ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය පවා නොලැබී තිබියදී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මෙම වසරටත් නවක සිසුන් බඳවා ගනිමින් තිබීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරතිබූ ජනතාව දැනුම්වත් කිරීමේ සහ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් අද (16) කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදී පැවැත්විණ.
ලක්ෂ 110 ක මුදලකට වෛද්‍ය උපාධිය අලෙවි වෙමින් තිබෙන්නේයැයි මෙහිදී පැවසිණ.
2009 වසරේ සිටම මෙම වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වූ මුත් පැවැති රජය එය ආරක්ෂා කරගැනීමේ යෙදී සිටිය බවට බල මණ්ඩලයේ සාමාජිකයෝ චෝදනා කළහ. ශ්‍රීලංකා වෛද්‍ය සභාව වත්මන් රජයේ ජනපතිවරයාව සහ අගමැතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබියදී පවා නවක සිසුන් බඳවා ගැනීමට තවමත් කටයුතු කෙරෙමින් තිබෙන බවත් ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දියුණු වෙන්නේ කොහොමද ඉතින් මෙහෙම දේවල් වෙනකොට (නි)
පිනට ඉගෙනගන්න දෙන එක තමා වැරැද්ද (බ)
නිර්මාල් විතරයි බුද්ධිමත්ව අදහස් දක්වා තිබෙන්නේ. අනිත් ඔක්කොම අය මෝඩයි. නිර්මාල්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් (බ)
මාලඹේ වෛද්‍ය විද්‍යාලයට කලින් කරන්න ඕනෑ ඔය විශ්ව විද්‍යාල වල නොමිලයේ උගන්නන එක නැවැත්වීමයි. ජනතාවගේ බදු මුදල්වලින් නොමිලේම ඉගෙනගෙන චැනල් සෙන්ටර් බෙහෙත් කළුකඩ මාර්ගයෙන් දුප්පත් ජනතාවගේ මුදල් ගසාකන එක හරිද? මුදල් තියන අය වියදම් කරලා ඉගෙනගත්තහම මොකක්ද ඒකෙ තිබෙන වැරැද්ද? එහෙම පෞද්ගලික විශ්ව විද්‍යාල මේ ලෝකේ වෙන කොහෙවත් නැද්ද? (නි)
රටේ අවාසනාවක මහත! දියුණු වෙන්න දෙන්නෙම නැහැ (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල අද ලෝකයේ සෑමතැනකම තිබෙනවා (නි)
කරුණාපාල, කරුණු හොඳට කියවලා බලලා ලියන්න. (නි)
නිදහස් අධ්‍යාපනය උසස්පෙළට පමණක් නියමකර හැම විශ්වවිද්‍යයලක්ම මුදල් අයකළ යුතුයි රජයේ විශ්ව විද්‍යාල හරහා ඇතිවේ ඇති ගෝත්‍රික සමාජය නැතිකළ හැක .දියණු ලෝකයකට පාතැබිමටනම් මෙය කළ යුතුයි (බ)
බලාගෙන ගියාම මහා ලොකුවට කරුණු හොයල බලල හොඳට කියවල, ලියන, ජයම්පති මහත්තය මුකුත්ම ලියල නැහැනේ? ඔය කියන මාලඹේ වෛද්‍ය විද්‍යාලය විතරක් නෙමේ මේ රටේ තවත් පෞද්ගලිකවෛද්‍ය විශ්ව විද්‍යාල ඇතිවී, වර්තමානයේ තියන වෛද්‍ය මාෆියාව නැති කිරීමට කඩිනමින් පියවර ගන්න කියල තමයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ. (අ)
