මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් පැමිණි බෝට්ටුව පිපිරීයාම සම්බන්ධයෙන් සැකකරුවකු දෙහිවල නැදිමාලෙන් අත්අඩංගුවට ගෙන මාලදිවයින් බලධරයනට බාරදුන් බව පොලිසිය කියයි.
සැකකරු මාලදිවයින් වැසියකු බවත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පෙනේ යැයි පොලිසිය කියයි.
මාලදිවයින් ජනපති සෞදි අරාබියේ සිට පැමිණෙන විට ඔහු පැමිණි අධිවේගී බෝට්ටුව පුපුරුවා හැර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි මීට පෙර මාලදිවයින් ජාතිකයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පැන්නේ බේරෙන්න වෙන්න ඇති. රටින් පිටවන හා රටට ඇතුළුවන පිරිස් ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුව හොඳ විමසිල්ලෙන් හිටියොත් ගොඩක් දුරට මෙවැනි පුද්ගලයින් හඳුනාගැනීමට හැකියාව තිබේවි, ආරම්භයේදීම. (නි)
මාලදිවයින් අය මාලදිවයිනට වඩා ඉන්නේ දෙහිවල. (ර)
සැකකටයුතු ශ්‍රීලාංකික නොවන පුද්ගලයන් ගැන සොයා බලන්න. (ර)
අපරාධකරුවන් ලෝකයේ හැමතැනම. (ර)