ඉතාලියේ උතුරු පලාතට වන්නට ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ තානාපති කාර්යාල ආශ්‍රිත ගැටළු විසදිම සදහා තානාපති ජංගම සෙවයක් නොවැම්බර් 30 වැනිදා හා දෙසැම්බර් 1 වෙනිදා මිලානෝ ලංකාරාමයේදී පැවැත්විමට නියමිතය.
ජංගම සෙවය පැවැත්විම සදහා ස්ථාන කිහිපයක් සොයා බැලුවත් එ සදහා සුදුසු ස්ථානයක් නොලැබුන බවත් අවසානයේදී පැමිණෙන අතිවිශාල පිරිසකට පහසුකම් සලසා දිය හැකි ලංකාරාමය ඒ සදහා තෝරාගත් බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.
එක් පිරිසක් හෝ සංවිධානයක් මගින් මෙම ජංගම සේවය නොපවත්වන බවත් සියලු විමසිම් තානාපති කාර්යාල දුරකථන අංකයෙන් හා ෆෑක්ස් අංකයෙන් ලබා ගත හැකි බවත් කිසිදු බේදයකින් තොරව මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නැයි ඒ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාල දුරකථන අංකය,068554560/068840801 ෆෑක්ස් 06842416708
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සංවිධානයක් මගින් කරන්නේ නැති එක හොඳයි. (නි)
විනීත, ඒගොල්ලන්ට ඉතාලි යන්න කියල අපි කීවෙත් නැ,විනිමය එවන්න කියල අපි කීවෙත් නැ.(ස)
ඉතාලියෙන් ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. රට ජාතියට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. නමුත් ලංකාව කල දුටු තැන වළ ඉහගෙන කනවා මිසක් ඉතාලියේ දුක් විදින මිනිස්සු ඉන්නවද මැරුණද කියලා බලන්නේ නැහැ. ඒ මිනිස්සු මොනවා කළත් කමක් නැහැ ලංකාවට සල්ලි එව්වොත් ඒ ඇති (නි)
ඉතාලිය භූගෝලීය වශයෙන් 'පළල අඩු දිග' රටකි. එබැවින් උතුරේ මිලානෝ සිට වාහනයකින් දකුණේ සිසිලි දුපතේ කතානියා නගරයට යාමට වැය වන කාලය දල වශයෙන් ලන්ඩනයේ සිට මිලානෝ නගරයට ඒමට ගත වන කාලයට සමානයි. එබැවින් යම් කාර්යක් කර ගැනීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යාමට මිලානෝ සිට කිලෝ මීටර් හයසීයක් පමණ යා යුතු වේ. විවිධ ආකාර වලට එනම් නීත්‍යානුකුලව, සංචාරක විසා සහිතව, අධ්‍යාපන විසා සහිතව සහ කිසිම බලපත්‍රයක් නොමැතිව ඉතාලියට පැමිණෙන බොහෝ දෙන මෙහිම රැඳවී සිටිනවා කලින් කලට රජයෙන් දෙන 'පොදු සමාව' මේ අයට ලැබෙන තෙක්. මෙයට අවශ්‍ය විවිධ ලිය කියවිලි සකස් කරගැනීමට අවශ්‍ය වන්නේ තානාපති කාර්යාලයෙන් බැවින් එය ඉතා කාර්ය බහුල ස්ථානයකි. මේවාට තානාපති කාර්යාලය 'විශාල' මුදලක්ද අය කරනවා. මෙයට යාමටද කාලය, ශ්‍රමය සහ මුදල් අධික ලෙස වැය වෙනවා. එබැවින් ඉතාලියේ නගර කිහිපයකම උප කාර්යාල විවෘත කිරීම කාලෝචිත බව මගේ හැඟීමයි. මෙය ලාබ ලබන දෙයක් නිසා මුදල් පිලිබඳ ගැටළුවක් මතු වන්නේ නැත. (ස)
හ්ම්ම් ඔන්න කාලෙකින් අපේ ඉතාලි මහත්තයගෙන් උපදෙසක්. (ස)
සතියේ එකදවසක් රෝමයේ තානාපති කාර්යාලයේ චොන්සිලර් අංශය වසාදමා,මසකට එක ඉරිදාවක් බැගින් මිලානෝ,ෆිරෙන්සේ,නාපොලි, කටනියවල ජංගම සේවයක් අරබන්න.අදහසක් පමණයි. (අ)
සිරියලතා නගාට වැදගත් මහත්තයෙක් වැදගත් උපදෙසක් දුන්නහම අහන්න පුරුදු වෙන්න. (නදී)