මුදල් ගෙවා හෝ නොගෙවා අධ්‍යාපනය ලැබීම මානව අයිතිවාසිකමක්. රරජය අධ්‍යාපනයේ තත්ත්වය දියුණු කළ යුතුයි. සිසුන්ගේ හා ආචාර්ය මහාචාර්යවරුන්ගේ සුදුසුකම් ලියාපදිංචි කළ යුතුයි. හොඳ තත්ත්වයේ නැති පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා. ඒ ගැන කියන්න කනගාටුයි. කවුරුත් ඒ ගැන කථා කරන්නේ නෑ. මගේ අදහස නම් රජය අඩු වශයෙන් පීට 3ක් වත් ඇති පෞද්ගලික සරසවි අනුමත කළ යුතුයි රජය ඒ සම්බන්ධයෙන් තත්ත්වය පරික්ෂාකළ හැකි සංවිධානයක් පත් කළ යුතුයි. (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන) හැමෝටම අයිතියක් තියෙනවා හොඳ තත්ත්වයේ උසස් අධ්‍යාපනයක් ලැබීමට (බ)
රොෂාන් නැමැත්තෙක් රජරට ගැන කතා කොට තිබෙනවා.රජරට ප්‍රමිතිය දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයද පිළිගෙන අවසන්.අනුරාධපුර ශීක්ෂණ රෝහල මෙන්ම මාතලේ සහ පොලොන්නරුව රෝහලද රජරට පීටයේ ශීක්ෂන් රෝහල්.අනුරාධපුර රෝහල ලංකාවේ තෙවෙනියට විශාල රෝහලයි. අනුරාධපුර රෝහලෙන් බාහිර අංශයෙන් වසරකට ලක්ෂ තුනක් ප්‍රතිකාර ගන්නවා.සායන වලින ව්ශාල රෝගී පිරිසක් ප්‍රතිකාර ගන්නවා.නේවාසික රෝගීන් දෙදහසකට පහසුකම් තිබෙන අහල නේවාසිකව එම පමණය ඉක්මවා ප්‍රතිකාර කරනවා.මේ නිසා වෛද්‍ය විෂය නිර්දේශයට අවශ්‍ය සියලු රෝගීන් මෙහි සිටිනවා.එසේම ඉගෙනීම් කටයුතු සදහා සියයකට වැඩ විශේෂඥය වෛද්‍යවරුන් සිටිනවා.අධිකරණ වෛද්‍ය විද්‍යාව අනුරාධපුර රෝහලේ අධිකරණ අංශය මගින් සිදු කරන අතර සිසුන්ට පශ්චාත් මරණ පරීක්ෂණ මෙන්ම අපරාධ ස්ථානවල පුහුණුව මෙන්ම අධිකරණ කරයුතු වලට සහබාගී වීමටද අවස්ථාව දෙනවා.ප්‍රජා සෞඛ්‍ය විද්‍යාවද හොඳින් උගන්වනු ලබනවා.එහිදී ප්‍රජා සෞඛ්‍ය සේවයේ සායනික පුහුණුව ලබනවා.රජටට පීටය මේ වනවිට පශ්චාත් උපාධි පුහුණු පීටයක් ලෙසද තොරගෙන් සිටිනවා. එසේම විදෙස් වෛද්‍යවරුන්ද පුහුණුව සදහා පැමිනෙනවා. (බ)
ලෝකයේ දියුණු රටවල් වල සරසවි අධ්‍යාපනය නොමිලේ සැපයෙන්නේ නැහැ. යම් කිසි ප්‍රමිතියක් ගුණාත්මක බවක් ඇතිව උසස් අධ්‍යාපනය පුද්ගලිකව හැදෑරීමේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ . දැන් ඔය නිදහස් අධ්‍යාපනය ලබන උදවිය ඔක්කොම රටට සේවය කරමින් ලැබෙන පඩියෙන් තෘප්තිමත් වී ජීවත් වෙනවාද ? (ර)
මාලබේ සිසුන්ගේ දෙමාපියන් ලක්ෂ 110ක් මේ සඳහා සොයාගත්තේ කෙසේදැයි පරීක්ෂා කළයුතුයි. (නි)
රවි එහෙම කිවාට පුද්ගලික රෝහල් වලින් වැඩේ වැරදුනාම එවන්නේ රජයේ රෝහල් වලට. (නි)
ජයම්පති, කරුණාපාල කියන එකේ මොකද්ද තියන වරද? අපේ මුදලින් නොමිලේ ඉගෙන ගන්න කොටසක් වෛද්‍යවරුන් ලෙස විදේශ ගත වෙනවා. අනෙක් අය පෞද්ගලික වෛද්‍ය සේවා වලට කැපවෙලා. 0.5% පමණයි මුලු කාලයම නොමිලේ රජයේ රෝහල් වල සේවය කරන්නේ. මුදල් මූලික කර ගනිමින් ඉගෙන ගන්න අධ්‍යාපනයට මුදල් ගත්තම මොකද.? (ර)
පෞද්ගලික විශ්ව විද්‍යාල රටකට අනිවාර්යයෙන් අවශ්‍යයි. ලංකාව වගේ රටකට ඉන් ලොකු අදායමක් ගන්න පුළුවන්. ලංකාවට නිෂ්පාදන ආර්ථිකයක් හරි යන්නේ නෑ. සේවා ආර්ථිකයකට අනිවාර්යයෙන් පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්යි. ඔක්කොටම කලින් විශ්ව විද්‍යාලයේ ජවීපෙ තහනම් කර ළමයින්ට නිදහස්ව හිතන්න පුරුදු කළ යුතුයි. (බ)
