
(අමදෝරැ අමරජීව)
අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළමයි. එම මළ සිරැරැ මුහුදට විසිකලා යැයි මියෙන්මාරයේ සිට සරණාගතව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වී සිටියදී නාවික හමුදා භාරයට ගනු ලැබු මියෙන්මාර් සරණාගත පිරිස අතරින් කිහිපදෙනෙකු එසේ පැවසීය .
මෙම පිරිස ත්‍රිකුණාමල වරායෙන් අද (20) ගොඩබිමට රැගෙන ආ අතර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙලෙස පැමිණි සරණාගත පිරිස අතරින් එක් අයෙක් පැවසුවේ මියන්මාර්යේ පවතින අභ්‍යන්තර වර්ගවාදී යුද ගැටුම් නිසා තමා ගෙවල් දොරවල් අතහැර එරට ආරක්ෂක අංශවලට රහසිගතව මුදල් ගෙවා රටින් පිටවූ බවය.
තවත් සරණාගතයෙක් පැවසුවේ තමන් සිටි ගම්මානයට ඉහළින් බෝම්බ හෙලන බවත් ජීවිත ආරක්ෂාව පතා මෙලෙස රටින් පිටවීමට තීරණය කළ බවත්ය. එම පිරිස අතරින් තවත් අයෙක් ප්‍රකාශ කළේ තම තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ අභ්‍යන්තර සන්නිවේදන සබඳතා සියල්ලම ඇණ හිට ඇති අතර කිසිදු සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැතිව හුදෙකලාව යුද බියෙන් සිටීම නිසා මෙම තීරණයට එළැඹි බවයි .
ත්‍රිකුණාමල වරායෙන් ගොඩ බසින සරණාගතයන් පිළිබඳ සොයා බැලීමට පැමිණි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ මෙම පිරිස සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පවතින නීතියට අනුව කටයුතු කරන තෙක් විසා නොමැති විදේශිකයන් රඳවන මිරිහාන එළිමහන් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට කටයුතු කරන බවය.
මෙලෙස පැමිණ සිටි පිරිස එකසිය පහළොවක් වන අතර ඉන් දොළොස් දෙනකු බෝට්ටු තුනේ කාර්ය මණ්ඩලය බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.ඉතිරි සරණාගත පිරිස 103 දෙනා අතර කාන්තාවන් 24 පිරිමි පුද්ගලයන් 34 හා දරුවන් 45ක් සිටින බවද වරාය පොලිසිය වැඩිදුරටත් කීහ.
මෙම සියලු දෙනාට ජලය හා ආහාර ලබාදීම නාවික හමුදා විසින් සිදු කරනු ලැබුහ ..ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන්, ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. සුගුණදාස් ආගමන විගමන නිලධාරීන් නාවික හමුදාව, සෞඛ්‍ය අංශ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කරනු ලැබීය
විමර්ශන වලදී එක් සරණාගතයකු පැවසුවේ මියන්මාරයෙන් බෝට්ටුවලට නැග පිටත්ව අදට (20) දින 16 ක් වන බවය. සනීපාරක්ෂක අවම පහසුකමක්වත් නොමැතිව බෝට්ටුව තුළ සහ ඇතුලේ සිරවී අව්වැසි නොතකා මෙම පිරිස දින දාසයක් ගමන් කර තිබූ අතර ඇතැම් කුඩා දරුවන් සහ කාන්තාවන් දැඩි විජලනයකින් හා ඇවිදගත නොහැකිව සිටින ආකාරයද දැකගත හැකි විය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මදිවට කොටි කිවුවලු, මේ මුස්ලිම් මිනිස්සු පිටමන් කරවනවා දැන් ලංකාවට. ජනගහනය වැඩි කරවන්න. මේ අය බාරගන්න එපා. අපේ මිනිස්සුන්ට සලකා ගන්නත් බැරිව ඉන්නේ. ආපහු යවන්න. සිරියාවේ යුද්ධ වලින් යුරෝපය පිරෙව්වා... ඉන්දියාව ගන්නේ නැහැ මේ අය. නැති ප්‍රශ්න ඇතිවෙන්න ඉස්සෙල්ලා ආපහු යවන්න.
මේ රොහින්ගියා මුස්ලිම් ජතිකයො නේද? මීට පෙරත් හොර රහසේ ඇවිත් හෝ ගෙන්වා ගත් මියන්මාර යේ ත්‍රස්තවාදී න් ද මේ. මේ ගැන වහාම නිසි විමර්ශනයක් කර මොවුන් නැවත ආපු තැනටම යවන්න. මේක පිටුපස බියකරු අනාගත ව්‍යසනයක් තියෙනවා. අදත් එදා ඇවිත් පදිංචි කළ පිරිස ගැන නිසි අධීක්ෂණයක් තියෙනවද?
මේ පුංචි දූපතේ මිලියන 22ක් මිනිස්සු ඉන්නවා. තවත් නම් ගොඩ ගහගන්න එපා. මේ ගොල්ලන්ව ආපහු ඒ රටටම බාරදෙන්න..!
ජාත්‍යන්තර නීතියට අනුව පහසුකම් සලසලා ආපහු වෙන රටකට පිටත් කළොත් හොඳයි.
මියන්මාරය ඔවුන්ට ඉතා මානුෂික විදිහට සලකා සියලු මිනිස් අයිතිවාසිකම් සහිතව ඉන්නට ඉඩ හැරිය කළ ඉතා මෝඩ අන්වාදීන් වන හොවුන් එරට වැසියන් ඝාතනය කර රටේ කොටසක් ඇල්ලීමට උත්සාහ දැරීය. එමනිසා මොවුන් ගැන මානුෂීයව බලා හැකි ඉක්මණින් රටින් පිටමං කර දැමිය යුතුයි. දැන් අසරණ කතා කීවද ඔවුන් කුළ සිටින්නේ කෘර මිථ්‍යා අන්ධයෙකි.
කුණු ගොඩවල්...!
මේක මහ භයානක දෙයක් අපේ රටට ඉස්සරහට එන්න තියෙන... අපේ රටේ ඉන්න ඔය ජාතියේම අයගේ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. බෝට් එක ගෙන්න ගත්තේ...
අපේ රටේත් අන්තවාදී වැඩ කර ලේ වැගිරීම් ඇති කරනවා. අනිවාර්යයෙන් හැකි ඉක්මනින් පිටමං කළ කළයුතුයි..
අපේ ලංකාවේ අය හුඟක් යුරෝපයේ සහ වෙනත් රටවල රිෆියුජී ලෙස ඉන්නවා. මම දන්නා හැටියට, ලංකාව රිෆියුජී දෙන රටක්... ජාත්‍යන්තර නීතියට අනුව ක්‍රියා කළ යුතුයි. අන්ත වාදී විදිහට සිටින්නේ නැතිව, මානුසිකව හිතන්න, ප්‍රශ්න විසඳුනාම, නැවත යවන්න පුළුවන්...!