මේද රහිත මැලිබන් කිරිපිටි ඩයිසයිනයිඩ්ඩයමයිඩ් හෙවත් ඩී සී ඩී රසායනයෙන් දුෂිත විය නොහැකි යැයි ඕස්ට්‍රේලියා රජයද , කිරිපිටි සපයන්නාද, ඕස්ට්‍රේලියාවේ කිරි කර්මාන්ත පාලක මණ්ඩලය වන ‘ඩේරි ඕස්ට්‍රේලියා‘ ආයතනයද සහතික කර ඇතැයි මැලිබන් සමාගම කියයි.
තම නිෂ්පාදන ඩී සී ඩී රසායනයෙන් දුෂිත වී නැතැයිද ඩේරී ඕස්ට්‍රේලියා ආයතනය දන්වා ඇතැයි මැලිබන් සමාගම සඳහන් කරයි.
මැලිබන් මේද රහිත කිරිපිටිවල ඩී සී ඩී නැති බව පිළිගත් විදේශිය රසායනාගාරයක පරික්ෂණයකින්ද සොයාගෙන ඇති බව දන්වා ඇතැයිද මැලිබන් සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ගේ අම්මගේ හඬ වගේමයි (අ)
ඇතටම ලංකාවේ හදන කිරිපිටි බොන්නකෝ .සියරට දේ සිරිසැප දේ. (ස)
දී කිරට බලල්ලුත් සාක්කි දෙනවා වගෙයි (දී)
රුසියාව ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කලේ ෆොන්ටෙරා කොම්පැනිය ඒ අයගේ නිෂ්පාදන වල ඔය කියන බැක්ටීරියා එක තියෙනවා කියල ප්‍රසිද්ධ කලාට පස්සේ. චීනය ලඟදි තහනම් කලෙත් ඒ වගේමයි. (දී)
හැමදාම කිව්වේ අපේ නිෂ්පාදනවල ඩි සි ඩි නැහැ කියල. හොඳ වෙලාවට මේක නවසීලන්තයෙන් කියපු නිසා අපේ කට්ටියගේ කට වැහුන. අපේ දරුවන්ට අපි දැනුවත්ව හරි නොදැනුවත්ව කොපමණ වස විස දෙනවද. අවරුදු ගානකට පස්සේ තමඊ පිළිකා කියල අපිම වියදම් කරන්නේ. දියර කිරි වලට අපි පුරුදු වෙමු. (දී)
පිටි සමාගම් කියාවිද එම අය ගෙන්නවන කිරි පිටි වල ඒවා තියනවා කියලා? (නි)
ජේ.ආර්. කිව්වා වගේ තමන්ගේ ආරක්ෂාව තම තමන්ව සළසාගන්න.ඔය කිරිපිටි සමාගමක වැඩ කරන මගේ යාලුවෙක් තමාගේ සමාගමේවත් කිරිපිටි බොන්නේ නැහැ. (නි)
සැම දෙනාම දේශීය කිරි නිෂ්පාදන භාවිතයට ගනිමු. එවිට ගැටළු අවම වන්නේය. (නි)
මැද පෙරදිග සියලු රටවල් සති 3 කට පෙර සිටම සියලු පිටි කිරි ආනයනය නවතා ඒවා වෙළඳ පොලෙන් ඉවත් කර තිබෙනවා. ලංකාවේ සියලු දෙන කාරුණිකව අවධානය යොමු කරත්වා! (නි)
මේද සහිත හරි මේද රහිත හරි , එකම එළකිරි වලින් නේද ගන්නේ? ඉතින් කොහොමද එකක විතරක් නැත්තේ... (නි)
මේ කිරිපිටීම දාලා මේ ආයතනයම මේ නමින්ම හදන බිස්කට් කන්නත් මට නම් දැන් සැකයි! (නි)
ඇයි ඉතින් බියෙන් සැකෙන් මේ වස කිරි බොන්නේ? ලංකාවේම හදන කිරි තිබෙනවා. ඒවා බොන්නකෝ. ඉස්සර මිනිස්සු පිටිකිරි බීලා නෙමෙයි යෝධ වැඩ කළේ (නි)
තියෙනවද නැද්ද කියලා පරික්ෂණයෙන් හොයාගමු (නි)
අනේ යන්න! මෙච්චරකල් අපිව අන්දලා, රවටල. තවත් අන්දන්නද හදන්නේ!(දී)
දුක් මහන්සියෙන් ගොඩ නැගු මැලිබන් ආයතනය ගැන දැන්නම් කණගාටුවක් දැනෙනවා (නි)
මොන රජය,මොන සමාගම නොකා කීවත්.අපේ රට සහ අපේ දරුවෝ. අපි ම පරීක්ෂණ කරලා අපි තීරණ ගන්න තෙක් ඔය යට කට පියාගෙන ඉන්න කියන්න.ඉස්සරවගේ අපි ගොනාට අන්දන්න දෙන අමාරු බව ලෝකයට කියන්න මේක හොඳ අවස්ථාවක්.මිනිසුනේ දියර කිරි බොන්න.පිටිකිරි බොන්න එපා.අපේ (අ)
විදේශීය සමාගම් ඔන තරම සහතික දෙවි. මොකද ඒවා පානය කරන්නෙය් විදේශ සමාගම් කට්ටිය නෙවෙයිනේ ලංකාවේ පොදු ජනතාව. හොඳම දෙය තමයි ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටිය වගෙ ලන්කවෙ රසායනාගාර පරීක්ෂා කරලා පාරිභෝජනයට උදුසු කියල අනුමෙතිය දුන්නට පසුව පමණක් වෙළඳ පොලට මුදා හැරිය යුතුයි එය ස්ථීර වශයෙන්ම සෑම අහාර ද්‍රව්‍යක් සම්බන්දවම බල පැවැත්විය යුතුයි (දී)
අපිට අං ඇවිත් කියලා හිතුවද? (ස)
රට කිරි නම් හොඳට දියවෙනවා.ශරීරෙත් ඒවගේම දියවෙනවා. (ස)
හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්.රුසියාව සහ චීනය සියලුම ෆොන්ටෙරා නිෂ්පාදන අත්සිටවූවා.ජනතාව මෙම නිෂ්පාදනයන් නොගෙන දේශීය නිෂ්පාදන භාවිතා කල යුතුයි.රටේ ජනතාවට නම් සාධාරණයක් වේ යයි සිතීම අපහසුයි.රාජ්‍ය සේවයේ දූෂිත භාවය නිසා.මෙම සමාගම් වල නීරස වෙළඳ දැන්වීම් මම අනන්තවත් දැක තිබේ.මෙයත් ආසනික් ප්‍රශ්නය වගේ යට ගහයි.ලෝක සෞඛය සංවිධානයෙන් දැනටමත් ෆොන්ටෙරා ආයතනයට මේ බව දැනුම් දීල තියෙද්දී සමාගම සුද්ද වෙන්න හදනවා. (අ)
මැලිබන් මහත්තයෝ හැමදාම රටේ ජනතාව ගොනාට අන්දවන්න බෑ. රටේ වගකිව යුතු ආයතන නිවැරදි ආකාරයෙන් ක්‍රියාකිරීම ගැන මගේ උපහාරය.(ස)
අපි හොරාගෙ අම්මගෙන් පේන අහපු කාලෙ ඉවරයි හලෝ. (ස)