මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරය අද කළුබෝවිල ශීක්ෂණ රෝහල ඉදිරිපිටදි වෛද්‍ය ශිෂ්‍ය සංවිධානය
විසින් පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අත්සන් කරයි.............
අපි අත්සන් කරයි ඕවට..
ඔය ගමන්ම තව කොලයක අස්සනක් දාන්න පෞද්ගලික රෝහල් සහ චැනල් සේවාත් එපා කියලා..
කුහක කම සහ ඊර්ශ්‍යාව !!!
ලෝකෙ වෙනස් වෙද්දී අපි විතරක් හණමිටි අදහස් දරාගෙන ඉන්න අමාරුයි! පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විතරක් නෙවෙයි අනෙත් ක්ෂේත්‍ර වලටත් ඒවගේ පෞද්ගලික විශ්ව විද්‍යාල වුවමනයි. එතකොට ඔය කියන විදියේ ප්‍රමිතිය නොදනිම ඇතිවෙනවා. අපේ අසල්වැසි ඉන්දියාව බලන්න; එහේ මොනතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවද? ලංකාවේ අපේම ළමයි ඉන්දියාවට ගිහිල්ල ඉගනගෙන පිටරටවල වෛද්‍යවරු විදයට වැඩ කරන්නේ නැත්ද? එතකොටම ඔය ප්‍රමිතිය අවශ්‍ය අපේ රටට විතරක්ද? ඕව ආත්මාර්ථකාමී, පුහු තර්ක!
මැටි පූසා හරියටම හරි..
හරියට ඒ අයගේ සල්ලි වලින් ඒ අයම ඉගෙන ගන්නවා වගෙ...කුහක මිනිස්සු
තිබෙන ප්‍රදානම ප්‍රශ්නය ඇත්තටම අපේ රටට දොස්තරලා කී දෙනෙක් වසරකට ඕනෙද?ඉංජිනේරුවෝ,ගණකාධිකරීන්, ගුරුවරු අදී වෘත්තිකයින් කී දෙනෙක් වසරකට ඕනෙද ඉදිරි වසර 5,10,15,20 ආදී කාල සීමා වලට අනුව අවශ්‍ය වෙනවද කියල අවබෝධයක් ලබා ගැනීමයි. මම දන්නා තොරතුරු වලට අනුව දැනට ලංකාවේ සෑම මිනිසුන් 1000 කටම 2007 වසර වනවිට බටහිර දොස්තරවරු 0.75 ක් පමණ ප්‍රමාණයක් සිටි අතර එවකට රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිට වුයේ 1000 කට අඩු ප්‍රමාණයකි. පසුගිය අධ්‍යන වසර සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බටහිර වෛද්‍ය සිසුන් 1796 ක් බඳවාගත් අතර ඔවුන් වසර 2016 වනවිට විශ්ව විද්‍යාල වලින් පිටවෙනු ඇත. එවිට සෑම මිනිසුන් 1000 කටම බටහිර දොස්තරවරු 1.2 ක පමණ ප්‍රමාණයක් සිටිනු ඇත. එය 2020 වනවිට රජය සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයයි. එසේනම් මෙලෙස ප්‍රමිතියෙන් තොර යැයි සනාථ වී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් රටට අවශ්‍යද ? මෙතෙක් කලක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බිහිවූ වෛද්‍යවරු මහජනයාට අඩු පඩියට දිවා රැ නොබලා සේවය කර නැතිද? අඩු පහසුකම් යටතේ ලෝක සංවිධාන පිළිගන්න ආකාරයෙන් දර්ශක වෙත ලංවී නැතිද? නිදහස් අධ්‍යාපන අයිතිය පුළුල් කිරීමට පෙළ ගැසෙමු. සිය දහස් ගණනින් පෙල ගැසී අත්සන් කල යුතු පෙත්සමකි.
උසස් පෙළටත් අතිරේක පන්ති එපා කිවුවොත් කොහොම හිටීද?
තිබෙන ප්‍රදානම ප්‍රශ්නය ඇත්තටම අපේ රටට දොස්තරලා කී දෙනෙක් වසරකට ඕනෙද?ඉංජිනේරුවෝ,ගණකාධිකරීන්, ගුරුවරු අදී වුර්තිකයින් කී දෙනෙක් වසරටට ඕනෙද ඉදිරි වසර 5,10,15,20 ආදී කාල සීමා වලට අනුව අවශ්‍ය වෙනවද කියල අවබෝධයක් ලබා ගැනීමයි. මම දන්නා තොරතුරු වලට අනුව දැනට ලංකාවේ සෑම මිනිසුන් 1000 කටම 2007 වසර වනවිට බටහිර දොස්තරවරු 0.75 ක් පමණ ප්‍රමාණයක් සිටි අතර එවකට රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිට වුයේ 1000 කට අඩු ප්‍රමාණයකි. පසුගිය අධ්‍යන වසර සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බටහිර වෛද්‍ය සිසුන් 1796 ක් බඳවාගත් අතර ඔවුන් වසර 2016 වනවිට විශ්ව විද්‍යාල වලින් පිටවෙනු ඇත. එවිට සෑම මිනිසුන් 1000 කටම බටහිර දොස්තරවරු 1.2 ක පමණ ප්‍රමාණයක් සිටිනු ඇත. එය 2020 වනවිට රජය සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයයි. එසේනම් මෙලෙස ප්‍රමිතියෙන් තොර යැයි සනාථ වී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් රටට අවශ්‍යද ? මෙතෙක් කලක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බිහිවූ වෛද්‍යවරු මහජනයාට අඩු පඩියට දිවා රැ නොබලා සේවය කර නැතිද? අඩු පහසුකම් යටතේ ලෝක සංවිදාන පිළිගන්න ආකාරයෙන් දර්ශක වෙත ලංවී නැතිද? නිදහස් අධ්‍යාපන අයිතිය පුළුල් කිරීමට පෙළ ගැසෙමු. සිය දහස් ගණනින් පෙල ගැසී අත්සන් කල යුතු පෙත්සමකි.
