රජයේ විශ්ව විද්‍යාල සිසුන් මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව උද්ඝෝෂණ කළ ද, තමන් ඉගෙන ගන්නේ තමන්ගේ දෙමාපියන්ගේ මුදලින් නිසා අධ්‍යාපනය ලැබීමේ අයිතිය තමන්ටද හිමි බව මාලබේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කියයි.
රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ මර්දනකාරී කටයුතුවලින් අධ්‍යාපනයට බාධාවක් නොවේවායි ඔවුහු අද හුණුපිටිය ගංගාරාම විහාරයේ දී සෙත් පැතූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය කඩඉම් ලකුණු මට්ටමවත් ලබාගත නොහැකි අයෙක් වෛද්‍ය උපාධියක් ලබාගැනීම කෙතරම් හාස්‍යජනකද? (නි)
ඒ තුන ගන්න අයට විතරද දොස්තරලා වෙන්න පුළුවන්? පිටරට ගිහින් උපාධිය ගන්න එකට අපේ අය මොකුත් කියන්නේ නැහැ. ඊටවඩා මාලබේ උපාධිය හොඳයි. මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව විතරයි (නි)
පියල් කතා කරන්නේ දේවල් දැනගෙනද නැත්තම් නොදැනද මම දන්නේ නෑ. හැබැයි මාලඹේ ඉන්නේ මෙඩිකල් ෆැකල්ටි යන්න එක ලකුණක් අඩු වුන අය නොවෙයි. රජයේ විශ්ව විද්‍යාලයක කිසිම පීඨයකට යන්න බැරි වුන අය තමයි එතන ඉන්නේ. උසස්පෙළ විද්‍යා විෂයක්වත් නොකරපු අයත් එතන ඉන්නවා.... මේ ශිෂ්‍යයන් රජයෙන් තියන විභාගයකට පෙනී ඉන්න ප්‍රතික්ෂේප කරනවා. රජරට සහ නැගෙනහිර වෛද්‍ය විද්‍යාල ගැනත් කියල තිබුනට මේ වෛද්‍ය විද්‍යාල දෙකේ ළමයි අවසන් පොදු විභාගයෙන් අනෙක් සියලුම වෛද්‍ය විද්‍යාල එක්ක එකම ප්‍රශ්න පත්‍රයකට ලියල පෙන්නලා තියනවා මේ ළමයි සමහර පරණ වෛද්‍ය විද්‍යාලවලට වැඩිය හොද බව. මෙතන ප්‍රශ්නය පෞද්ගලිකද නැද්ද කියන එක නෙවෙයි. අපි බිහි කරන්නේ මොන ජාතියේ වෛද්‍යවරුද කියන එක. ලෝකයේ වෙනත් ප්‍රධාන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අවශ්‍ය පරිසාදන ලකුණු රජයේ වී.වී. වලට වඩා වැඩියි. හේතුව ඒවට ඇතුළු වෙන්නේ මුදල් මත නොව සුදුසුකම මත පදනම් වෙලා.(බ)
තිත්ත ඇත්ත : පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වන්න ප්‍රධාන හේතු 3ක් ඇත..1. ළමයින් පිටරට වෙද විදුහල් වලට යවන එජන්ත දොස්තර මහත්වරුන්ගේ කොමිෂන් එක නැතිවීම. 2. තමන්ගේ අනෙකුත් බාල ඉල්ලීම් වසාගන්න, සමාජය ගැන කැක්කුමක් තිබෙන බව හැගවීමේ සටන් පාටයක් ලෙස මෙය යොදාගැනීමට හැකි වීම. (උ.