දොස්තර කෙනකුවීමට දරුවකුගේ තියෙන ආශාවත් දෙමව්පියන්ගේ කැමැත්තත් යන දෙකම මුදලට විකිණීමේ වැඩපිළිවෙළක් මාලබේ සයිටම් ව්‍යාජ වෛද්‍ය විද්‍යාලය දිගින් දිගටම කරගෙන යන බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙතෙක් ලියාපදිංචි වී නැති නිසා ඔවුනට වෛද්‍යවරු බිහිකිරීමේ හැකියාවක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා අද (3) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
2009 සිට 2016 අද වනතුරු වසර අටක්ම එකදු වෛද්‍යවරයකු හෝ බිහිකිරීමට වෛද්‍ය විද්‍යාලයට බැරීවී ඇතැයිද සයිටම් එක වෛද්‍යවරු බිහිකරන්න වසර 20ක් යනවාදැයි තමන් විමසන බවත් සොයිසා මහතා කියා සිටියේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් එක කඩා කප්පල් කරන්න දන්නා තරම කස්තිරම් අල්ලන්නේ අපට තියෙන ආදරේට හෝ රටේ සෞඛ්‍ය සේවයට තියෙන ආදරේටද? ඉතාම පොඩි දේටත් අපිව ප්‍රාණ ඇපයට ගන්න මේ ගොල්ලන්ගේ හැටි අපි නොදන්නවයැ? සයිටම් එකේ ඉන්නෙත් අපේ දරුවෝ. ඒකෙ අඩු පාඩු කම් තියෙනවනම් ඒවා හදා ගෙන රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කරන්න උදවු කරන්න. මේ ගොල්ල කරන්නේ සයිටම් වෛද්‍යවරුන් නිසා තමන්ගේ රාජ්‍යය බිඳ වැටෙයි කියල බයට සයිටම් එකට පහර ගැසීමයි. (ර)
දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ කියලා කෑගහනවට වඩා හොඳ නැද්ද මෙය සිදුකළ හැක්කේ කොහොමද කියලා කවුරු කවුරුත් එක්වෙලා එකඟතාවයකට එළඹෙන එක. (නි)
ලෙඩුන් උගසට තබා කරන වර්ජනද, 'සදාචාරාත්මක හෝ නිතිගරුක ද නොවේ'. ඒ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තිබිය යුතුමය. (ර)
සයිටම් එකේ වෛද්‍ය සිසුන් අතර ගෘහ විද්‍යාව කරපු ළමයි ඉන්නේ කොහොමද කියලා ඔය කමෙන්ට්ස් දාන කවුරුහරි මට කියලා දෙනවද? (ර)
ශ්‍රී ලංකාවේ දොස්තරවරු නිදහස් අධ්‍යාපනය ලබා පුරවැසියන්ට දෙන සේවය, රෝගීන්ට කතා කරන කරුණාව, රජයේ රෝහලකට හෝ මුදල් ගෙවා පුද්ගලික සායනයකට ගියවිට ඇස්පනාපිටම දැක ගත හැකියි. තප්පර ගණනින් ලෙඩුන් බලා රෝගීන්ට ප්‍රතිකාර කල හැකි දොස්තරවරු ඉන්නේ ලංකාවේ පමණයි. සංගමය මගින් වෙනත් රටවල රෝගීන්ට, දොස්තර වරුන් සලකන විදිහ ගැන ඉස්සර වෙලාම උගන්නන්නකෝ , තව අලුත් දොස්තරවරුන් බිහි වෙන්න නොදී වෛද්‍ය සංගමය ගෙන යන ක්‍රියා මාර්ගයට මහජනතාව විරුද්ද විය යුතුයි. සයිටම් එකේ සිසුන්ට විධිමත් සායනයකට යන්න නොදී අවහිර කරන්නෙත් ඔය ලෙඩුන් බිල්ලට ගන්න සංගමයම තමා. (ර)
ලංකාවේ සහ පිටරට වෛද්‍යවරු පිළිබඳව අත්දැකීම් අලලා පුවත්පත් ලිපි පල කරන්න හැකි නම් දුක් විදින අපේ මිනිසුන් ට සෙතක් වේවි එය කාට හෝ කල නොහැකි නම් මම එය කරන්න සුදානම් ඒ සඳහා ඔබගේ අත්දැකීම් ලබාදෙන්න. (ර)