ඔය දොස්තර මහත්තුරුන්ගේ ගේ හැටි ගැන අපි දන්නවා මේ ලිපිය බලන්න ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහරප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් ව්‍යායාම කරවීම බොහෝ විට සිදු වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුනන නරුමයන් බව ජේෂ්ඨ වෛද්‍යවරයෙකු පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?
ප්‍රශ්නය ෙම්ක පුද‍්ගලික ද කියන ඒක ෙනෙවයි, ප්‍රමිතිය ගැනයි. පූසා මැටි ද කියන ඒක වැඩක් නෑ, මීෙයා අල්ලන්න බැරි ඒකයි ප්‍රශ්ෙන.
බලාගෙන අත්සන් ගන්නේ විෂය භාර ඇමතිතුමාගෙ රටක් වටින ගොල බාලයන්ගෙනන් කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයිද දන්නෙ නැහැ..
@අනුපම : මෙම පෞද්ගලික උපාධියේ ප්‍රමිතිය ගැන මෙම මහත්වරු සහ මහජනයා මෙච්චර කලබල වෙන්නේ මොකද ? එකේ ප්‍රමිතිය ඒගොල්ල බලගත්තාවේ, අපේ රාජ්‍ය උපාධි වල ප්‍රමිතිය අපි බලාගමු. @DS: නිදහස් අධ්‍යාපන අයිතිය පුළුල් කිරීමට නම්, තව තවත් නිදහස් ආයතන ඇතිකරන්න කියල පෙත්සම් අත්සන් කරන්න. පෞද්ගලික උපාධියෙන් නිදහස් අධ්‍යාපනය නවතින විදිහ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. ලෝක සංවිධාන පිළිගන්න ආකාරයෙන් දර්ශක වෙත ලංවීමට හේතුව සෞඛ්‍ය සේවයේ සියලුම දෙනාගේ කැපවීම, එක කණ්ඩායමක් නොවේ .
ඇමතිතුමනි, ආත්මාර්ථකාමීන් කියන දේ නොතකා ඔබ මේ දේ කළ යුතුයි
බංගලිදේශය ,නේපාලය .චීනය ,ඉන්දියාව ,රුසියාව වැනි රටවල ඉගෙනගන්න යන අපේරටේ ළමයි කොපමණ සල්ලි කන්දරාවක් ඒ රටවලට ගෙනයනවාද කියල ඕකට අස්සන් කරන්න කලින් හිතල බලන්න . ඊට වඩා අඩුමුදලකට අපේ රටේම ඉගෙනගෙන අපේ සල්ලිත් ඉතුරු වෙනවානම් ඇයි අපි විරුද්ධ වෙන්නේ.
ආත්මාර්ථකාමී අය තමයි අත්සන් තබන්නේ...
කුහක කම සහ ඊර්ශ්‍යාව !!!!!!!!!!!
පෞද්ගලික අධ්‍යාපන ආයතන අවශ්‍ය කාලයක් මේ..
ආණ්ඩුවේ රෝහලකට යන්න ඕන මෙයාලගේ ගෑස් බලන්න.
කිසිසේත්ම අවශ්‍ය නෑත...
දොස්තරලා දස ලක්ෂයක් ඉන්නවනම් ඕකට අත්සන් දස ලක්ෂයක් ලැබේවි. මෝඩ මිනිසුනේ ඕකට අත්සන් කරන්න එපා. තමන්ගෙ බෙල්ල තමන්ම මිරිකා ගන්න එපා. අපට අවශ්‍ය වන්නේ කෙසේ හෝ ගුණාත්මක දොස්තරලා විනා පෞද්ගලික විශ්ව විද්‍යලයෙන් එනවද ආණ්ඩුවෙන් එනවද කියන එක නොව. අන් සියලු ක්ෂේත්‍රවල පෞද්ගලික අංශවලින් අධ්‍යාපනය ලබා පැමිණි අය සේවය කරන්නේනම් දොස්තරලාට කුමන වෙනසක්ද? දැනටමත් විදෙස් අධ්‍යාපනය ලැබූ දොස්තරලා මෙහි සේවය කරන වග ඔබ නොදන්නේද? නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් දොස්තරලා වූ අය පෞද්ගලික බෙහෙත් කඩ හරහා අධික මුදල් අය කරමින් අසරණ රෝගීන් ගසා කන වග ඔබට නොතේරේද?
මැටි පූසා....හරියට හරි...ඔයාගේ කටේ මසුරන් දාන්න හිතෙනවා....
ඔබටත් මේකට ඇතුලත් වෙන්න මූලික සුදුසුකම තියෙනවා. සල්ලි ටිකකුත් (ටිකකින් බැරි බව දැන ගත්ත ම දුක් වෙයි!)හොයා ගත්තොත් පුළුවන් වෙයි..
මෙයාල බය දොස්තරල වැඩිඋනොත් පෞද්ගලිකව බෙහෙත් කරල වැඩි ගානක් හම්බකරගන්න බැරි වෙන නිසයි..නැතිව ඒවයේ ප්‍රම්තිය ගැනවත් අසරණ රෝගීන් ගැනවත් හිතල නෙමෙයි.. ලංකාවට තව අනිවාර්යයෙන්ම වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි.. එතකොට වෛද්‍යවරැ සැබෑ වෛද්‍යවරැ බවට පත්වෙයි. නැත්නම් සමහරැන්ගෙ තියෙන ලොකු කම...