දා. - කැම්පස් වල ඇති කැමරා ඉවත් කිරීමට ඉල්ලීම) 3. පැහැදිලි ඊරිසියාව. තවද, නිකන් දෙන එකත් හූරන් කන රජයේ කැම්පස් වල ළමයින්ගේ වියදම් වැඩිපුර බදු ලෙස දරන්න වී ඇත්තේ ද පෞද්ගලික කැම්පස් වල ඉගෙනගන්න දරුවන්ගේ දෙමව්පියන්ටයි. තමගේ මහන්සියෙන් ඉගෙනීමට අවශ්‍ය මුදල් ලබාගන්නේ නැතුව මහපොළ වැඩි කිරීමටත් මොවුන් ලැජ්ජාවක් නැතුව ඉල්ලන්නේ මෙම සටන් පාඨයට මුවාවී බව පැහැදිලිය. (බ)
අපේ විප්ලවය අපි නවත්තන්නෙ නෑ. ඒ ලෙවල් 3න් පාරක් කරලා එන්න බැරිවුනොත් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ. (බ)
වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය දක්ෂතාවක් තියෙන්න ඕනේ උසස් පෙළ අවස්ථා තුනක් තියෙනවා එකෙනුත් යන්න බැහැ කියන්නේ අසා තිබුණාට බැහැ කියන එකයි. එක පුද්ගලික උපාධීයක් සම්පුර්ණ වෙන්නේ නැහැ,ඕනෑම දෙකට අවශ්‍ය ධාරිතාවයක් තියෙන්න ඕනේ . (ම)
පුටු වල වාඩි වෙලා බණ අහන්නේ වටිනාකමින් වැඩි දේවල් බිම තැබීමට හොඳ නැති නිසාද? (බ)
ශ්‍රී ලාංකික දූ පුතුනි, ඔබ ඉපදී ඇත්තේ දුප්පත් රටකය. මෙසේ පිල්බෙදී කුළල් කාගැනීමෙන් පලක් නැත. සුද්දන් අපේ රටේ ඉගෙනගැනීමට පැමිණෙන්නේ නැත. කුමක් කළත් සිදුවන්නේ අපේ කෙනෙකෙුට ඉගෙනගැනීමට අවස්ථාව අහිමිවීම පමණි. කුහක නොවී පුළුල්ව සරලව සිතන්න. පුද්ගලික විශ්ව විද්‍යාල යනු මිනිසුන්ගේ හෝ රටේ අවසානය නොවේ (නි)
මම නම් කියන්නේ උසස් අධ්‍යාපනය නොමිලේ දීම අවසන් කළයුතුයි. රැකියාව ලැබුනු පසු වියදම අයකරගන්නා ක්‍රමයක් සකස් කළයුතුය. මොකද ඔවුන් සේවය කරන්නේ නොමිලේ නොවන නිසා. (නි)
මහසෙන් මහත්තයෝ, ඔව් ඔව් මාලබේ ඉන්නේ උසස් පෙළට විද්‍යා විෂයයන් විතරක් කළ අය නෙමෙයි. වෛද්‍ය පීඨයේ එහෙම අය ඉන්න විදිහක් නැහැනේ. (නි)
සෙනරත් මහත්තයෝ, අපිත් ගංගාරාමේ ගියාම ඔතන ඉඳලා බණ අහනවා. (නි)
මෙවන් සිසු අරගල නිසයි සිසු අයිතීන් බොහොමයක් ලැබුණේ (නි)
මට නම් පෙනෙන්නේ මහසෙන් මහත්තො කරුණු හරිහැටි නොදැන කතාකරන්නේ. මම නම් දන්නා විදියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ළමයින් ඕනෑම විභාගයකට සුදානම්. ළමයින් ඇතුළත් කරගන්නෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ වෛද්‍ය සභාවේ සුදුසුකම් වලට අනුව. ප්‍රශ්නේ තියෙන්නේ කුහක පිරිසක් බාධාකරන එක (නි)