දැන් ඉන්න බොහෝ වෛද්‍ය වරු නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන ලෙඩ්ඩුන්ව සුරා කනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යල පමණක් නොව අනෙකුත් විෂයන් ඉගෙන ගැනීමට පුද්ගලික ආයතන පිහිටවමු. (අ)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැම රටකම තියෙන්නේ. ඉන්දියාවේ ඕස්ට්‍රේලියාවේ, ඇමරිකා, එංගලන්තේ ගොඩක් ශ්‍රී ලාංකිකයන් පිට රටවල් වල ගිහින් ඉගන ගන්නේ ගොඩක් මුදල් දීලා ඔය තැන්වල තමයි ඉතින් ඕක ලංකවේ තිබුනට මොකද වෙන්නේ ? (ර)
දිස්ත්‍රික් කෝටා නිසා කොළඹ මාතර නුවර වැනි දිස්ත්‍රික්ක වල ඉහල ලකුණු ගත් දරුවන්ට සරසවි වරම් අහිමි වෙනවා. දැන් ඒ ළමයින් මෝඩයන් කියලා පැත්තකට වැටිලා ඉන්නද සුදුසු? ජනතා බදු මුදල් වලින් ලංකාවෙන් නොමිලේ අධ්‍යාපනය ලබා ගෙන උපාධිය ලබලා උණුසුමයන්නත් කලින් ඔස්ට්‍රේලියාවට පදිංචියට ගිය කෙනෙකු මම දන්නවා. (අ)
කරුණාපාල කියන එක හරි.ලෝකයේ පුරාම ඔය විදියේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. නියම නිර්දේශ සහ කාල වකවානු අනුව කෙරෙනවා නම් ඒකේ ඇති වැරැද්දක් නැහැ.අනික සල්ලි තිබුනත් රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට ලකුණු කීපයක් අඩු ළමයි තමයි එතන ඉන්නේ. යහම්පත් මහත්තයෝ, කුහක වෙන්න එපා. (නි)
කරුණාපාල ඔබ හරි, නිදහස් අධ්‍යපනය අවශ්‍ය නැහැ, මෙයාල අපේ සල්ලිවලින් ඉගෙන ගෙන අපිටම කොකා පෙන්නනවා, දොස්තරවරු,ඉංඡිනේරුවරු,රේගූ නිලධාරින්,රඡයේ උසස් නිළධාරින් යයි කියා ගන්නා සියලු දෙනා ඒ උසස් තැන්වලට ගියාම මුල මතකනැහැ, ඒ තැනට එන්න උදවි කල මහඡනයා මතක නැහැ(අ)
අපිට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඕනෑ. (නි)
කෝටි ගණනක් වැයකරලා හදපු මෙම වෛද්‍ය විද්‍යාලය වහන්න කියනවට වඩා හොඳ නැද්ද අනුමත කරලා තවත් දියුණු කරන්න අවස්ථාවක් දෙන එක. අපේ ළමයි වෙනත් රටවලට ගිහින් මුදල් දීලා වෛද්‍ය උපාධිය ලබාගෙන එනවා. එම රටවලත් ඔහොම විරුද්ධ වෙනවා නම් මොකද වෙන්නේ? (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හොඳ දෙයක් කියල කීමට නොහැක. මොකද අපි වගේ ඇති නැති පරතරය වැඩි රටකට එකේ සුදුසු නැත. එක නිසා ඔය උද්ගෝෂණ කරන සිසුන් කියන්නේ, රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරලා අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කරන්න නේ. නමුත් ඔය වෛද්‍ය සිසුන්වත්, වෛද්‍යවරුන් වත් පුද්ගලික රෝහල් බිහිවෙනකොට මුකුත් කියන්නේ නෑ. (ර)
දැන් එතකොට පෞද්ගලික චනල් සේවා පවත්වන්නේත් ජාතික වෛද්‍ය සභාවේ අනුමතියෙන්ද? රටක් දියුණු වෙන්න නම් මන්ද බුද්ධික පුරවැසියාට පවා යම් කිසි කුසලතාවක් වැඩි දියුණුකර ගැනීමට මාර්ග තිබිය යුතුයි. ඔක්කොම ආණ්ඩුවෙන් සපයා දෙන කන් මුළු රටේම මිනිස්සු බලාගෙන හිටියොත් හොඳට හිටීවි . (අ)
