හමුදා සාමාජිකයන්ගේ හා ද්‍රවිඩ ජනතාවගේ අන්‍යොන්‍ය අවබෝධය සහයෝගිතාවය, සුහද බව වර්ධනය කිරීමේ මූලික අරමුණීන් යුතුව සංවිධානය කළ 2016 මුලතිව් බක්මහ උළෙල මුලතිව් මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මුලතිව් ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ, 64 වැනි සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජනරාල් එස්.ටී.ඩී.ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත 59 වැනි සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් 68 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ඒ.ඩී. කහපොළ යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ඇති කඳවුරුවල නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වැදගත් දෙයක් (බ)
අහිංසක දමිල ජනතාව මේ වගේ සතුටින් සමදනෙන් ඉන්නවා දැකීම අපිට මහත් සතුටක්. කෙතරම් සීලාචාර ලස්සන උත්සවයක් ද? (අ)
කවුරු කළත් වැඩේ ලස්සනයි (නි)
අවුරුදු කුමාරි ටිකක් හිනාවක් දැම්ම නම් තමයි වටින්නේ (බ)
උත්සවයේ ඉන්න කිසිම හමුදා නිලදාරියෙක් තම නිල ඇඳුම අන්දලා නැහැ. එක පාර බලපුවම පෙන්නේ සිවිල් අවුරුදු උත්සවයක් වගේ. බැනර් එකක්වත් පේන්න නැහැ හමුදාවෙන් කරනවා කියලා. මම හිතන්නේ ඉහලින් උපදෙස් දෙන්න ඇත්තේ ඒ විදිහට. සන්හිඳියාව කියන්නේ ඒක වෙන්නැති (බ)
ඉතාමත් හොද දෙයක් අපි ඉතාමත් ඉහලින් අගේ කරන්නෙමි. (ර)
සංහිදියාව යනු රවටා ගැනීමක්ද.? (ර)
මේවා හමුදාවෙන් ඉස්සරත් කරා. එත් ඉතින් කොච්චර කරත් කෙලෙහි ගුනයක්වත්, ඒ ගැන සලකිමක්වත් අපිටනම් පෙන්නේ නෑ ඔය පළාත්වලින්. ඔක්කොම පහසුකම් අරන් පස්සේ පයින් ගහනවා. (ර)
ඔයාලා කියන දේ හරි. මේක සිවිල් උත්සවයක්. නමුත් මෙහි සංවිධානය ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් කියලා බැලු බැල්මට පෙනෙන්නේ නැහැ නේද. ඒක තමයි දැන් උතුරේ තත්වය. හමුදා ක්‍රියාකාරකම් එන්න එන්නම සීමා කරනවා. මම කියන්නේ ඔය උත්සවය ගැන විතරක් හිතලා නෙමෙයි. ඊට එහා සිද්ධවෙන දේවල් ගැන. ඔයාලා එදිනෙදා උතුරේ වෙන දේවල් ගෙන ඇස් ඇරගෙන ඉන්නවා ඇති කියලා මම හිතනවා. (නි)
මුදිත මේක අවුරුදු උත්සවයක් මිසක් හමුදා උත්සවයක් නෙවෙයි නිල ඇදුම් අදින්න... අපි හැමෝම මිනිස්සු කියන එක ඒකෙන්ම පැහැදිලි වෙනවා නේද.? (ර)
මුදිත, ඇත්තතට පව් කියලා හිතෙනවා ඔයාගේ මානසිකත්වය ගැන (නි)
ඔව් ජගත්, වෙනම රටක් ඉල්ලන එකත් හරිම අහිංසක යෝජනාවක් නේද? සුසන්තගේ අදහස කියවන්නකෝ ටිකක් දැනුවත් වෙන්න. සිංහලයා බොහොම ලෙහෙසියෙන් රවටන්න පුළුවන් ජාතියක්. (නි)
සුන්දරයි.(හේ)
මොන තරම් හොද දේවල් කලත් ඒකේ නරක දකින්න අය අපේ රටේ ඕනා තරම් ඉන්නවා. (ර)
මොනවා වුණත් අපි දෙගොල්ලෝ සමගියෙන් සිටියොත් ඉන්දියාවට මේ රටට අතතියන්න ලැබෙන්නේ නැහැ (නි)
අපි නම් අපේ මුළු හදවතින්ම සතුටු වෙනවා (නි)