පුද්ගලික වෙද විදුහලක් නොතිබුනා නම් සල්ලිබාගේ තිබෙන අයගේ දරුවෝ පිටරට වෙද විදුහල් වලට ගිහින් ඉගෙනගනීවි (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)
ලංකාවේ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමේ අයිතියක් තිබිය යුතුය. ඒත් ඒ සඳහා තීරණාත්මක සාධකය මුදල් වීම කණගාටුවකි (නි)
පවන්, සමන් දෙන්නම නොදන්නා දේවල් කතානොකර හරි දේවල් කියනවා නම් තමයි හොඳ (නි)
එහෙම බැලුවහම පිටරට සල්ලි වියදම් කරලා ඉගෙනගෙන දොස්තරලා වෙන අය මෝඩයෝද? ඇමෙරිකාව වගේ රටවල සල්ලි ගෙවලා තමයි හැමෝම දොස්තරලා වෙන්නේ. (නි)
තාරක, හා හොඳයි මහත්තයො. නවත්වන්න එපා. දිගටම කරගෙන යන්න. නුඹලා පාරවල් ගානේ ඉන්න අතරේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල ළමයි මහන්සිවෙලා ඉගෙනගන්නවා. විභාග වලට මුහුණ දෙනවා (නි)
පව් කියලත් හිතෙනවා.... (ර)
ඔතන මුදලට වඩා ප්‍රමිතිය ගැන ගැටළුවක් ඇත. (ර)
කාගේ මුදලින් ඉගෙනගත්තද ප්‍රතිකාර කරන්නේ මහජනයාටය. (ර)
උසස් පෙළ එස් 3 ක් පමණක් ගෙන වෛද්‍යවරයෙක් වෙලා කාටද බෙහෙත් දෙන්නේ? මුදලට උපාධි දෙන උපාධි කඩ අවලංගු කළයුතුයි. මෙතන තිබෙන්නේ මුදල් ඇති නැති ප්‍රශ්නයක් නොවෙයි. සුදුසුස්සාට සුදුසු ස්ථානය නොලැබීමයි. (නි)
එස් තුනේ දොස්තර මහත්තරු................(ස)
අනේ මේ කුහක රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න අය හිතන් ඉන්නේ උන් තම උගත්තු කියල. යකෝ මේ රටේ මෙච්චර හොද දෝසතරවරු ඉන්නවනම් ඒ සිංගප්පුරුවේ ඇමෙරිකාවේ හොස්පිටල් වලට සල්ලි තියෙන අය දුවන්නේ (ම)
ප්‍රමිතියේ ගැටළු ගැන කථා කරනව. රජයේ විශ්ව විද්‍යාල වල කිසිම දෙයක් නෑ. ගොඩක් විශ්ව විද්‍යාල හිස් ගොඩක්.. මම අධ්‍යාපනය ලබපු පාසලෙන් ලබපු දැනුමත් එක්ක විශ්ව විද්‍යලෙන් එලියට අාවේ සමාජයට වෛර කරන මිනිහෙක් වෙලා.. අපිව ඒ තත්වයට පත්කරපු උන් රතු සහෝදර වරු හොඳ තැන්වල .. ගුටි කාපු මරුණු අයට විතරයි පාඩුව. (ස)
සිද්ධ විය යුත්තේ නිවැරදි ප්‍රමිතියට ගෙන ඒම මිසක් ඒ ළමයින්ගේ අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය අහිමි කිරීම නෙවෙයි. (ස)
එදා රාගම පුද්ගලික වෛද්‍ය පීඨය රජයට ගන්නකොට හිටපු සේරටම නිකම්ම චාන්ස් එක ලැබුන ඒ වගේ මේ පාරත් හරිගියොත් ළමයිනේ ඉතිරි ගෙවන්න තියෙන ගාන බේරගන්න පුළුවන්. (ස)
ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ගිය එකෙක් අලුතින් හොයාගත්ත එක දෙයක් කියන්න. ඔක්කොම පුටු රත් කරන්න විතරය් දන්නේ.(ම)
මේ යන විදිහට අනාගතයේදී ලංකාවේ වෛද්‍යවරයෙකුට ඇති වටනකම බෙහෙවින් පහල යනු ඇත. මෙතැන ඇත්තේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිලිබඳ ගැටලුවකට වඩා ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් පිලිබඳ ගැටලුවකි. වෛද්‍ය උපාධිය අනෙකුත් උපාධි හා සමාන කිරීම තරම් මෝඩ කමක් තවත් ඇතැයි නොසිතේ. (ස)
අපිනම් තාමත් ගමේ පන්සලේ බිම වාඩිවෙලා තමා බණ අහන්නේ පුටුවල වාඩිවෙලා බණ අහන එක දැන් කලාවක් වෙලාද? ඉහල පැලැන්තිවල අයට පමණක් සීමාවූ දෙයක්ද මේක? (ස)
සල්ලි ගෙවලා රටට බරක් නොවී ඉගෙනගන්න හදන එක නරකද? කට් ඔෆ් මාක්ස් වල වෙනසක් නැතුව රජයේ කැම්පස් වලට ගත්තනං බලන්න තිබ්බා ඔය කෑ ගහන කට්ටියට මොකද්ද වෙන්න තිබ්බේ කියලා.(ම)
අමිල, ඒකනම් ඇත්ත. (ර)
ප්‍රමිතිය නැත්තේ වෛද්‍ය උපාධියට විතරද ? අනෙක් ඒවාට ප්‍රමිතියේ ප්‍රශ්නයක් නැද්ද? ඒවාට කවුරුවත් මෙතෙක් කලක් විරුද්ධ නොවුනේ කුමක් නිසාද ? (ර)
ඕනි නැති ප්‍රශ්නයි මේ.(හේ)
කිසිම රටක මෙසේ ඉගන ගැනීම ට සුදුසුකම් ගැන ගැටළුවක් නැත. මොකක්ද අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නය? මේ විරෝධතාවයට පිටුපස ඉන්න අය පැහැදිලියි. තමන්ට ඕන නම් තමන් කැමති දෙයක් ඉගෙන ගැනීමට බාධාවක් නොතිබිය යුතුය. (බ)
රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ පුදුම කුහක කමක් තියෙන්නේ (බ)
උසස් පිළිගත් ප්‍රමිතියකින් තොර විශ්ව විද්‍යාලයකින් උපාධිලැබූ දොස්තර කෙනෙක් තමන්ගේ උදරය විවෘත කරනවාට මේ ලෝකයේ කිසිම කෙනෙක් කැමති නැහැ.මෙය විශ්ව සාධාරණ හැඟීමක්. (ස)
මෙයාලා දේශපාලන බලෙන් සල්ලි බලෙන් සියල්ල කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඇති. මෙතන ගොඩක් ඉන්නේ ලොකු පවුල් වල අය. බිම ඉඳගන්නවත් බැරි, පිරිත් නුලක් හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා දෙනකොටවත් නැගිටලා ගන්න බැරි කට්ටිය අසරණ දුප්පත් ලෙඩෙකුට කොහොම සළකයිද? (නි)
දුමින්ද අදහස වැදගත්. අද ගොඩක් වෙදකම ගන්න හදන්නේ රජයෙන් ලැබෙන ආධාර ටිකට ගරු නම්බුවට. ඒත් චැනල් කරල කෝටි ගනං ගන්න වෙද්දු කියල ඉන්න මුදලාලිලා විකුණගෙන කනවා. ඔච්චරම ඉගෙන ගන්න ආසනම් උපාධිය දුන්නාට කමක් නැහැ. වෙදකම රැකියාවක් විදිහට කරන්න බලපත් නැතුව. (ස)