පුද්ගලික විශ්වවිද්‍යාල තවත් ලංකාවේ බිහිකලයුතු බව මගේ මතයයි. (ර)
දැන් ඔය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ සිසුන් පුද්ගලික රෝහල් වලට කිසිම විරෝධතාවක් නැහැනේ. තමන්ට සල්ලි හම්බ කරගන්න හොඳයි. අනෙක් උදවිය සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න නරකයි. ඊයේ මගේ අම්මාව විශේෂඥ වෛද්‍ය තුමාට පෙන්නන්න වෙලාව ගත්තේ තුන්වෙනියාට. . හවස 6 ට ආපු අපේ අම්මාව බලන්න ගත්තේ රාත්‍රී 11 ට . දොස්තර චැනල් රවුමේ ගිහින් පරක්කු වෙලා . (අ)
මෙම විදුහල අවලංගු කිරිම නොවෙයි කලයුත්තේ. සරසවි වරම් නොලැබූ වැඩිම ලකුණු ලබාගත් අයගෙන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි අය තෝරාගත යුතය. (ර)
ජාතික වෛද්‍ය සභාවට තියන නීත්‍යානුකූල තත්වය කුමක් ද..? මෙයාල ලංකාවෙ පෟද්ගලිල වෛද්‍ය විද්‍යාලය ගැන කථා කරනවා. අපේ ලමයි, මේ වගේ දෙගුනයක් විතර මුදල් ගෙවලා, බංගලිදේශය වැනි රටවල් වලට ගිහින් ඉගෙන ගන්නවා. විදෙස් උපාධි ලත් වෛද්‍ය සිසුන් රජයේ සේවයට බඳවා ගන්නා ආකාරයටම, මේ සිසුන්ටත් සලකන්න බැරි ඇයි. මෙතන ඉරිසියාව මිස වෙන කිසිවක් නෑ. (ර)
මමනම් කැමතියි මේක දිගටම තියනවනම්. (ර)
ඔයාල දන්නවද උසස්පෙළ කලා වාණිජ වගේ විෂයයන් කරපු ශිෂ්‍යයිනුත් මාලබේ ඉන්නවා කියලා? (ර)
ඔයාල දන්නවද උසස්පෙළ කලා වාණිජ වගේ විෂයන් හදාරපු ශිෂ්‍යයිනුත් මාලබේ ඉන්නවා කියලා? (ර)
කොහොමටත් ලමයින් ඉගෙන ගන්නවට අකමැතියි. තමන්ගෙ ගොඩ අඩුවනවට කැමති නෑ. නොමිලේ දෙන අධ්‍යපනයෙන් අයුතු ප්‍රොයෝජන ගන්න හදන පිරිසක්. (ර)
වෛද්‍ය සභාව අනුමත නොකර තිබියදීත් තව දුරටත් මේකට ළමයි බඳවා ගැනීම ලොකු වරදක් සහ රැවටීමක්. (ර)
මෙතන ඉරිසියාව මිස වෙන කිසිවක් නෑ. (ර)
1 ලකුණක් අඩු වෙච්ච දරුවෙක් තමන්ගේ දෙමවුපියන්ට මුදල් තියෙනවානම් පුද්ගලික විශ්වවිද්‍යාල වලට ගියාට මොකක්ද තියෙන වැරැද්ද.? ඉගෙනගන්න කැමති කෙනෙක්ට ඉගෙනගන්න දෙන්නේ නැති අය. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ. (ර)
විශ්වවිද්‍යාලයවල ඉන්න තරුණ දූ පුතුන් අවංකම සැමට සාධාරණ සමාජයක් අපේක්ෂා කරනවා. ඔවුන්ගේ අවංක කමත් නිර්භීත බවත් ඇතැම් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් අතකොලුවක් ලෙසින් භාවිතා කරනවා. එයට ප්‍රධානතම හේතුව විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන්ගේ සමාජ දේශපාලනික දැනුමෙහි උෳනතාවයයි. (ර)
මේ වගේ ආයතන තවත් බිහිවෙන්න ඕනෑ.ලෝකයේ සැම රටකම මේවා තියෙනවා. ලංකාවේ අයගේ තියෙන්නේ ඊර්ෂ්‍යාව (නි)
ජනතාවගේ බදු මුදලින් නොමිලේ වෛද්‍ය විද්‍යාව හදාරන මෙම සිසු පරපුර දැනට පවතින වෛද්‍ය මාෆියාවට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නේ මන්ද?
