මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් උපයාගෙන ඇති අලි අබ්බාස්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ සුපිරි නළු සල්මාන් ඛාන් පෙනී සිටින "සුල්තාන් අලී ඛාන්" පුද්ගලයාගේ පුහුණුකරු ලෙස මුලින්ම රඟපෑමට තෝරා ගෙන තිබුණේ හොලිවුඩ් සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැන්ලෝ බව සඳහන් වෙනවා.
එහෙත්, ඔහු ඒ දිනවල සිය "ද එක්ස්පෙන්ඩිබල්" තුන්වැනි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට එක්ව සිටීමත් පසුගිය අවුරුද්දේ අවසන් භාගයේදී තිරගත වූ "ක්‍රීඩ්" චිත්‍රපටයේ රූපගත කිරීම්වලට දායක වී සිටීමත් හේතුවෙන් ඔහු මෙම චිත්‍රපටයට එක්වීම ප්‍රතික්ෂේප කළ බව සඳහන්.
ඉන් පසුව මෙම චරිතයට බොලිවුඩ් සිනමා නළු සංජේ දත්ව සහභාගී කරවා ගන්නට උත්සාහ කළද ඔහු සිවුවසරකට සිරගත වීමත් සමග චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා මේ සඳහා රන්දිප් හුන්ඩා තෝරාගත් බව සඳහන් වෙනවා. රන්දීප්ව මෙසේ මෙම චරිතයට සම්බන්ධ කරගනු ලැබුවේ, යශ් චොප්රා සමගාම විසින් නිෂ්පාදනය කළ "කික්" චිත්‍රපටයේද සල්මාන් හා රන්දීප් දෙදෙනා එකට වැඩ කිරීමත් ඔවුන් අතර ඇති සමීප සුහදත්වයත් නිසා බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුලින්ම තෝර ගත්තේ ස්ටැන්ලෝලු