ඈමරිකාවේ විසු දරුණුතම මිනිස් ඝාතකයින් දස දෙනෙකු පිලිබදව වර්තාමය වෑඩසටහනක් නිමාණය කිරිමට මිලානෝ නුවර ශ්‍රි ලාංකික තරුණයෝ පිරිසක් සැරැසෙති.
කොටස් දෙකකට නිර්මාණය කළ වර්තාමය වැඩසටහනින් පළමු කොටස 1920/70/80/90 වෑනි කාලසිමාවන්හි ඈමරිකාවේ විසු දරුණුතම ඝාතකයින් පස් දෙනෙකුගේ තොරතුරු හා ඔවුන්ට අත්වු ඉරනම පිලිබදව විස්තර කෙරෙන අතර දෙවැනි කොටසටද කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු අමානුෂික මිනිස් ඝාතනයන්ට සම්බන්ධ වු හැටි පැහැදිලි කරන බව එම තරුණයින් පිරිස කියයි.
මේ ආකාරයට ඔවුන් නිර්මාණය කරන ඉතිහාසය,සමාජ සංස්කෘතික වෑඩසටහන් යු ටියුබ් මාධ්‍යට එක්කර එය ප්‍රචාරය කිරිමට ලංකාදිප එසෑණ වෙබ් පුවත් පතට ලබා දෙන බව මිලානෝ නුවර හර්ශණ කාරියවසම් ,බෘනෝ දිවාකර හා සිතුමිණි රුවන්තිකා කියති. මෙහි ප්‍රධාන අනුග්‍රහය තුවාන් නසිර් මහතාගෙනි.
http://www.youtube.com/
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ ඉන්න ගොඩක් මහත්තුරු හිතන් ඉන්නේ එහෙ ඉන්න හැමෝම බුද්ධිමත් අය කියලා. නමුත් මට අහන්න තියෙන ප්‍රශ්ණේ අලුත් දෙයක් කරන්න හදන තරුණ පරපුරේ නිර්මාණ දැකලා මොකුත් කරන්න බැරි මහත්තුරු පාලු ගෙයි වලන් බිඳින කොට ඒ බුද්ධිමත් කම මනින මිනුම් දණ්ඩ මොකක්ද කියලා. මේ බුද්ධිමත් අදහස් දැකලා තවත් හොද වැඩ කරපන් කොල්ලනේ.(නදී)
හොඳ බඩු තියෙන කඩේකට ගියාම සල්ලි නැති මිනිස්සු කරන්නේ ඒ කඩේ නැති බඩුවක් අනිත් අය ඉස්සරහ ඉල්ලන එක. ඒත් දන්නවා තමන් හිස් කියලා. ඒක නිසා මේ සමහර දාර්ශනිකයෝ කියන දේවල් ගණන් ගන්න එපා කොල්ලනේ. උඹලට ජය. තව අලුත් දේවල් කරන්න.(නදී)
මමත් රට ඉන්න කෙනෙක්. හැබැයි මම හොදට දන්නවා ඔය රැඩිකල් වදන් දෙන අය ගැන.(නදී)
ඇයි ඇමරිකාවේ විතරක්? වෙනත් රටවල හිටියේ නැද්ද. ? පොල්පොට් , ඉඩි අමීන්, බොකාසා වගේ අය ගැන දන්නේ නැද්ද? චින්තකලා වගේ මිනිස්සු බොර දියේ මාළු බා ගන්න හදනවා. (නදී)
විසෙන් විස නැසිය යුතුවේ. නකුට ගසාගෙන අපිට බැහැ කියා හිතන සමහර යට මේක හොඳ පාඩමක් වේවි. අපේ කොල්ලන්ට ජය වේවා. (ත)
ඇමරිකාවේ හිටපු සහ ඉන්න හැම ජනාධිපතිවරයේකම ලෝකෙ අවි වලින් සිදු වන මරණ 100%ටම වගකියන්න ඕනා. (ත)
මෙහි දක්වා ඇති අදහස් බහුතරයක් මෙහි හරය ගැන නියම අවබෝදයකින් තොරව අදහස් දක්වා ඇති බව පෙනෙනවා .අදාල විෂය පිලිබදව උසස් අධයාපනයක් නිපුනත්වයක් හා පළපුරුද්දක් ඇති හර්ෂණ කාරියවසම් වැනි අයෙක් කරන මේ අලුත් වැඩේ සාර්ථක වේවි .අපි සුබ පතමු.(නදී)
අනේ කොල්ලනේ පරිස්සම් වෙයල්ලා.(නදී)
අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන හොයනවා නම් තමයි හොඳ, මේක නිකන් උන්ට හොඳ නම් අපි කලාට මොකද වගේ වැඩක්. (නදී)
අන්න හොද වැඩක්. ජය වේවා. අත අරින්න එපා. (ත)
දැනට නිකුත් කර ඇති වීඩියෝ දෙකම ඉතාම හොදයි. දිගටම ලොව පුරාම ගොස් මෙවන් දෑ පෙන්වීමට ඔබ සැමට වාසනාව ලැබේවා. (ත)
පිටරට වල ඉන්න බුද්ධිමත් ලාංකිකයන් කළ යුත්තේ තම රටේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව තම රට දැනුම්වත් කිරීමට කටයුතු කිරීම මිසක් ලෝකයේ මහා බලවතා වන ඇමරිකාවට උපදෙස් දීම නොවේ. ඉ(ත)
මීට වඩා පහසුයිනේ රුසියාවේ පුටින් ගැන චීනයේ මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කරුණු හෙළිදරව් කරන එක. විවිධ බුද්ධි මට්ටම් වල සිටින පුද්ගලයින් තමාට හරියි කියල කරන දේ හැමෝම පිළිගන්නේ නැහැ.(දී)
නසීර් වගේ අය ලංකාව වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා.24 වෙනිදා මුස්ලිම් කට්ටියත් අරගෙන ජිනිවා යනවා.මේ වගේ වැදගත් මුස්ලිම්වරුන් අපි අගය කරන්න ඕනේ,නමුත් අර සංගමයේ කට්ටියගෙන් නිතරම නසිර්ට කැපිල්ල කියලත් අපි දන්නවා. (අ)
ලෝකෙටම ලොක්කා ඇමෙරිකාව. මිනිසා සමුල ඝාතනය කරන්න යුද ආයුද සැදීම මිනිසාගේ මානව හිමිකම් කඩකිරීමේ මුලික ඝාතකයා නොවන්නේද. ලෝකේ ආයුද හදන්නේ නැත්නම් යුද්ද කරන්න යන්නේ නැහැනේ . එහෙනම් කව්රුත් සමගියෙන්.(නදී)
මෙයාලගේ ඉතිහාසය ගැන බලන්න කලින් මෙයාලා කොහොමද කියා බලන්න ඕනේ. (නදී)