මල්කිගේ අම්මා එක උදාහරණයක් විතරයි. කී දාහක් ඔය දුක විඳිනවද? මම කරුණාපාලගේ ප්‍රතිචාරයට එකඟයි. (ර)
පුළුවන් කව්රුත් ඉගනගත යුතුයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ අනිකාට ඉගනගෙන ඉදිරියට යන්න තියෙන නිසහස නැති කරන එක නෙවෙයි සිද්ද විය යුත්තේ අවශ්‍ය ප්‍රමිතිය පවත්වාගෙන යාමයි. (ර)
සුදුසුකම් තිබෙන ළමයි කොපමණ කියලා විශ්ව විද්‍යාල වලට යන්න විදියක් නැතුව දුක්වෙනවද? . සමහර දෙමාපියන් ගෙවල් උගස් කරලා ඉන්දියවේ බංග්ලාදේශ් වගේ අඩු වියදම් තිබෙන රටවල් වලට ළමයි යවලා උගන්වනවා.ලංකාවේ එහෙම පහසුකම් තියනවා නම් වියදමත් අඩුයි. ඔය පෙළපාලි වල යන අය අයින් කරලා ඊළඟට ලිස්ට් එකේ ඉන්න ළමයි වෙද විදුහලට ගන්න (නි)
අනිවාර්යයෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවිය යුතුයි. (ර)
මෙම වෙද විදුහලට උසස්පෙළ සමත් සිසුන් විතරනේ ඇතුළත් කරගෙන ඉන්නේ. ඉතින් එයාලත් රජයේ වෙද විදුහල් වලට සමාන විභාග වලින් සමත්වෙලා වෛද්‍යවරු වුණාම තියෙන වැරැද්ද මොකක්ද? එයාලට සායනික පුහුණුව රජයේ රෝහල් වලම දීලා සම සුදුස්ස්සන් කළාම හරිනේ. රටට අවශ්‍ය තරමට වෛද්‍යවරු රජයේ විශ්ව විද්‍යාලවල හදන්න අවස්ථාවක් නැත්නම් මෙහෙම හරි එම අඩුව පිරිමැසෙන එක රටට යහපතක් නොවේද? එම සිසුන් එම මුදල් වියදම්කර විදේශයකින් වෛද්‍ය උපාධියක් ලබාගෙන එන එක මීට වඩා හොඳද? මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව හැර වෙන කිසිම දෙයක් නෙමෙයි. (නි)
අනිකුත් සෑම රටකම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. (ර)
පුද්ගලික වෛද්‍ය විදුහල් වලින් බිහිවෙන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන වගකීම ගන්නේ කවුද? (නි)
මට නම් හිතෙන්නේ ඔය ලමයින් එයලාගෙ ඉගෙනීම කරගත්තා නම් ඉවරයිනෙ. බොරු විප්ලව ඔක්කොම ඉන්නකම් විතරයි. කෑගහන ගොඩක් ලමයි විද්‍යා නොවන විෂයන් කරන අය. එයාලට එලියට ආවහම කරන්න රැකියවක් නැහැ එයලටත් පෞද්ගලික උපාදියක් කරන්නම වෙනව රැකියාවකට. (ර)
පෞදිගලික රෝහලුත් වසා දැමිය යුතුය. (ර)
මම නම් හිතන්නේ නැහැ ඒ ළමයි ඒක ඊර්ෂ්‍යාවට කරපු දෙයක් කියලා. රජයේ සරසවි වල ළමයි රජයට බල කරනවා රජයේ වෛද්‍ය විද්‍යාල පුළුල් කරලා ඒවායේ බඳවා ගැනීම වැඩි කරන්න කියලා. අනික කුහකකමට නම් ඒ ළමයි කෑ ගහන්නේ රජරට. නැගෙනහිර වගේ වෛද්‍ය විද්‍යාල ආරම්භ කරද්දීත් ඒ ළමයි ඒවාට විරුද්ධ වෙන්න එපැයි. ඒක තේරුම්ගන්න ඉතින් ටිකක් මොළේ තියෙන්න ඕනෑ. නිකන් මතුපිටින් බලලා මෝඩ විදිහට ඒක හුදෙක් ඊර්ෂ්‍යාවට කළා කියන එක අනුවණකමක්. (නි)
