් මුහුණ පා සිටින ගැටළුවට ලබා දෙන විසඳුම කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙය අට වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවට යොමු කරන පළමු ප්‍රශ්නය ද වේ.
ස්ථාවර නියෝග 23/2 යටතේ මෙම ප්‍රශ්නය යොමු කරන බව දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඬ නැඟුවට නම් කමක් නැහැ. හැබැයි නිකන් ලකුණු දාගන්න කෑගහන්නේ නැතුව. (නි)
"අයියෝ සල්ලි"! (නි)
වී මිලදීගෙන ගබඩා කරන්න තැනක් නැති නිසඊයි ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අතපසු වෙන්නේ.ඒ නිසයි පාලුවට යන මත්තල ගුවන්තොටේ ගබඩා වල වී තබන්න අදහස් කළේ (නි)
තමන්ගේ වාසියට වැඩ කරන්න එපා. ගොවියාගේ ප්‍රශ්නය විසදිලා ඉවරයි. (ම)
බණ්ඩාර, දැන් ඔයා කියන්නේ මේ ප්‍රශ්නය කතාකරන්න එපාද? (නි)
දේශයේ හර්ද සාක්කිය සමග පෙරට (අ)
මට නම් මුල්ම ප්‍රශ්නය ඕගොල්ලන්ගේ නංගි පෙන්නලා අක්කාව දුන්නා ජාතික ලැයිස්තුවයි (ම)
වෙලාවට ගබඩා හිස් නොකළේ ඇයි කියලත් අහන්න තිබුන වී සහල්කර අලවි කළා නම් හාල් මිලත් අඩුවෙන්න තිබුනා දැන් මේ කන්නයෙ වී ගබඩා කරන්න තැනක් නැත්තෙ මේකයි (අ)
ප්‍රශ්නය නම් කාලෝචිතයි. ඒත් ප්‍රශ්නය සමඟම ඒ සඳහා තමන්ගේ විසඳුමත් යෝජනා කරනවා නම් තමයි වඩාත් සාධනීය වෙන්නේ. ප්‍රශ්න කිරීම සහ විවේචනය කිරීම පමණක් නෙමෙයි විපක්ෂයේ කාර්ය වෙන්නේ කියලා පෙන්නුම් කරන්න මේක හොඳ අවස්ථාවක් ජවිපෙට. (නි)
නළු නිලියෝ, හොරු, මැරයෝ, ඡන්දෙන් පත් කරලා පාර්ලිමේන්තු යැව්වට අන්තිමට මේ වගේ ප්‍රශ්නයක් ගැන කතාකරන්න ඉන්නේ මේ ගොල්ලෝ තමයි.(නදී)
ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන දැනුම කොයිවගේද කියලත්, ඒ වගේම දේශපාලන වහල්බාවයේ තරම මොනවගේද කියලත් මේ අදහස් බැලුවහම තේරෙනවා.අසරණ ගොවියෝ ගැන හඬනඟන කෙනා වැරදිලු. (නි)
එල
සුමනපාල ඔයා හරි එ්කයි ඇත්ත (බ)
මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ විවාද කර කර ඉන්නවට වඩා ඒ ඒ පළාත් වල අපේක්ෂිත අස්වැන්න මිලදී ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සහිත ජාතික වැඩ පිළිවෙලක් යෝජනා කළොත් එය අගය කළ හැක. (බ)
ඔව් ඉතින් රටේ ප්‍රශ්න නොතිබ්බොත් ජෙප්පෝ ඉවරයි. රටේ ජාතිකත්වය නැති කරන්නේ, බෞද්ධයාගේ බෞද්ධකම නැති කරන්නේ ජෙප්පෝ තමයි (බ)
හොඳදේක හොඳක් දකින්න බැරි මිනිස්සු ඉන්න රටක් ලංකාව (නි)
ඉතින්, අැයි රටේ ප්‍රශ්න තියන්නේ කාටත් අහන්න පුළුවන්නේ විසදන්න (ම)