බුදු තෙමගුල සිහිපත් කරමින් "සිල් සියපත " ආමිස පුජ සහ ප්‍රතිපත්ති පුජාමය සීල
භාවනා වැඩසටහන පසුගිය 26 වන ඉරුදින දවස පුරා මිලානෝ ලංකාරාමයේ බොහෝ
සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්විණි.
විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකුසල හිමි හා විහාරවාසී
බඩල්කුඹුරේ ධම්මසිරි හිමි ඇතුළු ලංකාරාම බෞද්ධ සංගමය දවස පුරා සුත්‍ර දේශනා , භාවනා වැඩසටහන් හා ධර්ම සාකච්ඡා සංවිධානය කරති.
දහවල් ව්‍යංජන 32 සහිත දළදා සම්බුද්ධ පුජාව සහ සවස අසිරිමත් සත් සති වන්දනා වැඩසටහනින් පින්කම් මාලාව අලංකාර විය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායක හාමුදුරුවෝ ඉදිරියේ වැඳ වැටි සමාව ගන්න මමත් එනවා හෙට උදෙන්ම පන්සල්. මට සමාව දෙන්න බුදුහාමුදුරුවනේ. සන්ගන් සරණන් ගච්චාමි දම්මන් සරණන් ගච්චාමි ... (නි)
සුභපැතුම්
විදේශීය රටක උනත් කල වැඩේ අගය කරනවා (දී)
සාධු....සාධු....සාධු....
ලංකාවේ ශ්‍රී නාමය රකින්න
මේ පින් කමට අපි සුභපතනවා (දී)
මගේ හිතවතා චමින්ද මඩවල මල්ලි හොද දෙයක් කලේ. ලංකාරාමයේ නියම තත්වය මුළු ලෝකෙටම පෙන්නුවා. අවස්ථාවාදීන්ට අහුනොවුනොත් ඔයාට හොද ගමනක් යන්න පුළුවන්.අපි දන්නා තරමට ඉතාලියේ ඉන්න හොදම මාධ්‍යවේදියා ඔබ විතරයි. (නි)
මමත් යනවා හෙට ඉදන්ම ලංකාරාමෙට. ගිහින් ලොකු හාමුදුරුවන්ගෙන් සමාව ගන්නවා.මින් පස්සේ කිසිම දවසක මම වැරදි කරන්නේ නැහැ. කේලම් කියන එකත් අඩු කරනවා .. මට සමා වෙන්න බුදු හාමුදුරුවනේ (නි)
බුදු දහමේ සැබෑ අරුත මිනිසා සසරින් එතෙර කිරීමයි (දී)
සමාජ මෙහෙවරක්
බේබදන්, චන්ඩින් සුනු විසුනු කර මිලානෝ පන්සල දැහැමි උගතුන්ට භාර දී පන්සල සුපිරි පින් බිමක් කල දකුණේ විරුවාට අපි තුති පුදමු.(ස)
තෙරුවන් සරණයි
අපරාදේ අපි පන්සල නොගියේ. බේබද්දෝ පන්සල් එන්නේ නැති නිසා මමත් හෙට ඉදන්ම පන්සල් යන්න ඕනේ. සාදු සාදු ලංකාරාමයට සාදු සාදු. පන්සලේ සල්ලි යුරො 1000 ගියමාසේ 19 වෙනිදා හොරකම් කරපු එම හොර උපාසිකාවට හෙනම ගහන්න ඕනේ දෙවියනේ. අපේ අහිංසක සල්ලි හොරකම් කල අයට උපහාර දෙන ඔක්කොටම හෙන හතම ගහන්න ඕනේ
ලංකාදීපයේන් ලෝකයම එක වර දැන ගන්න පුළුවන්
සතුටුයි
සුභ වෙසක් මංගල්‍යයක් වේවා (දී)
මෙවර මිලානෝ ලංකාරාම තෙමගුල සැමරූ අයුරු අපුරුයි. බුදුන් වහන්සේගේ බුදු දහම සිත් සතන් තුළ තිබුණා වූ ඉතා ගෞරවයෙන්, භක්තියෙන්, මෛත්‍රියෙන් යුතුව තෙරුවන් සරණ ගිය පිරිසක් ලංකාරාමය තුළ දක්නට ලැබුණි. වංචාව, බොරුව, දුෂණය, රහමෙර කිසිවිටෙකත් දක්නට නොලැබුණු පරිසරයක් සිතා ගැනීමට නොහැක. එහෙත් අද ලංකාරාමය එසේය. කිසිවෙකුටත් වැරදි කර පලා යා නොහැක. එය තම පසු පසම හමා ඒ. දැන්වත් බුදුන්වහන්සේගේ ඉතාමත් දුෂ්කර ව සොයා ගත් අති නිර්මල වූ බුදු දහම අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ දේශනා කලේ කුමක්ද කියා අපට ධර්ම දේශනා කරන අති ගෞරවනීය පුජනිය ස්වාමින් වහන්සේලාගෙන් විමසන්න. තමන් ගිය මග වැරදි නිවැරදි කරගන්න. බුදුන්වහන්සේගේ ධර්මය දේශනා කල, කරන ස්වාමීන්වහන්සේලාට අවමන් කිරීම, නිගරු කිරීම කෙතරම් පාපයක්ද? (නි)
සාධු..... සුභ වෙසක් මංගල්‍යයක් වේවා
පන්සලෙන් වෙන්න ඕන දේ තමයි මේ (දී)
මම අගය කරනවා මේ සත් ක්‍රියාව (දී)
නදුන් ඔබටය මේ තුති මල්. (දී)
සාදු! සාදු! සාදු!
