එක්සත් ජාතික පක්ෂය මිලානෝ ලොම්බර්දියා නව ශාඛා සමිතියේ සමාරම්භක මහා සභා හමුව මිලානෝ නගරයේ වියා පාදුවා ,නො 126 දරන ශාන්ත ජොවන්නි ක්රිස්තොත්තමෝ ශාලාවේදී පැවැත්විණී.
ෂර්ලි ජයමාන්න අභිනව නව සභාපති ලෙස (මිලානෝ ව්‍යාපාරික) සියලු දෙනාගේ ඒකමතික තීරණය මත තෝරා පත් කරගන්නා ලදි.තවද සුමිත් පසන්න මහතා නව ලේකම්වරයා ලෙසද නියෝජ්‍ය සභාපතිවරු ලෙස ස්ටැන්ලි ලක්ෂ්මන් ප්‍රනාන්දු සහ නලින්ද සෙනවිරත්න යන අය පත් කරගනු ලැබුහ.
විදුරංග පුෂ්පකුමාර ,ලකිත් ෂර්මන් යන අය නියෝජ්‍ය ලේකම්වරුන් ලෙසත් තවද චන්ද්‍රලාල් වන සිංහ භාණ්ඩාගාරික ලෙසද රුක්මල් සමන්ත වීරසිංහ මිලානෝ නව නගර සංවිධායක ලෙසද පත් කැරගනු ලැබුහ.
දැඩි වර්ෂාව සහ සීතල නොතකා සැළකිය යුතු එජාප ක්‍රියාකාරීහු ඊට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්තිල්නාතන්, ඔබ හරි. ඔහුව මුණගැසෙන්න ලංකාවේ අය නම් ගොඩක් බලාගෙන ඉන්නවා. ඔහු මේ ලඟදි කාටවත් නොකියා ඉතාලියට පැමිණියා. මෙහෙත් හැංගිලා වගේ තමයි ඉන්නේ. (නදී)
මේ ඔක්කොම 'හොර අලි' එහෙමත් නැත්නම් 'අලි හොරු'. (අ)
සජිත් පිලද? රනිල් පිලද? (නදී)
සජිත් පිල රනිල් පිල කියලා දෙකක් නැහැ අලියා ලකුණ යටතේ ඔක්කොමලා එක්සත් ජාතික පක්ෂයේ ලිපේ බය අමතක නොකරන්න. (අ)
ඔහොම යමු නව නිලදාරී මණ්ඩලයට සුබපැතුම් ... ජයවේවා! (නදී)
සරත් සහ නන්දන ඔයාලගේ අදහස් වලින්ම තේරෙනවා ඔයාලගේ දැනුම ගැන හදවතට නෙමේ බුද්දියට කන්දෙන්න පුරුදු වෙන්න.. ඔයාලට මෙච්චර තරහ යන්න මේ සමුළුව ගැන මේකේ සාර්තකත්වය නිසා බවයි මගේ හැගීම..... රට ගොඩ ගන්න ඕනනම් ඔය කුහක අදහස් අතහරින්න.(නදී)
සැලකියයුතු පිරිසක් (24)ක් සහභාගී වී ඇත. පත් වූ 8 දෙනා හැර තවත් 16 ක් මෙහි සිටියා.(නදී)
ලකිත් ශේර්මොන් කියල නමක් දාල තියෙන්නේ,අර මහබාගේ චිත්‍රකලා මුද්‍රණාලයේ අයිතිකරු නැසීගිය පීටර් දි සිල්වාගේ පුතාද? ඔහු දැනාට ඉන්නේ මිලානෝ වල.(නදී)
එක්සත් ජාතික පක්ෂය මිලානෝ ලොම්බර්දියා නව ශාඛාවට ජයවේවා !! මිට එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාකා දෙකම.(නදී)
ඔහොම යන්, ඔහොම යන්, ළඟ ළඟම ජය සිකුරුයි. ඔහොම යන් ඔහොම යන්. (නදී)
ලොම්බර්දිය පළාතටම අලි ඉන්නේ මෙච්චරද ? ඔය කී වෙනි සංවත්සරයද ? ලජ්ජා නැති වැඩ කරන්න එපා .හොදේ . (නදී)
ලොකු දෙයක් මෙහෙමවත් 23 දෙනෙක් එකතුවෙලා එජාප සමිතියක් තියපු එක. මැතිවරණ 24ක් පැරදිලා අවුරුදු 20 විපක්ෂයේ ඉඳලත් තවම සාමාජිකයෝ ඉන්න එක ලොකු දෙයක් හරි හමන් පක්ෂ නායකයෙකුත් නැතිව. (නදී)
හනේ මෙච්චරද මිලානෝ අලි.(නදී)
අලි මදිවට හරක් කිව්වලු. අලි නම් දෙන්නෙක් සිටිනවා .අනෙක් අය කව්ද ?අනේ පවු.(නදී)
හරි හමන් රස්සාවක් නැති, වෙනත් භාෂා කෙසේ වෙතත් හරියට සිංහල වත් දන්නේ නැති මේ මිනිස්සු තමන්ගේ සිහින ලෝකෙක රඟපානවා. පැයකට කුලියට ගත්ත ශාලාවක මේ අයගේ ඡායාරුප ගත්ත එක විතරයි කලේ. බැරි වෙලාවත් සෙනග ඇවිල්ල තිබුනා නම් මේ අය කොහොම ෆොටෝ දමයිද පත්තරේ. ඉතාලියේ මෝඩයෝ හිටියට මේවාට යන්න තරම් ඔවුන් මෝඩ නැත. (නදී)
නන්දන පනාගොඩ, මොනව හරි දෙයක් ලිව්වොත් එතන තියෙන්නෙ කාට හෝ පහර ගෑසීමක්. හොදට මතක තියාගන්න කාට හෝ ඈගිල්ලක් දිගු කරන විට තමන්ගේ පෑත්තට ඈගිලි තුනක් දිගු වෙලා බව.(නදී)
නන්දන පනාගොඩ මල්ලි හරියට හරි, මෙතැන ඉන්න කිසිම කෙනෙක් මිලානෝ පල්ලියක් ඉස්සරහා වත් ඉදල නැහැ. රනිල් ගෙන් ගානක් කඩා ගන්න හොරු රංචුවක් එක්ක මිලානෝ තිබුන එක කුමන්ත්රණයක් තමයි ඕක.(නදී)