අධ්‍යාපනය සල්ලිවලට ගන්න ගියොත් දවසක ලංකාවේ ප්‍රමිතියක් නැති බුද්දිමතුන් බිහිවෙනවා. ලංකාවේ බහුතරයකට ඉගෙන ගන්න සල්ලි නැහැ. ආණ්ඩුවට බලකරලා තව අලුතෙන් විශ්ව විද්‍යාල හදන්න බලකරන්න. (ස)
ඔය එස් තුන ගන්නෙත් ගොඩක් අය කොපි කරලා. (ර)
ප්‍රමිතිය මදිනම් ප්‍රමිතිය ඉහල දැමිම ගැන කතා කලයුතු අතර කැම්පස්එක වැහිමෙන් ප්‍රමිතියේ වැඩි වීමක් අපේක්ෂා කල නොහැක. කොහොම උනත් පංති භේදයකින් තොරව අධ්‍යාපනය ලැබිමේ අයිතියට ගරු කල යුතු බව මගේ හැගීමයි. ඒ නිසා මෙම ප්‍රශ්නය මීට වඩා විද්‍යාත්මක ආකාරයකින් විසඳිය යුතු බව මගේ හැගීමයි. කොහොම උනත් නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් නොකළ යුතු අතර අනෙක් අයගේ අධ්‍යාපනය ලැබිමේ අයිතිය දිහා ද්වේශයෙන් නොබැලිය යුතුය. (ර)
රජයේ සේවකයන් බදු ගෙවන්නේ නැහැ. පෞද්ගලික අයයි බදු ගෙවන්නේ. ඒ සල්ලි වලින් තමයි මෙයාලා විශ්ව විද්‍යාලයට ගිහින් ඉගෙනගන්නේ (නි)
අපේ දොස්තර මහත්තුරුන්ගේ වැරදි අඩුපාඩු නැතුවම නොවේ. එත් මම කියන්නේ රෝගීන්ට බෙහෙත් දෙන්න, ශල්‍යකර්ම කරන්න සුදුසු අ.පො.ස. උ.පෙළ. ඉහලින් සමත්ව වෛද්‍ය විද්‍යාලයට ගිය මේ රටේ බුද්ධිමතුන් පිරිසක් මිසක් දෙමව්පියන්ගේ සල්ලි වල පිහිටෙන් දොස්තරලා වෙච්ච අය නෙවෙයි නේද.? (ර)
ඕකේ ඉගෙනගන්න 80%ක් ළමයින්ගෙ ෆේස්බුක් ගිණුම් වල පෝස්ට් බලන්න. කාරණය වැටහේවි (නි)
කොළඹ දිස්ත්‍රික්කය කෝටා ක්‍රමයට අසුවී දක්ෂ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් හැලෙනවා. අධ්‍යාපනය කියන්නේ මානව අයිතියක්. වෙනත් රටවල කොයි සිසුවාටත් මුදල් ගෙවා ඉගෙන ගන්න සිදු වූ කල අපි මෙහෙ මේ ළමයින්ට බනිනවා. (ර)
මාලබේ විශ්වවිද්‍යාලය සමග කුමක් ද මේ ඇති තරහා. රජයේ බොහෝ සිසුන් පෞද්ගලික විශ්ව විද්‍යාලය වලට එකඟයි නමුත්..... (ර)
මමත් මගේ මවත් අධ්‍යාපනය ලැබුවේ රජයේ සරසවි වල. නමුත් අපි දෙදෙනාගේ අදහස් වන්නේ නවීන ලෝකයට සරිලන ලෙස සෑම ශ්‍රී ලාංකික දරුවකුටම කුමක් හෝ කුසලතාවක් වැඩි දියුණු කර ගැනීමට අවස්තාව ලබා දිය යුතුයි යන්නයි. අපිට නම් මේ දැන් කාලයේ සරසවි සිසුන් වගේ කුහක වෙන්න බැහැ. (ර)
මේ කාරණේ සාධාරණේ අසාධාරණේ දන්නේ ආණ්ඩුවේ කැම්පස් එකකට ගිය කෙනෙක් විතරයි. (ර)