අනික රජයේ වෛද්‍ය විද්‍යාල වල මුදල් ඇති නැති කියලා භේදයක් නැතුව ඉගෙනගන්න පුළුවන්. ආර්ථික විද්‍යාවට අනුව රටක ඇති අවස්ථා සීමිතයි. එනමුත් මිනිසුන්ගේ ආශාවන් අසීමිතයි.කිසිම රටකට සෑම මිනිසෙකුගේම අසීමිත ආශාවන් සම්පුර්ණ කරන්න බැහැ. විශේෂයෙන්ම වත්මන් ලංකාව වගේ රටකට. එනිසා ඒ අවශ්‍යතාවයන්ට මිනිසුන් වාරණය කරගත යුතුයි. එහිදී තීරණාත්මක සාධකය වියයුත්තේ මුදල නොවෙයි.. ! (නි)
ලංකාවේ පුද්ගලික ආයතනක් පශ්චාත් මරණ පරීක්ෂණ කරන්නේ නැහැ. ඒවා සල්ලි දීලා කරගන්න මිනිසුන්ට ඕනෑ නැහැ. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධ දැනුම වෛද්‍ය අධ්‍යාපනයේ මුලික දෙයක්. (නි)
මේකේ දාලා තියෙන සමහර අදහස් දැක්කහම මිනිස්සු කොච්චර මෝඩද කියලා නම් තේරෙනවා ... (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල කිසි වරදක් නැහැ අදාළ පහසුකම් සපුරා තිබේ නම්. අපේ මුදලින් ඉගෙනගෙන වෛද්‍ය සබාවේ ලියාපදිංචිය ලබාගත් වහාම රජයේ රැකියාවෙන් අස්වී කොළඹ පුද්ගලික රෝහලකට සේවයට බැඳුනු හා ඒ සමගම වාගේ රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය දොස්තර කෙනෙකු මා දන්නවා.අපේ මුදලින් එසේ කරන එක කමක් නැද්ද?මේ ළමයින්ට කුහකකම් කරන්නේ ඇයි? (නි)
පුද්ගලික විශ්ව විද්‍යාලයෙන් එලියට එන්නේ ඇත්තටම දක්ෂයොද, හොදම මොළ කාරයෝද, නැතිනම් රොබෝලා ටිකක්ද.? (ර)
එහෙම කියන එක අසාධාරණ නැද්ද? (නි)
අමුතුවෙන් ජනතාව දැනුවත් කරන්න දෙයක් නැහැ. කරන වැඩවර්ජන වලින් ජනතාව දන්නවා (නි)
මාගේ දරුවත් මෙහි සිසුවෙක්. (ර)
එතකොට නැගෙනහිර විශ්ව විද්‍යාලයේත්, රජරටත් උගන්වන ප්‍රමිතිය ගැන කතාකරන්නේ නැහැ මේ ශිෂ්‍යයෝ? (නි)
මේක වහන්න එපා. (ර)
නිර්මාල් මහත්තයෝ, තමන්ගේ අදහස නොදරන්නන් මෝඩයින් සේ සලකන ඔබ තුමා හා මෙතන අදහස් පලකොට තිබෙන අනිත් අයගේ වෙනස පැහැදිලියි. කරුණු කාරනා අහුලාගෙන ලියන එකයි කරුණු කාරනා දැනගෙන අවබෝධයෙන් ලියන එකයි කියන්නේ දෙකක්. (ර)
මම එකඟවෙනවා හර්ෂ එක්ක (නි)
මුදල් තිබෙන රෝගීන්ට පෞද්ගලික රෝහල් වලින් මුදල් ගෙවා බෙහෙත් ගන්න එක හොඳයි..සුදුසුකම් තිබෙන සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙනගන්න එක නරකයි.ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන රෝගී ජනතාවගෙන් සූරාකන එක හොඳයි.අපේ රටේ ළමයි මුදල් ගෙවලා අපේ රටේම ඉගෙනගෙන දොස්තරලා වෙන එක නරකයි.රෝගීන්ගේ පපුවට ඔය වෙද නලාව තියන්න කලින් තමන්ගේ පපුවට තියාගත්තා නම් ඔය පපු ඇතුළේ කැකෑරෙන රෝගය මොකක්ද කියලා වෙන්න දොස්තරලටයි, නියම දොස්තරලටයි හරියටම අවබෝධ වේවි. (නි)
