ඉතාලියට පත්ව ආ නව තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රථම තානාපති ජංගම සේවය පසුගිය සති අන්තයේදි මිලානෝ නුවරදි පැවැත්විණි. දහසකට අධික පිරිසක් ඒ සදහා සහභාගි වු බවත් ඔවුන් හට උපරිම සේවය ලබා දිමට කටයුතු කළ බවත් තානාපති කියයි.
‘ඇත්තෙන්ම හිතපු නැති විදියට මහා සෙනගක් ආවා. අපි නිලධාරින් දහතුන්දෙනයි හිටියේ. මගේ නිලධාරින් උදේ 8 පුටුවේ වාඩි වුණා. නැගිට්ටේ රෑ 12 ට. ඔවුන් දවල්ට කෑවේ හවස 4 ට. පෑමිණි අයටත් උපරිම සේවය ලබා දුන්නා කියලා මම හිතනවා. මෙක මගේ ඉතාලියේ පළමු ජංගම සේවය. යම් අඩුපාඩුවක් උනා නම් එය ලබන සැරේ වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ.‘ තානාපති එසැණට එසේ පෑවසීය.
පසුගිය දින දෙකෙදි ජ0ගම සේවයෙන් ගැටලු විසදා ගෑනිමට පෑමිණි බොහෝ පිරිසක් එසැණට කතා කරමින් කියා සිටියේ තානාපති කාර්යාල නිලධාරින් නොවන මිලානෝ නගරයේ ජිවත්වන ටයිකොට් දමාපු කිහිප දෙනෙක් තම බලය උපයෝගි කොට අ0ක පිලිවෙලට නොව වෙනත් මාර්ග වලින් තම හිතවතුන්ව ඇතුළු කළ බවය.
තානාපති කුරේ මහතා කියා සිටියේ එවෑනි දෙ සිදු නොවන්නව්තමන් වග බලා ගන්න බවයි . ඇත්තෙන්ම තානාපති ඊට මැදිහත් වුණා. සිතලේ පොලිම් වල හිටපු මිනිස්සුන්ට අන්තිම මොහොතේ හරි සාධාරනයක් ඉටු වුණා. එසැණටත් තානාපති තුමාටත් එකට ස්තුති වන්ත වෙනවා.. මිලානෝ නුවර චින්තක චන්දන කුමාර මහතා එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් කරලා තියන්නෙ. මේක කරගෙන යන්න ඔබට සක්තිය ලැබේවා... (ස)
චතුල,මොකද?බස්සා වගේ 'හුම්' කියන්නේ? (නි)
තානාපතිතුමා හොද කල්පනාවෙන් ඉන්න (නි)
මෙහෙම නිළධාරීන් තමයි විදේශ සේවයට වටින්නේ. මේ කියන විදියට ඔහු හොඳ කෙනෙක් නම්, සාර්ථකව දීර්ඝ කාලයක් සේවය කිරීමට හැකි වේවා! (නි)
ඇත්තටම ඉතාම කර්යශීලීව තානාපති කාර්ය අංශය මෙහි සිදුකළ අතර මමත් මෙහි සේවය ලබාගත් අයෙක්මි.මෙහි ගොඩක් අඩුපාඩු සිදූවුයේ සේවය ලබා ගැනීමට පැමිණි අයගේ නොහැකියාව නිසා බැව් මට වැටහුනි.මන්ද මෙහි ඇති ඉල්ලුම්පත් පිරවීම කළයුත්තේ තමන් විසින් වන අතර වැඩි පිරිසක් තමාගේ ඉල්ලුම්පත හරියාකාරව පිරිවීම නොකිරීමෙන් ගැටළු සිදුවිය.තවද එහි සිටි නිලධාරින්ට මහත් අපහසුතාවයකට මුහුණ දෙන්න සිදුවිය. (නි)
මොහු ඉතාම පොඩි තැනකින් ආව නිසා පොඩි මිනිහගේ දුක හොඳට දන්නවා ! (ස)
මා හට මෙම ජංගම සේවයෙන් සේවාවක් අවශ්‍ය නොවුවද මෙය සාර්ථක වීම ගැන මා සතුටු වෙමි. (නි)
ලකුණු දාගන්න පොරකන සමහරු තානාපතිතුමාට වැඩ කරගෙන යන්න ඉඩ දෙයිද කියලා සැකයි. ප්‍රවේශමෙන්. (නි)
තානාපතිතුමනි, අසල්වැසි ග්‍රීසියේ කිසිම රාජ්‍යය සම්බන්ධතාවයක් නොමැතිව සිටින අපටද මෙවන් සේවයක් අවශ්‍යමයි. (නි)
අර පතාලයාගේ අයද? කෝ දැන් එයා(නදී)
හ්ම්.... (ස)