හාමුදුරුවො ළඟට පැමිණිලා පිරිත් නූල් බඳිනතුරු පුටුවල හිඳගෙන සිටීම නම් මම අනුමත කරන්නේ නැහැ (නි)
උසස් පෙළ එස් 3 විතරක් අරගෙන වෛද්‍යවරයෙක් වෙන්න බැහැ කියන තර්කය බොරු. අද පුද්ගලික වෙද විදුහලක් නොතිබුනා නම් සල්ලිබාගේ තිබෙන අයගේ දරුවෝ පිටරට වෙද විදුහල් වලට ගිහින් ඉගෙනගනීවි. හැබැයි මෙම විදුහලේ ඉගෙනගන්න එන සියළු දෙනාම සල්ලිකාර දෙමාපියන්ගේ දරුවෝ නෙමෙයි. ඉගෙනගන්න දරුවන්ට බාධා ,අවහිරතා කරන්න එපා. අපි අරගල කරන්න ඕනෑ සම අධ්‍යාපනයකට මිස එය පෞද්ගලිකද ,රජයේද කියන එක මත නොවෙයි. (නි)
රනිල්, ඔයා මේ චන්ද්‍රානි ලියපු ටික කියවලාද ප්‍රතිචාර ලිව්වේ? (නි)
ඒ ළමයින්ගේ පැත්තෙන් එයාලා සාධාරණයි (නි)
පෞද්ගලික තොරතුරු තාක්ෂණ උපාධි ගත් අයගේ වැඩ අපි නොදන්නවැයි ඉතින්? ඒකට නම් කමක් නැහැ කියමුකෝ. පරිගණකයට මොනවා වුණත් ජීවිත හානියක් නැහැනේ. ඒ වගේද දොස්තර කෙනෙක්? (නි)
සල්ලි දීලා පිටරට ගිහින් ඉගෙනගෙන ලංකාවට ඇවිත් වැඩ කරන්න පුලුවන් නම් ඇයි සල්ලි දීලා ලංකාවෙ ඉගෙන ගන්න බැරි? රජයේ විශ්ව විද්‍යාල වල ළමයි ජනතාව ගෙවන බදු වලින් ඉගෙන ගන්නේ. ඒත් මේ ළමයි තමන්ගේ දෙමාපියන් මහන්සිියෙන් හම්බ කරපු සල්ලි වලින් ඉගෙන ගන්නේ. අනික මෙතන ප්‍රමිතිය ගැන කතා කරනවා. මම නම් හිතන්නෙ නැ සල්ලි දුන්න පළියට උපාධිය මෙතන දෙනවා කියලා. මොකද මෙයාලත් අවුරුදු 5ක් 6ක් ඉගෙන ගන්නවා. ප්‍රමිතියක් නැත්තම් මෙතන අවුරුදු 5ක් 6ක් බොරුවට කට්ට කන්න ඔිනි නෑනේ. සල්ලි දුන්නා දවසෙන් දෙකෙන් උපාධිය ගත්තා පිටරට ගිහින් වැඩ කරා. ඉතින් මෙතන නැති ප්‍රශ්න මවලා තම තමන්ගේ කාලේ නාස්ති කරගන්න එපා.(ම)
විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා නැති උසස්පෙළ සමත් හැමෝම මෝඩයොත් නොවෙයි, විශ්ව විද්‍යාලයට යන හැමෝම මහා උගත්තුත් නොවෙයි. ලෝකයේ අනිත් රටවල වගේ මුලික සුදුසුකම් ලබන ඕනෑම සිසුවෙකුට තමන් කැමති පාඨමාලාවක් හැදෑරීමට අවකාශ ඇත්නම් මේ ප්‍රශ්න නැහැ. විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාවක් කරන හැමකෙනාටම තමා වෙනුවෙන් රජය (මහජන මුදල් ) දරන වියදමෙන් කොටසක් හෝ අයකරගන්නා ක්‍රමයක් තිබිය යුතුයි. එතකොට හැමෝම එක බෝට්ටුවේ. (නි)
දෙපැත්තටම සාධාරණයක් වියයුතුයි (නි)
ඕකට තියෙන්නේ පුද්ගලික ආයතන වහන එක නෙමෙයි. තව තවත් ඒවා අරින්න ඕනෑ. ඒවායේ ප්‍රමිතිය, ගුණාත්මකබාවය වැඩි කරන්නයි ඕනෑ. (නි)