සයිටම් එකේ ඉගෙනගත් මගේ දුව දැන් ඇමෙරිකාවේ දොස්තරලටත් උගන්වනවා. (නි)
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා, රාජ්‍ය වෛද්‍යවරුන්ට පුද්ගලික චැනල් සේවයට ඉඩ දුන්නේ, ලෙඩුන් උගසට තබා වර්ජනය නොකරාවි යන පරම චේතනාවෙනි. එහෙත් සිදුවුයේ අනෙකකි. එනම්, මේ අසරණ වෛද්‍යවරුන්ට මුල්‍යමය වාසි ලැබීම වෙනුවට සිදුවුයේ වඩාත් අගහිඟකම් ඇතිවීම විය හැක. ඒ නිසා ඒ වෙනුවෙන් ලෙඩුන් උගසට තබා හෝ වර්ජනය කිරීම ඔවුනට නම් ඉතා සුළු දෙයකි. දුප්පතා පටි තදකර ගත්තත් ඔවුන්ට නම් එසේ නොවේ. (නි)
මම නම් මේ ප්‍රකාශයට විරුද්ධයි (නි)
අර ලෙඩ කකුල තියෙද්දී හොඳ කකුල ඔපරේෂන් කළ දොස්තරත් මේ ගොල්ලන්ගෙ කට්ටියෙ දොස්තර කෙනෙක්ද දන්නෙ නැහැ. එයා අවුරුදු කීයකින්ද දන්නෙ නැහැ පාස්වුණේ? (නි)
"විශ්ව විද්යාල ප්‍රවේශ සදහා ඉල්ලුම්පත් යැවීමට සුදුසුකම් ලැබීම - නැත" ලෙස සටහන් අයෙකුට සයිටම් එකට ඉල්ලුම් කරන්න පුලුවන් නම් මොකද්ද මේ රටේ තියෙන සමානාත්මතාව? "සමානාත්මතාවය" කියන්නේ ඕකට නොවෙන බව තේරුම් නොගිය බවකුයි පෙනෙන්නේ. (නි)
මේ වගේ දේවල්වලට දෙසපනයෙන් තොරව මහජනතාව එකතුවෙන්න ඕනේ නැත්නම් මේ සංගම් වලට ඕනේ විදියට රජයට සහ ජනතාවට නටන්නවෙන්නේ අපේ රටට අනෙක් රටවල් එක්ක තරගකරන්න බරුව යනවා ඒ නිස අපි එකතු වෙමු මේ සංගම්වලට විරුද්දව (රේ)
ලංකාවේ ඉන්නේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන් බිහිවුන රොබෝට් වර්ගයේ දොස්තරලා කියල හොඳටම වැටහෙන්නේ මෙයාලගේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙල දිහා බැලුවමයි. මේ දොස්තරගෙන් 25% ක් වත් හදවතෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඒ රස්සාව තෝරගත්ත ඈයෝ නොවෙයි. සල්ලිවලටයි පුහු මාන්නේටයි සොබනේටයි විතරයි මෙයාල වැඩකරන්නේ. (රේ)
පුද්ගලික විශ්ව විද්‍යාල එපා නම් චැනල් කඩත් අකුලා ගන්න (නි)
මිනිසුන්ට ඔබගේ ක්‍රියාකලාපය එපාවී ඇත., මිනිස්සු පාරට බැස ඔබට සහ ඔබගේ චැනල් කඩ වලට ගල්ගසන දිනය වැඩි ඈතක නොවේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම් පුදගලික චැනල් සේවයත් එපා (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පොළීරහිත බැංකු ණයක් දී රැකියාවක් කරනවිට කොටස් වශයෙන් ගෙවන්න දෙන විදියට සැළසුවොත් වැඩි දෙනෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන්න රටට පුළුවන් වේවි (නි)
මේ අයගේ ප්‍රකාශය ඉතාම කණගාටුදායකයි. (නි)
මේ කුහකකම නැති කරගත්තේ නැත්නම් අපිට රටක් විදිහට ඉදිරියට යන්න බැහැ. (නි)
