මංගල උත්සව සඳහා වූ ප‍්‍රදර්ශන කලාවට නවමු අත්දැකීමක් ගෙන දෙමින්, මෙයට වසර අටකට පමණ පෙරදී ආරම්භ කළ , "Asia Exhibitions" (ඒෂියා ප‍්‍රදර්ශන) ආයතනය මගින් සංවිධානය කරනු ලබන ”වෙඩින් ෂෝ” ප‍්‍රදර්ශනය මෙතෙක් පැවැත්වූයේ ශ්‍රී ලංකාවේදී පමණකි. මෙම මංගල උත්සව ප‍්‍රදර්ශන ජාත්‍යන්තරය කරා ගෙන යාමේ අරමුණ ඇතිව ප‍්‍රථම වතාවට ”වෙඩින් ෂෝ” ප‍්‍රදර්ශනය ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය පැවැත්වෙන්නේ මෙම 27 සහ 28 වැනිදා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ස්ප‍්‍රිංවැලි නගර ශාලාවේදීය.
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සංස්කෘතික පාලමක් තැනීම සහ මෙරට සංස්කෘතික අංගයන් එරට ප‍්‍රචලිත කිරීම සංවිධායකයින්ගේ ප‍්‍රධාන අරමුණ වෙයි.
මෙල්බර්න් නුවර වෙසෙන, ශ්‍රී ලාංකික ජනතාවට මෙම ප‍්‍රදර්ශනය හා එක්වීමෙන් මෙරට මංගල ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකට විවිධ පාර්ශවයන් හමුවිය හැකි බව ඒෂියා ප‍්‍රදර්ශන ආයතනයේ සාමාන්‍යාධිකාරී සුබෝධ බස්නායක සඳහන් කරයි.
මෙම මෙල්බර්න්හි පැවැත්වෙන මංගල උත්සව ප‍්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගම වන අතර, විජය පුවත්පත් සමාගමේ ප‍්‍රකාශන ඇතුළත් කුටියක් ද The Wadding Show @ Melbourne ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරට පහතරට මනමාලින් අන්දන සම්ප්‍රදායක ක්‍රමයක් තිබෙනවා. කරුණාකර සාරිය ඔසරිය විකෘති කරන්නේ නැතුව නව නිර්මාණ සඳහා වෙනම දෙයක් යොදාගන්න. (නි)
රටට අභිමානයක් (නි)
ඔක්කොම ලස්සනයි. හැබැයි මනමාලි තව ටිකක් ඉණ හරිය වැහුවා නම් නේද හොඳ? (නි)
සිඩ්නි ඩාලින් හාබර් හෝ ඔපෙරා ශාලාවට ගෙනෙන්න. ඕස්ට්‍රේලියාවේ රුපවාහිනී ප්‍රවුර්තිවලට දෙන්න. සන් රයිස් උදෑසන වැඩ සටහනේ අංගයක් හැටියට සිඩ්නි නගරයේ මාටින් ප්ලේස් එකේ නොමිලේ දර්ශනයක් තියන්න. ලෝකයම අපේ ලස්සන දකීවි (හේ)
මේක ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට කියන්නේ. මෙල්බර්න් වල තියන්න පුළුවන් හැම සංදර්ශනයම තියලා තියලා ඉවර වුණ තැන පස්සේ අමුතු දේවල් කරනවා. කතා කරන්නේ සංස්කෘතිය ගැන. ඒත් අඳින්නේ ටයි කෝට්. කතාව ඉංග්‍රීසියෙන්. මේවා තිබ්බට මේ විදියට ඇඳලා මඟුල් ගන්න අය එහේ නැහැ. එහේ අය මෙහෙ එනවා මෙහෙම මඟුල් ගන්න. (නි)
නියම උඩරට නළල් පටිය සහ ආභරණ කට්ටලය සමඟ, සංවරව ඔසරිය ඇන්ද මනාලියක් කොතනකවත් දකින්න නැහැ. හැමෝටම ඕනෑ වෙනසක් පමණයි. වෙනසෙන් නියම පෙනුම කැත වෙනවද /නැද්ද කියලා කවුරුත් හිතන්නේ නැහැ. කරුණාකරලා සම්ප්‍රදායික මනමාලියකුත් අන්දවන්න අනිකුත් වෙනස් විලාසිතා සමඟ. කැමති කෙනෙක් ඇත්නම් සම්ප්‍රදායික ඇඳුමෙන් හැඩවෙන්න ඇනවුමක් භාරදෙයි. අනෙක් අය අලුත් දේවල් වලට කැමති වෙයි. මනාලියගේ සිරුර බාගෙට වහන හැට්ට වලින් අශෝභන බවක් ඇතිවේ. මංගල ඇඳුමේ තිබෙන සංවර බව සහ ගාම්භීර බව නැති කරන්න එපා. (නි)
උඩරට ඉපදුන මට නම් මේවා විකාර. මනමාලිය වගේම යෙහෙලියනුත් විනිවිද නොපෙනෙන ඇඳුම් ඇන්දා නම් කොච්චර විනීතද? මනමාලයාගේ ඇඳුමත් උඩරට කිව්වට ඕක දකුණු ඉන්දියාවෙන් ආව නායක්කාර රජවරු ඇඳපු එකක්නේ. (නි)
මෙය දෙරටේ සංස්කෘතික මිතුදම වැඩිකරන්න හේතුවක් (නි)
උඩරට උන් නැත්නම් රටේ සංස්කෘතියකුත් නෑ .(ම)