මාලදිවයින් ජාතිකයෙකු මෙරටට රැගෙන ආ පොත් පෙට්ටියක් පරික්ෂා කිරීමේදී එහි මකුණන් සහ මකුණු බිත්තර විශේෂයක් තිබූ බැවින් එම පෙට්ටය වහාම රේගු බාරයට ගෙන ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන අංශයට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙම මාලදිවයින් ජාතිකයා ඊයේ රාත‍්‍රියේ එම්රේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 651 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇත. එහිදී සහකාර රේගු අධිකාරී ධනුෂ්ක විජේසූරිය මහතා විසින් ඔහු රැගෙන ආ පෙට්ටියක් පරික්ෂා කර ඇත. එහි වෛද්‍ය විද්‍යාවට අදාල පොත් පත් පහළොවක් පමණ තිබී ඇති අතර එම පොත් සමග මකුණන් සහ මකුණු බිත්තර විශාල ප‍්‍රමාණයක්ද සිටිනු දැක ඇත. පසුව එම පෙට්ටිය වහාම රේගු බාරයට ගෙන වැඩිදුර පරික්ෂන සඳහා ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන ආයතනයට බාර දී ඇත. සත්තව නිරෝධායන ආයතන නිලධාරීහු මෙම මකුනන් පිළිබඳව කරන ලද මූලික විමර්ශනයකින් අනතුරුව මකුනන් සහ බිත්තර විනාශ කළ බව රේගුව කියයි. මාලදිවයින් ජාතිකයාගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී මෙම පෙට්ටිය ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය වෛද්‍යවරයෙකුට ලබා දීම සඳහා මාල දිවයිනේ දූපතක සිට මෙහි ගෙන ආ බව පවසා ඇත. නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන රන්, මුදල් සහ ඖෂධ ඇතුළු විවිධ භාන්ඩ මෙන්ම පොත් පත් වලින් පවා රටේ ආරක්ෂාවට තර්ජනයක් හෝ රටට හානි කර දෙයක් වෙත් දැයි දැඩි සෝදිසියෙන් සිටින ලෙස රේගු නිලධාරීන්ට දී අතර උපදෙස් නිසා මෙරට පරිසරයට සිදුවිමට ගිය තවත් ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි වූ බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙරට ගස් ලබු වගාව සහ දොඩම් වගාව විනාශ වූයේද ඉන්දියාවේ සිට ගෙන ආ මල් මාලා වල සිටි පිටිමකුණන් බෝවීම නිසා බවත් දැනගන්නට ඇත. යම් හෙයකින් මෙම මකුනන් සහිත පෙට්ටිය මුදා හැරියේ නම් තවත් තවත් එවැනිම විනාශයක් සිදුවීමට ඉඩ තිබුනේ යයිද රේගුව කියයි. මේ පිළිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ සත්තව නිරෝධායන ආයතන නිලධාරීහු පරික්ෂන සිදු කරති.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවට මල් මිටක්.(නදී)
මාල දිවයිනෙන් මොකවත්ම ගේන්ඩ දෙන්න එපා.(නදී)
දැන් රේගුව ක්‍රියාත්මකවන ආකාරය අනුව අනෙකුත් රාජ්‍ය ආයතන වලටත් ආදර්ශයක් වන තරමට සේවය උසස් වේගෙන එනවා.(නදී)
මකුනත් එක්කම ගෙනාපු අයත් විනාශ කරන්න තිබ්බේ.(නදී)
අපෝ නුලෙන් බේරුනා .(නදී)
ගම්වල ඒ කාලයේ පැදුරු,කොට්ට,මෙට්ට,අඳ,පුටුවල,ලැගුම් ගෙන ,බිත්තර දමා , ශීග්‍රයෙන් බෝවී වඳ කල නොහැකි වූ මකුණා ,බුමිතෙල්,අබකුඩු දියකර ඉසීමෙන් බොහොම අමාරුවෙන් ,වඳ කර ගත් අතර ,අද ටික දෙනෙක් හරි ඉන්නේ උසාවි බන්කුවල පමණයි. සැබවින්ම රටට අහිත කර මකුණා අත් අඩංගුවට ගැනීම ගැන රේගුවට ප්‍රසංසාව හිමිවේ.(නදී)
මගේ අම්මෝ මකුණෝ එලියට ආවනම් විනාසයි. මකුණෝ වඳ කරන්න අමාරුයි. (ස)
මකුණන් ජීවීන් නොවේද, ප්‍රාන ඝාතයක් නේද? (නදී)
දැන් මෙහාට එන්නේ ලේ මකුණෝ තමයි. (ස)
අපරාදෙ නොමරා සත්තු වත්තට දුන්නනම් අපිට ගිහිල්ල බලන්න තිබුනා. (ස)
මමත් ලංකාවෙන් ගෙන්නපු අත්කම් භාණ්ඩ පෙට්ටියක කැරපොත්තෙක් ඉඳල නවසීලන්තයේදී ප්‍රශ්නයක් උනා. නමුත් ටික දවසකින් සිංගප්පුරුවේ ඉඳල ආව උක් ගස් කන්ටේනරයක නයෙක් ඉඳලත් හුම්බුනා.(නදී)
මම ඉන්නේ මැදපෙරදිග රටක. අපි දන්නවා මේ රටවල මකුණු වසංගතය විනාස කරන්න බැරි තරම් ප්‍රශ්නයක් වෙලා කියලා. අපි අපේ රට ආරක්ෂා කරගන්නොන ඔය වසංගත වලින්. සුවර් එකටම ලංකාවේ කෘමි නාශක, තෙල් ,බෙහත්කාරයෝ දෙන්න ඇති ගානක්. ඒ දොස්තරට .(නදී)
පිටින් ආපු ඔය පොඩි මකුනගෙන් වෙන විනාසය වලක්වා ගත්තු එක නම් යසයි. නමුත් ලංකාවේ ඉන්න ලොකු මකුනන්ගේ විනාසය වලක්වා ගන්න මුකුත් කරන්න බැරි වෙචච එකනම් කණගාටු දායකයි.(නදී)
මාර තොප්පිය ! (ස)
ඉන්දියන් කෙනෙක් සම්බන්ධනම් ඉතින් ජරාවක්ම තමා. (ස)
මීට කලකට පෙර මෙල්බෝර්න් තලමරීන් ගුවන්තොටුපොළේදී ලංකාවෙන් ගෙන ගිය තනහාල් වල ඉපියෙක් ඉඳලා එලියට ඇවිත් ඒකව අල්ලන්න ලොකු සටනක් දුන්නා. මගේ තාත්තා ලංකාවෙන් ගෙනාපු තම්බපු හාල් වල රතු කූඹියෙක් ඉඳල හාල් ටික විනාස කලා. ලංකාවත් දැන් ඒ තත්වෙට ඇවිත්.(නදී)