කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්නා මහමෙව්නාවේ තවත් භාවනා අසපුවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සඟ සතුකර පූජා කෙරිණි. අක්කර හතක භූමියක ඉදිකළ මෙම අසපුව පූජා කිරීමේ පිංකම කඩවත විජිතවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
අසපු භූමිය මිලට ගැනීමට ශ්‍රී ලාංකිකයන්ද වෙනත් රටවල පරිත්‍යාගශීලීන්ද ආධාර උපකාර කළ බව විජිතවංශ හිමියෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාර්යයට උරදී සිටින අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායූ ලැබේවා! සාදු...සාදු...සාදු...!! (නි)
ශාන්, ඕස්ට්‍රේලියාව බහුසංස්කෘතික රටක්. (නි)
දැන් බොහෝ කතෝලික රටවලත් බුද්ධිමත් මිනිසුන් බුද්ධාගම වැළඳගන්නවා. එහි තවත් ප්‍රතිඵලයක් මෙය (නි)
තමන්ට කැමති ආගමක් ඇදහීම තමන්ගේ නිදහස. ඒකයි වෙන්න ඕනෑ. (නි)
ඉතාමත් හොඳ වැඩක්. වෙන්න ඕනෑ එවැනි දේවල් වලට යොමුවෙලා මනස දියුණු කරගන්න එකයි. එයින් මනුෂ්‍යයන්ට උදවු කරන එකයි. එහෙත් ගොඩක් මනුෂ්‍යයින් ඇවිදින සොහොන් ගෙවල් වගෙයි. හිතේ කිසිම පින්වන්තභාවයක් නැහැ. (නි)
නියම බෞද්ධ කොඩි මේ තියෙන්නේ (නදී)
සාදු, සාදු, සාදු!!! මෙය දැකබලා අනුමෝදන්වීමත් අපි කළ පිනක්. ස්වාමින් වහන්සේලාට දීර්ඝායු ලැබේවා! (නි)
ඕස්ට්‍රේලියාව කතෝලික රටක් වුණත් ආගම කරගහගෙන නැහැ. වැඩිදෙනෙක් කිසිම ආගමක් අදහන්නේ නැහැ.බුදුදහමට බොහොම ගරු කරනවා. (නි)
සාදු! සාදු!සාදු! (නි)
සාදු, සාදු, සාදු. ලංකාවේදී මම කඩුවෙල මහමෙවුනාවට ගියා සෙනසුරාදා දවස් වල. හිතට දැනුනේ පුදුම සැහැල්ලුවක්. එ්ත් දැන් අවුරුදු තුනක් තිස්සෙම හිතින් විඳවනවා. දුර රටක ඉන්න මට පන්සලක් පේන මානයකවත් නැහැ. මම ඉන්නේ ඉරේලන්ඩ් වල. ස්වාමීන් වහන්ස මේ රටෙත් මහ මෙවුනාවක් පිහිටවන්න හිතට සැනසීමක් ලබාගන්න . (නදී)
උතුම් පිනක්.... (නි)
සාදු සාදු!! (නි)
යමෙක් දන්පැන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ... වස්ත්‍ර දුන්නොත් තමයි හැඩරුව දුන්නා වෙන්නේ... යාන වාහන දුන්නොත් තමයි සැප දුන්නා වෙන්නේ.. ආලෝකය දුන්නොත් තමයි ඇස් දුන්නා වෙන්නේ... "යම් කිසි කෙනෙක් සංඝයා උදෙසා ආරාම සෙනසුන් පුජා කරන්නේ නම් ඔහු හැම දෙයක්ම දුන්නා වෙනවා" (දිල්)
බොහොම හොද වැඩක් එත් ලංකාවේ අලුතෙන් කිතුණු දේවස්ථානයක් හැදුවොත් මොකද්ද වෙන්නේ මේ දේවල් තමයි වෙනස් වෙන්න ඕනෑ. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ කතෝලික රටක් නේ (දිල්)
යමෙක් දන්පැන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ. වස්ත්‍ර දුන්නොත් තමයි හැඩරුව දුන්නා වෙන්නේ. යාන වාහන දුන්නොත් තමයි සැප දුන්නා වෙන්නේ. ආලෝකය දුන්නොත් තමයි ඇස් දුන්නා වෙන්නේ. "යම්කිසි කෙනෙක් සංඝයා උදෙසා ආරාම සෙනසුන් පුජා කරන්නේ නම් ඔහු හැම දෙයක්ම දුන්නා වෙනවා" (නි)