හදිසි අනතුරකින් වසර කිපයක සිට සිහි සුන්ව සිටින ඩිලූ රොෂාන් මහතා සුවකර ගැනිමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීම සඳහා ඉතාලියේ මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී පැවැත්වු මිලානෝ සුවපත්සේවා සංගමය කීර්ති හෙට්ටිතන්ත්‍රිගේ කාලාර්ථයේ ගී සැඳෑව නම් වු සංගිත වැඩසටහනින් යුරෝ 4310ක(රුපියල් 775800) මුදලක් එකතුකර ගත් බව මිලානෝ සුවපත්සේවා සංවිධානයේ ප්‍රධාන සංවිධායක ලෙස්ලි ලෝව් මහතා වේදිකාව මතදීම පැමිණසිටි සියල්ලන්ටම ඇසෙන සේ අයවැය වාර්තාවක් ඉදිරිපත් කළේය.
එම මුදල වෙන්නප්පුව මහජන බැංකුවේ තැන්පත්කිරීමට මිලානෝ නගරයේ බැංකු නියෝජිතයෙකුට භාර දුන්නේය.
ඉතාමත් සාර්ථකවු මෙම වැඩසටහනට ප්‍රධාන අමුත්තන් ලෙස ප්‍රවීන චිත්‍රපට කැමරා අධ්‍යක්ෂක ඇන්ඩෘ ජයමාන්න,සංගිත අධ්‍යක්ෂක නවරත්න ගමගේ සහ ගීත රචක ෂෙල්ටන් සිල්වා යන මහත්වරු ආහ. රොෂාන් වයික්කාල උතුරු කම්මල අංක 52 නිවසේ පදිංචි වී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උදාර කාලර්ථයේ ගී ගෙන හැරපාමින් කලා වූ උදාර මිනිස් මෙහෙවර මිලානෝ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් හදවතින්ම අගයමි.එහිදී මා දුටු සුවිශේෂ ගුණාංගය නම්, සත්භාවයෙන් හා අවංකභාවයෙන් සියලුම වියපැහැදම් විනිවිද පෙන්වා දෙමින් අතිරික්ත මුදල එම අවස්ථාවේම අදාල පාර්ශවය වෙත ලැබීමට සැලැස්වීමයි.මෙපමණ කලක් මිලානෝ නගරයේ බිහිවූ යටිමඩි ගැසීමේ සමිති සංවිධාන අර උළෙලවල් මේ උළෙලවල් කරමින් විනිවිද භාවයක් දැකිය නොහැකි ලෙස බංකොලොත් වූ උන්නැහේලාට හා තක්කඩි සංකල්ප වලින් පෙලෙන්නාවූ අයට මරු පහරක් එල්ල කරමින් කාලාර්ථයේ ගීතය අප හදවත් තුල සදා තැන්පත් වීය.ඉදිරියේත් මෙවැනි සංකල්ප තුලින් අසරණයින්ට පිහිට වේ නම් මිලානෝ ජනතාව සැමවිටම සහයෝගය දක්වනු ඇත.මෑත යුගයේ අනුරාධපුරයේ ගමකට ජලය පිරිසිඳු කිරීමට යන්ත්‍රයක් ලබාදෙන්නැයි කියා මිලානෝ නගරයේ එක්තරා කාන්තා සමිතියක් ගෙට් ටු ගෙදර් සාජ්ජයක් පවත්වා මුදල් එකතු කරත්...තවම එහි ප්‍රතිඵලය අප නොදුටුවෙමු.එහි ඡායාරූප ලංකාදීප තුලින් දැක බලා ගැන්මට අප තවමත් නොමසුලුවෙන් සිටී.එහෙයින් කලා සංවිධාන, කාන්තා සංවිධාන හා මෙකී නොකී සියලු සංවිධාන සමිති වලට කලාර්ථයෙන් පරමාදර්ශයක් ඉගෙන ගැන්මට ඇත. (ස)
එමිල්, තමා ගැනම වර්ණනා කරගෙන. මේවා නම් කල යුතු වැඩ නෙවෙයි. ලෙස්ලි ලෝව් වගේ නිහතමානි වෙන්න. (අ)
වසර කීපයක සිට සිහිසුන්ව ඉන්නේ කොහොමද??? (ස)
අපෝ…එමිල්, කිරි කලයකට ගොම බිඳක් දැම්ම වගේ ඔබේ කතාව. වැඩක් කරන්න සහයෝගය දුන්නා නම් සද්දේ නැතුව ඉන්න. එතකොට තමයි කලක් ගියත් හොඳින් ජනප්‍රිය වෙන්නේ. (ස)
මිලානෝ වල ව්ශාල ලෙස දානපතියන් සිටින බවයි පෙනෙන්නේ. ලන්ඩනයේ ඔවැනි දෙයක් තිබ්බේ නම් පවුම් පන්සීයක් වත් (යුරෝ 600) සොයා ගන්න අමාරුයි. ලංකාවේ පිළිකා රෝහලකටද මිලානෝ වලින් විශාල මුදලක් පරිත්‍යාග කල බව මෙම පුවත් පතේම මම දුටුවා. (ස)
