IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මිලානෝ ශ්‍රීලනිප නව නිලධරයෝ

මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ නව නිලධාරි මඩුල්ල පසුගියදා පත්විය. සභාපති මිහිර පුංචිහේවා ලේකම් ඩෙරික් අශෝක හෙට්ටිආරච්චි භාණ්ඩාගාරික දිප්ත ද සිල්වා ප්‍රධාන සංවිධායක ලාල් ප්‍රනාන්දු සම්බන්ධීකාරක උපාලි පිරිස් අනුසාසක වරුන් වශයෙන් ලාල් ෆොන්සේකා හා වයිමන් ෆොන්සේකා යන මහත්වරු  පත් කැර ගනු ලැබූහ.

මහින්ද චින්තනයත් එක්ක අපි ඉදිරි ගමනක් යනවා. පක්ෂ බේදයෙන් තොරව අපි හෑමෝටම උදව් කරන්න අදිටන් කර ගත්තා. රටට සමාජයට සේවය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි හෑමෝගෙන්ම ඉල්ලා සිටිනවා. සභාපති මිහිර පුංචිහේවා එසේ කියයි.

 



අදහස් (0)

මිලානෝ ශ්‍රීලනිප නව නිලධරයෝ

සුමනා මානවඩුව Wednesday, 18 December 2013 10:31 AM

පසුගිය අටවසර තුල විදෙස් රැකියා වල නියුතු අයට වෙච්ච සෙතක් තියෙනවද? (නදී)

:       0       0

ශාන්ත Thursday, 19 December 2013 02:11 PM

සියලුම ක්‍රියා කාරකම් මිලානෝ සාන්ත අගොස්තිනෝ උමං දුම්රිය පල අවටට සීමාවෙලා. මේ සමිතියේ පිහිටෙන් ඉතාලියට ගෙන්වන අයට ඉක්මනට රටට ඈතුලුවිමේ බලපත්‍ර ලෑබේවා! (නදී)

:       0       0

ලංකා Tuesday, 17 December 2013 05:53 PM

තරහ වෙන්න එපා මෙහෙම ඇසුවට. ඔය සංවිධානයට දැන් කි දෙනෙක් ඉන්නවද?  (නදී)

:       0       0

නිලන්ති පෙරේරා Tuesday, 17 December 2013 07:35 PM

අපිත් ශ්‍රී ලංකා කාරියෝ තමයි .ඕක පැවැත්තුවේ ඔක්කොම අයට දැනුම් දීල මහසභාවක් පවත්වලද ? (අ)

:       0       0

කොලින් කිත්සිරි අල්මේදා Wednesday, 18 December 2013 02:26 PM

මෙතන ඉන්න මෙම නිලදාරීන් අවංකව මව් බිම වෙනුවෙන් මිලානෝ නුවර යමක් කරපු අය. සත්‍ය මෙයයි. (නදී)

:       0       0

අසෝක හෙට්ටි ආරච්චි Wednesday, 18 December 2013 02:26 PM

පහන් මිලානෝ කරුණාකර මගේ නම නිවැරදි කරන්න ලිමා ජේ ඉන්න අසෝක හෙට්ටිආරච්චි වන මම ඔය කියන දේශපාලනයට සම්බන්ද නෑ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 17 December 2013 10:44 PM

පක්ෂ භේදයකින් තොරව හැමෝටම උදව් කරනවාලු.(දිල්)

:       0       0

සහන් මිලානෝ Tuesday, 17 December 2013 10:47 PM

ඔතන ඉන්න මිලානෝ ලීමා වල අසෝක හෙට්ටිආරච්චි කොතරම් සත්‍ය ගරුක ද කියලා දන්නෝ දනිති. (දිල්)

:       0       0

ලාලිත්‍ය මිලානෝ Tuesday, 17 December 2013 11:14 PM

පහන් මිලානෝ...ඔබ කියන්නේ මිලානෝ ඉන්න කවුරු ගැනද(දිල්)

:       0       0

රවින්ද්‍ර පෙරේරා Tuesday, 17 December 2013 11:25 PM

ඔබට අපෙන් සුබ පැතුම්. සැමටම ආදර්ශවත් ගමනක් යන්න ඔබට හැකි වේවා.(නදී)

:       0       0

සිසිර මිලානෝ Tuesday, 17 December 2013 11:30 PM

'පාතාලයෙන් එකෙක්' චිත්‍රපටයේ කටවුට් එකක් වගේ. (නදී)

:       0       0

විපුල මෙන්ඩිස් මිලානෝ Tuesday, 17 December 2013 11:34 PM

තරහා ගන්න එපා මෙහෙම අහනවට ඇත්තටම මේ සාංවිධානයේ පිරිස අපි ත්‍රස්තවාදයට විරුද්ධව පෙලපාලි යන කාලේ කොහෙද හිටියේ? ඔය චින්තනය නැගලා යන කාලෙට නම් ගොඩක් පිරිස එකතු වෙනවා. මෙයාලා ඉතාලියෙත් ඡන්දේ ඉල්ලනවද? (නදී)

:       0       0

පෙරේරා Tuesday, 17 December 2013 11:52 PM

ඉතාලියේ පදිංචිවෙලා ලංකාවේ ඉදිරි ගමනක් යන කට්ටිය.(නදී)

:       0       0

රන්ජනී Tuesday, 17 December 2013 11:54 PM

කාන්තා පක්ෂයෙන් කව්රුත් නැත්තේ මොකෝ ? (නදී)

:       0       0

සජිත් Wednesday, 18 December 2013 12:01 AM

ඔක්කොටම උදව් කරනවලු. නියමයිනේ.(නදී)

:       0       0

පහන් මිලානෝ Wednesday, 18 December 2013 04:40 PM

සමාවන්න, මම හිතුවෙම මාධ්‍යවේදී අසෝක අයියාම තමයි කියලයි. ඒත් ඡායාරුපයේ ඔබ පෙනෙන්නට නම් නැහැ තමයි.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 18 December 2013 12:11 AM

ගිලෙන නැවෙන් මීයොත් මුහුදට පනින වෙලාවේ, නැවේ කප්පිත්තගේ දෑත් ශක්තිමත් කරන්න කියල මුහුදු කොල්ල කාරයෝ ගිලෙන නැවේ එල්ලෙනවා දැකල වෙන්න ඇති මේ නඩේත් නැවේ කඹ වල එල්ලෙන්න හදන්නේ. ඔහොම යන්.(නදී)

:       0       0

සෝමසිරි Wednesday, 18 December 2013 12:55 AM

අනේ දරුවනේ ඇන කොට ගන්න එපා. (අ)

:       0       0

පෙරේරා Wednesday, 18 December 2013 03:11 AM

නව නිලධාරීන් කීවට මොකෝ පරණ කට්ටියම නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site