මෙතන කට්ටිය කියා තිබෙන විදියට දැනට ලංකාවේ මෙතෙක් බිහිවුණු දොස්තරලාගේ අතින් කිසිම ලෙසකින් ලෙඩුන් මියගොස් නැහැ. හැබැයි ඉතින් ඔය කතාකරන ප්‍රමිතිය මාලඹේට විතරක් නොකර රජරට, නැගෙනහිර වෛද්‍ය විද්‍යාල ගැනත් බලනවා නම් තමයි හොඳ. (නි)
අද චීනයේ, රුසියාවේ පවා විශ්ව විද්‍යාල වල මුදලටයි උගන්වන්නේ. මම නම් හිතන්නේ, ලංකාවේ බැංකු වලින් සියලු විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ණය දෙන්න ඕනෑ. රැකියාවේදී උසස් වෙන්නේ තමන්ගේ කැපවීම සහ දක්ෂතාවය මිස, පිනටද/ගෙවලද ඉගෙනගත්තේ කියන එක නෙමෙයි. (නි)
ලංකාවේ දොස්තරලා කැමති නෑ තවත් දොස්තරලා වැඩිවෙනවට මොකද බඩගොස්තරය පුරව ගන්න බැ නේ එතකෛාට (ම)
ප්‍රශ්නේ බැරෑරුම්. රජයේ හා පෞද්ගලික යන අංශ දෙකට සම උපාධියක් නිර්ණය කිරීම සාධාරණද කියන එකත් මටත් ගැටළුවක්.(ම)
රටෙ පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන එක නෙමෙයි වැරැද්ද. ඒවාට සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදයේ හොඳ ප්‍රමිතියක් තිබෙන්න ඕනෑ (නි)
අනේ මහත්වරුනේ, අධ්‍යාපනය කියන්නේ ඔයාලගේ වගේම අපේත් අයිතියක්. ඔයාලට විරුද්ධව නෙමෙයි අපේ සටන තියෙන්නේ, අධ්‍යාපනය විකුණන මිනිසුන්ට විරුද්ධව. ඒනිසා එකතුවෙලා සටන් කරමු. ඔයාලට අසාධාරණයක් වෙනවා නම් අපි ඔයාලත් එක්ක එකතුවෙන්න සූදානම් (නි)
මම නම් හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල වල අවුරුදු ගණන් විභාග ෆේල් වේවි ඉන්න අයගේ රිපීට් විභාග වලට මුදලක් ගත්තනම් ඔයිට වඩා උගත්තු ටිකක් බිහිවේවි. විශ්ව විද්‍යාලෙත් දියුණු වේවි. (බ)
මේවාට අපි මොකුත් කියන්නේ නැහැ දැනට (නි)
හාමුදුරුවෝ නැඟිට සිටියදී සිසුන් හිඳගෙන සිටීම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
මෙතන කට්ටිය මොන දේවල් කිව්වත් මේ ළමයින් ටික රටටම ආදර්ශමත් බුද්ධිමත් ළමයින් ටිකක්. විභාග පාස් කරන උගතුන්ට වඩා බොහොම සාමකාමිව කාටවත් කරදර නොකර තමන්ගේ ප්‍රශ්නය ගැන කතා කරනවා. එතැනින්ම පේනවා වෙනස. (බ)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් එපා කියන්නේ මොකද, ඉංජිනේරු උපාධි පුද්ගලික ඒවා එපා කියල ඉංජිනේරු සිසුන් නොකියද්දී වෛද්‍ය සිසුන් පමණක් විරුද්ධ වෙන්න මොකද ? මෙය සාධාරණද ? ඉංජිනේරුවන්ගේ වගකීම අඩුද ? (බ)