IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුලතිව් දෙමළ ජනයාට හමුදාවෙන් අවුරුදු උළෙලක්

හමුදා සාමාජිකයන්ගේ හා ද්‍රවිඩ ජනතාවගේ අන්‍යොන්‍ය අවබෝධය සහයෝගිතාවය, සුහද බව වර්ධනය කිරීමේ මූලික අරමුණීන් යුතුව සංවිධානය කළ 2016 මුලතිව් බක්මහ උළෙල මුලතිව් මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මුලතිව් ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ, 64 වැනි සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජනරාල් එස්.ටී.ඩී.ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත 59 වැනි සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් 68 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ඒ.ඩී. කහපොළ යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ඇති කඳවුරුවල නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

soorya_2016425-1 soorya_2016425-2 soorya_2016425-3 soorya_2016425-4 soorya_2016425-5 soorya_2016425-6 soorya_2016425-7mulativ_2016425



අදහස් (0)

මුලතිව් දෙමළ ජනයාට හමුදාවෙන් අවුරුදු උළෙලක්

රංජිත් Monday, 25 April 2016 01:01 PM

බොහොම වැදගත් දෙයක් (බ)

:       1       0

ජගත් Monday, 25 April 2016 02:16 PM

අහිංසක දමිල ජනතාව මේ වගේ සතුටින් සමදනෙන් ඉන්නවා දැකීම අපිට මහත් සතුටක්. කෙතරම් සීලාචාර ලස්සන උත්සවයක් ද? (අ)

:       0       1

සමරේ Thursday, 28 April 2016 12:43 AM

කවුරු කළත් වැඩේ ලස්සනයි (නි)

:       0       1

ලංකා Monday, 25 April 2016 03:41 PM

අවුරුදු කුමාරි ටිකක් හිනාවක් දැම්ම නම් තමයි වටින්නේ (බ)

:       0       1

මුදිත Monday, 25 April 2016 03:41 PM

උත්සවයේ ඉන්න කිසිම හමුදා නිලදාරියෙක් තම නිල ඇඳුම අන්දලා නැහැ. එක පාර බලපුවම පෙන්නේ සිවිල් අවුරුදු උත්සවයක් වගේ. බැනර් එකක්වත් පේන්න නැහැ හමුදාවෙන් කරනවා කියලා. මම හිතන්නේ ඉහලින් උපදෙස් දෙන්න ඇත්තේ ඒ විදිහට. සන්හිඳියාව කියන්නේ ඒක වෙන්නැති (බ)

:       0       1

නිහාල් Monday, 25 April 2016 03:49 PM

ඉතාමත් හොද දෙයක් අපි ඉතාමත් ඉහලින් අගේ කරන්නෙමි. (ර)

:       0       0

දුමින්ද Tuesday, 26 April 2016 10:12 AM

සංහිදියාව යනු රවටා ගැනීමක්ද.? (ර)

:       0       0

සුසන්ත Monday, 25 April 2016 05:28 PM

මේවා හමුදාවෙන් ඉස්සරත් කරා. එත් ඉතින් කොච්චර කරත් කෙලෙහි ගුනයක්වත්, ඒ ගැන සලකිමක්වත් අපිටනම් පෙන්නේ නෑ ඔය පළාත්වලින්. ඔක්කොම පහසුකම් අරන් පස්සේ පයින් ගහනවා. (ර)

:       0       0

මුදිත Tuesday, 26 April 2016 08:12 PM

ඔයාලා කියන දේ හරි. මේක සිවිල් උත්සවයක්. නමුත් මෙහි සංවිධානය ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් කියලා බැලු බැල්මට පෙනෙන්නේ නැහැ නේද. ඒක තමයි දැන් උතුරේ තත්වය. හමුදා ක්‍රියාකාරකම් එන්න එන්නම සීමා කරනවා. මම කියන්නේ ඔය උත්සවය ගැන විතරක් හිතලා නෙමෙයි. ඊට එහා සිද්ධවෙන දේවල් ගැන. ඔයාලා එදිනෙදා උතුරේ වෙන දේවල් ගෙන ඇස් ඇරගෙන ඉන්නවා ඇති කියලා මම හිතනවා. (නි)

:       0       0

රේණුකා Monday, 25 April 2016 06:18 PM

මුදිත මේක අවුරුදු උත්සවයක් මිසක් හමුදා උත්සවයක් නෙවෙයි නිල ඇදුම් අදින්න... අපි හැමෝම මිනිස්සු කියන එක ඒකෙන්ම පැහැදිලි වෙනවා නේද.? (ර)

:       0       0

උපුල් Monday, 25 April 2016 06:54 PM

මුදිත, ඇත්තතට පව් කියලා හිතෙනවා ඔයාගේ මානසිකත්වය ගැන (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 April 2016 11:25 PM

ඔව් ජගත්, වෙනම රටක් ඉල්ලන එකත් හරිම අහිංසක යෝජනාවක් නේද? සුසන්තගේ අදහස කියවන්නකෝ ටිකක් දැනුවත් වෙන්න. සිංහලයා බොහොම ලෙහෙසියෙන් රවටන්න පුළුවන් ජාතියක්. (නි)

:       0       0

භාතිය Tuesday, 26 April 2016 07:12 AM

සුන්දරයි.(හේ)

:       0       0

රුවන් Tuesday, 26 April 2016 12:58 PM

මොන තරම් හොද දේවල් කලත් ඒකේ නරක දකින්න අය අපේ රටේ ඕනා තරම් ඉන්නවා. (ර)

:       0       0

ටෙනිසන් Tuesday, 26 April 2016 12:49 AM

මොනවා වුණත් අපි දෙගොල්ලෝ සමගියෙන් සිටියොත් ඉන්දියාවට ‍මේ රටට අතතියන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 April 2016 01:40 AM

අපි නම් අපේ මුළු හදවතින්ම සතුටු වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site