මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය සිසුහු අද දහවල් උද්ඝෝෂණයක් ඇරැඹූහ. ‘‘ හොර වෙදුන් රජකරවන හොර වෛද්‍ය විද්‍යාල වහා නතර කරනු ‘‘ යන තේමාව විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් කුහක කම ප්‍රදර්ශනය කිරීමක්.......අඩු පාඩු තිබේ නම් ඒවා හදා ගෙන පෞද්ගලික වෙද විදුහල් ද ඉදිරියට පවත්වා ගෙන යෑමේ ඇති වරද කුමක්ද ?උගතුන් ලෙස ලෝකය දෙස ඇස් ඇර බලන්න.විරෝධය ප්‍රකාශ කරන ඔබගේ කාලය කොයි තරම් වටිනවාදැයි සිතන්න....
එස් බී වැනි අයගෙන් ශ්‍රී ලංකාවට කුමක් වේවිද.
කුහක කම ගෙන කියන්න ගිහින් තමන්ගේ මෝඩ කම පෙන්නන්නේ නැතුව හිටියනම් තමයි හොඳ...... ලංකාවේ විශ්ව විද්‍යාල වලට වෙන විනාශය දැක දැක තමන්ගේ තියෙන ආත්මර්තකාමීත්වයට මේ වගේ ප්‍රකාශ නොකර ඉන්නවනම් ඒකත් ලොකු දෙයක්......
මේ විරෝධය දැක්වීම කුහක කමක් කියන් උන්ගෙ කටවල් වැහෙන්නෙ බාල දොස්තරලා බෙහෙත් දීලා තමුන්ගෙම කෙනෙක් මැරුන දවසට. එහෙම නැත්නම් රජයේ විශ්ව විද්‍යාල වහල අසරන මිනිස්සුන්ගෙ ළමයෙක්ට ඉගන ගෙන දොස්තර කෙනෙක් වෙන්න බැරිවුන දවසටයි තමයි. හැබැයි එදාට නම් ප්‍රමාද වැඩිවේවි.
රටේ ඉන්න ලොකුම හොර වෙදා ඉන්නේ කොහේද කියල අපි හැමෝම දන්නවා නේද? පහුගිය කාලේ අපේ වටිනා ක්‍රීඩකයෝ කීපදෙනෙක් කරදරේ වැටුනා මේ හොර වෙදා නිසා. හරිනම් උද්ඝෝශණ කරන්න ඕන ඒ වගේ අයට විරුද්ධවයි.
කුහකකම ප්‍රදර්ශනය කිරීමක්.
මේ සටන් පාඨ ටිකත් එකතු කරගමුද නිකමට වගේ? පුද්ගලික රෝහල් වසනු! පුද්ගලික ඩිස්පැන්සරි වහා හකුලා ගනිමු! අපේ ( මහජනයාගෙ ) සල්ලි වලින් ඉගනගෙන,ළකුණක් දෙකක් මදි වෙලා මෙඩිසින් යන්න බැරි උන අපිටම සද්දෙ දානව මුන්!
තව කෙනෙක් ඉගෙන ගෙන තමුන්ගෙ තත්වෙට එයි කියල මේ අය බයයි . ඉරිෂියාකාර යක්‌කු.. රොහල් වල බෙහෙත් දෙද්දි ආඩම්බර බලන්ඩත් ඕන.. ඒ උනාට ඒ අයගේ ඩිස්‌පැන්සරියට ගියොත් ලෙඩ්ඩුන්ට තියෙන කරුණාව දෝරෙ ගලා යනව.. පෞද්ගලික විශ්වවිද්‍යාල එකක් මදි තව දාන්න ඕන.. එතකොට මේ අයට හරියට උද්ඝෝෂයක් වත් තියන්න්ඩ බැරි වෙයි කියල බයෙ.. හුක්‌කි හු
ලෝකයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස්ම අන්දමින් තියන රටවල් වන එංගලන්තයේ පොද්ගලික විශ්වවිද්‍යාල එකයි,ඕස්ටේලියාවේ දෙකයි, රුසියාවේ එකක්වත් නැහැ. ඒ හැම රටකම තියෙන්නේ රාජ්‍ය මැදිහත්වීම ඇති විශ්වවිද්‍යාලයි. ඉතින් අපේ රටේ නීති දැඩි ලෙස උල්ලංඝණය කරමින් කිසිදු විධිමත් භාවයකින් සිදු කරන මේ සක්විති ව්‍යාපාරය කරගෙන යාමට රාජ්‍ය මැදිහත් වීම දෙන්නේ කුමන පදනමකින් ද!
මෝඩකම් ප්‍රදර්ශනය නොකර හීටියානම් තමයි හොද....මෙ ඉගනගත්තයි කියන අය නෙද..?... හරියට ඉගන ගත්ත මිනිහ කොහෙ ගියත් හරියට වෑඩෙ කරයි.බගෙට ඉගනගත්ත අය ඈනගනි..!!
අනේ බොලව්.. මෙච්චර කාලෙකට එතකොට ලෙඩ්ඩුන්ට වැරදි බෙහෙත් එන්නත් දීල, ලෙඩ්ඩුන් ගෙ කකුල් අතපය කපන්ඩ උනේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අපු දොස්‌තරලගෙන්ද? කවුද දන් නෑ ලෙඩ්ඩුන්ව බාගෙට ඔපරේෂන් කරල අනාථ කරේ..එතකොට ඒ රජයෙ රෝහල් වල ඉන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අපු දොස්‌තරලද?
මේ අය කෑ ගහන්නේ නිකං ලක්ෂ හැටක් දෙන මුදලලාලි කෙනෙකුට නිකම්ම උපාධියක් ඔඩොක්කට වැටෙනවා වගේ! මේවට විරුද්ධව කෑ ගහන කට්ටිය නිකමට කරල බලන්න අන්තිම විභාගෙ ගොඩදා ගන්න එක කොච්චර අමාරුද කියලා! රටට අවශ්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරු මිසක් මිනිස්සු මැරෙන ස්ට්‍රයික් නෙවෙයි. මේක පැහැදිලි ඊර්ෂ්‍යාව. සෞඛ්‍ය සේවය අතින් මම හිතන්නේ අපේ තවම පනස් ගණන් වල. ඒත් පළමු දෙවන තත්ත්වෙ ඉන්න රටවල පවා මේ විදියට බිහිවුණ වෛද්‍යවරු ඉන්නවා. ඉස්සෙල්ලා රජයේ රෝහල්වල මිනිස්සුන්ට හිර ගෙදර හිරකාරයින්ට වගේ සලකන එක නවත්වන්න, ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම නවත්වන්න, ඊට පස්සෙ කෑ ගසන්න
අද රජයේ වෛද්‍යවරු හම්බ වෙන්න රජයේ රෝහලකට ගියාම බලන්න එපැයි ගෝරනාඩුව. ඒ වෛද්‍යවරයාම හමුවන්න ඔහුගේ ඩිස්පන්සරියට ගියාම බලන්න එපැයි කරුණාව දොරේ ගලන හැටි.
දොස්තර කෙනකු වීමේ සුදුසුකම සල්ලි ද?