මේ විදිහට නිල තල සදහන් කරලා තියෙන්නේ .හාමුදුරුවෝ උවමනාවෙන්ම වෙන්කිරීම ට ද එහෙම නැත්නම් ගිහියෝ අපි වගේ ලකුණු දා ගන්න ද ? අපිට බන කියන අය ගාවත් ආශාව තියෙනවා නේද ? හාමුදුරුවෝ තුන් දෙනම එකම විදිහට සදහන් කරන්න තිබුන නේ(දී )
හොද පුවතක්
ඔබ මෙය මෙහි පළකිරීම පිළිබද මුලින්ම ඔබ හට බොහෝ පින් ලැබේවායි පතමි. එදා දවස ලංකාරාමය සිත් පහන් කළ, පින්බර පුද බිමක් විය. සැමටම සිත් සේ , රිසි සේ පින් සිතිවිලි පහල කර ගත හැකි පුද බිමක් විය. මුළු යුරෝපයේම විශාලම දන්සැල ලංකාරාම පුද බිමේ සැම වෙනුවෙන් පැවැත්විනි. එය ශ්‍රි ලාංකිකයන් පමණක් නොව විදේශිකයන්ද සතුටින් බුක්ති වින්දෝය.වෙනදා වගේ නොව රණ්ඩු සරුවල් නැති, තැන තැන කසු කුසු නැති, එකම පින් බිමක් විය. ධම්මික හාමුදුරුවන්ගේ නායකත්වයෙනුත්, ධම්මකුසල හාමුදුරුවන්ගේ මනා දක්ෂතාවයෙනුත්, ධම්මසිරි හාමුදුරුවන්ගේ මනා සහයෝගයෙනුත් මෙම වෙසක් තෙමගුල අසිරිමත් විය. තවද නව බෞද්ධ සමිතියද එකාමෙන් වැඩ කරපු පින්වත් පිරිසද මෙය අසිරිමත් දෙයක් කිරීමට හුගක් වෙහෙස මහන්සිවිය. ලංකාරාම පූදබිම තවත් බොහෝ කලක් යෙහෙන් බැබලේවා.තෙරුවන්සරණයි. සාදු සාදු සාදු (නි)
චමින්ද ඔයාට ගොඩක් පින් .. නියම තත්වය ලන්කාදිපෙන් මුළු ලොවටම අරන් ගියාට ..යුරෝපයේ ලොකුම පන්සල මිලානෝ නගරයේ තිබිම මිලානෝ ඉන්න අපි සියලු දෙනාටම ලොකු ආඩම්බරයක් .ගිය මාසේ 21 දිනයෙන් පස්සේ ..පන්සල ඉස්සරහ කිසිම කෙනෙක් මත්පෙන් පානය කරන්න නොඑන එක අපි ට හරිම සතුටු දෙයක් . ඔක්කොම කට්ටිය රෝමොලෝ මෙට්‍රෝ එක ලග ඉන්නේ සාදු සාදු .වෛර නොකර මින් පසු සියලු දෙනා ධම්මික නායක හාමුදුරුවෝ ඉදිරියේවැඳ වැටි සමාව අරගෙන නිවැරදි වන්න (අ)
බෞද්ධ ආගමේ උන්නතියට වැඩක් කරන්න (දී)
සාදු ! සාදු ! සාදු ! (ස)
ඒ පන්සල මේ තත්වයට ගන්න මෙත් සිතින් කටයුතු කළ අය සියලු පින් බලයෙන් දිගු කල් ජිවත් වේවා. (නි)
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි හේතු පල දහමය. කලාතුරකින්ම මනු ලොවට පහල වන ලෝක විදූ, සියලු ලෝකයන් දන්නා විද්වතානන්ය. වරදකල අය ඒවා අරගෙන යති. විමාන වත්ථු.. ප්‍රේත වත්ථු පොතේ පිටුවක් හරි මේ අය කියවලා තියනවා නම් දුවගෙන පන්සලට ඇවිත් මේ දේවල් නිවැරදි කර ගන්න. බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටි සමාව අරගෙන නිවැරදි වන්න. පන්සල මෙම තත්වයට ගන්න බුදුන් වහන්සේගේ පුරිෂ ධම්ම සාරථි ගුණයෙන් දහම් මගට පැමිණි නිහඬව ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කල මිනිසෙක් ( නම කිව නොහැකි ) සිටින බව දන්නෝ දනිති. යුරෝපයේ විශාලම පන්සලට අපි නමස්කාර කරමු. (නි)
බුදු ගුණ සත්‍යයි ....බුදු ගුණ සත්‍යයි (අ)
.ඔය දැන්තමයි ලංකා රාමෙට අයිතිකාරයෝ ඉන්නේ .(අ)....