ඔය දොස්තරලා චැනෙල් කඩ වලින් හොයන මුදලෙන් 20% රජයේ වෛද්‍ය විද්‍යාල වලට පරිත්‍යාග කරනවා නම් වසරකට තව වෛද්‍ය වරු 200 විතර රජයේ වෛද්‍ය විද්‍යාල වල උගන්වන්න පුළුවන් , මේ ගොල්ලන්ට ඕන වෙලා තිබෙන්නේ එක නොවේ ලංකාවේ දොස්තරලා අඩු වුන තරමට ඒගොල්ලන්ට අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට අරගෙන පවතින ආණ්ඩුවත් බය කරගෙන ඒගොල්ලන්ට ඕනේ විදිහට අපිව හුරා කන්න පුළුවන්නේ . (හේ)
මේ දොස්තරලා හිතාගෙන ඉන්නේ ඔවුන් රට හොල්ලන්න වුණත් පුළුවන් බුද්ධිමතුන් උගතුන් කියලයි. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වලින් මුදල් හම්බ කිරීම ගැන නම් විශේෂඥ දැනුමක් සමහරුන්ට ඇති. වෛද්‍යවරුන් කරන්නේ වැදගත් වෘත්තියක් වුණත් අපේ දොස්තරලා ඔවුන්ට සමාජයේ තිබුන නම්බුව නැති කරගෙන! (නි)
දැන් ඉන්න ලොකු දොස්තරලා ලොකු උපාධි ගත්තේ ලංකාවේ ඉගෙනගෙනද? හොඳ වෛද්‍යවරු බිහිවවෙනවට අකමැති වෙන්නේ ලෙඩුන් හූරාකෑමට බැරිවෙන නිසාද? (නි)
මෙතන රෝගියා ඉදිරියේ වෛද්‍යවරුන්ගේ හැසිරීම වැරදියි. පිටරට වල වගේ නැහැ කියන අය මුලින්ම පොඩ්ඩක් හොයලා බලන්න සමාජයේ ඔය අදහස් දාන අයත් ඇතුළුව තමන්ගේ ක්ෂේත්‍ර වල හැසිරෙන්නේ ඒවාට එන මිනිසුන්ට සළකන්නේ පිටරටවල සුහදශීලි විදිහටද කියලා. ලංකාවේ අනෙක් ක්ෂේත්‍ර වලත් බහුතරය සළකන්නේ හරිම පිළිකුල් විදිහට. ඉතින් එහෙම සමාජයක කොහොමද ඒ සමාජයේම ඉපදිලා හැදෙන වැඩෙන අයගෙන් දොස්තරලා වෙන අයගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. (නි)
සයිටම් එකේ ඉන්න සමහරක් නිසයි මේ ප්‍රශ්නය. සමහර දේශපාලුවන්ගේ කිසිම උගත්කමක් නැති, ලකුණු නැති කිහිප දෙනෙක් මේකේ ඉගෙනගන්නවා. අන්න ඒ අය අයින් කරන්න. ප්‍රශ්නය ඉවරවේවි. (නි)
මහත්වරුනි හැම දේටම විරුද්ධ වෙන්ඩ එපා. සයිටම් එකට සිසුන් ගන්න පැහැදිලි ක්‍රමවේදයක් සකස්කරලා ඔවුන්ටත් වෛද්‍යවරු බිහිකරන්න අවස්ථාව ලබා දෙන්න. ඔවුන් අදක්ෂ නම් මිනිසුන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරවී. දියුණු ලෝකෙට යන්නනම් ගෝත්‍ර වාදයෙන් මිදෙන්න ඕනේ. (බ)
ඇයි එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රයිවට් චැනල් කිරීමේ ආසාව ? දැන් ඒක අපි කොතනටද ආදේශ කරන්නේ ? (ර)
බංගලිදේශ තියන වෛද්‍යය විද්‍යාල උපාධිය ලංකාවෙ පිලිගන්න පුලුවන්. සයිටම් එකට බෑ. හිනාවෙන්න සුදුසු තැන කොතනද...? (ර)
මට තියෙන ප්‍රශ්නය තමයි 2009 ආරම්භ කල මෙම වෛද්‍ය විද්‍යාලයට 2015 වනතුරු ත් විරුද්ධ නොවු මේ අය දැන් විරුද්ධ වන්නේ ඇයි කියලයි. (ර)
රාජ්ජය පාලනය ගැන තීරණය කරන්න ඕන ජනතා ඡන්දයෙන් පත් උන රජය. ඒ සංගම් වලට ඒකට ඉඩ දෙන්න එපා. මෙතන තියෙන්නේ තනි කරම කුහක කම අසරණ ලෙඩ්ඩු කියලා කිබුල් කදුළු හෙලුවට මෙතන තියෙන්නේ වෙනත් දෙයක් බව ඕනෑම මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා. ප්‍රතිපත්තිමය ලෙස මේ රටට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නම් කරුණාකර මේවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. (ර)
