මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ නව නිලධාරි මඩුල්ල පසුගියදා පත්විය. සභාපති මිහිර පුංචිහේවා ලේකම් ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි භාණ්ඩාගාරික දිප්ත ද සිල්වා ප්‍රධාන සංවිධායක ලාල් ප්‍රනාන්දු සම්බන්ධීකාරක උපාලි පිරිස් අනුසාසක වරුන් වශයෙන් ලාල් ෆොන්සේකා හා වයිමන් ෆොන්සේකා යන මහත්වරු පත් කැර ගනු ලැබූහ.
මහින්ද චින්තනයත් එක්ක අපි ඉදිරි ගමනක් යනවා. පක්ෂ බේදයෙන් තොරව අපි හෑමෝටම උදව් කරන්න අදිටන් කර ගත්තා. රටට සමාජයට සේවය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි හෑමෝගෙන්ම ඉල්ලා සිටිනවා. සභාපති මිහිර පුංචිහේවා එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය අටවසර තුල විදෙස් රැකියා වල නියුතු අයට වෙච්ච සෙතක් තියෙනවද? (නදී)
සියලුම ක්‍රියා කාරකම් මිලානෝ සාන්ත අගොස්තිනෝ උමං දුම්රිය පල අවටට සීමාවෙලා. මේ සමිතියේ පිහිටෙන් ඉතාලියට ගෙන්වන අයට ඉක්මනට රටට ඈතුලුවිමේ බලපත්‍ර ලෑබේවා! (නදී)
තරහ වෙන්න එපා මෙහෙම ඇසුවට. ඔය සංවිධානයට දැන් කි දෙනෙක් ඉන්නවද? (නදී)
අපිත් ශ්‍රී ලංකා කාරියෝ තමයි .ඕක පැවැත්තුවේ ඔක්කොම අයට දැනුම් දීල මහසභාවක් පවත්වලද ? (අ)
මෙතන ඉන්න මෙම නිලදාරීන් අවංකව මව් බිම වෙනුවෙන් මිලානෝ නුවර යමක් කරපු අය. සත්‍ය මෙයයි. (නදී)
පහන් මිලානෝ කරුණාකර මගේ නම නිවැරදි කරන්න ලිමා ජේ ඉන්න අසෝක හෙට්ටිආරච්චි වන මම ඔය කියන දේශපාලනයට සම්බන්ද නෑ.(නදී)
පක්ෂ භේදයකින් තොරව හැමෝටම උදව් කරනවාලු.(දිල්)
ඔතන ඉන්න මිලානෝ ලීමා වල අසෝක හෙට්ටිආරච්චි කොතරම් සත්‍ය ගරුක ද කියලා දන්නෝ දනිති. (දිල්)
පහන් මිලානෝ...ඔබ කියන්නේ මිලානෝ ඉන්න කවුරු ගැනද(දිල්)
ඔබට අපෙන් සුබ පැතුම්. සැමටම ආදර්ශවත් ගමනක් යන්න ඔබට හැකි වේවා.(නදී)
'පාතාලයෙන් එකෙක්' චිත්‍රපටයේ කටවුට් එකක් වගේ. (නදී)
තරහා ගන්න එපා මෙහෙම අහනවට ඇත්තටම මේ සාංවිධානයේ පිරිස අපි ත්‍රස්තවාදයට විරුද්ධව පෙලපාලි යන කාලේ කොහෙද හිටියේ? ඔය චින්තනය නැගලා යන කාලෙට නම් ගොඩක් පිරිස එකතු වෙනවා. මෙයාලා ඉතාලියෙත් ඡන්දේ ඉල්ලනවද? (නදී)
ඉතාලියේ පදිංචිවෙලා ලංකාවේ ඉදිරි ගමනක් යන කට්ටිය.(නදී)
කාන්තා පක්ෂයෙන් කව්රුත් නැත්තේ මොකෝ ? (නදී)
ඔක්කොටම උදව් කරනවලු. නියමයිනේ.(නදී)
සමාවන්න, මම හිතුවෙම මාධ්‍යවේදී අසෝක අයියාම තමයි කියලයි. ඒත් ඡායාරුපයේ ඔබ පෙනෙන්නට නම් නැහැ තමයි.(නදී)
ගිලෙන නැවෙන් මීයොත් මුහුදට පනින වෙලාවේ, නැවේ කප්පිත්තගේ දෑත් ශක්තිමත් කරන්න කියල මුහුදු කොල්ල කාරයෝ ගිලෙන නැවේ එල්ලෙනවා දැකල වෙන්න ඇති මේ නඩේත් නැවේ කඹ වල එල්ලෙන්න හදන්නේ. ඔහොම යන්.(නදී)
අනේ දරුවනේ ඇන කොට ගන්න එපා. (අ)
නව නිලධාරීන් කීවට මොකෝ පරණ කට්ටියම නේද? (නදී)