මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ (සයිටම්) රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා දීමට අධිකරණය හමුවේ දුන් එකඟතාවය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
එම වෛද්‍ය විද්‍යාලයයේ සිසුහු පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කළහ.
‘‘එම පුහුණුව දෙන බවට ඉකුත් වසරේ සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වූ එකඟතාවයට අනුව කටයුතු නොකිරීම අධිකරණයට අපහාසයක් වන හෙයින් ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට එරෙහි සුදුසු දඬුවම් පනවන්නැයි ද පැමිණිලිකාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලෙ සිටී.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට මෙන්ම සෞඛ්‍ය දෙපාර්ත මෙන්තුවේ දඬුවම් දියයුතු ,දුෂිත නිලධාරීන් හා මහජන පීඩාව ප්‍රාණ ඇපෙයට තියලා ඉල්ලීම් ගන්න කට්ටිය කොච්චර ඉන්නවද..? .(රේ)
බය වෙන්ඩ එපා සෞබ්‍ය ඇමතිගේ ලේලිත් ඉගෙන ගන්නේ මාලබේ තමයි මේ විභාග සමත් වුණ හිඟන කොල්ලොත් එක්කනේ කිසිම දෙයක් කොරන්ඩ බැරි (අ)
මේකට ලොක්කන්ට දඬුවම් දීම කෙසේවෙතත් මේ දරුවන්ට සාධාරණය ඉටුවිය යුතුයි. (නි)
සල්ලි තිබුණ පමණින් දොස්තර වෙන්න පුලුවන් නම් මේ රටේ සෞඛ්‍යයට යන කල කුමක්ද? (නි)
අහිංසක ඒ වගේම මුලාවට ලක්වුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි ඇත්තටම මගේ සිතේ තද වේදනාවක් ඇතිවෙනවා. මම වෛද්‍ය සභාවේ තීරණයට ගරු කරනවා. ඒ අය 100% සාධාරණ මතයක ඉන්නේ. කිසිම දේශපාලුවෙකුට මෙයට අතපෙවීමට නොහැකිවන ලෙස ක්‍රියාකළ යුතුයි. මෙය මගේ පුද්ගලික මතයක් පමණක් බව කරුණාවෙන් සළකන්න. (නි)
හොඳ වැඩේ, රටක නීතියක් තියෙන්න ඕනා, පහුගිය රජය වගේ මෙයාලත් නීතිය අතට ගත්තා වගෙයි පෙනෙන්නේ. (බ)
මාලබේ සිසුනටත් අධ්‍යාපනය ලැබීමට අයිතියක් තිබේ. රජය ඒ සඳහා සියලු පහසුකම් ලබා දිය යුතුය. (බ)
එරංග, මාලබේ ආයතනයේ ළමයි උසස්පෙළ හොඳට සමත් ළමයි. අනික එයාල මුළු කාලයම යොදවා ඉගෙනගන්නවා, මොකද දෙමවුපියන්ගේ සල්ලි නිසා. රජයෙන් හෝ මහජන සල්ලි වලින් ඉගෙනගන්න ළමයි වැඩිකාලයක් පාරේ පිකටින් කරනවා. මොකද අනුන්ගේ සල්ලි නිසා අගයක් නැහැනේ (නි)
උසාවි ගියා කියලා වැඩත් තියෙනවද?(හේ)
පුද්ගලික විශ්ව විද්‍යාල කියන ඒවා රටකට අත්‍යවශ්‍යයි. ඒත් වෛද්‍ය උපාධියක් දෙනවා කියන එක ටිකක් බැරෑරුම් දෙයක්. රජයේ විශ්ව විද්‍යාලයක ළමයෙකුට එයාලගේ පළමු වසරේ සිට සායනික පුහුණුව ලැබෙනවා. දවස් ගණන් රෑ එළිවෙනතුරු,එම ලැබෙන අත්දැකීම් මාස 6 කින් ගන්නවා කියන එක විහිළුවක්. මේක මිනිසුන්ගේ ජීවිතත් එක්ක තිබෙන ප්‍රශ්නයක්. (නි)
සැමට සමානව අධ්‍යාපනය ලැබීමට ඉඩකඩ ලබාදිය යුතුයි (නි)
මේ ළමයි මෙච්චර ලක්ෂ ගණන් දීලා ඉගෙනගෙන කවදාහරි එයාලා වියදම්කළ සල්ලි හොයාගන්න දවසක් එනවා. එදාට දැන් වගේ නෙමෙයි, මිනිසුන්ට අද වගේ ගානකට බෙහෙත් ගන්නවත් ලැබෙන්නේ නැතිවෙයි.. (නි)
දේශපාලුවන් නමැති මස් වැද්දන් අතලොස්සක් විසින් අටවනලද මර උගුලකට අසුවුන, අහිංසක මුවපොවුවන් රැලකගේ දුක්බර කතාවක්. (බ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)