සයිටම් එකේ වැඩිපුර ඉගෙන ගන්නේ දොස්තර වරුන්ගේ හෝ ආචාර්ය මහාචාර්ය වරුන්ගේ හෝ දේශපාලකයින්ගේ හෝ ඉහල ව්‍යාපාරික පන්තියේ අයගේ ළමයින් හෝ සමීපතම නෑදෑයින්. කරුණු එසේ හෙයින් මේ සිසු සිසුවියන් වෛද්‍ය වරුන් වීම අනිවාර්යවේ. එය නොවැලක් විය නොහැක. (ර)
වියදම් කරලා මේ දොස්තරලගෙන්ම බෙහෙත් අරගෙන තමයි කවද හරි මැරෙන්න වෙන්නෙ. මොකෝ රට යන්නයැ. (ර)
අනේ සොයිසා මහත්තයෝ පිට රට වලින් අරගෙන එන උපාධි පිළිගන්න පුලුවන්නම් මේ රටේ පුද්ගලික විද්‍යාලයකින් උපාධි අරන් එන ඒ අපේම දරුවන් අපේ රටේ මුදල් ඉතිරි කරන ඉගෙන ගෙන ඒ අපේම දරුවන් පිළිගන්න ක්‍රමවේදයක් ඇති කරන්න ඇයි බැරි. (ර)
සටන ඉදිරියට.(හේ)
බංගලිදේශ පුද්ගලික උපාධි වෛද්‍ය සංගමයට හොදයි ලංකාවේ පුද්ගලික උපාධි හොද නෑ මේක තනිකරම එකාධිකාරී කුහකකම (හේ)
මේ නම් තියෙන කුහකත්වය තමයි (ම)
මේක හරිම අසාදාරන වැඩක් ලෝකේ හැම රටකම පුද්ගලික වෙද විදුහල් තියනවා ඒවගේම එයින් පිටත්වන වය්දවරුන්ට ලංකාවේ වෛද්‍ය සබාවේ අනුමැතිය ලබාගන්න ක්‍රමවේදයන් සකස් කරලා තියෙනවා එහෙමනම් අපේ රටේ ඉගන ගත්ත ළමයින්ට වෛද්‍යවරු වෙන්න තියෙන පාර වහන්නේ මොකද? (ර)
සංකල්ප සයිටම් එකේ ඉන්නේ ලොක්කන්ගේ දරුවන් විතරක් කියලා හිතන්න එපා. අද තියෙන පුද්ගලික පාසල් වලින් බිහිවෙන ළමයි යන්නේ කොහාටද ඒ ළමයි රජයේ විස්වවිද්‍යාල වලට ඇතුලත් කරගන්නේ නැහැ ඒ ලමින්ටත් යන්න තැනක් හදන්න ඕනි. (ර)
මෙහි අදහස් බොහෝ දෙනෙක් වෛද්‍ය සංගමය සමග ඇති තරහා මෙම ගැටලුවට සම්බන්ධ කරගෙන ඇති බවක් පෙනේ. උ.පෙ. ප්‍රතිඵල සටහනෙහි "විශ්ව විද්යාල ප්‍රවේශ සදහා ඉල්ලුම්පත් යැවීමට සුදුසුකම් ලැබීම - නැත" ලෙස සටහන් අයෙකුට සයිටම් එකට ඉල්ලුම් කරන්න පුලුවන්නම් මොකද්ද මේ රටේ තියෙන සමානාත්මතාව? සල්ලි බලෙන් උපාධි, රැකියා ගන්න පුළුවන් කළාම, නැති බැරි ළමයෙක් කොහොමද උඩට එන්නේ? දැනටමත් ගොඩක් ක්ෂේස්ත්‍ර වල වෙන්නේ එකම තමයි. (බ)
මගේ දරුවෙකුත් ඉන්නවා සයිටම් එකේ. එකේ ඔය කියන විදිහට උ.පෙළ. ගෘහවිද්යව කරපු ළමයි නැහැ. ඕව ඔක්කොම බොරු ප්‍රචාර සහ මඩ. මගේ දරුවා ලන්ඩන් උසස් පෙළ A 3යි B 1යි. ඇයි මේ දරුවන්ට මේ තරම් අපහාස කරන්නේ. හැම ළමයම වගේ හොඳ ප්‍රතිපල තියෙන විශ්වවිද්‍යාලවලට ලකුණු කිහිපයක් අඩු ළමයි. (ර)
ලංකාවේ දොස්තර වරු පමණි මේ විදියට වෛරයෙන් කෑ ගහන්නේ. බලන්න ලෝකේ අනිත් රටවලට පෞද්ගලික වෙද විදුහල් දාන්න දීල මොකද වෙලා තියෙන්නේ. ඒ රටවල දොස්තර වරු එ්කාධිකාරයක් තියාගෙන නෑ. මේ ප්‍රශ්නය ඉංජිනේරුවන්ට, ගණකාධිකාරීවරුන්ට නැ. මෙයාලා තමා ලොක්කෝ, අනිත් අයට නැති වරප්‍රසාද දෙන්න ඕන. ඉගෙන ගන්න සල්ලි දුන්න දුප්පත් ලෙඩ්ඩුන්ට පාර්ට් දානවා වරප්‍රසාද දින ගන්න , මහත්තයෝ දැන්වත් ඕක නවත්වන්න, කුහකකම් දුරු කරන්න. මිනිස්කමට ගරු කරන්න (බ)