නන්දන මහතාගේ ප්‍රතිචාරය මා ඉතා අගය කරන අතර,අපි සැමදෙනම එකසේ මෙම කටයුතු කළ අතර,ඉතාමත් නිහතමානීව කටයුතු නිමා කිරීමට සැලසුම් කළෙමු. ප්‍රතිචාරය පිළිබදව හදවතින්ම ස්තූතිය පුද කරන විට නම ගම සඳහන් කිරීමේ ගැටලුව කුමක්දැයි මට නොවැටහේ. ඒ උදාර මිනිස් මෙහෙවර හදවතින්ම ඇගයිය යුතු අතර,මෙවැනි සද්කාරයක් විනිවිදභාවයකින් නිමකිරීමට මා නියෝජනය ලබාගැන්මට ලෙස්ලි ලෝව් මහතා කටයුතු කිරීම පිළිබඳවද මා කෘතඥ වෙමි. (නි)
දන්නේ නැති අය මේ ලින්ක් එකට ක්ලික් කරලා කියවන්න. සිංහලෙන් නම් සොයාගන්න බැරි උනා. http://en.wikipedia.org/wiki/Coma (ස)
ලෙස්ලි ලෝව් ඇතුළු මිලානෝ සුවපත් සේවා සංවිධානය ඉතාමත් අවංකව මේ කාර්යන් කරනවා. ලෙස්ලි ලෝව් ඉතාමත් අවංක නිහතමානී මහත්මයෙක් .කීර්ති හෙට්ටිතන්ත්‍රිගේ මහතාටත් ස්තුතියි . (ස)
මේ අසරණ දරුවාගේ ජීවිතය යලි ජීවත්කරවීමට සහය දුන් මිනිසත්භවේ සුවඳින් පිරි හදවත් ඇති ඔබ සම ලබාදුන් නොමසුරු සහයට මගේ භක්තිප්‍රනාමය. ලෙස්ලි මහතාණන් වැනි උතුම් මිනිසුන් මෙලොවට උතුම් දායාදයකි.(අ)
මෙවැනි පුන්‍ය කර්මයකට මෙතරම් විශාල මුදලක් සොයා ගැනීම සාමාන්‍යයෙන් දුෂ්කරය. ලෙස්ලි ලෝව් මහතා මනා සංවිධාන ශක්තියක් ඇති පුද්ගලයෙක් බව මින් පෙනෙනවා. ඔබගේ මෙවන් සුබදායි වැඩකටයුතු ඉදිරියටද කරගෙන යාමට ශක්තිය ලැබේවා.(නදී)
අනතුරට ලක් වූ කෙනාගේ විස්තර එවන්න. පුලුවන් නම් සිහිය ගන්න යමක් කිරීමට උපකාර කළ හැකියි. (නි)
මගේ පුද්ගලික ශක්තියකින් නොව හැමෝගෙම සහය හා මහන්සිය නිසා තමයි මෙය සාර්ථක වුයේ .ඒ ගැන ඔබ සැමටම ස්තුති කරමි.යමෙකුගේ දුකකදී හද උණුවන මිනිසුන් මිලානෝ නගරයේ සිටින බව ඔප්පු වුණා.මේ පිළිබදව තවදුරටත් යම් කිසි අයෙකුට ගැටළුවක් ඇත්නම් ඒ පිළිබදව මගෙන් විමසන්න.ඔබලාට නිහතමානිව පිළිතුරු සැපයීමට මා බැදී සිටිනවා.සියලුම මුදල් ගනුදෙනු වල ලිඛිත ලියවිලි මා සතුව ඇත.ලංකාදිපෙටත් බොහොම පින් මේ උතුම් ක්‍රියාවට මාධ්‍ය ඉඩක් වෙන්කළාට. (නි)
ඇත්තෙන්ම මෙම සත්කාරයේ සාමාජිකයෙක් වන මා බොහෝ සේ අගය කරනවා' ඔබ සියලුම දෙනාගේ අදහස් මිලානෝ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙම කාලාර්ථයේ ගී සැඳෑව තුලින් ඩිලූ රොමේෂ් තරුණ මහතාගේ අසනීපය වෙනුවෙන් වාර්තාගත මුදලක් එකතුකර ගැන්මට ලැබීම සතුටක් වන අතර, එහි අවසානයේදී අය වැය වාර්තාව ඉදිරිපත් කර එම මුදල ජාතික ඉතිරි කිරීමේ බැංකු නියෝජිත මහතා වෙත ලබාදීමට හැකිවීමද අප ලද ජයකි. එමෙන්ම මිලානෝ ලාංකීය ජනතාව ගේ සහයෝගය මත මෙම කටයුතු මෙතරම් සාර්ථක අන්දමින් නිමකර ගැනීමට ලැබීම පිළිබඳව සතුටු වෙමු.(නදී)
මෙම රෝගියාගේ සිහිය ගන්න ශ්‍රී ලංකාවේ පවතින පාරම්පරික වෙදකමින් හැකියාවක් පවතී.ඒ සදහා රෝගියාගේ විස්තර එවන්න.යා යුතු මාර්ගය කියා දෙන්නම්. (නි)
ලෙස්ලි අයියා සහ කිර්ති අයියා සමග එකතු වී මේ සත්කාරයට එකතු වීමට ලැබීම අප මහත් අගයකොට සළකමු. කව්රු කෙසේ කිවුවත් මිලානෝ නගරයේ පළමු වරට සිදු කෙරුණු මෙම ක්‍රියාදාමයට සහය දුන් ඔබ සැමටත් ලංකාදීප පුවත්පතටත් මහත් සේ පින් (නි)
අපොයි ඔව්, එංගලන්තේ ලාංකිකයෙක් මිනිහෙක් මැරෙනවා කිව්වත් පවුම් පහක් වත් දෙන්නේ නම් නැහැ. කුණු කමින් ඉතාමත්ම ඉහලයි.(නදී).
හොඳ වැඩක්, ඔබ සැමට පින්. දැන් පිටිගල මහතා කීයක් දුන්නද??අඩුම ගානේ ඕක බලන්නවත් ගියද??? (ස)