වෛද්‍යවරයෙක් එලියට එන්නේ වසර 6-7ක් විතර උසස් අධ්‍යාපනයට යොමු කරලා. එහෙම එන වෛද්‍ය වරයෙකුට වෙන රටවල නම් ඉතා ඉහල වැටුපක් ලැබෙනවා. එහෙම තියෙද්දිත්, ඕන තරම් පිටරට රැකියා අවස්ථා තියෙද්දිත් අමතරව පුද්ගලික රෝහල් වල වැඩ කරමින් හෝ ඔවුන් ලංකාවේ ඔවුන් රැදෙන්නේ ලංකාවට ආදරය නිසා. ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ රෝහලට අමතරව පුද්ගලික රෝහල් වල රැකියා කිරීම සමාන කරන්න බැහැ. (ර)
නිර්මාල්, ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකම මනින නිර්ණායකය රජයේ සරසවියකට ඇතුලත් වෙන්න බැරි වීම කියා ඔබ හිතන බව පැහැදිලියි. නමත් ඉතින් රජයේ සරසවි වල සිසුන් ඉගෙන ගන්නේ මෝඩයන් විසින් දුක් වින්ද හම්බු කල බදු මුදලින්. එහෙම නැතිව ඔය බුද්ධිමතුන්ගේ මව්පිය බුදලෙන් නෙවෙයි. (ර)
කරුණාපාල කියන්නේ අපේ රටේ ලෙඩ්ඩු අමාරුවේ දාන්නද?බොරුවට නිකම් ජාතික විශ්ව විද්‍යාල වලින් බිහිවුණ වෛද්‍යවරුන්ට දොස් කියන්න එපා කුහකකමට.මේකේ ලියන අය මොකටද පුද්ගලික රෝහල් වලට බෙහෙත් ගන්න යන්නේ? කවුරුත් බලෙන් ගෙන්නා ගන්නේ නැහැ.යන්න බැරියෑ රජයේ රෝහලට. (නි)
මගේ නෝනා පැලෝපිය නාලයේ අවදානම් දරු පිළිසිඳ ගැනීමකින් මරණාසන්න වුණා. ආණ්ඩුවේ රෝහලේ ප්‍රතිකාර පමාවෙනකොට පුද්ගලික රෝහලට අරගෙන ගිය නිසා ජිවිතේ බේරුනා. යහම්පත් , කුහකකම තිබෙන්නේ අපේ බදු සල්ලි වලින් ඉගෙනගත් සමහරු උගතුන් කියලා කියාගන්නා උදවියට. (නි)
අනිකුත් සෑම රටකම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලින් ඉගෙනගත් දොස්තරවරු පුද්ගලික චැනල් සේවයේ වැඩකර මුදල් උපයන්නේ නැද්ද? ඔවුන් දුප්පත් මිනිසුන්ගෙන් රුපියල් දහස් ගණන් අයකරන්නේ ලෙඩෙක් පරීක්ෂා කරන්න විනාඩි දෙකක්වත් නොයොදවා. ඒවා හොඳයි. දුප්පතාට පිළිසරණ වෙන්න තව පුද්ගලික විශ්ව විද්‍යාල 10 ක්වත් පටන්ගන්න ඕනෑ. (නි)
https://www.facebook.com/NO-PMC-333912529972270/ මේ ලින්ක් එකට ගිහින් බලන්න ඔබ සියලු දෙනාගේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවා එකේ..(බ)
මේ ලින්ක් එකට ගිහින් බලන්න .. මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාල නිසා ලංකාවට වෙන හානිය ගැන කරපු රිසර්ච් එකක් ..http://www.issuesinmedicalethics.org/index.php/ijme/article/view/157/969#.VfWEZEdSOjg.facebook (බ)