මගේ කව්රුත් මේකේ ඉගන ගන්නේත් නැ...මට සයිටම් එක වැඩකුත් නැහැ........නමුත් එකක් කියන්න ඕනේ.නෙවිල් ප්‍රනාන්දු හොස්පිටල් එකේ හොස්පිටල් සේවය නම් අන්තිම බාලයි.මේක හරහා වෛද්‍යවරු බිහි වනවානම් කණගාටුයි. (බ)
මෙයාල හිතාගෙන ඇති, ලංකාවෙ ෙසෳඛ්‍යය සේවාව මෙයාලගෙ පාලනයේ තියෙන්න ඕන කියලා. කලින් කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලයත් ඈඳගෙන තිබුනා. දැන් ඒක අතඇරලා. හමුදාවෙන් කන්න වේවි කියලා බය හිතුනද දන්නෙ නෑ. (ර)
ලංකාවට ඉන්දියන් වෛද්‍ය වරු පැමිණ අපේ රට මේ වෛද්‍ය මාෆියාවෙන් ගලවා ගනීවි යයි අප පාර්ථනා කරනවා. පොකට් එකට තට්ටු වෙයි කියලා තමයි මේ අය මෙච්චර බය. මේ කුහකයින්ගේ ගෑස් බලන්න ඕන නැහැ ළමයිනේ ඉන්දියාවට හරි වෙන රටකට හරි ගිහින් ඉගෙන ගෙන ඒ රටවලටම පදිංචියට යන්න. (ර)
හේමා, මා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නැහැ. එය අප රටට අවශ්‍ය දෙයක්. ඒ වගේම එය කාලෝචිතයි. මා සඳහන් කරන්නට උත්සාහ ගත්තේ, මා දැක්වූ සිසු සංයුතිය ට අනුව සයිටම් සිසුවියන් අනිවාර්යයෙන්ම වෛද්‍ය වරුන් වන බවයි. එය විය හැකි දෙයක් ... ඒ වාගේ ම ජාත්‍යන්තර පාසල් වල සිසු සිසුවියන් ටද, සුදුසු කල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තිබිය යුතුයි. (ර)
හොඳ වෙදදුරෙක් වෙන්න මෙත් කරුණා මුදිතා උපේක්ෂා ගුණය තමයි වැදගත්. දැනුම ලබාගන්නා මාර්ග ගොඩක් තියෙනවා. විභාගය කොහෙන් සමත් වුණත් වැඩක් නැහැ ඉහත ගුණාංග නැත්නම්. (ම)
"රජයේ ආත්මාර්ථකාමී නිලධාරීන්ගේ සංගමය" යන්න මෙම සංගමයට වඩා උචිත නාමය වේ. (ර)
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකු නිසා කුහකකම් ඔක්කොම කරලා ඒක වහන්න කියල දැන් අහනවා වෛද්‍ය වරයෙක් බිහි කරන්න වසර විස්සක් යනවද කියලා. (ර)
දොස්තර වරුන්ගේ හෝ ආචාර්ය මහාචාර්ය වරුන්ගේ හෝ දේශපාලකයින්ගේ හෝ ව්‍යාපාරික පන්තියේ අයගේ ළමයින් හෝ සමීපතම නෑදෑයින්. මෙය සදාචාරාත්මක නිතිගරුක නොවේ. (ර)
සියල්ලටම කලින් ජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගත්තු වෛද්‍ය වරුන්ට පෞද්ගලික රෝහල් වල සේවය කිරීම තහනම් කිරීමට රජය කිසියම් පියවරක් ගනීවි යයි අප බලාපොරොත්තු වෙනවා. එසේ නැතිනම්, එංගලන්තයේ ක්‍රියාත්මක වෙන පරිදි රජය වියදම් කරන මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රමවේදයක් ආරම්බ කලයුතු වෙනවා. මාලබේ විතරක් නොවේ මුළු රට පුරාම පෞද්ගලික වෛද්‍ය විද්යාල ආරම්භ යුතුයි. (ර)